Libre Office Impress 3 කොටස


Workspace වැඩතලය

View buttons ක් 05 tabs ලෙස slide එකට ඉහළින් පෙන්නුම් කර තිබේ.

 
View buttons මත ක්ලික් කළ විට පහතින් ඇති වැඩතලය තෝරාගත් view එකට අනුව වෙනස් වේ. මේ පිළිබදව ඉදිරියේදී විස්තර කෙරේ.

Toolbars
Slide නිර්මාණය කිරීමේ දී විවිධ toolbars භාවිතා කිරීමට අවස්ථාව සැලසේ. මෙහි ඇති සෑම toolbar එකක්ම ප්‍රදර්ශනය නොවන අතර සැගවී ඇති ඒවා ලබා ගැනීමට නම්  View > Toolbars මත ක්ලික් කර අදාල toolbar එක ලබා ගැනීමට පුළුවන. එසේම මෙම toolbar වල ඇති අයිකන පවා අපට අවශ්‍ය ඒවා තෝරා ගැනීමට හැකියාවක් ඇත. මේ පිළිබඳ විස්තරාත්මකව 11 වන පරිච්ඡේදයෙදී සාකච්ඡා කෙරේ.

Status bar
මෙහි අන්තර්ගත වන්නේ ප්‍රදර්ශකයක් සාදද්දී ඒ සදහා අවශ්‍යවන, වැදගත් වන තොරතුරුයි.

වමේ සිට දකුණට,
                     Information - මගින් අපි select කර ගත් දැ පිළිබද තොරතුරු පෙන්නුම් කරයි. 
                     Position - cursor එකෙහි පිහිටි ස්තානය හා text box එකෙහි දිග පළල පෙන්නුම් කරයි.
                     Unsaved changes - ප්‍රදර්ශකය save කල යුතු බව හඟවයි.
                     Digitally signature - මෙම ප්‍රදර්ශකය digital sign එකක් භාවිතා කරනවාද යන වග.
                     Slide Number - ප්‍රදර්ශකයේ ඇති slides ගණන පෙන්වයි.
                     Zoom percent -  විශාල කර ඇති ප්‍රමාණය පෙනවයි.

Status Bar එක ලබා ගැනීමට හෝ සැගවීමට View > Status Bar මත ක්ලික් කර ගැනීමෙන් සිදු කර ගත හැක.

No comments: