SQL - (10) Matrix Diagrams


මෙම ලිපියේ දී අපි,
  • Matrix diagramඑකක් භාවිතා කර entities අතර පවත්නා සම්බන්ධතාවයන් හඳුනාගන්නා ආකාරයත්,
  • Matrix diagramඑකක් අධාරයෙන් ERDසකස් කර ගන්නා ආකාරය විමසා බලමු.
 

Entity අතර ඇති සම්බන්ධතාවයන් (relationships) නිවැරදිව හඳුනාගැනීම අතිශයින් වැදගත් කරුණක්. මෙම සම්බන්ධතාවයන් හදුනාගැනීම සඳහා වවිධ ක්රමවේද ඇති බව අපි දනිමු.

Matrix diagram

Matrix diagram භාවිතයෙන් අපට කිසිම සෑම සම්බන්ධතාවයක්ම නිසි අයුරින් හඳුනාගැනීමට අවකාශ සැලසේ. මෙය තවත් පැහැදිලි වන අයුරින් ප්රකාශ කලොත් කිසිම සම්බන්ධතාවයක් මග නොහැරෙන අන්ඳමට සම්බන්ධතාවයන් විශාල ප්රමාණයක් සමග කටයුතු කිරීමේ දී matrix diagram භාවිතා කිරීම ඉතාමත් සුදුසු ක්රියාමාර්ගයක් ලෙස පෙන්නා දීමට පුළුවන්.

Entities 03ක් පෙන්වන පහත උදාහරණයේ දී සම්බන්ධතාවයන් සැකසීම මනෝමයෙන් වුවද සිදු කර ගැනීමට පුළුවන්.


එහෙත් Entities විශාල සංඛ්යාවක් ඇති පහත දැක්වෙන නිදර්ශනයේ දී ආකාරයෙන් සම්බන්ධතා මනෝමයෙන් සිදු කිරීම පහසු කටයුත්තක් නොවේ.


Matrix diagram එකක් භාවිත කරන ආකාරය නිදර්ශනයක් ඇසුරින් සාක්ච්ඡා කරමු.

සංචාරක ව්යාපාරයකදී සංචාරකයින් ගමන්ගත් රටවල් හා නැරඹූ ස්ථාන පිළිබඳ තොරතුරු ඇත්නම් ඔවුන් සඳහා සංචාරයන් සංවිධානය කිරීම පහසු කටයුත්තකි. මේ සඳහා අපි භාවිත කරන්නට යන්නේ matrix diagram එකකි

පහත දැක්වෙන්නේ ඉහත නිදර්ශනය සඳහා ඇදගත් entities සහ MATRIX DIAGRAM
එකයි. හොඳින් නිරීක්ෂණය කරන්න.


වගුවේ සිරස් අතට මෙන්ම තිරස් අතට entities නම් කර ඇත. මැද දෙකටම පොදු කොටු පෙළ ඉවත් කර තිබේ. එමගින් එකම් entity සඳහා සම්බන්ධතාවයන් නිර්මාණය වීම වලකා ඇත.

අනුව පහත රූප සටහනින් දක්වා ඇත්තේ ඉහත දී අපි සාකච්ඡා කල නිදර්ශනය සඳහා වන සම්බන්ධතාවයන් සමූහයයි.

එහෙත් Matrix diagrams
තුලදී optionality සහ cardinality පිළිබඳව නිරූපනයක් සිදු නොවන බව අපි මෙතනදී මතක තබා ගත යුතු වැදගත්ම කරුණයි.

පහත දැක්වෙනුයේ ඉහත නිදර්ශනයට අනුව අදිනු ලැබු ERD එකයි.







2 comments:

Anonymous said...

මේ කරන වැඩේ රටක් වටිනවා අපි වාගේ දණගාන උන්ට

saman's blog said...

ස්තුතියි.