2. ජූම්ලා වලින් වෙබ් අඩවියක් හදන්න Data Base එක සකස් කර ගනිමු.

ජූම්ලා වලින් වෙබ් අඩවියක් හදන්න මුල්න්ම කළ යුතු කාර්ය වන්නේ Data Base එකක් සකස් කර ගැනීමයි. අපි මීට පෙර ලිපියේ දී කතා කල විදියට Server එකක් ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර ගෙන ඇති කියලා හිතනවා.


එහෙනම් මුලින් මෙම local Server එක Start කර ගනිමු. ඒ සඳහා,
Start -> all programs -> xampp -> control panel ->
Start services - 
       Apache - Start
       Mysql - Start

දැන් Browser එක භාවිත කරලා server එක වෙත යොමු වෙන්න ඕනි.

ඒ සඳහා Browser ඒකේ address bar  ඒකේ localhost කියලා ටයිප් කරලා Enter කරන්න.
එවිට xampp Server එකේ මුල් පිටුව දිස් වේවි.




No comments: