අධ්‍යාපනික මෘදුකාංග අතර GCompris මෘදුකාංගයට හිමි වන්නේ ඉහළ තැනක්

වයස අවුරුදු 2-10 ත් අතර සිසුන් ඉලක්ක කරමින් නිර්මාණය කර ඇති මෙම මෘදුකාංගය තුළ විශාල ක්‍රියාකාරකම් ප්‍රමාණයක් එක්තැන් කර තියෙනවා.


  • keyboard හා mouse
  • algebra 
  • විද්‍යාව
  • භුගෝලය
  • ක්‍රීඩා
  • කියවීම
  • ආශ්‍රීතව විවිධ ක්‍රියාකාරකම් මේ තුල දැක ගන්නට ලැබෙනවා.

GNU GPL සහතිකය නිසා නොමිලයේ ලබා ගැනීමට බෙදා හරින්නටත් හැකියාව තිබෙන මෙම මෘදුකාංගය වින්ඩෝස් ලිනක්ස් යුනික්ස් මැකින්ටෝෂ් ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සඳහා භාවිතා කළ හැකි වීම සුවිශේෂි කරැණකි. එහෙත් ලිනක්ස් සඳහා ලබා දෙන සියළුම ක්‍රියාකාරකම් (107 ක්‍රියාකාරකම්) වින්ඩෝස් (45 ක්‍රීයාකාරකම්) සහ මැක් සඳහා නොමිලයේ ලබා නොදෙන බවත් මතක තබා ගත යුතු වෙනවා.

තවත් වැදගත් කරුණක් වන්නේ ඉංග්‍රීසියෙන් තියෙන හඬ වෙනුවට අපේ බසින් හඩ යෙදීමට අවශ්‍ය නම් අදාල ආකාරයට හඬ පටිගත කරලා (.ogg) විදයට ඔවුනට යවන්නත් පුළුවන්. එවිට අනාගතයේ දී සිංහල භාෂාවෙන් ද ක්‍රියාකාරකම් දැක ගන්නට පුළුවන් වෙයි.

සියලුම ක්‍රියාකාරකම් සහිතව මෙම මෘදුකාංගය හන්තාන ලිනක්ස් සමඟින් ලබා ගත හැකි අතර එසේ නැත්තම් පහත දිගුවෙන් භාගත කර ගන්නත් පුළුවන්.

http://gcompris.net/-Download-

ඊට අමතරව සවිස්තරව එක් එක් ක්‍රියාකාරකම පිලිබඳ විස්තර දැක ගන්න අවශ්‍ය නම් පහත දිගුව මතින් ඒ වෙත යොමු වන්න.

http://gcompris.net/-On-one-page-

පහත වීඩියෝවෙන් මේ පිළිබඳ තවත් තොරතුරු ඔබට දැක ගන්නට පුළුවන්. 





2 comments:

Dedunu Dhananjaya said...

කව්රු හරි මගෙන් උසස් පෙල පාඩම් ඉගෙන ගන්න තැනක් තියනවද ඇහුවොත් මම හැම වෙලේම දෙන්නේ සර්ගේ සයිට් එක... ඇත්තටමයි මේක ලංකාවේ ශිෂ්‍යයින්ට කරන ලොකු සේවාවක් ජය!!!!

saman's blog said...

බොහොම ස්තුතියි