SQL - (8) ER Diagram සකස් කිරීම

මෙම ලිපියේ දී ඔබට,
  • entities හා attributes භාවිත කරමින් ER diagram එකක් සකස් කිරීමට යොමු වන ආකාරය විමසා බලන්න පුළුවන්.

ER Diagram ඇඳීම

  • Entities නියෝජනය කරනු ලබන්නේ softboxes වලිනි.
  • Entity යේ නම softbox එක තුල ලිවිය යුතුයි.
  • Entity යේ නම සැම විටම කැපිටල් අකුරින් හා ඒක වචනයෙන් ලිවිය යුතුයි. 
 පහත රුපසටහනේ දැක්වෙන්නේ නිසි අයුරින් එම කරුණු  softbox එකක් තුල නිර්මාණය කරන අයුරුයි.
 
සම්බන්ධතා නිර්මාණය කිරීම 
  • Attributes ලයිස්තු ආකාරයෙන් entity නමට පහලින් ඉදිරිපත් කෙරේ.
  • Mandatory (අත්ය්‍යාවශ්‍ය) attributes තරු ලකුණ යටතේ (asterisk: “*”) ඉදිරිපත් කෙරේ.
  • Optional (අතිරේක) attributes රවුමක් (“o”) යටතේ ඉදිරිපත් කෙරේ.
  • Unique identifiers (Unique identifiers) යනු මොනවාදැයි මීට පෙර සාකච්ඡා කර ඇත.) හැෂ් ලකුණින් (“#”) ඉදිරිපත් කෙරේ.
 පහත රුප සටහනෙන් දැක්වෙනුයේ ඒ ආකාරයට සකස් කල softbox කිපයකි.
  • Relationships තමයි entities ඒක් කරමින් අඳිනු ලබන රේඛාවන්. 
  • මෙම රේඛා තනි රේඛා මෙන්ම කඩ ඉරි වීමට පුළුවන්. 
  • මෙම රේඛාව අවසානය එක්කෝ single toe ලෙස අවසන් වන අතර නැතිනම් crow’s foot ලෙස අවසන් වෙයි. (පහත රූප සටහන බලන්න)


2 comments:

ගවේෂකයා said...

හොද පොස්ට් එකක් දිගටම ලියන්න

saman's blog said...

ස්තුතියි