අන්තර්ජාලය භාවිතයදී සිංහල ශබ්දකෝෂයක් සහයට ගනිමු.

අන්තර්ජාලය භාවිතයේ දී ඉංග්‍රීසි දැනුම තීරණාත්මක සාධකයක්. දැනුම තොරතුරු සෙවීමේදී වැඩි වශයෙන් අපට හමු වන්නේ ඉංග්‍රිසියෙන් ලියන ලද තොරතුරු. මේවා තේරුම් බේරුම් කර ගන්න යාමේ දී ශබ්ද කෝෂයක් අත්‍යාවශ්‍ය වෙනවා.

මේ සදහා Madura Online හුගාක් වටිනවා.

ඒත් එක්කම Fire Fox Browser එකට දාගන්න පුළුවන් add-On එකක් තියෙනවා ඉඟිය කියලා. මේක දා ගත්තම අපි නොදන්නා නැතිනම් සිංහල තේරැම දැනගන්න ඕනි වචනය උඩට මවුස් පොයින්ටර් එක අරගෙන ගිහින් තත්ත්පර කීපයක් ඉන්න විට එහි සිංහල අර්ථය ලේබල් එකකින් පෙන්වනවා.

නිරන්තරයෙන් වෙනත් අඩවියකට යනවාට වඩා මෙම ක්‍රමය හරිම ප්‍රයෝජනවත්. ඒ වගේම ලේසියි.

මේ පිළිබඳ වැඩි විස්තර සහ ස්තාපනය කර ගන්නා ආකාරය බලා ගැනීමට මෙතනින් යොමු වන්න.

http://subasa.lk/ingiya-download.php

ඉඟිය ස්ථාපනය කර ගන්නා ආකාරය පහත වීඩියෝවෙන්ද බලා ගන්න පුළුවන්.




5 comments:

Chandana said...

ඔව් එහෙම එකක් පාවිච්චි කරන එක පහසුයි. මාත් ෆයර්ෆොක්ස් ඇඩොන් එකකුයි ස්ටාර් ඩික් එකයි දෙකම පාවිච්චි කරනව.. ඇඩොන් එක lktips කියල එකක්. ක්‍රෝම් වලටත් වැඩ.

saman's blog said...

ස්තුතියි චන්දන තොරතුරට වගේම පැමිණිමටත්

Nandasiri Wanninayaka said...

බොහෝම ස්තුතියි. මම සුබස අකුරු විනිස පිරික්සුව පාවිච්චි කරනවා. ඉඟිය ගැන දැනගත්තේ ඔයාගෙන්. මේ දැන් ස්ථාපනය කරගත්තා. මම ටිකක් දවස් මේක පාවිච්චි කරලා අනෙක් අයටත් කියන්නම්. ඔයාගෙ බ්ලොග් එකටත් subscribe කළා.

saman's blog said...

බොහෝම ස්තුතියි

Manasindiviyata said...

ඉතාමත් සරලව තේරුම් ගැනිමට පහසු ආකාරයට කියා දිම ගැන අගය කරමි.