අපගේ මුරපද මතක තියාගන්න උපක්‍රමයක් යොදමු.

අන්තර්ජාල භාවිතය ප්‍රචලිත වෙන්න වෙන්න අපිට මතක තියාගන්න සිදුධ වෙලා තියෙන මුරපද සංඛ්‍යාවත් වැඩි වෙලා තියෙනවා.

Mail, Facebook, Twitter  වැනි උදාහරණ වලදී වගේම අපි නිතර භාවිතයට ගන්නා වෙබ් අඩවි සඳහා යොමු වීමට මුරපද භාවිතා කර ගිණුමක් සාදා ගන්න අවශ්‍යයයි.

මෙහි ඇති සංකීර්ණ බව නිසාම කරදරකාරී බවක් දැනෙනවා නම් එම මුරපද මතක තියාගන්න කාර්යයත් තවත් මෘදුකාංගයකට නැතිනම් අඩවියකට බාර දෙන්න අපිට පුළුවන්.

ඒ තමයි Lastpass කියලා කියන්නේ.



මෙම මෘදුකාංගය අපට අවශ්‍ය නම් Download කරගෙන අපගේ පරිගණකයේ ස්ථාපනය කර ගන්න පුළුවන්.
එසේ ස්ථාපනය කර ගත් පසු අපේ username එක සහ Password එක මෙම මෘදුකාංගය මතක තියාගන්නවා.
නැවත අපි එම ගිණුමට ඇතුල් වීමට උත්සාහ ගත් වහාම Automatically අපගේ ගිණුමේ තොරතුරු ලබා දෙනවා.

එහෙම නැතිව අපි Lastpass අඩවියේ ගිණුමක් හදාගෙන එම ගිණුම තුළ අපගේ username එක සහ Password ගබඩා කර තබා ගන්නත් පුළුවන්. අපට අවශ්‍ය වෙලාවට ගිණුමට ගිහින්  username එක සහ Password එක ලබාගෙන එන්න පුළුවන්. ඒ සඳහා අපි මතක තබා ගත යුත්තේ Lastpass ගිණුමේ මුරපදය පමණයි.

මීට අමතරව අපගේ අවශ්‍යතාවය අනුව මෙයින් ලබා දෙන පහසුකම් වෙනස් කර ගැනීමට ද පුළුවන්.

ඒ වගේම මෙම මෘදුකාංගය ලිනකස් වින්ඩෝස් සහ මැක් යන ඕනෑම  මෙහෙයුම් පද්ධතියක් සඳහාත් භාවිත කරන්න පුළුවන්.

මෙන්න මේ ලින්ක් එකෙන් මෙම මෘදුකාංග නොමිලයේම ලබා ගන්න පුළුවන්.
https://lastpass.com/index.php?fromwebsite=1


අපගේ අවශ්‍යතාවය අනුව මෙම මෘදුකාංගයේම වැඩි පහසුකම් සහිතව මිලදී ගැනීමට වුවද පුළුවන්. ඒ සඳහාද ඉහත යොමුවම භාවිත කරන්න. එහි Get LastPass Premium යොමුවෙන් ඒ සඳහා යොමු වන්න.

Download LastPass  භාවිත කරලා මෙම මෘදුකාංගය භාගත කරගන්නත් පුළුවන්.

මෙම පහසුකම Online භාවිත කරන්න ඉහත රූපයේ දකුණු ඉහළ කෙලවර තියෙන Log in යොමුව භාවිත කරලා ලිණුමක් සකස් කර ගන්න.

එහි පහත රූපයේ පෙනවන පරිදි අපගේ මුරපද ගබඩා කර තබා ගන්න පුළුවන්.



මේ පිළිබඳව තවදුරටත් විස්තර පහත වීඩියෝවෙන් ඔබට ලබා ගන්න පුළුවන් වෙයි. ගැටළුවක් ඇති වුනොත් කමෙන්ට් එකක් දාන්න. මම උදව් කරන්නම්.


No comments: