VLC භාවිතා කරලා අපගේ desktop එක record කරමු.

Desktop Record කරන්න මෘදුකාංග බෙහෝමයක් තියෙනවා. ඒ අතරින් මෑතකදී මම හඳුනාගත් එකක් ගැන තමයි අද කතා කරන්න හිතුවේ.


මෙම මෘදුකාංගය මඟින් ගොඩක් දේවල් කර ගන්න පුළුවන්. එ අතරින් එකක් තමයි Desktop Record කර ගැනිමු.

vlc screencast header

Desktop එක Record කිරීම අරඹමු.

VLC player එක run කර ගන්න.
VLC එකේ Media මෙනුවේ තියෙන Convert / Save මත ක්ලික් කරන්න.
Capture Device tab එක මත ක්ලික් කර  Capture mode එක ලෙස Desktop තෝරා ගන්න.
මීළගට frame rate එක සකස් කිරීමට අවශ්‍යයි. සමාන්‍යෙයන් ලැබෙන rate එක සුදුසු නොවන අතර ඒ ගැලපෙන rate එකක් ලබා දී Convert / Save මත ක්ලික් කරන්න.

Destination section එකෙන් destination file එක අප පටිගත කර ගන්නා ගොනුව පිහිටුම් ස්ථානය සහ නම ලබා දීම සිදු කර ගත යුතුයි.

Display the output checkbox එක check කිරීමෙන් සජීවීව VLC එක මගින් ප්‍රදර්ශනය කර ගැනීමට පුළුවන්. අවශ්‍ය නැත්තම් uncheck කරන්න.

Profile box එක භාවිතයෙන් වීඩියෝවේ resolution සහ video codec වෙනස් කර ගැනීමට හැකි වේ. සාමානයෙන් එය වෙනස් නොකර වුවද භාවිත කිරීමට පුළුවන්.

Video codec tab එක භාවිතයෙන් resolution එක වෙනස් කර ගැනීමට පුළුවන්. අනතුරුව save බොත්තම මත ක්ලික් කරන්න.

Start බොත්තම මත ක්ලික් කර රෙකෝර්ඩ් කිරීම ආරම්භ කරමු.
VLC ඔබට “streaming” ලෙස desktop එක record වෙන බව ඔබට පෙන්වයි. මීළගට කළ යුත්තේ අවශය ක්‍රියාකාරකමේ නිරත වී අවසානයට Stop බොත්තම මත ක්ලික් කරන්න.
ඔබ මීට පෙරදී file එක save වීමට දුන් ස්ථානයට ගොස් Open කර බලන්න.


No comments: