2015 වඒෂයේ සිට 10 ශ්‍රේණිය සඳහා නියමිත සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව විෂය මාලාව ජාතික අධ්‍යාපන ආයතනයේ අඩවියෙන් භාගත කර ගත හැකියි.
ඒ සඳහා යොමු වීමට මෙතනට ක්ලික් කරන්න.
පරිගණකයේ පරිණාමය පිළිබඳව සොයා බලමු
පරිගණකයේ පරිණාමය පිළිබඳව සොයා බැලීමට ප්‍රදර්ශකයට යොමු වීමට පහත යොමුවෙන් යන්න.
ප්‍රදර්ශකයට යොමු වන්න.

ප්‍රදර්ශකයට යොමු වන්න.
Kernel32 Dll Errors ගැටළුව විසඳා ගැනීමට උදව්වක්
මෙම ගැටළුව විසඳාගැනීමට ක්‍රම ගණනාවක් අන්තර්ජාලයේ පැහැදිලි කර තියෙනවා දැක ගන්න පුළුවන්. ඒ අතරින් වඩාත් පහසු ක්‍රමයක් තමයි මේ.
මෙහිදී මුලින්ම කුඩා මෘදුකාංගයක් තියෙනවා භාගත කර ගන්න. ඒක භාගත කරගෙන run කර ගැනීමෙන් මෙම ගැටළුව පහසුවෙන්ම විසඳා ගන්න පුළුවන්.
මේ පිළිබඳව ඔබේ අතිදැකීම් හෝ වෙනත් ක්‍රම භාවිත කර ඇත්නම් කමෙන්ට්ස් ලෙස ඉදිරිපත් කරන්න කාරුණික වන්න.
මෙහිදී මුලින්ම කුඩා මෘදුකාංගයක් තියෙනවා භාගත කර ගන්න. ඒක භාගත කරගෙන run කර ගැනීමෙන් මෙම ගැටළුව පහසුවෙන්ම විසඳා ගන්න පුළුවන්.
- එම මෘදුකාංගය භාගත කර ගන්න මෙම යොමුවට යන්න. http://www.lionsea.com/download/fixer...
- එම මෘදුකාංගය පිළිබඳ විස්තර දැන ගැනීමට සහ භාවිත කරන ආකාරය බලා ගැනීමට ඔවුන්ගේ ප්‍රධාන අඩවයට යොමු වීමට මෙම යොමුව භාවිත කරන්න. http://www.lionsea.com/product_kernel...
පහත වීඩියෝව මෙම ගැටළුව විඳාගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරයි. වැඩි දුර උදව් අවශ්‍ය නම් එය නරඹන්න.
මේ පිළිබඳව ඔබේ අතිදැකීම් හෝ වෙනත් ක්‍රම භාවිත කර ඇත්නම් කමෙන්ට්ස් ලෙස ඉදිරිපත් කරන්න කාරුණික වන්න.
වදන් සැකසුම් මෘදුකාංග භාවිතයෙන් සමාන වචන සෙවීම (using thesaurus)
වදන් සැකසුම් මෘදුකාංගයක යතුරු ලියනය කරන ලද ජේදයක ඇති වචනයක් සඳහා සමාන වචන සෙවීමේ පහසුකම thesaurus ලෙස හඳුන්වනවා.
මෙම පහසුකම් මයික්‍රොසොෆ්ට් වර්ඩ් වලදී සහ ලිබ්රේ ඔෆීස් කැල්ක් වලදී භාවත කරන අයුරු මෙම ලිපියේ දී විමසා බලමු.
මෙම පහසුකම් මයික්‍රොසොෆ්ට් වර්ඩ් වලදී සහ ලිබ්රේ ඔෆීස් කැල්ක් වලදී භාවත කරන අයුරු මෙම ලිපියේ දී විමසා බලමු.
මයික්‍රොසොෆ්ට් වර්ඩ්
ඡේදයක ඇති සමාන පදයක් සෙවිය යුතු වචනය තෝරාගන්න.
අනතුරුව Shift Key + F7 Press කරන්න. එවිට පහත රූපයේ දැක්වෙන පරිදි වින්ඩෝවේ දකුණු කෙළවර සමාන වචන ලයිස්තුව ප්‍රදර්ශනය කෙරේ.
එයින් කැමති වචනයක් තෝරා ගත හැකියි.
ලිබ්රේ ඔෆීස් රයිටර්
- වචනය තෝරා ගන්න.
- Tools මෙනුවේ - Language හි ඇති Thesaurus විධානය හො Ctrl+F7 තෝරා ගන්න.
- ලැබෙන ලයිස්තුවෙන් ගැලපෙන වචනය තෝරා ගන්න.
- අදාල වචනය මත දෙවරක් ක්ලක් කරන්න.
මේ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැක ගත හැකියි.
Excel Sheet කීපයකට ඒකුවර rows ගණනාවක් එකතු කර ගැනීම.
Sheet ගණනාවක් සඳහා එක්වර rows එකතු කරන ආකාරය පිළිබඳව අද අපි කතා කරමු. මේ සඳහා,

- වෙනස් කිරීම සිදු කර ගැනීමට අවශ්‍ය Sheet සියල්ල Select කර ගන්න. Sheet කීපයක් එක්වර Select කර ගැනීමට යතුරු පුවරුවේ ctrl යතුර ඔබා ගනිමින් Sheet Tab වල ක්ලික් කර ගන්න.
- දෙවනුව right click කර insert විධානය භාවිත කර entire row එකක් ආතුලත් කරන්න.
එසේ ඇතුලත් කළ row එක ඔබ තේරු සියලුම Sheet එක් වී ඇති අයුරු දැක ගත හැකියි.
අථත්‍ය මතකය (Virtual Memory)
මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වීම සඳහා පරිගණකය භාවිත කරන්නා වු දෘඩාංගය මතකය වශයෙන් හැඳින්විය හැකියි. මෙය තවදුරටත් ප්‍රාථමික මතකය නැතිනම් රැම් (RAM) ලෙසද හැඳින් වේ. මතකයන් විවිධ පරිමාණයෙන් පවතී. 256MB, 512MB, 1GB, 4GB හෝ 8GB වශයෙන්.
පරිගණකයේ ඇති මතකය සීමාසහිත වීමත් වැඩසටහන් විශාල සංඛ්‍යාවක් පරිගණකයේ භාවිත වීමත් යන සංකල්ප දෙකකම එක්වර ක්‍රියාත්මක වීමට යාමේ දී මෙම ‘අථත්‍ය මතකය‘ නැමති සංකල්පය බිහි වීම සිදු වේ.
මෙහිදී මතකයේ ඇති දත්ත දෘඩ තැටියේ කිසියම් ස්ථානයක ස්ථානගත කෙරේ. මෙමඟින් මතකය තුළ තිබිය යුතු දත්ත ප්‍රමාණය වැඩි කර ගත හැකියි. මෙය අථත්‍ය මතකය වශයෙන් හැඳින් වේ.
නමුත් මතකයේ ඇති දත්ත තරම් වේගයකින් සකසන ක්‍රියාවන් සඳා දෘඩතැටියේ ඇති දත්ත ලබා ගැනීමට හැකියාවක් නැ. දෘඩ තැටියේ ඇති කොටසේ පවත්නා දත්ත අවශ්‍ය වූ විටදී එම දත්ත මතකය වෙත ලබා ගෙන භාවිතා කළ යුතුයි.
කෙසේ නමුත් මෙම අථත්‍ය මතකය සංකල්පය මඟින් පරිගණකයේ ඇති මතකයේ ප්‍රමාණයට බෙහෙවින් වැඩි දත්ත ප්‍රමාණයක් භාවිතය සඳහා අවකාශ සකසා දෙනු ලබනවා.
මෙම සංකල්පය වර්තමානය වන විට පරිගණකය තුළ විවිධ භාවිතයන් සඳහා යොමු වී ඇති අයුරු දැක ගන්න පුළුවන්.
සර්වර් (server)
නිර්වචනය :
පරිගණක ජාලයක් මධ්‍යගතව පාලනය කරන පරිගණකයක් හෝ පරිගණක මෘදුකාංගයක් ‘සර්වර්‘ වහෙන් හඳුන්වා දීමට පුළුවන්.එ අනුව,
- සර්වර් පරිගණක
- සර්වර් මෘදුකාංග පිළිබඳව අපි මීළගට සාකච්ඡා කරමු.
සර්වර් පරිගණක,
පරිගණක ජාලයක් සඳහා සේවා සැපයීම වෙනුවෙන් සකස් කරන සුවිශේෂ හැකියාවන්ගෙන් යුත් පරිගණකයක් සර්වර් පරිගණකය ලෙස හඳුන්වාදීමට පුළුවන්.
මෙම පරිගණකයේ සකසනයේ වේගය, මතකධාරීතාව මෙන්ම ගබඩා කිරීමේ ධාරිතාවය ඉතා ඉහළ මට්ටමකින් පවතී.
ජාලයතුල මධ්‍යගතව පාලනය වීම සිදුවන්නේ මෙමඟිනි. ඒ නිසාම ජාලයේ ඇති අනිකුත් පරිගණක සේවාදායක (Clients) පරිගණක වන අතර මෙම පරිගණක සඳහා අවශ්‍යය හැකියාවන් / අවසරයන් ලබා දෙනු ලබන්නේ සර්වර් පරිගණකයෙනි.
මේ නිසාම නිරන්තරයෙන් සක්‍රීයව පවත්වාගෙන යන සර්වර් සඳහා උපස්ථ (Back up) භාවිතය ද අතිශයින් වැදගත්. සාමාන්‍යයෙන් සර්වර් එකක් සඳහා විශේෂ වූ දෘඩංග එකතුවක් භාවිතා කෙරේ. එනම් ප්‍රොසෙසර් කීපයක්, විශාල රැම් ධාරිතාවයක්, විශේෂ දෘඪ තැටි වර්ග, ජාල කෙවෙනි කීපයක්, Power supply දෙකක් ආදී වශයෙන් ආයතනයේ අවශ්‍යතාවය යෙදවිය හැකි මුදල් ප්‍රමාණයන් අනුව ශක්තීන් වැඩි දියුණු කෙරේ.
ප්‍රකට සර්වර් පරිගණක නිෂ්පාදන ආයතන ලෙස SUN, FUJITSU, IBM, DELL හා HP දැක්විය හැකි අතර ඔවුන්ගේ නිෂ්පාදන මූලික ආකාර 3ක් පවතී. එනම්,
- Tower Servers
- Rack Servers
- Blade Servers වශයෙනි.
සර්වර්ස් වලින් ලබා ගන්නා ප්‍රයෝජනය අනුව ද සර්වර් පරිගණකය හැඳින්වීමේ නාමයෙහි වෙනස් වීමක් සිදු වෙනවා. පහත දැක්වෙන්නේ ඒ සඳහා නිදර්ශන කීපයක්.
- File Server - පරිගණක ජාලයේ ඇති අනිකුත් පරිගණක භාවිත කරන්නන්ගේ ගොන රඳවා තබා ගැනීමට.
- Mail Server- විද්‍යුත් තැපෑල භාවිතයට අවශ්‍ය පහසුකම් සැපයීමට.
- Web Server- වෙබ් අඩවි ස්ථාපනය කර එමඟින් අන් අයට එය වෙත යොමු වීමට අවස්ථාව ලබා දීම.
ආදී වශයෙන් පරිගණක ජාල භාවිතය සඳහා නිර්මාණය කර ඇති සුවිශේෂී අංගයකි. එසේම මෙම සර්වර් පරිගණක භාවිතයේ දී වැදගත් වන තවත් සුවිශේෂී අංගයකි. එනම්,
සර්වර් මෘදුකාංග
සර්වර් පරිගණක මඟින් පරිගණක ජාලයක් තුල ඇති විවිධ කාර්යයන් කර ගැනීමේ දී එහි භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය ‘සර්වර් මෘදුකාංග‘ ලෙස හඳුන්වනු ලබනවා.
එකම සර්වර් පරිගණකයක් තුල විවිධ කාර්යයන් කිරීමට පවා යොමු විය හැකි සර්වර් මෘදුකාංග අද පවතින අතර මෙම මෘදුකාංග ද ප්‍රභේද තුනක් යටතේ හඳුනා ගත හැකියි. එනම්,
- ලිනක්ස් සර්වර් මෘදුකාංග (Ubuntu Server)
- වින්ඩෝස් සර්වර් මෘදුකාංග (Windows Server)
- අනිකුත් සර්වර් මෘදුකාංග (Apple Mac Os X Server)
Subscribe to:
Comments (Atom)