Libre Office Impress 2 කොටස


Slides pane

Slides pane එකෙහි ඉදිරිපත් කිරීමෙහි (presentation)  කුඩා රූපයක් ප්‍රදර්ශනය කෙරේ. මෙමගින් ඉදිරිපත් කිරීමේ slide පෙන්නුම් කරන අතර මෙය භාවිතා කර slide පිළිවල වෙනස් කිරීමට, සැගවීමට අලුතින් Slide එකක් ලබා ගැනීමට, නම වෙනස් කිරීමට, පිටපත් කර ගැනීමට හෝ මකා දැමීමට පුළුවන. (9 වන පර්ච්ඡේදයේ දී මෙ පිළිබදව වැඩි දුරට පැහැදිලි කෙරේ.) පහතින් දැක්වෙනුයේ කාර්යතලයේ රූප සටහනකි.



Tasks pane කාර්යය තලය
Tasks pane එකෙහි කොටස් 05ක් තිබේ. මෙම කොටස් හැකිලී තිබෙන අතර දිගහැර ගැනීමට ඒ මත ක්ලික් කරන්න.

Master Pages ගුරු පිටපත
මෙහිදී ඉදිරිපත් කිරීමෙහි (presentation) හැඩය (style) සකස් කිරීම කර ගැනීමට පුළුවන. ඉම්ප්‍රෙස් විසින් සකස් කල Master Pages (slide masters) කිහිපයක්ද පවති. 

Layouts සැලැස්ම
මෙහි සකසා ගත් සැලසුම් (layouts) රදවා තිබේ. එයින් අපට අවශ්‍ය සැලසුමක් තෝරාගැනීමට හෝ වැඩිදියුණු කර බාවිතා කිරීමට පුළුවන.

Table Design වගු නිර්මාණය
මෙහි වගු සඳහා හැඩතල (styles) ලබා දිම සිදු වෙයි. මේවා ඔබට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගැනීමට වුවද පුළුවන. ( මේ පිළිබඳව තෙවන පරිච්ඡේදයේ දී දීර්ඝව සාකච්ඡා කෙරේ.)

Custom Animation සජීවිකරණයන්
Slide තුල ඇති විවිධාකාර elements සඳහා නොයෙක් සජීවීකරණයන් එක් කිරීමට හැකියාව තිබේ. ඒ අනුව මෙමගින් ඉතාම පහසුවෙන් සජීවීකරණයන් එක් කිරීමට, වෙනස් කිරීමට හෝ ඉවත් කිරීම සඳහා පහසුකම් සපයා දෙනු ලබයි. (9වන පරිච්ඡේදයේ දී මේ පිළිබඳව වැඩි දුරටත් සාකච්ඡා කෙරේ.

Slide Transition මාරුවීම
Slide මාරු වන ආකාරය විවිධාකාරයට සකස් කිරීමට අවශ්‍ය options මෙහි රඳවා තිබේ. මීට අමතරව වේගය, ශබ්දයක් හෝ ස්වයංක්‍රීයව හෝ විධානයට අනුව වෙනස් වීමට සැලැස්වීම සඳහා අවශ්‍ය විධානයන් මේ මත රඳවා තිබේ.

No comments: