Libre Office calc භාවිත කර Landscape ආකාරයට පැතුරුම් පතක් මුද්‍රනය කරගමු

ලිබ්රේ ඔෆිස් භාවිතා කරද්දී Calc කියලා කියන්නේ පැතුරුම්පත් මෘදුකාංගය. මෙම මෘදුකාංගය භාවිත කරලා හදගන්න පැතුරුම් පතක් landscape ආකාරයට පිටුවලට මුද්‍රනය කරන ආකාරය තමයි අද අපි විමසා බලන්න යන්නේ.


  • පහත රූපයෙන් පෙනෙන්නේ කැල්ක් මෘදුකාංගයේ ප්‍රධාන මුහුණතයි.
  • එම පැතුරුම්පත මත මම වගුවක් සකස් කර ගත් අතර එය පිටුවේ හරස් අතට ගැලපෙන ආකාරයට නිර්මාණය කර ගත්තා. පහත රූපයේ දැක්වෙන්නේ එම වගුවයි.
  • දැන් මුද්‍රනය කර ගැනීම සඳහා පිටුවේ දිශාව වෙනස් කිරීමට පහත රූපයේ පෙන්වන ආකාරයට Fomat මෙනුව දිගහැර එහි page විධානය මත ක්ලක් කරන්න.
  • එවිට පහත රූපයේ පෙනවන ආකාරයේ වින්ඩෝවක් ලැබෙන අතර වම් පැත්තේ ඊතලයෙන් පෙනවන ස්ථානයේ ඇති landscape බොත්තම මත ක්ලික් කල විට දකුණු පැත්තේ ඊතලයෙන් පෙන්වන preview එක පිටුව  landscape ආකාරයට වෙනස් වන අයුරු පෙන්නාවි. දැන් OK කර බොත්තම ඔබන්න.
  • මෙම වෙනස්වීම තහවුරු කර ගැනීම සඳහා File මෙනුවේ තියෙන Page Preview විධානය මත ක්ලක් කරන්න. එය කරන ආකාරය පහත රූපයේ පෙන්වා තිබේ.
  • මුද්‍රනයට යන පිටුව දැන් ඔබට දැක ගන්නට ලැබේවි. එය හරස් අතට landscape ආකාරයට වෙනස් වී තිබෙන අයුරුත් දැක ගන්නට පුළුවන්.

No comments: