VB 6.0 (14) Variables

Declaring variable (විචල්‍යයක් සැකසීම)


පරිගණක භාෂාවක් භාවිතයේ දී විචල්‍යයන් භාවිතය අතිශයින්ම වැදගත් කටයුත්තක්. ඒ නිසාම මෙය නිසි අයුරින් වටහා ගැනීමත් වැදගත්.

VB වල දී විචල්‍යයක් සකසාගන්නේ මෙහෙමයි. මෙකට භාවිතා වන ඉංග්‍රීසි යෙදුමත් දැන සිටින්න ඕනි. Declaring variable කියලා තමයි භාවිතා කරන්නේ. පහත දැක්වෙන්නේ ඒ සඳහා නිදර්ශනයක්,


Dim firstName As String


මේකේ firstName කියන්නේ විචල්‍යෙය් නැතිනම් Variable එකේ නම. String කියලා හැදින්වෙන්නේ එම චිචල්‍ය සඳහා යොදා ගන්නේ අකුරු බව තහවුරු කිරීමයි.


බලන්න පහත උදාහරණය දෙස.
Dim num as integer
මෙහි විචල්‍යය වන්නේ num වන අතර integer ලෙසින් හඳුන්වන්නේ සංඛ්‍යා යන්නයි. 


ඒ අනුව මෙම Declare කිරීමෙන් කියවෙන්නේ num විචල්‍යය සංඛ්‍යා සඳහා වන බව තීරණය කර ඇති බවයි.

මේ ආකාරයට අපි variable එකක් Declare කර ගත්තායින් පසුව කළ යුත්තේ එම variable එකට වටිනාකමක් (Value) එකක් ලබා දීමයි. 


Assign values to variables (විචල්‍යයන් සඳහා වටිනාකම් ලබා දීම)

මේ සඳහා භාවිතා කරන සාමින්‍ය පිළිවෙල තමයි 

Variable=Expression (value) 

Expression එක සඳහා a number, a string, a Boolean value (true or false) එකක් භාවිතා කරන්න පුළුවන්.


නිදර්ශන 01
Dim firstName As String
Dim secondName As String
Dim yourName As String

 Private Sub Command1_Click()
    firstName = Text1.Text
    secondName = Text2.Text
    yourName = secondName + "  " + firstName
            Label1.Caption = yourName
End Sub
ඉහත නිදර්ශනයේ variables තුනක් ලබා ගෙන තියෙනවා. firstName, secondName සහ yourName ලෙස. ඒ සඳහා වටිනාකම් textbox1 සහ textbox2 තුළින් ලබා ගෙන තියෙනවා. yourName කියන variable එකට firstName, secondName කියන variable දෙකේ වටිනාකම් එකතු කර ඇති අතර label1 එකේ මගින් yourName variable එකේ ඇති අගය පෙන්නුම් කරනවා.


ඔබත් මෙය අත්හදා බලමින් විචල්‍යයන් ක්‍රියා කරන ආකාරය තේරුම් ගන්නට උත්සාහ ගන්න. ගැටළුවක් ඇත්නම් Comment එකක් දාන්න.



VB 6.0 (13) Operators

Visual Basic තුල භාවිතා වන විවිධ Operators ගැන

විවිද ආදානයන් (inputs) ලබාගෙන ඒවා සැකසීමට භාජනය කර ප්‍රතිඵල ලබා ගැනීමේ දී විවිද ගණිත ලකුණු (mathematical operators) භාවිතා කෙරේ. + ලකුණ හා - ලකුණ ඇරෙන්න විෂුවල් බේසික් වලදී භාවිතා වන අනිකුත් ලකුණු සාමාන්‍ය ගණිතයේ දී භාවිතා වන ලකුණු වලට වඩා වෙනස්කම් පෙන්වයි. ඒහෙයින් අපි ඒ පිළිබඳව අවධානය යොමු කරමු. පහත වගුවෙන් දැක්වෙන්නේ ඒ පිළිබඳවය.
 
Operator
Mathematical function
Example
^
Exponential (බලය)
2^4=16
*
Multiplication (වැඩිකිරීම)
4*3=12,  
/
Division (බෙදීම)
12/4=3
Mod
Modulus (returns the remainder from an integer division) (ඉතිරිය)
15 Mod 4=3   
\
Integer Division(discards the decimal places) 
(දශම රහිතව බෙදීම)
19\4=4
+ or &
String concatenation (වචන එකට එක් කිරීම සඳහා)
"Visual"&"Basic"="Visual Basic"

VB 6.0 (12) දත්ත භාවිතය

 

Visual Basic Data භාවිතා කිරීම

එදිනෙදා ජීවිතයේදී අපට විවිධාකාර දත්ත සමග ගණුදෙනු කිරීමට සිදු වෙයි. නිදසුන් ලෙස පෙන්වා දුන්නොත් names(නම්), addresses(ලිපින), money(මුදල්), date(දින) යනාදිය පෙන්වා දීමට පුළුවන. විෂුවල් බේසික් වලදීද අපට මේ ආකාරයටම විවිධ දත්ත හා ගණුදෙනු කිරීමට සිදු වේ. සංඛ්‍යා පෙළ ගස්වන්න, සංඛ්‍යා ගණනය කරන්න, වගේම විවිධ ස්වරෑපයෙන් පවත්නා දත්ත සමග කටයුත් කරන්න පවා සිදු වෙනවා. මෙ නිසාම විෂුවල් බේසික් වලදී දත්ත වර්ගීකරණයකට භාජනය කරනවා. හේතුව තමයි code ලිවීමේ දී දත්ත හසුරවා ගැනීමට එමගින් පහසුවක් ලැබෙන නිසා.

 

Libre Office Writer 3.4 (2) ප්‍රධාන වින්ඩෝව හඳුනාගනිමු

Screen Layout - ප්‍රධාන වින්ඩෝව

Libre Office Writer 3 එකේහි Screen Layout එක පහතින් දැක් වේ.

 


Libre Office Writer 3.4 (1) භාවිතය අරඹමු. (හන්තාන ලිනක්ස් ඇසුරෙන්)

Libre Office Writer 3.4 (1) පිවිසීම

වදන් සැකසුම් මෘදෘකාංග අතර නිදහස් මෘදුකාංගය ලෙසින් හමුවන මෙම මෘදුකාංගය වින්ඩෝස් සමග මෙන්ම ලිනක්ස් සමගද භාවිතා කල හැකි මෘදුකාංගයකි. මෙහිදී මම මෙම මෘදුකාංගය හන්තාන ලිනක්ස් සමග භාවිතා කරන ආකාරය පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වන්නේ.

ඒ අනුව මුලින්ම Libre Office Writer 3.4 හන්තාන ලිනක්ස් තුල විවෘත කර ගන්නා ආකාරය බලමු.

පියවර (1) Activities මත ක්ලික් කර දෙවනුව Applications මත ක්ලික් කරන්න. පහත රූපයේ එම Option දෙක පෙන්නුම් කෙරේ.

Adobe Illustrator CS5 (1) හඳුනාගනිමු

 
අද සිට අපි Adobe Illustrator CS5 පිළිබඳවත් එය භාවිතා කරන ආකාරය පිළිබඳවත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

මෙම මෘදුකාංගය භාවිතා කර අදිනු ලබන හෝ නිර්මාණය කරන නිර්මාණ විශාල කිරීමේදී කැඩිමකට නැතිනම් කොතරම් විශාල කලත් රූපයට හානියක් නොවන ආකාරයට සකස් වන හෙයින් මෙම මෘදුකාංගය Vector Graphic මෘදුකාංගයක් ලෙස හදුන්වයි.

Workspace වැඩතලය
අපගේ විවිධ නිර්මාණයන් කර ගැනීමට අවශ්‍ය උපාංග panels, bars, සහ windows තුල රඳවා ඇත. මේවා ස්ථානගත තිබෙන ආකාරය අපි Workspace ලෙස හදුන්වනු ලබයි. Adobe Creative Suite වල විශේෂත්වය වන්නේ එහි ඇති සෑම Application එකකම Workspace එක බෙහෝ දුරට එක සමාන වීමයි. එය මෙම මෘදුකාංග සමූහය භාවිතයේ දී විශාල පහසුවක් අත්කර දෙයි. එ අනුව අපි මුලින්ම වැඩතලය හදුනාගනිමු.

VB 6.0 (11) ක්‍රියාකාරකම් කිහිපයක්

මේ වන විට අපි විෂුවල් බේසික් 6.0 පිළිබඳ මූලික සංකලප සාකච්ඡා කර ඇති නිසා අද අපි කෙල්නිම ක්‍රියාකාරකම් කිහිපයක් වෙත යොමු වෙමු.



මේවා ඉතා සරළ ක්‍රියාකාරකම් වන අතර  හොඳ විෂුවල් බේසික් පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට මෙම ක්‍රියාකාරකම් ආරම්භයක් ලබා දෙනු ඇති.