SQL - (9) ERDish සහ සම්බන්ධතාවයන් (Relationships ) ඇඳීම

-->
මෙම ලිපියේ දී,
  • ERDish පිළිබඳවත්
  • ERD වලදී නිසි පරිදි සම්බන්ධතාවන් හා වචන භාවිත කිරීම පිළිබඳවත් අවබෝධයක් ලබා ගැනිමට හැකි වේ.
 

ERDish යනු
සෑම ව්‍යාපාරයකටම නැතිනම් විෂයයකට ආවේණික වචන මාලාවන් පවති.
Data modeling වලදීද ඒ ආකාරයේ ම විශේෂ වචන මාලාවක් පවතී. මෙන්න මේ වචන මාලාව හඳුන්වනු ලබන්නේ ERDish ලෙසය. ඒ අනුව ERD එකකදී entities අතර සම්බන්ධතාවයන් නිර්මාණය කිරීම සඳහා භාවිත කරන භාෂාව ERDish ලෙස තවදුරටත් හඳුන්වා දීමට පුළුවන.

ERD එකක් නිර්මාණය කිරිමට ERDish එකක් භාවිත කිරීමෙන් client Database
Administrators අතර නිර්මාණය කරන සැලසුම පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ.

ERD එකක් නිර්මාණය කිරීම.
Entities අතර සම්බන්ධතාවන් හඳුනාගැනීමෙන් අනතුරුව optionality සහ cardinality පිළිබදව අවධානය යොමු කළ යුතුයි. ඉන් අනතුරුව ERDish මගින් සකස් කල වාක්‍යය සංඝටක රූපසටහනක් බවට පත් කර ගත යුතුයි. පහත නිදර්ශනයේ දැක්වෙනුයේ එවැනි රූප සටහනකි.


ඉහත රූපයේ දැක්වෙන සංඝටක අපි වෙන් වෙන් වශයෙන් හඳුනාගනිමු. ඒ අනුව,

පියවර 01
(සාමාන්‍යයෙන් වමේ සිට කියවීම ඇරඹේ.) ඒ අනුව පහත රූප සටහන විමසා බලමු.

EMPLOYEE (entity A ලෙස අවධානය යොමු කරමු)
MUST BE (optionality එක පෙන්වීමට තනි ඉරක් (solid line))
WORKING IN (සම්බන්ධතාවයේ (relationship) න ම)
ONE (cardinality එක පෙන්වීමට single toe)
DEPARTMENT (entity B ලෙස අවධානය යොමු කරමු )

පියවර 02

මෙහිදි සිදු වන්නේ ERDish ඒක අවසානයේ සිට කියවීමයි. පහත රූපය හොඳින් නිරීක්ෂණය කර බලන්න.


DEPARTMENT (entity B ලෙස අවධානය යොමු කරමු)
MAY BE (optionality එක පෙන්වීමට කඩ ඉරි (dotted line) භාවිත කරයි)
THE COST CENTER FOR (සම්බන්ධතාවයේ (relationship) න ම)
ONE OR MORE (cardinality එක පෙන්වීමට crow’s foot)
EMPLOYEE (entity A ලෙස අවධානය යොමු කරමු)

පියවර 03

මෙම පියවරේදි සිදු කර ඇත්තේ ඉහත අවස්ථාවන් දෙකම එක් වර පෙන්වීමයි. අපට සෑම විටම මේ ආකාරයට වාක්‍යය දෙපැත්තෙන්ම කියවා තේරුම් ගැනීමට හැකියාව තිබිය යුතුයි. පහත රූපය විමසා බලන්න.




No comments: