හන්තාන ලිනක්ස් භාවිතා කරමින්



KTechLab නිදහස් මෘදුකාංගය භාවිතය (හන්තාන ලිනක්ස් සමග)

KtechLab මෘදුකාංගය භාවිතා කරන ගෝණිගොඩ ශ්‍රි පියරතන විද්‍යාලයේ දූදරැවෝ. එහි අවස්ථාවන් කිහිපයක් පහත දැක් වේ.
KTechlab භාවිතා කරන අපේ දරුවෝ 

KtechLab මෘදුකාංගය භාවිතා කර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය සදහා මෙන්ම සාමන්‍ය පෙළ විද්‍යාව විෂයය සදහා නියමිත Logic gates ආශ්‍රිත පරිපථ නිර්මාණය ද මෙම මෘදුකාංගය භාවිතා කරමින් සිදු කර ගැනීමට පුළුවන. ළමයාට ප්‍රායෝගිකව තම කාර්යයේ නිරත වීමට හැකි වීම මෙම මෘදුකාංගයේ පවත්නා සුවිශේෂිතාවයකි.

KTechLab භාවිතා කරන ආකාරය පිළිබදව හැදින්වීමේ වීඩියෝවක් පහත දැක් වේ.





Tux-Math නිදහස් මෘදුකාංගය (හන්තාන ලිනක්ස් සමග බෙදා හරි)

මෙම මෘදුකාංගය ක්‍රීඩාවකි. ඒහෙත් එම ක්‍රීඩාව තුල සැබවින්ම සිදු ව්න්නේ ගණිත සංකල්ප වර්ධය කිරීමකි.

ඉතාමත් කුඩා අවධියෙන් ආරම්භ කර ඉහළ අවධීන් ද දක්වා විහිදුවිය හැකි ආකාරයට සවිධානය කර තිබෙන මෙම මෘදුකාංගය තුළින් ළමුන් එකතුකිරීමට, අඩු කිරීමට, වැඩි කිරීමට හා බෙදීමට තරගකාරීව යොමු වන අයුරු දැක ගත හැක.

තුන ශ්‍රේණියේ සිට භාවිතයට ගත හැකි මෙම මෘදුකාංගය හත අට ශ්‍රේණි වල ළමුන්ට පවා යෝග්‍ය වන පරිදි අදියර සකසා තිබේ.

ඇගයීම් කටයුතු සිදු කිරීමටත්, පිරිගණක ආධාරයෙන් ඉගැන්වීම් ආරම්භ කිරීම සදහාත් උත්සාහ කරන ගුරුවරුනට මෙ මෘදුකාංගය අතිශයින් වැදගත් වේ.

පහත දැක්වෙනුයේ මෙම මෘදුකාංගය භාවිතයට ගන්නා  අප විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ළමුන්ගේ ඡායාරෑප කිහිපයක්.


ගෝණිගොඩ ශ්‍රී පියරතන විද්‍යාලයීය 3 ශ්‍රේණියේ ළමුන් TuxMath වැඩසටහන භාවිතා කරමින් 



Libre Office 3.4 Base මෘදුකාංගය භාවිතා කරමින්


2011.10.14 කටුගස්තොට කලාපයේ හාරිස්පත්තුව කොට්ඨාශයේ තොරතුරු තාක්ෂණ විෂය සදහා 2011 දෙසැම්බර් මාසයේ පෙනී සිටින ළමුන් සදහා විභාගයට සූදානම් කිරීමේ සම්මන්ත්‍රණයක් ගෝණිගොඩ ශ්‍රී පියරතන විද්‍යාලයීය පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

මෙදින දත්ත සමුදාය පිළිබදව සාක්ච්ඡා කෙරැණු අතර ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීම සදහා භාවිතා කළ මෘදුකාංගය වූයේ Libre Office 3.4 Base මෘදුකාංගයයි. එය අප මෙතෙක් භාවිතා කල මෘදුකාංග හා සමාන අන්දමින්ම අපගේ කාර්ය කිරීම සදහා උපයෝගී කර ගැනීමට හැකි විය.

පහත දැක්වෙනුයේ එහි අවස්ථාවන් කිහිපයකි.



Libre Office 3.4 Base මෘදුකාංගය භාවිතා කරමින් (9 photos)




HTML භාවිතය


HTML භාවිතය (හන්තාන ලිනක්ස් භාවිතයෙන්)


සාමාන්‍ය පෙළ හාදාරන ඔබටත් උසස් පෙළ හදාරණ ඔබටත් HTML ප්‍රධාන විෂයයක්. වින්ඩෝස් භාවිතා කර වගේම ලිනක්ස් භාවිතා කරමින්ද HTML සදහා tag ලිවීම සිදු කළ හැක.

 අපි හන්තාන ලිනක්ස් භාවිතා කරමින් HTML සදහා යොමු වන ආකාරය විමසා බලමු.

හන්තාන තුල Aplications >Programming>Geany> තමයි මේ සදහා භාවිතා වන Text Editor එක

O/L A/L  ICT ළමයින්ට හන්තාන භාවිතයේ දී HTML වලට ප්‍රවේශ වෙන්න මේක ඉගියක්. Desktop Recorder ලෙස භාවිතා කලේ හන්තානේ තියෙන gtk-recordMydesktop ආධාරයෙන්

බලන්න මේ වීඩියෝව. එය ඔබට අත්වැලක් සපයාවි.



අභ්‍යාස 01

<html>
    <head>
        <title>Exersice 01 - Headings</title>
    </head>
    <body>
        <h1>Headings</h1>
   
        <h1>Heading 1</h1>
        <h2>Heading 2</h2>
        <h3>Heading 3</h3>
        <h4>Heading 4</h4>
        <h5>Heading 5</h5>
        <h6>Heading 6</h6>
    </body>
</html>
































අභ්‍යාස 02

<html>
    <head>
        <title>Exersice 02 - Text Atributes</title>
    </head>
    <body>
        <h1>Text Atributes</h1>
       
        <b>Bold</b><br>
        <u>Undrline</u>
        <i>Italic</i>
        <big>Big</big>
        <small>Small</small>
        <strong>Strong</strong>
        <strike>Strikethrough</strike>
        H<sub>2</sub>O
        2<sup>5</sup><br>
    </body>
</html>






























අභ්‍යාස 03



<html>
    <head>
        <title>
            List
        </title>
    </head>
    <body>
        <h1><center>List</center></h1>
   
        <h2>Unorderd List</h2>
            <ul>
                <li>Nimal</li>
                <li>Saman</li>
                <li>Kamal</li>
                <li>Amal</li>
            </ul>
       
        <h2>Orderd List</h2>
            <ol>
                <li>Nimal</li>
                <li>Saman</li>
                <li>Kamal</li>
                <li>Amal</li>
            </ol>
       
        <h2>Neasted List</h2>
            <ul>
                <li>Flowers</li>
                    <ol>
                        <li>Red</li>
                        <li>Yelow</li>
                    </ol>
                <li>Fruits</li>
                    <ol>
                        <li>Red</li>
                        <li>Yelow</li>
                    </ol>
            </ul>
   
        <h2>Definition List</h2>
        <dl>
            <dt>Definition Title</dt>
            <dd>Definition Description</dd>
        </dl>
   
    </body>
</html>




අභ්‍යාසය 04

<html>
    <body>
  
        <h1><u>Table</u></h1>
  
        <table border="1">
            <tr>
                <td>Row1,Collumn1</td>
                <td>Row1,Collumn2</td>
                <td>Row1,Collumn3</td>
                <td>Row1,Collumn4</td>
            </tr>
            <tr>
                <td>Row2,Collumn1</td>
                <td>Row2,Collumn2</td>
                <td>Row2,Collumn3</td>
                <td>Row2,Collumn4</td>
            </tr>
        </table>
  
    </body>
</html>




 අභ්‍යාසය 04.1


<html>
    <body>
   
        <h1><u>Table</u></h1>
   
        <table border="1" bgcolor="yellow">
            <caption> A Compleat Table </caption>
       
            <thead>
                <tr>
                    <th>Header 1</th>
                    <th>Header 2</th>
                    <th>Header 3</th>
                    <th>Header 4</th>
                </tr>
            </thead>
       
            <tbody>
            <tr>
                <td>Row1,Collumn1</td>
                <td>Row1,Collumn2</td>
                <td>Row1,Collumn3</td>
                <td>Row1,Collumn4</td>
            </tr>
                   
            <tr>
                <td>Row2,Collumn1</td>
                <td>Row2,Collumn2</td>
                <td>Row2,Collumn3</td>
                <td>Row2,Collumn4</td>
            </tr>
            </tbody>
       
            <tfoot>
                <th>Footer 1</th>
                <th>Footer 2</th>
                <th>Footer 3</th>
                <th>Footer 4</th>
            </tfoot>
       
        </table>
   
    </body>
</html>



පොල්ගොල්ල අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරු සිසුන්


පොල්ගොල්ල අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරු සිසුන් තම ප්‍රායෝගික පුහුණුවීම් සදහා ගෝණිගොඩ ශ්‍රී පියරතන විද්‍යාලයට පැමිණ ඉගැන්වීමේ ක්‍රියාවලියේ යෙදීමේදී හන්තාන ලිනක්ස් සමග බෙදා හරින Libre Office 3 මෘදුකාංගය භාවිතා කරමින් ඉගැන්වීමේ කටයුතු සිදු කළ අයුරු පහත දැක් වේ.

පියරතන විද්‍යාලයට පැමිණි ගුරු සිසුන් වීවෘත මෘදුකාංග භාවිතා කර ඉගැන්වීමේ යෙදෙන අයුරු (9 photos)


විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය


ගෝණිගොඩ ශ්‍රී පියරතන විද්‍යාලයීය විදුහල්පතිතුමා පුමුඛ ආචාර්ය මණ්ඩලය හන්තානලිනක්ස් පිළිබද දැනුවත් වෙමින්
හන්තාන තවතවත් ස්ථාවර වෙමින් (5 photos)




හන්තාන ලිනක්ස් ස්ථාපනය කළ දා


කාලයත් සමගම විවාත මෘදුකාංග වල අවශ්‍යතාවය අප කාටත් දැඩිව දැනෙන්න විය. License Copy මෘදුකාංග යාවත්කාලීන කර ගැනීමට මෙන්ම එදිනෙදා භාවිතයට අවශ්‍ය නව මෘදුකාංග ස්ථාපනයට යොමු වීමේදී මූල්‍යමය ගැටළු අප එක් තැන නතර කර දමනු ලැබීය.

මේ නිසාම විවෘත මෘදුකාංග භාවිතය පිළිබද සෙවීම ආරම්භ කෙරිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් හන්තාන ලිනක්ස් භාවිතා කරමින් විවෘත මෘදුකාංග භාවිතයට යොමු වීමට අපි අදහස් කළෙමු.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 2011 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී ගෝණිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලයීය පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථානය සදහා හන්තාන ලිනක්ස් ස්ථාපනය කරනු ලැබීය.

ලිනක්ස් වලට ආගන්තුකයෙක්වූ මට මේ සදහා අත්වැල සැපයූයේ හන්තාන පරිශිලක සමූහයේ මිත්‍ර සමාගමයි. එය එසේ නොවන්නට මට ලිනක්ස් භාවිතා කරන්නට මෙන්නම මගේ පාසලේ ළමුන්ටත් ගුරුවරුන්ටත්  ලිනක්ස් අතදැකීම් ලැබීම තවත් වසර ගණනාවකට ප්‍රමාද වනු ඇති.

එහෙයින් විද්‍යාලයීය නිදහස් මෘදුකාංග භාවිතය අරඹන අවස්ථාව සටහන තබනමේ මොහොතේ නවීන්, මිහිර, ලක්ෂ්මන් ප්‍රම්‍රඛ හන්තාන පරිශිලක සමූහයට විශේෂයෙන් ස්තුති කරමි.

හන්තාන ස්ථාපනය කිරීමේදී විද්‍යාලයීය තාක්ෂණ සංගමය, විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය, දූදරැවන් දැක්වූ සහයෝගයත් මෙ මොහෝතේ ස්තූති පූර්වකව සටහන් කරමි.

මේ ස්ථාපනය කළ අවස්ථාවේ මතක සටහන් කිහිපයක්.











2 comments:

ටිරාන් කාවින්ද said...

මම හන්තාන linux ගෑන හොය හොය හිටියේ..... මට දෑන ගන්න ඔන උනා logic gates software ගෙන ... මරු එක ගන විස්තර තියනවනෙ... එත් එක මම බලපොරොත්තු වුනු දෙවල් නෑ

saman's blog said...

ඔය කියන්නේ FtechLab ගැන වෙන්න ඇති. ඒකේ මොකක් ගැනද හොයන්නේ.