01. ජූම්ලා 3.1 භාවිත කර වෙබ් අඩවියක් සකස් කරමු

ජූම්ලා භාවිත කරලා වෙබ් අඩවියක් හදාගන්න ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි,
  1. Online host එකක් භාවිත කරන එක.
  2. localhost එකක් භාවිත කිරීම.
Online host එකක් භාවිත කර ජුම්ලා අඩවියක් නිර්මාණය කිරීමට හොඳ අන්තර්ජාල සම්බන්ඳතාවයක් වගේම host කරන්න ස්ථානයක් මිලදී ගන්න වෙනවා. පාසලකට නම් schoolnet එක භාවිත කර තම පාසලට ලැබෙන domain එක භාවිත කරන්න පුළුවන්.

නමුත් මෙම ලිපි පෙළෙදී අපි කතා කරන්න යන්නේ localhost එකක් භාවිත කරලා කොහොමද ජූම්ලා වලින් වෙබ් අඩවියක් සකස් කරන්නේ කියලා.

 localhostභාවිත කරලා කියන්නේ තමන්ගේ පරිගණකයේම අජවිය සකස් කර ගන්නා ආකාරයක්. පසුව අපිට අවශ්‍ය නම් එම අඩවිය Online host එකක් භාවිත කරලා publish කරන්න අනත් පුළුවන්.


Local Server එකක් භාවිතය

වින්ඩෝස් වලදී

මේ වැඩේ කරන්න පටන් ගන්න වෙන්නේ server එකක් අපගේ පරිගණකයට ස්ථාපනය කර ගැනීමෙන්. වින්ඩෝස් වලදී නම් අපිට xampp හෝ wamp සර්වර් ස්ථාපනය කර ගන්න පුළුවන්.

xampp ඩවුන්ලෝඩ් කර ගන්න නම්,
http://www.apachefriends.org/en/xampp-windows.html#641
වෙත ගිහිල්ලා installer කියන ලින්ක් එකට ක්ලික් කරන්න.

wamp
http://www.wampserver.com/en/
වෙත ගිහිල්ලා ඔබගේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන ලින්ක් එක භාවිත කරන්න.

ලිනක්ස් වලදී

හන්තාන ලිනකස් වලදී නම් සර්වර් එක පෙරනිමියෙන්ම ලැබෙනවා. ඒ නිසා නැවත ස්ථාපනය කිරීමට අවශ්‍ය වෙන්නේ නැ.

ස්ථාපනය කර ගත්තායින් පසුව මෙම සර්වර් start කිරීමට අවශ්‍ය වෙනවා.

වින්ඩෝස් වලදී
  • xampp - all programs -> xampp -> xampp control Panel ->
Apache - Start -> කර ගන්න
Mysql - Start -> කර ගන්න
  • wamp - all programs -> wamp server -> (task Bar එකේ දකුණු පැත්තේ wamp server සලකුණ කොලපාටින් දිස් වන්නේ දැයි බලන්න. එසේ දිස් වනවා නම් සර්වර් එක ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇති බවයි ඇග වෙන්නේ )
ලිනක්ස් වලදී
  • ටර්මිනල් එකේ
service httpd start
chkconfig httpd on
වශයෙන් type කරන්න.

දැන් අපි server එක වෙත යොමු වෙමු.

සර්වර් එක වෙත යොමු වීම සිදු වන්නේ browser එකක් භාවිතයෙනි. ඒ සඳහා browser එකේ Address Bar එකේ localhost ලෙස ටයිප් කරන්න. එවිට ඔබට server එකේ මුල් පිටුව දැක ගැනීමට හැකි වනු ඇත.

xampp ස්ථාපනය කරන අයරු පහත වීඩියොවෙන් බලන්න.



wamp server ස්ථාපනය කර ගන්නා අයුරු


1 comment:

saman's blog said...

ඔන්න මම ගිහින් ආවා