Dual Boot ක්‍රමයට මෙහෙයුම් පද්ධති දෙකක් ස්ථාපනය කරන ආකාරය සිංහලෙන්

සාමාන්‍යයෙන් අපි වැඩි දෙනෙක් හුරු වෙලා ඉන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලට. ඒත් මේ කාලයේ දී ලිනක්ස් පිළිබඳවත් අවධානය වැඩි වශයෙන් යොමු වෙලා තියෙනවා.

ඒ නිසා ලිනක්ස් මෙහෙයුම් පද්ධති හා ඒවා සමඟ ලබා දෙන මෘදුකාංග පිළිබඳවත් අවධානය යොමු කිරීම වටිනවා.

ඒකවරම ලිනක්ස් වලට යොමු වීමට මැලිකමක් දක්වන අයට වින්ඩෝස් සමඟම ලිනක්ස් අත්දැකීම් විඳගන්නත් පුළුවන් ආකාර තුනක් තියෙනවා.
  1. Vertual Box එකක් භාවිත කිරීම. 
  2. Dual Boot ක්‍රමයට මෙහෙයුම් පද්ධති දෙකක් භාවිත කරලා. 
  3. Online ක්‍රමයට.
මේ ක්‍රම පිළිබඳව හොයා බලද්දී අන්තර්ජාලයේ Dual Boot ක්‍රමයට මෙහෙයුම් පද්ධති දෙකක් ස්ථාපනය කරන ආකාරය සිංහලෙන් පැහැදිලි කරන වීඩියෝවක් හමුවුනා.

පහත ඉදිරිපත් කර තියෙන්නේ එම වීඩියෝව. බලන්න ඔබටත් වැදගත් වෙයිද කියලා. අනික් ක්‍රම දෙක පිළිබඳවත් අපි ඉදිරියේ දී හොයා බලමු.



2 comments:

Anonymous said...

වටිනවා මේක දාපු එක (පොඩ්ඩක් එහෙම නෙමෙයි රටක්)

Anonymous said...

වෙනද වගේම වටිනා තොරතුරක්. ස්තුතියි..!