Home » » SQL -(2) ඉතිහාසය හා දත්ත සමුදාය සංවර්ධන ක්‍රියාවලිය

SQL -(2) ඉතිහාසය හා දත්ත සමුදාය සංවර්ධන ක්‍රියාවලිය

Written By Saman Bandara Herath on Sunday, November 4, 2012 | 2:12 AM

-->
දත්ත සමුදායන්ගේ ඉතිහාසය (History of the Database)

මෙම ලිපියේ දී ඔබට
  • දත්ත සමුදායන්ගේ පරිණාමය (evolution) පිළිබඳවත් ව්‍යාපාරික ලෝකයේ එයට හිමි ස්ථානය පිලිබඳවත් සාතච්ඡා කෙරේ.
  • දත්ත සමුදායන්ගේ වර්ධනයේ දී අයිතිහාසික දායක්වයන්.
  • දත්ත සමුදාය වර්ධනය කිරීමේ ක්‍රියාවලි ය (database development process ) පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්. 

අතීතයත් එක්ක විමසා බැලීමේදී තොරතුරු තාක්ෂණයේ වර්තමාන තත්ත්වය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීමට පුළුවන. මීලගට ඔබ පරිගණකය හෝ ජංගම දුරකතනක් භාවිතා කරන විටදී අපි කොයිතරම් තාක්ෂණික දියුණුවක් අත්පත් කර ගෙන තිබෙනවාදැයි අවබෝධ කර ගැනීමට පුළුවන්.

Data Modeling තමයි දත්ත සමුදායන් ගොඩ නැගීමේ පළමු පියවර වන්නේ. ඒ අනුව මෙම ලිපි පෙළේ මුල් කොටසින් අපි බලාපොරොත්තු වන්නේත් Data Modeling පිළිබඳව දීර්ඝ වශයෙන් සාක්ච්ඡා කිරීමටයි.

දත්ත සමුදායන්ගේ පරිණාමය (History of the Database Timeline )

  1. 1960s: පරිගණක වල මිළ පෞද්ගලික ආයතන වලට ලබා ගත් හැකි මට්ටමකට එළඹෙන අතර ගබඩා කර ගත හැකි ප්‍රමාණයන් (storage capability ) වර්ධනය වීම සිදු වේ.
  2. 1970-72: E. F. Codd විසින් දත්ත සමුදායන් සඳහා relational model පිළිබඳ අදහස් ඉදිරිපත් කරන ලදි.
  3. 1976: P. Chen විසින් දත්ත සමුදායන් සඳහා entity relationship model (ERM) පිළිබඳ අදහස් ඉදිරිපත් කරන ලදි.
  4. Early 1980s: Oracle Version 2 නමින් පළමු වාණිජ relational database system එක එළි දැක් වේ .
  5. Mid-1980s: SQL (structured query language) භාෂාව ජාත්‍යන්තරව පිළිගත් මට්ටමකට දියුණු වීම සිදු විය.
  6. Mid-1990s: අන්තර්ජාලය World Wide Web (WWW) භාවිතය ආරම්භ වෙයි. ඒ අනුව දත්ත දුර සිට හැසිරවීම (remote access ) ආරම්භ වෙයි.
  7. Late 1990s: Web, Internet හා DB connectors සඳහා අවශ්‍ය විවිධ නිර්මාණ කිරීම සඳහා අන්තර්ජාල සමාගම් විශාල වශයෙන් ආයෝජනය කිරීම ආරම්භ වෙයි.
  8. Early 21st century: දත්ත සමුදාය සදහා වන මෘදුකාංග (DB applications) වල සීඝ්‍ර වර්ධනයක් සිදු වෙයි. මේ සඳහා කදිම නිදර්ශන වන්නේ ,
පෞද්ගලික අඩවි සඳහා yahoo.com, amazon.com
රාජ්‍ය අඩවි සඳහා Bureau of Citizenship and Immigration Services, Bureau of the Census 


දත්ත සමුදාය සංවර්ධනය කිරීමේ පියවරයන් (Database Development Process )

රූප සටහන මගින් මෙම ක්‍රියාවලිය පිලිබඳ පූර්ණ විස්තරයක් ඉදිරිපත් කර තිබේ. එ අනුව,
  1. Conceptual Data Modeling
  2. Database Designing
  3. Database Build
කොටස් 3 ක් දැක ගැනීමට පුළුවන්. මීළගට අපි මෙම කොටස් පිළිබඳව දළ අවබෝධයක්ලබා ගනිමු.


ඒ අනුව මෙම ක්‍රියාවලියේ මුල්ම පියවර වන්නේ ,
  1. අවශ්‍ය තොරතුරු එක්රැස් කර ගැනීම. (Business Information Requirements )
  2. ව්‍යාපාරයේ අවශ්‍යතා නිසි අයුරින් හදුනාගනිමින් එහි අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයට entity relationship model එක ඇද ගැනීම.
  3. ඇදගත් Entity relationship model එක ඒ ආකාරයෙන්ම table instance chart එකක් ලෙස සකස් කර ගත යුතු වෙනවා. මෙය map කරනවා වශයෙන් හැඳින්වෙනවා. table instance chart එකක පහත දැක්වෙන දැ අඩංගු වෙනවා.
      1. වගුවට නමක් (Table name)
      2. තිරු වලට නම් (Column names)
      3. Keys: primary key (PK) එක පේළියක ඇති දත්ත තවත් පේළියක ඇතුලත් කර නොමැති බව තහවුරු කර ගැනීමට (unique identifier) foreign key (FK) වගු දෙකක් සම්බන්ධ කිරීම සඳහා යොදා ගනී.
      4. Nulls : සෑම තීරැවකටම දත්ත ඇතුලත් විය යුතු බව තහවුරු කිරීමට Nulls භාවිතා කරයි. (mandatory)
      5. Unique : වගුවෙන්ම එම දත්තය ඇත්තේ අදාල තිරුවේ පමණක් බව දැන්වීම. (Unique)
      6. Datatype: ඒ ඒ තීරුව සඳහා ඇති දත්ත වල ස්වභාවය පිළිබඳව හැඳින්වීමක්
  4. ඉන් අනතුරුව SQL commands භාවිතා කරලා physical database එක සකස් කිරීම හා පාලනය කිරීම සිදු වනවා

1 comments:


Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...