VB 6.0 (11) ක්‍රියාකාරකම් කිහිපයක්

මේ වන විට අපි විෂුවල් බේසික් 6.0 පිළිබඳ මූලික සංකලප සාකච්ඡා කර ඇති නිසා අද අපි කෙල්නිම ක්‍රියාකාරකම් කිහිපයක් වෙත යොමු වෙමු.



මේවා ඉතා සරළ ක්‍රියාකාරකම් වන අතර  හොඳ විෂුවල් බේසික් පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට මෙම ක්‍රියාකාරකම් ආරම්භයක් ලබා දෙනු ඇති.

  • අද අපි මුලින්ම සිදු කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාකාරකම වන්නේ වැඩසටහන Run කල වහාම Form එකෙහිම පිළිගැනීමේ පාඨයක් ප්‍රදර්ශනය වන පරිදි වැඩ සටහනක් සකස් කිරීමයි.
මුලින්ම ඔබ ලබා ගත් Form එකට නමක් ලබා දෙන්න. මම එය Form1 ලෙස නම් කළෙමි. අනතුරුව Code Window එක Form එක මත දෙවරක් ක්ලික් කැ ගබා ගත්තෙමි. එහි පහත ආකාරයට code එක ලීවෙමි
Private Sub Form_Load()

Form1.Show
Print "Welcome to Visual Basic tutorial from Samanbandaraherath.blogspot.com"

End Sub
Form1.Show  යනු වැඩසටහන Run කල විගස Form එක පෙන්වන්න යන විධානයයි. Print විධානයේ උදෘත තුල ඇති සටහන Form එකෙහි ලියවෙයි.

  • ගණනය කිරීම් කිහිපයක් එක්වරම Form එකෙහි පෙන්වීමට මෙම උදාහරණයෙදී උත්සහ ගනිමු.ඒ වගේම අපි මෙම අභ්‍යාසයේ දී Procedures වෙනස් කරන අන්ඳමත් හඳුනාගනිමු.










පහත දිගහැර තිබෙනුයේ Procedures ලයිස්තුව වන අතර එය අපට විවිධාකාරයෙන් වෙනස් කර ගැනීමට පුළුවන. මෙම උදාහරණයේ දී අපි එම ලයිස්තුවෙන් Activate Procedure එක තෝරා ගනිමු.
පසුව Code Window එකෙහි පහත දැක්වෙන ආකාරයට Code එක ලියන්න
 Private Sub Form_Activate()
 Print 20 + 10
 Print 20 - 10
 Print 20 * 10
 Print 20 / 10

 End Sub
  •  මෙම උදාහරණයේ දී විචල්‍යයන් (Variables) භාවිතය ආරම්භ කරන අතරම ඒවා එකතු කැන ආකාරයත් විමසා බලනවා. පහත Code එක හොදින් විමසා බලන්න.
Private Sub Form_Load()

Form1.Show

A = "Saman "
B = "likes "
C = "to "
D = "eat "
E = "Rice "
Print A + B + C + D + E

End Sub
ඉහත Code එකෙහි ABCDE ලෙස දැක්වෙනුයේ විචල්‍යයන් වන අතර එම එක් එක් විචල්‍යය සඳහා වචනයක් Assign කර ඇත. 
වචන ඇත් කිරීමට උදෘත ඇත් කිරීම මගින් සිදු කැ ගැනීමට පුළුවන්. මෙම අදාහරණයේ දී ම සෑම පසු උදෘතයක් ම එක් Space එකකින් ඇත් කරලා තියෙනවා.
Print විධානයෙ දී විචල්‍යයන් සම්බන්ධ කිරීම සඳහා එකතු කිරීමේ ලකුණ භාවිතා කරලා තියෙනවා. ඒ වගේම පහත උදාහරණයේ දී එකතු කිරීමේ ලකුණ වෙනුවට & ලකුණ භාවිතා කරලා තියෙනවා.
Private Sub Form_Load()

Form1.Show

A = "Saman "
B = "likes "
C = "to "
D = "eat "
E = "Rice "
Print A & B & C & D & E

End Sub
ඒ අනුව පැහැදිලි වෙන කාරණය වන්නේ Strings දෙකක් හෝ කිහිපයක් එකතු කිරිම සඳහා + හෝ & ලකුණ භාවිතා කල හැකි බවයි.

 මෙම උදාහරණ අත්හදා බලන්න. වෙනස් කම් හොදින් නිරීක්ෂණය කර ගන්න.

No comments: