Excel Sheet කීපයකට ඒකුවර rows ගණනාවක් එකතු කර ගැනීම.

Sheet  ගණනාවක් සඳහා එක්වර rows එකතු කරන ආකාරය පිළිබඳව අද අපි කතා කරමු. මේ සඳහා,


  1. වෙනස් කිරීම සිදු කර ගැනීමට අවශ්‍ය Sheet සියල්ල Select කර ගන්න. Sheet කීපයක් එක්වර Select  කර ගැනීමට යතුරු පුවරුවේ ctrl යතුර ඔබා ගනිමින් Sheet Tab වල ක්ලික් කර ගන්න.

  2. දෙවනුව right click කර insert විධානය භාවිත කර entire row එකක් ආතුලත් කරන්න. 
එසේ ඇතුලත් කළ row එක ඔබ තේරු සියලුම Sheet  එක් වී ඇති අයුරු දැක ගත හැකියි. 

අථත්‍ය මතකය (Virtual Memory)

මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීම සඳහා පරිගණකය භාවිත කරන්නා වු දෘඩාංගය මතකය වශයෙන් හැඳින්විය හැකියි. මෙය තවදුරටත් ප්‍රාථමික මතකය නැතිනම් රැම් (RAM) ලෙසද හැඳින් වේ. මතකයන් විවිධ පරිමාණයෙන් පවතී. 256MB, 512MB, 1GB, 4GB හෝ 8GB වශයෙන්.
පරිගණකයේ ඇති මතකය සීමාසහිත වීමත් වැඩසටහන් විශාල සංඛ්‍යාවක් පරිගණකයේ භාවිත වීමත් යන සංකල්ප දෙකකම එක්වර ක්‍රියාත්මක වීමට යාමේ දී මෙම ‘අථත්‍ය මතකය‘ නැමති සංකල්පය බිහි වීම සිදු වේ. 
මෙහිදී මතකයේ ඇති දත්ත දෘඩ තැටියේ කිසියම් ස්ථානයක ස්ථානගත කෙරේ. මෙමඟින් මතකය තුළ තිබිය යුතු දත්ත ප්‍රමාණය වැඩි කර ගත හැකියි. මෙය අථත්‍ය මතකය වශයෙන් හැඳින් වේ. 
නමුත් මතකයේ ඇති දත්ත තරම් වේගයකින් සකසන ක්‍රියාවන් සඳා දෘඩතැටි‍යේ ඇති දත්ත ලබා ගැනීමට හැකියාවක් නැ. දෘඩ තැටියේ ඇති කොටසේ පවත්නා දත්ත අවශ්‍ය වූ විටදී එම දත්ත මතකය වෙත ලබා ගෙන භාවිතා කළ යුතුයි. 
කෙසේ නමුත් මෙම අථත්‍ය මතකය සංකල්පය මඟින් පරිගණකයේ ඇති මතකයේ ප්‍රමාණයට බෙහෙවින් වැඩි දත්ත ප්‍රමාණයක් භාවිතය සඳහා අවකාශ සකසා දෙනු ලබනවා. 
මෙම සංකල්පය වර්තමානය වන විට පරිගණකය තුළ විවිධ භාවිතයන් සඳහා යොමු වී ඇති අයුරු දැක ගන්න පුළුවන්.

සර්වර් (server)

නිර්වචනය : 

පරිගණක ජාලයක් මධ්‍යගතව පාලනය කරන පරිගණකයක් හෝ පරිගණක මෘදුකාංගයක් ‘සර්වර්‘ වහෙන් හඳුන්වා දීමට පුළුවන්.

එ අනුව,

  1. සර්වර් පරිගණක
  2. සර්වර් මෘදුකාංග පිළිබඳව අපි මීළගට සාකච්ඡා කරමු.

සර්වර් පරිගණක,

පරිගණක ජාලයක් සඳහා සේවා සැපයීම වෙනුවෙන් සකස් කරන සුවිශේෂ හැකියාවන්ගෙන් යුත් පරිගණකයක් සර්වර් පරිගණකය ලෙස හඳුන්වාදීමට පුළුවන්.
මෙම පරිගණකයේ සකසනයේ වේගය, මතකධාරීතාව මෙන්ම ගබඩා කිරීමේ ධාරිතාවය ඉතා ඉහළ මට්ටමකින් පවතී.
ජාලයතුල මධ්‍යගතව පාලනය වීම සිදුවන්නේ මෙමඟිනි. ඒ නිසාම ජාලයේ ඇති අනිකුත් පරිගණක සේවාදායක (Clients) පරිගණක වන අතර මෙම පරිගණක සඳහා අවශ්‍යය හැකියාවන් / අවසරයන් ලබා දෙනු ලබන්නේ සර්වර් පරිගණකයෙනි.
මේ නිසාම නිරන්තරයෙන් සක්‍රීයව පවත්වාගෙන යන සර්වර් සඳහා උපස්ථ (Back up) භාවිතය ද අතිශයින් වැදගත්. සාමාන්‍යයෙන් සර්වර් එකක් සඳහා විශේෂ වූ දෘඩංග එකතුවක් භාවිතා කෙරේ. එනම් ප්‍රොසෙසර් කීපයක්, විශාල රැම් ධාරිතාවයක්, විශේෂ දෘඪ තැටි වර්ග, ජාල කෙවෙනි කීපයක්, Power supply දෙකක්  ආදී වශයෙන් ආයතනයේ අවශ්‍යතාවය යෙදවිය හැකි මුදල් ප්‍රමාණයන් අනුව ශක්තීන් වැඩි දියුණු කෙරේ.
ප්‍රකට සර්වර් පරිගණක නිෂ්පාදන ආයතන ලෙස SUN, FUJITSU, IBM, DELL හා HP දැක්විය හැකි අතර ඔවුන්ගේ නිෂ්පාදන මූලික ආකාර 3ක් පවතී. එනම්,

  • Tower Servers
 
  • Rack Servers
         
  • Blade Servers වශයෙනි.
      
 සර්වර්ස් වලින් ලබා ගන්නා ප්‍රයෝජනය අනුව ද සර්වර් පරිගණකය හැඳින්වීමේ නාමයෙහි වෙනස් වීමක් සිදු වෙනවා. පහත දැක්වෙන්නේ ඒ සඳහා නිදර්ශන කීපයක්.

  • File Server - පරිගණක ජාලයේ ඇති අනිකුත් පරිගණක භාවිත කරන්නන්ගේ ගොන රඳවා තබා ගැනීමට. 
  • Mail Server- විද්‍යුත් තැපෑල භාවිතයට අවශ්‍ය පහසුකම් සැපයීමට. 
  • Web Server- වෙබ් අඩවි ස්ථාපනය කර එමඟින් අන් අයට එය වෙත යොමු වීමට අවස්ථාව ලබා දීම.
ආදී වශයෙන් පරිගණක ජාල භාවිතය සඳහා නිර්මාණය කර ඇති සුවිශේෂී අංගයකි. එසේම මෙම සර්වර් පරිගණක භාවිතයේ දී වැදගත් වන තවත් සුවිශේෂී අංගයකි. එනම්, 

සර්වර් මෘදුකාංග 

සර්වර් පරිගණක මඟින් පරිගණක ජාලයක් තුල ඇති විවිධ කාර්යයන් කර ගැනීමේ දී එහි භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය ‘සර්වර් මෘදුකාංග‘ ලෙස හඳුන්වනු ලබනවා. 
එකම සර්වර් පරිගණකයක් තුල විවිධ කාර්යයන් කිරීමට පවා යොමු විය හැකි සර්වර් මෘදුකාංග අද පවතින අතර මෙම මෘදුකාංග ද ප්‍රභේද තුනක් යටතේ හඳුනා ගත හැකියි. එනම්,

  1. ලිනක්ස් සර්වර් මෘදුකාංග (Ubuntu Server)
  2. වින්ඩෝස් සර්වර් මෘදුකාංග (Windows Server)
  3. අනිකුත් සර්වර් මෘදුකාංග (Apple Mac Os X Server)






දත්ත සමුදාය තුළ භාවිත වන Wildcard වචනය

කිසියම් අක්ෂරයක් හෝ කීපයක් වෙනුවෙන් බාවිත කළ හැකි සංකේතයක් මෙසේ හඳුන්වනු ලබනවා. නිදසුනක් විදියට mysql භාවිතා කිරීමේ දී මෙම වචනය දැනගෙන සිටීම වැදගත්.

mysql වලදී මෙය භාවිත වන්නේ LIKE operator එකක් වශයෙනි.

ඊට සමාන, වැනි හෝ වගේ ආදී අර්ථ ලැබෙන ආකාරයෙන් ප්‍රකාශ කිරීම සඳහා mysql query ලිවීමේ දී භාවිත වන % (ප්‍රතිශතක ලකුණ) Wildcard අක්ෂරයක් ලෙස පෙන්නා දීමට පුළුවන්.

නිද :- 
SELECT * FROM Customers
WHERE City LIKE 'ber%';

ඉහත නිදර්ශනයට අනුව Customers වගුවේ ඇති City field එකේ ඇති වටිනාකම් අතරින් ber වලින් පටන් ගන්නා සියලුම තොරතුරු ප්‍රදර්ශනය කරන්න යන විධානය ලබා දෙයි. මෙහි ber වලින් පටන් ගෙන අනිකුත් යන්න ඇගවීමට සඳහා ('ber%') යොදාගෙන තිබේ.

මෙම භාවිතය වයිල්කාඩ් භාවිතය සඳහා කදිම නිදර්ශනයකි.

