Microsoft access 2013 ඉගෙන ගනිමු.

අන්තර්ජාලයෙන් හමුවුන මෙම වීඩියෝව Microsoft access 2013 පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පිටුවහලක් වන නිසා මෙසේ ඉදිරිපත් කරනවා.

බලන්න.


Microsoft Excel 2013 සිංහගෙන් ඉගෙන ගනිමු.

අන්තර්ජාලයෙන් හමු වුන මෙම වීඩියෝව සිංහල භාෂාවෙන් Microsoft Excel 2013 පිළිබඳව සරළව හැඳින්වීමක් කරන්නක්. එය ඔබටත් ප්‍රයෝජනවත් වේවි. බලන්න.


ලිනක්ස් හඳුනාගනිමු

ලිනකස් පිළිබඳව හඳුනාගැනීම සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝවක් පහත දැක්වෙනවා. එය ඔබට මෘදුකාංග පිලිබඳව අධ්‍යයනයේ දී පැහැදිලි වර්ගීකරණයක් පිළිබඳව ඉඟියක් ලබා දෙනවා.

බලන්න.

Google input tools භාවිතයෙන් සිංහල ටයිප් කරමු.

පරිගණකය භාවිතයේ දී  සිංහල යුතුරු පුවරුව බාවිත කරන්න අපහසු බොහෝ සෙනෙක් කරනුයේ සිංග්ලිෂ් විදියට ඉංග්‍රීසි අකුරෙන් ටයිප් කරන එකයි.

නමුත් Google input tools භාවිත කිරීමෙන් ඔබට ඒ විදියට ටයිප් කරන වචන නිවැරදි සිංහලට පරිවර්තනය කර ගැනීමට පුළුවන්.

මේ සඳහා විවිධ උපක්‍රම භාවිත කළ හැකි අතරම ඔන්ලයින් වගේම අපගේ පරිගණකයේ ස්ථාපනය කර භාවිතයට ගත හැකි මෙම මෘදුකාංගය ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.

පහත යොමුව මඟින් ඔබට Google input tools  වෙත යොමු විය හැකියි.

පහත වීඩියෝව මඟින් මෙම පහසුකම බාවිත කරන ආකාරය පිලිබඳව ඉඟියක් ලබා ගැනීමට හැකි වේවි.

පාසල් විෂයමාලාවේ පවතින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරනු ලබන සිසුන් සඳහා ජාතික වෘත්තීය නිපුණතා (NVQ) මට්ටම ගැලපීම

අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය හා එක් ව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරන ලද පාසල් සිසුන් සඳහා ඔවුන්ගේ සුදුසුකම් හා වෘත්තීය නිපුණතාව මත අදාළ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 2 හෝ 3 මට්ටම් ප්‍රදානය කිරිමට අඳාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ගරු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමන්ගේ හා ගරු යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, ගරු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා, අධ්‍යාපන, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ගරු අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මැතිතුමා, අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහතා, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.ආර්.දේශප්‍රිය මහතා, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා ඇතුලු අමාත්‍යාංශ දෙකෙහි නිලධාරින්ගේ සහ ඊට අනුබද්ධ අයතනයන්හි ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් 2012-12-18 දින යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

මේ අනුව තොරතුරු තාක්ෂණ විෂයය හදාරන ලද පාසල් සිසුන් සඳහා පහත පරිදි ජාතික වෘත්තීය නිපුණතා (NVQ) මට්ටම් ප්‍රදානය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබේ.

අ.පො.ස.(සා/පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය සමත් සියලු ම සිසුන් සඳහා NVQ 2 මට්ටම ලබා දෙන අතර මෙම සිසුන් ඇගයීමකට ලක් කර ඉන් විශේෂ දක්ෂතා පෙන්වන සිසුන් සඳහා NVQ 3 මට්ටම ලබාදීම.

අ.පො.ස.(උ/පෙළ) සාමාන්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය සමත් සියලුම සිසුන් සඳහා NVQ 2 මට්ටම ලබා දෙන අතර මෙම සිසුන් ඇගයීමකට ලක් කර ඉන් විශේෂ දක්ෂතා පෙන්වන සිසුන් සඳහා NVQ 3 මට්ටම ලබාදීම.

අ.පො.ස. (උ/පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය සමත් සියලුම සිසුන්ට NVQ 3 මට්ටම ලබාදෙන අතර මෙම සිසුන් ඇගයීමට ලක්කර එයින් විශේෂ දක්ෂතා පෙන්වන සිසුන් සඳහා NVQ 4 මට්ටම ලබාදීම.

ආරම්භයේ දී NVQ පාඨමාලා ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික්කයකට එක බැගින් පාසල් හෝ කලාප හෝ පළාත් හෝ පරිගණක විද්‍යාගාර යොදා ගැනීමට නියමිතය.

පාසල් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන – NVQ 2 මට්ටම සඳහා පාඨමාලා ක්‍රියාත්මක කිරිම

කලාප තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන – NVQ 3 මට්ටම සඳහා පාඨමාලා ක්‍රියාත්මක කිරිම

පළාත් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන – NVQ 4 මට්ටම සඳහා පාඨමාලා ක්‍රියාත්මක කිරිම

උපුටා ගැනීම
Jagath Nilantha facebook පිටුවේ කර තිබූ සටහනක්

අන්තර්ජාල භාවිතයේ දී සිංහල භාවිත කරමු.

අන්තර්ජාලයේ ඇති සිංහල අකුරු වලින් ලියු බ්ලොග් සටහන්, වෙබ් අඩවි මෙන්ම  facebook සටහන්  ඔබට කිසි ප්‍රශ්නයක් නැතිව කියවීමට හැකි ලෙස දියුණු වී තිබේ.

මෙය යුනිකේත භාවිතය නිසා ඇති වූ තත්ත්වයකි.
මෙම ලිපියේ දී යුනිකේත ඔබගේ පරිගණකයේ යුනිකේ ස්ථාපනය කර ගන්නේ කෙසේදැයි අපි බලමු.

මේ සඳහා ආකාර දෙකක් භාවිත කරන්න පුළුවන්.
  • ඉන් පළමු වැන්න තමයි Sinhala Tamil IME එක අන්තර්ජාලයෙන් භාගත කරගෙන ස්ථාපනය කර ගැනීම. 
  • මෙය කර ගන්නා ආකාරය මගේ පෙර ලිපියකදී සවිස්තරව දක්වා තියෙනවා. එම ලිපිය බැලීමට මෙතන ක්ලික් කරන්න.
  • වැඩි දුරටත් උදව් සඳහා පහත වීඩියෝව බලන්න.


රූපයක ඇති අකුරු පරිගණකයේ දී වෙනස් කළ හැකි අකුරු බවට පත් කරමු. (OCR)

Optical Character Recognition (OCR) විදියට හඳුන්වන මෙම ක්‍රමය නොමිලයේම ගුගල් ඩ්‍රයිව් භාවිතයෙන්

අපට ලබා ගැනීමට පුළුවන්. 

PDF විදියට හරි JPG හෝ GIF විදියට තියෙන රූපයක ඇති අකුරු මේ ක්‍රමය මඟින් ඉතා පහසුවෙන් සකස් කර ගැනීමට පුළුවන්.

පහත වීඩියෝව එය කර ගන්නා ආකාරය පැහැදිලි කරනවා.

වින්ඩෝස් 7 වලදී අලුතින් පාටිෂන් එකක් සකස් කර ගනිමු.

වින්ඩෝස් 7 වලදී ඉතා පහසුවෙන් අලුතින් පාටිෂන් සකස් කර ගැනීමට හැකියාව තියෙනවා. පහත වීඩියෝවෙන් එය සිදු කර ගන්නා ආකාරය ඉතා සරළව පැහැදිලි කෙරෙනවා.

GIT විභාගයේ ප්‍රතිඵල බලමු


GIT විභාගයේ ප්‍රතිඵල ඔන්ලයින් බලාගන්න පහත දිගුවෙන් යොමු වන්න.
http://www.results.exams.gov.lk/viewresultsforexam.htm

උසස් පෙළ ICT හදාරන සිසුන් සඳහා පයිතන් වැඩමුළුව



උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරණ සිසුන් වෙනුවෙන් පැවැත්වෙන මෙම වැඩසටහන

පෙබරවාරී මස 27 වන බ්‍රහස්පතින්දා (මහා හිවරාත්‍රී නිවාඩු දින)

 පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා

කටුගස්තොට ‘සිටිසන්‘ අධ්‍යාපන ආයතනයේ දී (ශාන්ත අන්තෝනි බාලිකාව අසළ) පැවැත් වේ.

තවමත් ඔබ ලියාපදිංචි වී නැත්තම් පෙබරවාරී මස 20 වන දිනට පෙර ලියාපදිංචි වන්න.
ලියපදිංචි වීමට ඉහත රූපය මත ක්ලික් කරන්න.