අන්තර්ජාලය භාවිතයදී සිංහල ශබ්දකෝෂයක් සහයට ගනිමු. (දෙවන ලිපිය)

මීට පෙර ලිපියේ දී අපි ඉඟිය නැමති ශබ්දකෝෂය පිළිබඳවත් මධුර අන්තර්ජාල ශබ්දකෝෂය පිළිබඳවත් කතා කලා.

මේ ලිපිය දැකපු ඩි.එම්. චන්දන මහතා පෙන්නා දුන්නේ මෙවැනිම තවත් වෙබ් අඩවි මෙන්ම ඇඩ් ඕන්ස් ගණනවාක්ම තිබෙන බවයි. ඒ අතර,

LKTips
lktips කියන ඇඩ්ඕන් එක ෆයර් ෆොක්ස් වලදී මෙන්ම ගූගල් ක්‍රෝම් වලටත් භාවිතා කරන්න පුළුවන්.
මේ පිළිබඳව වැඩි විස්තර පහත ලිපිනයෙන් ලබා ගන්න පුළුවන්.
http://lionlk.com/lktips
 පහත වීඩියෝවෙන්ද මේ පිළිබඳව විස්තර දැක ගන්න පුළුවන්.




සුබස

ඒ වගේම නන්දසිරි වන්නිනායක මහතා පෙන්නා දුන්නේ  සුබස - අකුරු විනිස පිරික්සුවත් ඉතාමත් ප්‍රොයෝජනවත් බවයි. 

මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු දැන ගැනීමට නන්දසිරි වන්නිනායක මහතාගේ අඩවියට යොමු වන්න. 

සුබස භාවිත කරන්න මෙම ලිපිනයෙන් යන්න.

http://subasa.ambitiouslemon.com/spellerweb.py
 

ඒ වගේම විශේෂ ක්‍රියාකාරකම් සමූහයක් සහිත තවත් ශබ්දකෝෂයකි,

Lion Dictionary



මේ පිළිබඳ වැඩි විස්තර සහ ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා පහත ලිපිනයෙන් යොමු වන්න.
http://www.schoollk.blogspot.com/2013/08/liondic.html

විදුදය

විදුදය කියලා කියන්නේ අපගේ පරිගණකයේ ස්ථාපනය කර ගැනීමට හැකි ශබ්දකෝෂයක්. එය ස්ථාපනය කැ ගැනීමෙන් පසුව පරිගණකයේ අප සිලෙක්ට් කරනා ඕනෑම වචනයක තේරුම ලබා ගැනීමට අවකාශ ලබා දෙනු ලබනවා.

මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට පහත ලිපිනයට යොමු වන්න.
http://blog.ravimal.com/2009/03/12.html

මේය ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා පහත ලිපිනයෙන් යොමු වන්න.
http://www.fileden.com/files/2009/2/26/2338957/Vidudaya%20popup%20Dictionary%20v1.3%20Unicode.rar

2 comments:

Chandana said...

මේ ටික මෙහෙම දාපු එක වටිනව. තව කෙනෙක් ප්‍රයොජනයක් ගත්තොත් ඒක කොච්චර දෙයක් ද..

saman's blog said...

ඔව් ඇත්තටම