වදන් සැකසුම් මෘදුකාංග භාවිතයෙන් සමාන වචන සෙවීම (using thesaurus)

වදන් සැකසුම් මෘදුකාංගයක යතුරු ලියනය කරන ලද ජේදයක ඇති වචනයක් සඳහා සමාන වචන සෙවීමේ පහසුකම thesaurus ලෙස හඳුන්වනවා.

මෙම පහසුකම් මයික්‍රොසොෆ්ට් වර්ඩ් වලදී සහ ලිබ්රේ ඔෆීස් කැල්ක් වලදී භාවත කරන අයුරු මෙම ලිපියේ දී විමසා බලමු.

මයික්‍රොසොෆ්ට් වර්ඩ්

ඡේදයක ඇති සමාන පදයක් සෙවිය යුතු වචනය තෝරාගන්න.


අනතුරුව Shift Key + F7 Press කරන්න. එවිට පහත රූපයේ දැක්වෙන පරිදි වින්ඩෝවේ දකුණු කෙළවර සමාන වචන ලයිස්තුව ප්‍රදර්ශනය කෙරේ.


එයින් කැමති වචනයක් තෝරා ගත හැකියි.

ලිබ්රේ ඔෆීස් රයිටර්

  1. වචනය තෝරා ගන්න.
  2. Tools මෙනුවේ - Language හි ඇති Thesaurus විධානය හො  Ctrl+F7 තෝරා ගන්න.
  3. ලැබෙන ලයිස්තුවෙන් ගැලපෙන වචනය තෝරා ගන්න.
  4. අදාල වචනය මත දෙවරක් ක්ලක් කරන්න.

මේ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැක ගත හැකියි.





No comments: