Adobe Photoshop Cs5 - Text (4) Layer Style

මීට පෙර දී අපි layer style හරහා අකුරු වලට සෙවනැල්ලක් යොදන ආකාරය විමසා බැලුවා. මෙම layer style window එක භාවිතා කර තවත් විවිධාකාර වූ Effects භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. අද අපි මෙම layer style window ව භාවිතයට ගනිමින් අකුරු වලට ලබා දිය හැකි අනිකුත් effects කිහිපයක් විමසා බලමු.

මුලින්ම Layer මෙනුවට ගොස් > Layer Style > Blending Option > වෙත යන්න. එවිට පහත ආකාරයේ වින්ඩෝවක් ලැබේවි. එහි කොටු කර ඇති ප්‍රදේශයේ ඇති Option හොඳින් විමසා බලන්න.



  1. Drop Shadow (සෙවනැල්ලක් දැමීම) පෙර පෝස්ට් එකේදී සාකච්ඡා කලා.
  2. Inner Shadow (අකුරු ඇතුලත සෙවනැල්ලක් දැමීමට)
  3. Beval And Embose (අකුරු උලුප්පා දැක්වීමට)
  4. Gradient Overly (වර්ණ ගලායාම් සඳහා)
  5. Stroke (අකුරු වටේට ඉරක් ඇඳීම සඳහා)
එයින් පලමු Option එක මේ වන විට ඔබ අත්හදා බලලයි ඉන්නේ. ඒ මාගේ මීට කලින් ඉදිරිපත් කළ post එකේදී සෙවනැල්ලක් දැමීම සවිස්තරව සාක්ච්ඡා කල නිසා මෙතනදී එය අතහැර දෙවැන්නේ සිට සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වන්නේ. ඒ අනුව

  Inner Shadow (අකුරු ඇතුලත සෙවනැල්ලක් දැමීමට)
  1. Opacity විනිවිද පෙනෙන ස්වභාවය
  2. Distance සෙවනැල්ලේ දුර
  3. Choke තද බව
  4. Size සෙවනැල්ලේ ප්‍රමාණය වෙනස් කරමින් අකුරේ අභ්‍යන්තරයට වැටෙන සෙවනැල්ල ඉහත ආකාරයට ඉතාමත් අලංකාර ලෙස සකස් කර ගැනීමට පුළුවන.
    Beval And Embose (අකුරු උලුප්පා දැක්වීමට)
  1. Depth (ගැඹුර)
  2. Size (ප්‍රමාණය)
  3. Softn (ඔපවත් බව) වෙනස් කරමින් අකුරු වලට ඉහළට ඉලිප්පෙන ආකාරයක් ආරෝපනය කිරීමට පුළුවන.

Gradient Overly (වර්ණ ගලායාම් සඳහා)
  1. Opacity වර්ණයේ විනිවිද පෙනෙන ස්වභාවය
  2. Gradient විවිධ වර්ණ විහිදීම් මෙම List Box එක භාවිතයෙන් ලබා ගැනීමට පුළුවන.
ඉහත රූපයේ පෙන්වන ආකාරයට මෙහිදී සිදු වනුයේ අකුරු සඳහා වර්ණ දෙකක් හෝ කිහිපයක් මිශ්‍ර කිරීමයි. මේ සඳහා Gradient Box එක බාවිතා කර අවශ්‍ය වර්ණ සංයොජනයන් තෝරා ගන්න.
 Stroke (අකුරු වටේට ඉරක් ඇඳීම සඳහා)
  1. ඉරෙහි ප්‍රමාණය තීරණය කිරීමට
  2. ඉරෙහි විනිවිද පෙනෙන ස්වභාවය තිරණය කිරීමට
  3. ඉරෙහි වර්ණය තීරණය කිරීමට (මෙම පියවර 3 භාවිතා කර අකුරු වටේට  ඉරක් ඇඳ ගැනීමට අවශ්‍ය පහසුකම් සපයයි. 
 ඒ අනුව ඔබට අකුරු සඳහා විවිධ Layer Style යොදන ආකාරය පිළිබඳ, නැතිනම් Blending Option යොදන ආකාරය පිළිබඳව වැටහීමක් ලැබෙන්න ඇතැයි සිතමි. මෙහි අප කතා නොකල ඔපෂන් ද තනිව අත්හදා බලන්න. ගැටලුවක් වෙතොත් comment එකක් යොදන්න.

2 comments:

Anonymous said...

elakiri machan math thma mewa gana igana ganwa neee
oyata CS 5 onam ba ganin me link ekan
einfolk.com

saman's blog said...

ස්තුතියි ඔබට