Google Cloud Print ගැන දන්නවාද

අපි නෙට්වර්ක් එකකට මුද්‍රකයක් සම්බන්ඳකර ගැනීම ගැන නම් දන්නවා. ඒ වගේම භාවිතත් කරනවා ඇති. හැම පරිගණකයකටම මුද්‍රකයක් සම්බන්ඳ කර ගන්නවා වෙනුවට නෙට්වර්ක් එකේ තියෙන හැම පරිගණකයක්ම එකම මුද්‍රකයක් පොදුවේ භාවිත කිරීම තමයි එහිදී සිදු වන්නේ,

 

නමුත් Google Cloud Print භාවිතයෙන් සිදු වන්නේ මෙම ක්‍රියාදමය වඩාත් පුළුල් අවස්ථාවක් වෙත යොමු කිරීමයි.

ඒ අනුව අපගේ මුද්‍රකය අන්තර්ජාලයට සම්බන්ඳ කරන අතර අන්තර්ඩාලයට සම්බන්ඳ වී තිබෙන පරිගණකයක්, ලැප්ටොප් ඒකක් හො ස්මාර්ට් ෆෝන් එකකින් ලබා දෙන විධානයකට අනුව මුද්‍රිත පිටපතක් ලබා ගැනීමේ හැකියාව ඇති වෙනවා.

මේ සඳහා,
  • ගුගල් ගිණුමක්
  • ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවසර් එක
  • අන්තර්ජාලයට සම්බන්ඳ කල මුද්‍රකයක් 
යනාදිය තමයි මූලිකව අවශ්‍ය වෙන්නේ.

කාර්යාල කටයුතු වඩාත් පහසු කරන මෙම සේවාව පිලිබඳව සහ එය භාවිතය සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳ පහත වීඩියෝවෙන් සවිස්තර විස්තර දැක ගන්න පුළුවන්.

No comments: