Gambas හදුනාගනිමින් සරළ අභ්‍යාසයක් කරමු. (2)

මීට පෙර පාඩමේදී අපි ගැම්බාස් තුල Form එකක් ලබා ගන්නා අකාරය විමසා බැලුවා. අද අපි එම Form එකෙහි අපට අවශ්‍ය කරන ආකරයට යමක් ඇඳ ගන්නා ආකාරය විමසා බලමු. 

පහත රූපයට අනුව ගැම්බාස් අතුරු මුහුණත පිළිබඳව මුලින් මදක් විමසා බලමු. ඒ අනුව,
  • වම් පැත්තේ පහතට තිබෙන තීරුව Project Window එක වේ.
  • දකුණු පැත්තේ පහතට ඇත්තේ Properties Window එන සහ Tool Box එකයි.


  1. මුලින්ම Form එකට වර්ණ එක් කර ගැනීමට Form එක මත ක්ලික් කර Properties Window එකෙහි Background වෙතගොස් Click කළ විට ලැබෙන දකුණු තීරුවේ තිත් වෙත ක්ලික් කල විට Color Pallet එක දර්ශනය වේ. එහි Free Tab එකට ක්ලික් කළ විට ලැබෙන Color Pallet  එකෙන් වර්ණය වෙනස් කර ගන්න. 
  2. දෙවනුව Label එකක් ඇඳ ගන්න. එය lbl1 ලෙස නම් කර ගන්න. ඉහත සඳහන් කළ ආකාරයටම පසුබිම් වර්ණය වෙනස් කර ගන්න. Text Property එකට ගොස් අවශ්‍ය කරන නාමය Type කර ගන්න. එසේම එහි ඇති font Property වෙත ගොස් අකුරු වල ප්‍රමාණයත් සකස් කර ගන්න.
  3. තෙවනුව කල යුත්තේ Button එකක් ඇඳ ගැනීමයි. එය btn1 ලෙස නම් කර ගත යුතු අතරම Text Property වෙත ගොස් Hide Label ලෙස නම් කර ගන්න.

  • Button එක මත ඩබල් ක්ලික් කල විට Code Window එක ලැබෙන අතර එහි lbl ලෙස Type කල විට Button එකෙහි නම ඉහත රූපයේ ආකාරයට දිස් වේවි.
  • එයින් lbl1 යන්න ලබා ගන්න.
  • පසුව තිතක් තබන්න. එහිදී පහත රූපයේ පරිදි මෙනුවක් දිස්වන අතර එයින් Visible යන්න තෝරා ගන්න.
  • අනතුරුව සමාන (=)  ලකුණ Type කර False ලෙස Type කර ගැනීමෙදී පහත පරිදි මෙනුවක් ලැබේවි.


  • අවසානයේ මේ ආකාරයට Code එක Type කර ගත යුතු වෙනවා. (lbl1.visible=False)

  • දැන් Run කර Button එක මත ක්ලික් කළ විට ඔබගේ වැඩසටහන Run වනු ඇත. එහි Hide Label Button එකෙහි ක්ලික් කළ විට නම නොපෙනී යනු ඇත.

මෙහි වීඩියෝ Tutorial එක නැරඹීම සඳහා පහත සබැඳිය ක්ලික් කරන්න
http://www.youtube.com/embed/BaXJOQW9W14 


No comments: