Excel වලදීත් PRIMARY KEY එකක් භාවිත කරමු.

ප්‍රාථමික යතුරක් (PRIMARY KEY) භාවිතා කිරීමෙන් වගුවක් තුළට එකම දත්තය නැවත නැවත ඇතුල් වීම වලක්වා ගැනීමට හැකි වෙනවා.


දත්ත සමුදායන් සකස් කිරීමේදී භාවිතා වන මෙම පහසුකම Excel මෘදුකාංගයේ දී ද භාවිතා කිරීම තුළින් ද වගුවක් තුළට එකම දත්තය එක් වීම වලක්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

පහත නිදර්ශනයට අනුව "EMPLOYEE" වගුවේ  "EMP ID" යනු ප්‍රාථමික යතුරයි. ඒ අනුව  "EMP ID" එකම අගයන් දෙකක් තබා ගැනීමට නොහැකි වෙනවා.

ඒ අනුව "EMP ID" සඳහා ප්‍රාථමික යතුරක් ලබා දීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.
  • සම්පුර්ණ කොලම් එකම select කර ගන්න. (අගයන් ඇතුලත් කිරීමට පෙර).
  • දෙවනුව  DATA > DATA VALIDATION වෙත යන්න.
  • Allow Drop down මෙනුවේ CUSTOM යන්න තෝරාගන්න.
  • පහතින් ලැබෙන FormulaBox එකෙහි =COUNTIF($A$1:A1,A1)<=1 මෙම ශ්‍රිතය ටයිප් කරන්න. එහි cell Address අවශ්‍ය විදියට වෙනස් කරන්න.
පහත රූපයෙන් දැක්වෙනුයේ ඉහත ශ්‍රිතය භාවිතයෙන් A තීරුව සඳහා ප්‍රාථමික යතුරක් සකස් කිරීමේ නිදර්ශනයකි.


එකම තොරතුරක් නැවත ඇතුලත් කළ විට මෙවැනි නිවේදනයක් ලැබේවි.


මෙම නිවේදනය මෙන්ම validation ද අපගේ අවශ්‍යතාව අනුව වෙනස් කර ගැනීමට වුවද හැකියාව පවතී.

මෙම තොරතුරු ලබා දුන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ චමිල්ක ජයරත්න සර්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.

No comments: