SQL - (3) පරිගණක හා දත්ත සමුදාය භාවිතයේ සිදු වූ පරිවර්ථනයන්


පරිගණක හා දත්ත සමුදාය භාවිතයේ සිදු වූ පරිවර්ථනයන්
මෙම ලිපියේදී ඔබට,
  • දෘඩාංග (Hardware), මෙහෙයුම් පද්ධති (operating system) හා මාදුකාංග (software) පිළිබඳ නිර්වචන ඉදිරිපත් කිරීම.
  • එදිනෙදා කටයුතු කර ගැනීමට භාවිතා කළ පරිගණක වල සිදු වු පරිවර්තන මොනවාදැයි විමසා බැලීම.
  • අන්තර්ජාල ව්‍යාපාර කටයුතු සඳහා දත්ත සමුදාය භාවිත වන ආකාරය විමසීම හා එම ව්‍යාපාර වල සාර්ථකත්වය සඳහා දත්ත සමුදාය භාවිතයේ වැදගත්කම පිළිබඳවත් සාතච්ඡා කෙරේ.

     
Key Terms
  • දාඩාංග (Hardware) : පරිගණකයේ ඇති භෞතික කොටස් . නිද :- keyboard, screen, mouse, disk drive, memory
  • මෘදුකාංග (Software) : දෘඩාංග වලට විවිධ කාර්යයන් කිරීමට උපදෙස් දෙන වැඩසටහන් (programs) (වැඩසටහනක් යනු විධාන හා උපදෙස් වල එකතුවකි.)

  • මෙහෙයුම් පද්ධති (Operating system) : දෘඩාංග ඍජුවම පාලනය කරන වැඩසටහනක්. මේ සඳහා නිදර්ශන වන්නේ වින්ඩෝස් හා ලිනක්ස්. 
  • වැඩසටහන් (Application) : පරිගණකය භාවිතා කරන්නන්ගේ විවිධ කාර්යයන් කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති වැඩසටහන්. නිද : ලිවීම සඳහා මයික්‍රොසොෆ්ට් වර්ඩ්, සිංදු ඇසීමට ජෙට් ඔර්ඩියෝ ආදිය පෙන්වා දීමට පුළුවන.
  • Client : පරිගණක භාවිතා කරන්නන් හා ඍජුවම සම්බන්ධ වන මෙම පරිගණක වැඩ නිකේතක පරිගණක ලෙසද හැඳින්වෙන අතර මේවා server පරිගණකයක් මගින් පාලනය වීමක් සිදුවන අතරම පරිගණක ජාලයක සාමාජිකයෙක් වෙයි.
  • Server : පරිගණක ජාලය පාලනය කරනු ලබන ප්‍රබල පරිගණක්.
අන්තර්ජාලය හා දත්ත සමුදාය

ඔබගේ පරිගණකය භාවිතා කර අන්තර්ජාලයට ගොස් වෙබ් අඩවියක් විවෘත කර ගත් විට සිදු වන ක්‍රියාවලිය වන්නේ , ඔබගේ පරිගණකය වන Client පරිගණකයේ සිට වෙබ් අඩවිය ඇති Server පරිගණකය වෙතට සන්නිවේදනයක් සිදු වී අඩවිය විවෘත වීමක් සිදු වෙයි. Server පරිගණකය තමාගේ දත්ත සමුදාය භාවිතා කර අවශ්‍ය දත්ත භාවිතා කරන්නන් වෙත යොමු කරයි.
දත්ත සමුදාය භාවිතයේ අතීතය
  • 1970 : දත්ත සමුදාය මුදාකාංගය පිහිටවනු ලැබුවේ mainframe පරිගණකයේයි. සූම සැකසීමේ ක්‍රියාවක් ම සිදු කරනු ලැබ්වේ මෙම පරිගණකය තුළය. එ නිසාම එකල මෙම පරිගණක පංති කාමරයක් තරමට විශාල ඒවා විය.
මෙම විශාල පරිගණකය හා ගණුදෙනු කිරීම සඳහා භාවිතා කරනු ලැබුයේ dumb terminals නැමති පරිගණක වන අතර මෙම dumb terminals වලින් දත්ත ආදානය හා ප්‍රතිදානය සිදු කිරීමට හැකියාව තිබු නමුත් සැකසීමේ ක්‍රියාවලියක් කිරීමට ශක්තිය නොතිබිණි.

  • 1980 : මෙම දශකයේ දී පුද්ගලික පරිගණක (personal computers ) වල වේගය හා හැකියාවන් වර්ධනය විය. එසේම බහුල විය. මේ නිසා mainframes පරිගණක භාවිතය අවම විය.
    පුද්ගලික පරිගණක වලට මාදුකාංග භාවිතා කරමින් සැකසීමේ ක්‍රියාවල නිරත වීමට හැකි වීම නිසා වැඩනිකේත පරිගණක (workstations ) smart clients ලෙස හැඳින්වීම ආරම්භ විය.
මෙම වකවානුවේ දී graphical user interface (GUI) භාවිතය ආරම්භ වන අතරම අද බෙහෙවින් ජනප්‍රිය Word, Excel, හා PowerPoint ආරම්භ වන්නේ මෙම කාල වකවානුවේදීය.


 
  • 1990 : මේ වකවානුවේ දී ඔරකල්ලාගේ බලාපොරොත්තුව වූයේ අන්තර්ජාලය භාවිත කරමින් දත්ත ගබඩා කර තබාගෙන වේගවත් ලෙස තොරතුරු ලෙස ලබා දීමයි.
    database server එකේ ඇති මෘදුකාංග එහි ඇති දත්ත පාලනය කරනු ලබනවා. එහිදී දත්ත ගබඩා කිරීම හා නැවත ලබා දීම සිදු වෙනවා

    ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ආකාරයට දත්ත හැසිරවීමට අවශ්‍ය මෘදුකාංග application server එකක් තුල ගබඩා කරනු ලබනවා. ඒවා භාවිතා කර ගොනු නිර්මාණය (document creation), සංවර්ධනය කිරීම් (developing), අන්තර්ක්‍රියාකාරීත්වය (interacting) හා දත්ත මෙහෙය වීම (manipulating) සිදු කරනු ලබනවා

    විවිධාකාර වැඩසටහන් භාවිතකරන්නට තිබෙන මුත් අත්‍යාවශ්‍ය ව්‍යාපාර අවශ්‍යතා සදමා සකසා ගත් මාදුකාංග භාවිතා කරනු ලබන්නේ Internet browser එකක් භාවිතයෙනි.

Grid Computing 

මෙහිදී සිදු වන්නේ විශාල පරිගණක සංඛ්‍යාවක් මෙහෙයවීමට හැකි වන පරිදි ජාලගත servers ගණනාවක් ක්‍රියාත්මක වන අයුරින් මාදුකාංග ආකෘතීන් නිර්මාණය කරනවා. workstation එකක සිට කවුරු හෝ විමසීමක් කළ හොත් ඊට ආසන්නයේ ඇති server එක විසින් අවශ්‍ය තොරතුරු ලබා දීම සිදු කරනු ලබනවා.
අපි දන්නා දත්ත සමුදාය කොහේ තියෙනවාද කියලා. නමුත් ක්ෂණිකව අවශ්‍යතාවය ඉටු වෙනවා. විදුලි බලය ලබා ගත් විට දීත් අපි විදුලිය කෙහෙන් ලැබෙනවාද ආදි කිසිවක් නොදන්නා අතර විදුලිය ලැබීම පමණක් සිදු වෙනවා.
ඔරකල් දත්ත සමුදාය තුලත් අන්තර්ගත කොට ඇත්තේ මෙම නව ක්‍රමවේදයයි. ඒ සඳහා database servers , application servers හා client browsers ආදියට භාවිතයට ගනී.

5 comments:

රතීගේ දිනපොත said...

බොහොම වැදගත් ප්‍රයත්නයක්. විශ්ෂ්ටයි. නොමිලේ දැනුම බෙදලා දෙන මේ වගේ ගුරැවරැ නොමැති අවධියක තමයි ඒ වග ගොඩාක්ම දැනෙන්නේ. ජයෙන් ජය....

saman's blog said...

බොහෝම ස්තුතියි.

Anonymous said...

විශ්ෂ්ටයි...

Anonymous said...

SQL හා sql plus අතර වෙනසක් තියෙනවද ඒ තියෙනව නම් ඒ මොනවද කියල පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද

Anonymous said...

මේ කරන සේවයට බොහොම ස්තූතියි සර්......