Windows සමඟ Linux භාවිත කරමු.

වින්ඩෝස් සමඟ ලිනක්ස් භාවිත කරන්න පුළුවන් ක්‍රමයක් ගැන අපි මීට පෙර දී සාකච්ඡා කළා. ඒ තමයි Dual Boot විදියට මෙම මෙහෙයුම් පද්ධති දෙක භාවිත කරන ආකාරය ගැන.

අද අපි කතා කරන්න යන්නේ වින්ඩෝස් ඇතුලේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන ආකාරයක් ගැන.

මේ සඳහා අපට VM Software එකක් අතරමැදි මෘදුකාංගයක් විදියට බාවිත කරන්න සිද්ධ වෙනවා. පහත තියෙන ලින්ක් වලින් එවැනි මෘදුකාංගයක් භාගත කර ගන්න පුළුවන්.

http://www.vmware.com
https://www.virtualbox.org/wiki/Downloads

මෙම මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් තියෙන අපගේ පරිගණකයේ ස්ථාපනය කර ගැනීමෙන් පසුව ඒ තුළට අපි කැමති ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් (Hanthana, Fedora, ubuntu, kubuntu ආදී) ස්ථාපනය කර ගන්න පුළුවන්.

පහත වීඩියෝව මෙම කාර්යය කර ගන්න ඔබට අවශ්‍ය මඟ පෙන්වීම කරාවි. බලන්න.....


No comments: