Libre Office Writer 3.4 (2) ප්‍රධාන වින්ඩෝව හඳුනාගනිමු

Screen Layout - ප්‍රධාන වින්ඩෝව

Libre Office Writer 3 එකේහි Screen Layout එක පහතින් දැක් වේ.

 




Menu Bar
මෙහි විවිධ කාණ්ඩ යටතේ විධාන (Commands) වර්ග කර (Categories) මෙනු ලෙස රදවා තබා තිබේ. ඒ අතරින් මුලින්ම අපි File Menu පිළිබඳව විමසා බලමු.

පළමු මෙනුව - File Menu
ගොනුවක් (Document) එකක් හැසිරවීම සඳහා අවශ්‍ය මූලික විධානයන් අන්තර්ගත වන්නේ මෙම මෙනුව තුලය. මෙයින් අපි ප්‍රධාන Options කීපයක් විමසා බලමු.

ඒ අතරින්,

  • New (නව ගොනුවක් ලබා ගැනීමට)
  • Open (දැනට පරිගණකයේ ඇති ගොනුවක් විවෘත කර ගැනීමට)
  • Recent Document (ඉතා මෑතකදී භාවිතා කල ගොනු පිළිබඳව දැන ගැනීමට සහ විවෘත කර ගැනීමට)
  • Close (ගොනුව වසා දැමීමට)
  • Save as (නව ගොනුවක් තැනක් සහ නමක් ඇතිව Save  කර ගැනීමට)
  • Save (දැනට Save කර ඇති ගොනුවක වෙනස් කම් සිදු කිරීමෙන් පසු Save කර ගැනීම සඳහා)
  • Print (මුද්‍රනය කර ගැනීමට)

ආදී වශයෙන් විධාන ගණනාවක් හඳුනාගත හැක. මේවා පිළිබඳ සවිස්තරව ඉදිරියේදී කතා කරමු. දැනට හදුනාගනීමට පමණක් මෙම තොරතුරු ඉදිරිපත් කළෙමි.

එසේම මෙනුවේ දක්නට ලැබෙන තවත් සුවිශේෂි කාරණයක් වන්නේ Sub-Menu භාවිතයයි. මේ සඳහා අදාල විධානයට ඉදිරියෙන් ඊතල හිසක් පෙන්වන අතර මෙම විධානය මතට ගිය විට උප මෙනුව දකුණු පැත්තේන් දිගහැරෙනු දැක ගැනීමට පුළුවන.

පහතින් දැක්වෙනුයේ දිග හැර ගත් File මෙනුව හා එහි උප මෙනුවක් වන Wizards මෙනුවයි.

2 comments:

හිස් අහස said...

බොහොම වැදගත් ලිපි පෙලක ඇරඹුම වගේ .. මම නම් මේ ලිපි සේරම ටික දිගටම බලමින් එකතු කරගන්න හිතාගත්තා . ඉතින් බොහෝම ස්තූතියි ..ගොඩක් වටිනා වැඩක්

saman's blog said...

ස්තුතියි