CT හා MRI Scanner අතර වෙනස - දිල්හාන් පාදෙණිය


CT (CAT) යනු Computed (Axial) Tomography වන අතර MRI යනු Magnetic Resonance Imaging වේ.
CT Scanner සාමාන්‍යෙයන් භාවිත කරන්නේ අස්ථිවල, පෙනහලුවල, පපුව ආශ්‍රිතව පරීක්ෂණ කිරීම සදහා අවශ්‍ය පින්තූර ලබා ගැනීමටයි. නමුත් MRI scanner සාමාන්‍යෙයන් භාවිත කරන්නේ අස්ථි සන්ධිවල ඇතිවන හානි, ස්නායු වල ඇතිවන හානි හා මොලයේ ඇතිවන වායුගෙඩි වැනි ඉතා සියුම්ව ඡායාරූප ලබාගත යුතු පරීක්ෂණ සදහාය.


CT Scaner

CT Scan එකකදී විශාල ලෙස විකිරණ පිට කිරීමක් සිදුවන නිසා මෙය ශරීරයට ඉතා සියුම් බලපෑමක් ඇත. නමුත් MRI Scan එකකදී එසේ විකිරණ පිටවීමක් සිදු නොවේ. මේ නිසා ශරීරයට එතරම් බලපෑමක් නැත.
CT Scan එකක් කිරීමට සාමාන්‍යෙයන් විනාඩි 5 ක් වැනි කාලයක් ගතවුනද MRI Scan එකක් කිරීමට සාමාන්‍යෙයන් විනාඩි 30 ක් පමණ ගතවේ.

CT Scan එකකදී ගෙවන ගාස්තුව MRI Scan එකකදී ගෙවන ගාස්තුවට වඩා අඩුය.

 
MRI Scaner

මෙම ලිපිය දිල්හාන් පාදෙණිය විසින් සකස් කරනු ලැබූවකි.

Motherboard එකක capacitor එකක් මාරු කරමු - කාලිංග ඇතුලත්මුදලි

කැපැසිටර්ස් මාරු කර පැරණි පරිගණක වල ඇතිවන සිරවීම් වලක්වා ගැනීමට උත්සාහ ගනිමු.



පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ එය සිදු කර ගන්නා ආකාරයයි.



සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව විෂයමාලාව (10 ශ්‍රේණිය) 2015

2015 වඒෂයේ සිට 10 ශ්‍රේණිය සඳහා නියමිත සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නව විෂය මාලාව ජාතික අධ්‍යාපන ආයතනයේ අඩවියෙන් භාගත කර ගත හැකියි.

ඒ සඳහා යොමු වීමට මෙතනට ක්ලික් කරන්න.


පරිගණකයේ පරිණාමය පිළිබඳව සොයා බලමු

පරිගණකයේ පරිණාමය පිළිබඳව සොයා බැලීමට ප්‍රදර්ශකයට යොමු වීමට පහත යොමුවෙන් යන්න.
ප්‍රදර්ශකයට යොමු වන්න.



Kernel32 Dll Errors ගැටළුව විසඳා ගැනීමට උදව්වක්

මෙම ගැටළුව විසඳාගැනීමට ක්‍රම ගණනාවක් අන්තර්ජාලයේ පැහැදිලි කර තියෙනවා දැක ගන්න පුළුවන්. ඒ අතරින් වඩාත් පහසු ක්‍රමයක් තමයි මේ.

මෙහිදී මුලින්ම කුඩා මෘදුකාංගයක් තියෙනවා භාගත කර ගන්න. ඒක භාගත කරගෙන run කර ගැනීමෙන් මෙම ගැටළුව පහසුවෙන්ම විසඳා ගන්න පුළුවන්.
  • එම මෘදුකාංගය භාගත කර ගන්න මෙම යොමුවට යන්න. http://www.lionsea.com/download/fixer...
  • එම මෘදුකාංගය පිළිබඳ විස්තර දැන ගැනීමට සහ භාවිත කරන ආකාරය බලා ගැනීමට ඔවුන්ගේ ප්‍රධාන අඩවයට යොමු වීමට මෙම යොමුව භාවිත කරන්න. http://www.lionsea.com/product_kernel...
පහත වීඩියෝව මෙම ගැටළුව විඳාගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරයි. වැඩි දුර උදව් අවශ්‍ය නම් එය නරඹන්න.



මේ පිළිබඳව ඔබේ අතිදැකීම් හෝ වෙනත් ක්‍රම භාවිත කර ඇත්නම් කමෙන්ට්ස් ලෙස ඉදිරිපත් කරන්න කාරුණික වන්න.

වදන් සැකසුම් මෘදුකාංග භාවිතයෙන් සමාන වචන සෙවීම (using thesaurus)

වදන් සැකසුම් මෘදුකාංගයක යතුරු ලියනය කරන ලද ජේදයක ඇති වචනයක් සඳහා සමාන වචන සෙවීමේ පහසුකම thesaurus ලෙස හඳුන්වනවා.

මෙම පහසුකම් මයික්‍රොසොෆ්ට් වර්ඩ් වලදී සහ ලිබ්රේ ඔෆීස් කැල්ක් වලදී භාවත කරන අයුරු මෙම ලිපියේ දී විමසා බලමු.

මයික්‍රොසොෆ්ට් වර්ඩ්

ඡේදයක ඇති සමාන පදයක් සෙවිය යුතු වචනය තෝරාගන්න.


අනතුරුව Shift Key + F7 Press කරන්න. එවිට පහත රූපයේ දැක්වෙන පරිදි වින්ඩෝවේ දකුණු කෙළවර සමාන වචන ලයිස්තුව ප්‍රදර්ශනය කෙරේ.


එයින් කැමති වචනයක් තෝරා ගත හැකියි.

ලිබ්රේ ඔෆීස් රයිටර්

  1. වචනය තෝරා ගන්න.
  2. Tools මෙනුවේ - Language හි ඇති Thesaurus විධානය හො  Ctrl+F7 තෝරා ගන්න.
  3. ලැබෙන ලයිස්තුවෙන් ගැලපෙන වචනය තෝරා ගන්න.
  4. අදාල වචනය මත දෙවරක් ක්ලක් කරන්න.

මේ පිළිබඳ වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැක ගත හැකියි.





Excel Sheet කීපයකට ඒකුවර rows ගණනාවක් එකතු කර ගැනීම.

Sheet  ගණනාවක් සඳහා එක්වර rows එකතු කරන ආකාරය පිළිබඳව අද අපි කතා කරමු. මේ සඳහා,


  1. වෙනස් කිරීම සිදු කර ගැනීමට අවශ්‍ය Sheet සියල්ල Select කර ගන්න. Sheet කීපයක් එක්වර Select  කර ගැනීමට යතුරු පුවරුවේ ctrl යතුර ඔබා ගනිමින් Sheet Tab වල ක්ලික් කර ගන්න.

  2. දෙවනුව right click කර insert විධානය භාවිත කර entire row එකක් ආතුලත් කරන්න. 
එසේ ඇතුලත් කළ row එක ඔබ තේරු සියලුම Sheet  එක් වී ඇති අයුරු දැක ගත හැකියි.