නිද ;-
SELECT * FROM Customers
WHERE City LIKE '_erlin';

ඉහත නිදර්ශනයේ දී වයිල්කාඩ් අක්ෂරය ලෙස භාවිත කර ඇත්තේ යටි ඉරයි.(underscore) ඒ අනුව මුල් අකුර සෙවීමට ඉඩ ලබා දීමක් සිදු වේ.

නිද :-
SELECT * FROM Customers
WHERE City LIKE '[bsp]%';

මෙම නිදර්ශනයේ දී City field එකේ ඇති වටිනාකම් අතරින් b, s හො p වලින් පටන් ගන්නා වටිනාකම් ප්‍රදර්ශනය කිරීම සිදු වේ.

පහත දැක්වෙන්නේ එවැනි වයිල්කාඩ් යෙදුමක් භාවිත කර ඇති අවස්ථාවකි.



ඒ අනුව අපට දත්ත සමුදායන් තුළ දී සුවිශේෂ ආකාරයට මෙම වයිල්කාඩ් උපක්‍රමය භාවිත කළ හැකි බව පැහැදිලි වේ.

මේ පිළිබඳව තවත් තොරතුරු පහත ඇති වීඩියෝවෙන් දැක ගැනීමට පුළුවන්.




උසස් පෙළ සිසුන් සඳහා පයිතන් පරිගණක භාෂාව වැඩමුළුව 2014

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරණ සිසුන් ඉලක්ක කර ගනිමින් නොමිලයේ පැවැත්වෙන මෙම වැඩමුළුව ඔක්තෝම්බර් මස 08 වන නිවාඩු දින පෙ.ව. 08.00 සිට සිට සවස 4.00 දක්වා පැවැත් වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම වැඩමුළුව පැවැත්වෙන ස්ථානය වන්නේ මහනුවර කටුගස්තොට යි.

සහභාගී වන්නන් සඳහා සිංහලෙන් මුද්‍රිත නිබන්ධනයක් ලබා දීමට ද කටයුතු සූදානම් කර ඇත.

මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට පහත පෝරමය පුරවා එවන්න.

හබ් බ්‍ර්ජ් සහ ස්විච් යනු කුමක්ද? (Hub, Bridge,Switch)

හබ් (Hub)

ජාලයේ ඇති පරිගණකනයකින් ලැබෙන පණිවිඩයක් ජාලයේ සිටින අනෙකුත් සියලුම පරිගණක වෙත යෙමු කිරීම සිදු කරන අතර එම පනිවිඩය අදාල පරිගණකය පමණක් එම පණිවිඩය ලබා ගනී.

බ්‍රිජි (Bridge)

හබ් දෙකක් භාවිතකර ඇති ජාල දෙකක් එකතු කිරීම බ්‍රිජ් එකක් මඟින් සිදු වේ. බ්‍රිජ් ඒකේ පවත්නා සුවිශේෂ හැකියාව වන්නේ එක් ජාලයකින් අනෙක් ජාලයේ පරිගණකයක් වෙත යොමු වන පිණිවිඩයක්, පණිවිඩයේ තියෙන ලිපිනය (Mac Address) අනුව නියම පරිගණකය වෙත යොමු කිරීමට ඇති හැකියාවයි.

ස්විච් (Switch)

බ්‍රිජ් එකේ සහ ස්විච් එකේ කාර්ය එක සමානයි. ජාලයේ පණිවිඩය යොමු කරන පරිගණකයේ ලිපිනයටම පණිවිඩය යොමු කිරීම සිදු කරන අතර බ්‍රිජ් එකේ  හබ් දෙකක් සම්බන්ද කිරීමට අවශ්‍ය පෝර්ට් දෙකක් ඇති අතර ස්විච් එකේ එවැනි පෝර්ට් බොහෝ ගණනක් තිබිය හැකියි.

මේ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැක ගැනීමට පුළුවන්.

OCR යනු කුමක්දැයි අද අපි බලමු.

(OCR) Optical character recognition


මුද්‍රිත මාධ්‍යෙයන් තියෙන ගොනුවක ඇති අක්ෂර පරිගණකයේ දී වෙනස් කිරීමට හැකි ආකාරයෙන් පරිගණක අක්ෂර බවට පත් කිරීම OCR ලෙස හඳුන්වනු ලබනවා.

මේ සඳහා භාවිත වන උපකරණ ගණනවකි. එනම්,




මෙසේ ස්කෑන් කර ගන්නා අක්ෂර පහත දැක්වෙන ගෙනු වර්ග ලෙස ගබඩා කිීමට පහසුකම් සපයා දෙනු ලබනවා.



පහත වීඩියොවෙන් OCR මෘදුකාංගයක ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්.



පහත වීඩියොවෙන් මෙවැනි OCR මෘදුකාංගයක් භාවිත කරන ආකාරය දැක ගැනීමට පුළුවන්.



අන්තර්ජාලය ඔස්සේ OCR මෘදුකාංගයක් භාවිත කරන ආකාරය පිළිබඳ විස්තර පහත වීඩියෝවෙන් දැක ගැනීමට පුළුවන්.