Windows 7/Vista/xp වලදී පාටිෂන් එකක් සඟවමු

පාටිෂන් සැගවීම යනු මකා දැමීම නොවේ. එය නොපෙනෙන ලෙස සඟවා තබා අවශ්‍ය විටදී නැවත ප්‍රදර්ශනය කර ගැනීමයි.


ඒ වගේම මෙම කාර්ය කර ගත හැක්කේ පරිගණකයේ administrative privilege තියෙන අයෙක්ට පමණක් බවද මතක තබා ගත යුතු වෙනවා. ඒ අනුව මුලින්ම administrator විදියට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් ඇති මැෂින් එකකට ලොග් වන්න.

Drive එක සඟවන ආකරය 
My Computer අයිකනය මත right ක්ලික් කර Manage තෝරා ගන්න. එහි වම් තීරුවෙන්  disk management තෝරා ගන්න. 
නැතිනම් run විධානයේ diskmgmt.msc ලෙස ටයිප් කර  enter කරන්න.

Disk Management
සැඟවීමට අවශ්‍ය පාටිෂන් එක මත රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවේ Change Drive Letter and Paths යන්න තෝරා ගන්න. 
Change Drive Letter or Path
remove මත ක්ලික් කරන්න.

Remove drive
පහත ආකාරයට warning message එකක් ලැබේවි. එය yes කරන්න.
Warning Message 
දැන් මෙම පාටිෂන් එක නැතිනම් drive එක එභගේ මෙහෙයුම් පද්ධතිය තුළ දී දර්ශනය නොවේවි. 


සැඟවූ drive එක නැවත ප්‍රදර්ශනය කර ගන්නා ආකාරය.

    1. ඉහත සාකච්ඡා කළ ආකාරයට නැවතත් Disk Management වෙත යන්න.
    2. සැඟවු drive එක මත Right click කරන්න. (drive letter එකක් නෙපෙන්වන ස්ථානයේ) 
    3. Change Drive Letters and Paths මත ක්ලික් කර  Add බොත්තම මත ක්ලික් කරන්න. 
Add hidden drive
     4. Drive එක සඳහා නමක් (අකුරක්) ලබා දෙන්න.
Assign drive letter
     5. අවසාන වශයෙන් drive letter එක assign කිරීම සඳහා OK කරන්න. 
දැන් ඔබගේ drive  එක ප්‍රදර්ශනය වනු දාක ගැනීමට පුළුවන්.

1 comment: