සංඛ්‍යා පාද (Number System) හඳුනාගනිමු

ගණිතයේ ඉතිහාසය
ඊ-ත්කසලාව වෙබ් අඩවිය වෙත යොමු වෙමු.
මේ පිළිබඳව තවත් වැඩි විස්තර අවශ්‍ය නම් විකිපීඩියා වෙත යොමු වන්න.

10 ශ්‍රේණිය ගණිතයෙ පොතේ සංඛ්‍යා පාද පාඩම
schoolnet වෙත යොමු වෙමු

10 ශ්‍රේණිය සංඛ්‍යා පාද පාඩම වෙනුවෙන් Learn TV ආයතනය සකස් කළ වීඩියෝ කීපයක්,
පළමු වීඩියෝව වෙත යොමු වෙමු
දෙවන වීඩියෝව වෙත යොමු වෙමු
තෙවන වීඩියෝව වෙත යොමු වෙමු

තොරතුරු තාක්ෂණ විෂයේ දී ඇයි අපි සංඛ්‍යාපාද ඉගෙන ගන්නේ

අප හුරු වී සිටිනුයේ දහයේ පාදයේ සංඛ්‍යා වලින් ගණුදෙනු කිරීමටය. එහිදී 0,1,2,3,4,5,6,7,8,9 යන සංඛ්‍යා මූලික වශයෙන් භාවිතා වේ. මෙම සංඛ්‍යා විවිධ ස්ථාන වලදී භාවිතය මඟින් සංඛ්‍යා නිරූපණය කිරීම සිදු වේ.

නමුත් පරිගණකය තුළ භාවිතා වන්නේ ද්වීමය සංඛ්‍යා පාදයයි. (Binary) මෙහිදී 0, 1 යන සංඛ්‍යා දෙක පමණක් භාවිතා වීම සිදුවේ. පරිගණකය මූලික වශයෙන් Digital Equipment එකකි. එබැවින්, එය සමඟ ද්වීමය සංඛ්‍යා පද්ධතිය සමපාත කිරීම පහසුය. සාපේක්‍ෂව ඉහල වෝල්ටීයතාවක් ද්වීමය 1 අගය නිරූපණය කිරීමට ද, ඊට සාපේක්‍ෂව අඩු වෝල්ටීයතාවක් ද්විමය 0 අගය නිරූපණය කිරීමට භාවිතා වෙ. සැබවින්ම පරිගණකයේ සියලූ කටයුතු සිදුවන්නේ මෙම විභව වෙනස්කම මූලික කරගනිමිනි.

පරිගණය කුළ පමණක් නොව පරිගණක අතර දත්ත හුවමාරුව සිදුවීමේදී ද මෙම විභව වෙනස ග‍්‍රහණය කර ගැනීමෙන් ඒ තුලින් සිදුවන දත්ත හුවමාරුව විශ්ලේශනය කර ලබා ගැනීමක් සිදුවේ. ද්විමය සංඛ්‍යාවල අංක 2 ක් වැනි අඩු අගයක් භාවිතා වීම පරිගණකයේ කටයුතු තවදුරටත් වේගවත් කරගැනීමට ඉවහල් වී තිබේ.

සාමාන්‍ය පෙළදී හා උසස් පෙළ දී අපි,

 සංඛ්‍යා පද්ධති 4 ක් ගැන ඉගෙන ගන්න තියෙනවා. එනම්,
  • Decimal Number System (දශමය/දහයේ පාදයේ සංඛ්‍යා පද්ධතිය)
  • Binary Number System (ද්විමය/දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතිය)
  • Octal Number System (අෂ්ටමය/අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය)
  • Hexa-Decimal Number System (දහසයේ පාදයේ සංඛ්‍යා පද්ධතිය)

Decimal Number System


අපි එදිනෙදා පාවිච්චි කරන්නෙ මේ දශමය, එහෙමත් නැත්නම් දහයේ පාදයේ සංඛ්‍යා පද්ධතිය. 
  • දශමය සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා පාදය වෙන්නෙ 10. සාමාන්‍යයෙන් සංඛ්‍යාවක පාදය ඒ සංඛ්‍යාව යටින් ලියන්න ඕනා. ඒත් භාවිතයේ පහසුවට දශමය සංඛ්‍යා පද්ධතියෙදි ඒක යටින් ලියන්නෙ නෑ. 
  • දශමය සංඛ්‍යා පද්ධතියට ඉලක්කම් 10 ක් තියෙනවා. (0,1,2,3,4,5,6,7,8,9) 
  • සංඛ්‍යා පද්ධතියේ තනි ඉලක්කමකින් කියන්න පුළුවන් උපරිම අගය 9. 
  • සංඛ්‍යාවක් ප්‍රකාශ කරන්නෙ දහයේ බල වලින්.

Binary Number System


පරිගණක හැමදේම කරන්නෙ මේ ද්විමය සංඛ්‍යා පද්ධතිය ආධාරයෙන්. පරිගණක දන්නෙ මේ ද්විමය සංඛ්‍යා පද්ධතිය විතරයි.
  • ද්විමය සංඛ්‍යා පද්ධතියේ පාදය වෙන්නෙ 2. ඒක අනිවාර්යයෙන් ද්විමය සංඛ්‍යාවක් ලියද්දි යටින් ලියන්න ඕන. 
  • ද්විමය සංඛ්‍යා පද්ධතියට තියෙන්නෙ ඉලක්කම් 2 යි. (0,1) 
  • සංඛ්‍යා පද්ධතියේ තනි ඉලක්කමකින් කියන්න පුළුවන් උපරිම අගය 1
  • සංඛ්‍යාවක් ප්‍රකාශ කරන්නෙ දෙකේ බල වලින්. 

Octal Number System 


මේ අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය.
  • මේ සංඛ්‍යා පද්ධතියේ පාදය 8. ඒක අනිවාර්යයෙන් අෂ්ටමය සංඛ්‍යාවක් ලියද්දි යටින් ලියන්න ඕන. උඩ දාල තියෙන උදාහරණය බලන්න.
  • දශමය සංඛ්‍යා පද්ධතියට ඉලක්කම් 8 ක් තියෙනවා. (0,1,2,3,4,5,6,7)
  • සංඛ්‍යා පද්ධතියේ තනි ඉලක්කමකින් කියන්න පුළුවන් උපරිම අගය 7. 
  • සංඛ්‍යාවක් ප්‍රකාශ කරන්නෙ අටේ බල වලින්.  

Hexa-Decimal Number System


මේ සංඛ්‍යා පද්ධතිය කලින් කියපු 3 ටම වඩා වෙනස්. පරිගණක ග්‍රැෆික් නිර්මාණ තාක්ෂණයෙදි වර්ණ හඳුන්වන්න මේ සංඛ්‍යා පද්ධතිය පාවිච්චි කරනවා. මේ දහසයේ පාදයේ සංඛ්‍යා පද්ධතියෙදි ඉලක්කම් 10ට වඩා තියෙන නිසා අගයන් ලියද්දි ඉංග්‍රීසි අකුරුත් පාවිච්චි කරනවා.
  • මේ සංඛ්‍යා පද්ධතියේ පාදය 16. ඒක අනිවාර්යයෙන් දහසයේ පාදයේ සංඛ්‍යාවක් ලියද්දි යටින් ලියන්න ඕන. 
  • දහසයේ පාදයේ සංඛ්‍යා පද්ධතියට ඉලක්කම් 15 ක් තියෙනවා. (0,1,2,3,4,5,6,7,8,9,A,B,C,D,E,F)ඉංග්‍රීසි අකුරු වලින් කියවෙන ඉලක්කම් පහළ තියෙන අගයන් වලට සමාන වෙනවා.
  • A = 10 
  • B = 11 
  • C = 12 
  • D = 13 
  • E = 14 
  • F = 15
  • සංඛ්‍යා පද්ධතියේ තනි ඉලක්කමකින් කියන්න පුළුවන් උපරිම අගය F (15).
  • සංඛ්‍යාවක් ප්‍රකාශ කරන්නෙ දහසයේ බල වලින්. 
කලින් කියපු විදිහට පරිගණකය තේරුම් ගන්නෙ ද්විමය සංඛ්‍යා පද්ධතිය විතරයි. විශාල සංඛ්‍යා ද්විමය ආකාරයෙන් කියද්දි ඒක ගොඩක් දිග එකක් වෙනවා. (457 = 1001011112) ඉතින් හඳුනා ගැනීමේ පහසුවට ඒ දිග අඩු කරලා දක්වන්න අනෙක් සංඛ්‍යා පද්ධති පරිගණක ලෝකයේ පාවිච්චි වෙනවා.



අන්තර්ජාලය ඇසුරින් සකස් කරල ලද ලිපියකි.