Excel 2007 හෝ 2010 දී Worksheet ඒකක් සඟවමු

Worksheet එකක් සඟවමු.

සැඟවීමට අවශ්‍ය Worksheet එක් Select කර ගනිමු. ඒ සඳහා tab එක මත කිලක් කරන්න. Worksheet කීපයක් සැඟවීමට අවශය නම් Ctrl key ත් සමඟ අදාල tabs මත ක්ලික් කරන්න.
sshot-2
අනතුරුව Home tab එකේ Cells group යටතේ තියෙන Format මත ක්ලික් කර විට ලැටබන මෙනුවේ Visibility යටතේ තියෙන Hide & Unhide කිලක් කරන්න. එවිට ලැබෙන මෙනුවේ  Hide Sheet මත ක්ලික් කිරීමෙන් Worksheet එක හෝ කීපය සගවා ගැනීමට හැකි වෙනවා.
 
tab එක මත right-click කල විට ලැබෙන මෙනුවේ Hide මත ක්ලික් කිරීමෙන්ද මෙම කාර්යය ඉතා පහසුවෙන් කර ගැනීමට පුළුවන්.
 
සැඟවීමෙන් පසුව පහත ආකාරයට worksheet එක පෙන්නුම නොකරන මුත් එම worksheet පාදක කර ගනිමින් කරන කටයුතු හො ගණනය කිරීම් සඳහා බලපෑමක් සිදු නොවේ. ෙ
 
සැඟවූ Worksheet එක නැවත ලබා ගැනීම.
අනතුරුව Home tab එකේ Cells group යටතේ තියෙන Format මත ක්ලික් කර විට ලැබෙන මෙනුවේ Visibility යටතේ තියෙන Hide & Unhide කිලක් කරන්න. එවිට ලැබෙන මෙනුවේ  Unhide Sheet මත ක්ලික් කිරීමෙන් Worksheet එක හෝ කීපය නැවත දැක ගැනීමට හැකි වෙනවා.
 
තියෙන tab එකක් මත right-click කල විට ලැබෙන මෙනුවේ Unhide මත ක්ලික් කිරීමෙන්ද මෙම කාර්යය ඉතා පහසුවෙන් කර ගැනීමට පුළුවන්.
Unhide කළ විට ලැබෙන window එකෙන් ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය worksheet එකේ නම මත ක්ලික් කර OK කරන්න. sheet කීපයක් ප්‍රදර්ශනය කර ගැනීමට ඉහත පියවර නැවත නැවත අනුගමනය කරන්න. 

2 comments:

පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

වැඩක් ගන්න පුළුවන් විදිහේ පාඩමක් !
ස්තුතියි

kasungm said...

mata dana ganna puluwanda internet off line inna welawata . me wage type karana ewa( sinhalese) sinhala wachana walata translate wena software ekak. pls reply me kasungm@gmail.com