ස්වර ප්‍රස්ථාරයක් පරිගණකය ලවා වාදනය කරවමු.

අපි පරිගණකයේ ලියන ස්වර ප්‍රස්තාරය එහිදීම වාදනය කර බැලීමට පුළුවන් නම්, ඒ සඳහා අවශ්‍ය මෘදුකාංගයක් අපගේ පරිගණකයේ ඇත්නම් ඔබ අනිවාර්යයෙන් සතුටු වනවාට සැක නැත.

මෙම මෘදුකාංගය නිදහස් මෘදුකාංගයක් වන GNU Denemo ය. මෙය මට ලැබුනේ හන්තාන ලිනක්ස් 14 සමගයි.


ඒ අනුව මුලින්ම හන්තාන තුල  GNU Denemo මෘදුකාංගය විවෘත කර ගන්න.


ආරම්භයේ දීම පහත රූපයේ පරිදි සංවාද කොටුවක් ලැබෙන අතර එහි තේරීම සඳහා අවස්ථාවන් ගණනාවක් ලබා දෙයි. එයින් අපි පළමුව simple යන්න තොරාගෙන OK කරන්න. පහත රූපය බලන්න.


එවිට පහත රූපයේ දැක්වෙන අන්ඳමට තිරය දිස්වේවි.


එහි කිසිම වෙනසක් සිදු නොකර සරිගම පදනිස ලෙස ටයිප් කරමු. මේ සඳහා ඉංග්‍රීසි Keyboard එක භාවිතා කර C D E F G A B  ටයිප් කර ගන්න. (මෙය සරළ උදාහරණයකි. එසේ නොමැතිව ඉංග්‍රීසි යතුරුපුවරුව භාවිතා කර කැමති ස්වර ප්‍රස්තාරයක් ලියා ගන්න.) මම ලියපු ප්‍රස්තාරය පහත රූපයේ ප්‍රදර්ශනය වෙයි.


මෙසේ සකස් කර ගත් ප්‍රස්තාරය වාදනය කිරීම සඳහා F5 Key එක හෝ Playback මෙනුවේ Play මත ක්ලික් කරන්න. හොඳින් සවන් දෙන්න. අපුරු තාලයක් වාදනය වන අයුරු ඔබට ඇසෙවි.

උපකාරක වීඩියෝව නරඹන්න.

No comments: