සාමාන්‍ය පෙළින් පසුව පරිගණක ක්ෂේත්‍රයට යොමු විය හැකි මාර්ගයක් පිළිබඳව


sliit-courses

ස්ලිට් - තොරතුරු තාක්ෂණ හා මෘදුකාංග ඉංජිනේරු උපාධි සඳහා මංපෙත් විවිර කරයි


අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් පෙනී සිටි සිසු දරුදැරියන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ හා මෘදුකාංග ඉංජිනේරු යන ක්ෂේත‍්‍ර වලට අදාළව පිළිගත් විදෙස් විශ්ව විද්‍යාල මගින් පිරිනමනු ලබන උපාධියක් හිමිකර ගැනීමේ මාර්ගය විවර කර ගැනීම සදහා Foundation Certificate in IT පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව SLIIT ආයතනය වෙතින් හිමිකර දී තිබේ.
බි‍්‍රතාන්‍යයේ Curtin විශ්ව විද්‍යාලය සහ ඕස්ටේ‍්‍රලියාවේ Sheffield Hallam විශ්ව විද්‍යාලය සමග එක්ව SLIIT ආයතනය මෙම පදනම් පාඨමාලාව හදුන්වා දී ඇත.

තොරතුරු තාක්ෂණ, ව්‍යාපාර අධ්‍යයන හා ඉංජිනේරු යන ක්ෂේත‍්‍ර වලට අදාළව ලොව පිළිගත් උපාධි පිරිනමනු ලබන ප‍්‍රමුඛතම ආයතනයක් ලෙසින් නම් දරා සිටින SLIIT ආයතනය විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව කි‍්‍රයාත්මක වන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමයේ සාමාජිකත්වය ද දරනු ලබයි.

වසරක SLIIT - Foundation Certificate in IT පාඨමාලාව අවසන් කල පසු Curtin විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ( IT ) සහ මෘදුකාංග ( Software Engineering ) යන ක්ෂේත‍්‍ර වලට අදාලව උපාධිය හැදෑරිය හැකිය.

‘‘ SLIIT ආයතනය ලොව ප‍්‍රමුඛ පෙළ විශ්ව විද්‍යාල සමග සහයෝගිතාවයන්ට එළැඹෙමින් සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන අවස්ථා උදාකර ගැනීම සදහා අංශ රැසක් ඔස්සේ මංපෙත් විවර කර දී තිබේ.
තොරතුරු තාක්ෂණ ( IT ) ක්ෂේත‍්‍රයේ ලොව පිළිගත් විදෙස් උපාධියක් වෙනුවෙන් මාර්ගය විවර කරමින් හදුන්වා දී ඇති පදනම් පාඨමාලාව එහි එක් අවස්ථාවකි.
පාඨමාලාව ආරම්භය පෙබරවාරි මස 17වැනිදා සිදුකිරීමට නියමිතයි.’’ යනුවෙන් SLIIT ආයතනයේ සභාපති මහාචාර්ය එස්. කරුණාරත්න මහතා පැවසීය.

Curtin විශ්ව විද්‍යාලය ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණ ක්ෂේත‍්‍රයට අදාළ ඔස්ටේ‍්‍රලියාවේ අංක එකේ විශ්ව විද්‍යාලය ලෙසින් ප‍්‍රචලිතව පවතින අතර බටහිර ඔස්ටේ‍්‍රලියාවේ කි‍්‍රයාත්මක කීර්තිමත් විශ්ව විද්‍යාලයකි.
පළමු පෙළ සම්පත් දායකත්වයක්, විශිෂ්ට කාර්ය මණ්ඩලයක් හා උසස් තාක්ෂණය සමගින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පුරෝගාමියකු ලෙස ඔස්ටේ‍්‍රලියාව තුළ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද උපාධිධාරීන් හා රැකියා අවස්ථා සලසා දීමට Curtin සමත්ව සිටියි.
SLIIT - Foundation Certificate in IT පාඨමාලාව හැදෑරීම සදහා අවම වශයෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා ගණිතය හා ඉංගි‍්‍රසි යන විෂයන් සදහා සම්මාන සමාර්ථ ( credit - C ) සමගින් විෂයන් 6කින් එකවර සමත්ව සිටීම හෝ සාමාන්‍ය පෙළ (ලන්ඩන්) විභාගය සදහා පෙනී සිටිමින් ගණිතය ආශි‍්‍රත විෂයකට හා ඉංගි‍්‍රසි විෂය වෙනුවෙන් සම්මාන සාමාර්ථ ( credit - C ) සමගින් සමත්ව වීම අවම සුදුසුකම් ලෙස සැලකේ.
එම සිසුන් ඊට අමතරව පාඨමාලාව සදහා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන කඩඉම් විභාගය ද සමත් විය යුතුය.
‘‘සාමාන්‍ය පෙළ විභාගය අවසන් කල සිසුන්ට ඔවුන්ගේ වෘත්තිමය මංපෙත් විවර කර ගැනීම වෙනුවෙන් කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වන Curtin විශ්ව විද්‍යාලය මගින් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමේ අවස්ථාව උදා වී තිබේ.
උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරාලීමට අපොහොසත් වූ සිසුසිසුවියන් වෙනුවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරීමේ වරම් ලබාදීමේ අරමුණින් මෙම පාඨමාලාව හදුන්වාදීමට අප කටයුතු කරනු ලැබුවා.’’ යන්න SLIIT ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා සදහන් කළේය.

‘‘මෙය සැබවින්ම යෞවන වයසේ දීම තොරතුරු තාක්ෂණ ( IT ) හා මෘදුකාංග ඉංජිනේරු (Software Engineering) යන ක්ෂේත‍්‍ර වලට අදාළව වැඩි ව්‍යාප්තියක් හා අත්දැකීමක් සහිත පිරිසක් බවට පත් වීමට ප‍්‍රයෝජනවත් වනු ඇත.’’ යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
අයදුම්පත් භාර ගැනීම ජනවාරි මස 30වැනිදායින් අවසන් වන අතර වැඩිදුර විස්තර 7544802 හා 2301904 යන දුරකථන අංක ඔස්සේ හෝ pdc@sliit.lk යන ඊමේල් ලිපිනය ඔස්සේ ලබා ගත හැකිය.
උපුටා ගැනීම

No comments: