අන්තර්ජාල Hard Disk ගැන

අද අපි කතා කරන්නේ ගබඩා කිරීම ගැනයි. නිකම්ම ගබඩා කිරීමක් නෙවේ පරිගණකයේ ගබඩා කිරීම ගැනයි.

සාමාන්‍යයෙන් අපි පරිගණකයේ දී නම් ගබඩා කරන්නේ Hard disk එකේ.  මේක පාටිෂන් කරගෙන අපි එම කාර්යය කර ගන්නවා.

තවත් අවස්ථාවන් වලදී අපි පරිගණකයේ ගබඩා කරනවා වෙනුවට හෝ අමතරව බාහිර ගබඩා වල අපගේ දත්ත ගබඩා කර තියාගන්නවා. CD, DVD, Flash Drive, External Hard disk, මේ සඳහා නිදර්ශන විදියට පෙන්නා දෙන්න පුළුවන්.

නමුත් අද අපේ මාතෘකාව මීට වඩා තරමක් වෙනස් ගබඩාවක් ගැනයි. ඒ තමයි අන්තර්ජාලයෙන් අපි ලබා ගන්නා ඉඩක් නැත්තම් ගබඩාවක් ගැනයි.

මෙහි තියෙන වාසි තමයි
  1. පරිගණකයට හානි වුවහොත් හො Format කරන්න වුනොත් අපගේ දත්ත මැකී යාමක් සිදු වන්නේ නැ.
  2. දත්ත ගෙනයාමට හෝ හුවමාරු කිරීමට පහසු වීම.
  3. නොමිලයේම ලබා ගැනීමට හැකි වීම.
  4. භාවිතයේ තියෙන පහසුව
  5. දත්තවල ආරක්ෂාව ආදී කරුණුයි.
අන්තර්ජාලයේ මෙම පහසුකම් ලබාදෙන ආයතන ගණනාවක් තියෙනවා. එයින් එකක් තමයි Google ආයතනය. ඔවුන් ලබා දෙන මෙම පහසුකම හඳුන්වන්නේ Google Drive කියලා.
 
 මේ සඳහා අවශ්‍ය මුලික පහසුකම වන්නේ Gmail Account එකක්.
Gmail Account එකක් තියෙනවා නම් පහත යොමුවෙන් ගොස් ඔබගේ අන්තර්ජාල Storage එක වෙත යොමු වෙන්න.
මේ මත ක්ලික් කරන්න.

මෙම අන්තර්ජාල ඉඩ භාවිත කරලා අපිට තවත් බොහෝ පහසුකම් ලබා ගැනීමට හැකියාව තියෙනවා. අපි එම පහසුකම් මොනවාද කියලත් ඉදිරියේ දී කතා කරමු.

දැනට පහත වීඩියෝව බලන්න. තව දුරටත් මෙම Google Drive විදියට හඳුන්වන අන්තර්ජාල Hard Disk එක පිළිබඳව තවදුරටත් අවබෝධයක් ලබා ගන්න පුළුවන්.



මෙම පහසුකම සලසන තවත් ආයතනයක් තමයි මයික්‍රොසොෆ්ට් කියන්නෙත්. ඔවුන් ලබා දෙන පහසුකමේ නම තමයි Sky Drive.



මමගිනුත් අපිට අන්තර්ජාලයෙන් ගබඩා කරන්න ඉඩක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා ඔවුන්ගේ Liv email ගිණුමක් තියෙන්න ඕනි.

ඒහෙනම් මුලින්ම LiveMail / HotMail / Outlook ගිණුමක් සකස් කර ගන්න.
ඉන් පසුව SkyDrive වෙත යොමු වන්නට හැකි වේවි.

මෙම පහසුකම් දෙකම නොමිලයේ ලබා ගන්න පුළුවන් වීම විශේෂයක්.

අත්හදා බලන්න. මෙහි ඇති අනිකුත් ක්‍රියාකාරකම් පිලිබඳව අපි ඉදිරියේ දී සාකච්ඡා කරමු.
වැඩි විස්තර ඔබට පහත වීඩියොවෙන් බලා ගන්නත් පුළුවන් වෙයි.



මේම උදාහරණ වලට අමතරව තවත් මෙවැනි පහසුකම් ලබා දෙන ස්ථාන තියෙනවා. එවැනි ස්ථාන ගැන දන්නවානම් අන් අයට දැන ගැනීමටත් එක්ක Comment ලෙස ඉදිරපත් කරන්න.

No comments: