Gambas භාවිතා කරමු. (ලිනක්ස් මත Basic)

සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට නියමිත Visual Basic 6.0 ලිනක්ස් මත භාවිතා කිරීමට නොහැකි බව තමයි කියවෙන්නේ.

පාසල් විද්‍යාගාර තුළ නිදහස් මෘදුකාංග භාවිතයට යොමු වීමේදී ඒ අනුව ඇතිවන ගැටළුකාරී තත්ත්වය මගහැරගැනීම සදහා ඇති හොදම විකල්පය වනනේ Gambas ය.

Gambas බොහොසෙයින් විෂුවල් බේසික් වලට සමාන කම් දක්වන මුත් විෂුවල් බේසික්ම නොවන බවත් මතක තබා ගත යුතුයි. නමුත් Coding කිරීමේදී වෙනස්කමක් නොපෙන්වයි.

හොදයි. එහෙනම් අපි Gambas භාවිතා කරන ආකාරය විමසා බලමු.

මේ සදහා මම භාවිතා කරන්නේ හන්තානලිනකස් නිදහස් මෘදුකාංග එකතුවයි.

ඒ අනුව,
Application > Programming > Gambas > මත ක්ලික් කරන්න.

එවිට පහත ආකාරයේ වින්ඩෝවක් ලැබේවි. එහි New Project මත ක්ලික් කරන්න. 


අනතුරුව ලැබෙනුයේ Create New Project Window එකයි. එහි Next මත ක්ලික් කරන්න.

 

මීළගට ලැබෙන වින්ඩෝවේදී Project Type එක තේරීමට සිදු වන අතර එයින් Create a Graphical Project යන පළමු තේරීම තෝරා ගන්න. පසුව Next මත ක්ලික් කරන්න.


 මීළගට ලැබෙන වින්ඩෝවෙදී අපි Project එකට නමක් සහ මාතෘකාවක් යෙදීම සිදු කරගත යුතුයි. පසුව Next කරන්න.


මීලගට ලැබෙන Directory එක තේරීමේදී අමුතුවෙන් යමක් නොකරම Next කරමු. 


දැන් ඔබට ලැබෙන වින්ඩෝවෙන් ඔබ මෙතෙක් කල සියුලු ක්‍රියාකාරකම් වල සාරාංශයක් පෙන්නුම් කරයි. එය ඔබගේ අවශ්‍යතාවයට ගැලපේනම් OK කරන්න. ඒසේ නැතිනම් Previous මත ක්ලික් කර ආපස්සට ගොස් අවශ්‍ය ආකාරයට සකස් කර ගැනීමට පුළුවන.


OK කල විට ඔබට ලැබෙනුයේ Gambas මුහුණතයි. එය මත Tips පෙන්නුම් කරන වින්ඩොවක් දිස්වන අතර එයින් Gambas වල ක්‍රියාකාරීත්වය පිළිබද යම් යම් අදහස් ලබා දෙයි. අවශය නම් Next කරමින් එවා බැලිය හැති අතර අනවශ්‍ය නම් Close මත ක්ලික් කර අම වින්ඩෝව නැතිකර දැමිය හැක. 


මින් පසු අපගේ කාර්ය වන්නේ පහත රූපයේ ආකාරයට Form එකක් ලබා ගැනීමට උත්සාහ කිරීමයි. මේ සදහා Project Window එකෙහි ඇති Form මත Right Click කර එවිට ලැබෙන මෙනුවේ New ගියවිට ලැබෙන මෙනුවේ Form මත ක්ලික් කරන්න.  එවිට පහත රූපයේ ආකාරයට වින්ඩෝවක් ලැබේවි.

එම වින්ඩෝවේ නම දීමට ඇති ස්ථානයේ Form එකට නමක් ලබා දී OK කරන්න.


දැන් ඔබට Form එක මෙන්ම Code වින්ඩෝව යන දෙකම ලැබේවි. එය පහත රූපයේ ආකාරයට විය හැකිය. දැන් ඔබට අවශ්‍ය අකාරයට මෙම ලැබී තිබෙන වින්ඩෝවන් ලොකු කුඩා කරමින් අවශ්‍ය තැන්වල තැන්පත් කරමින් සුදුසු පරිදි වැඩතලය සකස් කර ගන්න. 


දැන් ඔබටත් පහත ආකාරයට පිළිවෙලට සකස් කර ගත් වැඩතලයක් ලබා ගැනීමට හැකිවේවි. 
අදට මෙම පියවර ටික අත්හදා බලන්න. මීලග ලිපියෙන්  මෙම වැඩතලය සවාස්තරාත්මකව හදුනාගනිමු.


ප.ලි.
හන්තාන ලිනක්ස් 15 සමග බෙදාහරින Gambas3 හිදීද අනුගමනය කළ යුත්තේ ද මෙම පියවරයන්මය.

ඌණපූර්ණය
මෙහිදී Form එකක් ලබා ගැනීමට නම් Project Window එකෙහි තියෙන Source හි FMain මත ඩබල් කිල්ක් කර ලබා ගත යුතු වෙනවා. (ගැම්බාස් 3 භාවිතා කිරීමේදී මෙම වෙනස අවබෝධ කර ගත යුතුම වෙනවා)

- ඌණපූර්ණය කළ ලක්ෂ්මන් තිලකරත්න මහතාට මාගේ ගෞරවණීය ස්තුතිය -

මෙම ක්‍රියාකාරකම කරන ආකාරය වීඩියෝවෙන් නැරඹීම සදහා පහත සැබැදියට ක්ලික් කරන්න.

ප.ලි.
මෙම මෘදුකාංගය හදුන්වාදෙමින් මෙය භාවිතා කරන්නට අවශ්‍ය මග පෙන්වීම් සිදු කල හන්තාන සමූහයේ සියලු දෙනාම ගෞරවයෙන් සිහි කරමි.

හන්තාන ලිනක්ස්

Contact

5 comments:

thusithaltr said...

ඉතා වැදගත් සටහනක් සමන්. අධ්‍යාපන බලධාරීනුත් මේ පිළිබඳව අවධානය යොමු කරනවා නම් කොතරම් වැදගත්ද? පාසල් පද්ධතිය තුළ වියදම් අවම කර ගන්නට මෙය භාවිත කළ හැකියි.

ලක්ෂ්මන් තිලකරත්න said...

Gambas හි තවත් විශේෂත්වයක් තමයි පෙරනිමියෙන්ම සිංහල සදහා සහය දැක්වීම. විෂුවල් බේසික් වල මේ සදහා ආයාසයක් ගත යුතු වෙනවා

11 වන ශ්‍රේණියේ විෂය නිර්දේශයේ පළමු පාඩම හි පරිගණක ක්‍රමලේඛනය සම්පූර්ණයෙන්ම Gambas ආධාරයෙන් අප පාසැලේදී ඉගැන්වීම සිදු කරන බව සදහන් කරන්නේ සතුටින්.

saman's blog said...

ස්තුතියි ඔබ දෙදෙනාටම

VITSKV said...

මේවගේ පෝස්ට් හොයාගන්ඩත් අමාරුයි. නියමයි.. මෙච්චර Open source තියෙද්දි තවමත් vb: හරිම අපරාධයක්.

Dinuth said...

ඇත්තටම gambas කියන්නේ ගොඩක් පහසු,හොඳ basic programming language එකක් ,vb6 o/l ict තුලට අන්තර්ගත කර තැබීම අනුවණ ක්‍රියාවක්ද මන්දා ,කෙනෙක් vb වලින් programming වලට් මුලින් පැමිණිය හොත් එයින් මිදී වෙනත් උසස් programming language එකට යන්න අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන් ,vb6 programming හැකියාව මොට කරන්නක් බවටද හැඟේ .ස්තුතියි . ජය වේවා දිගටම ලියන්න සර් !