SQL - (1) දත්ත සහ තොරතුරු


දත්ත සහ තොරතුරු ( Data vs. Information )

මෙම ලිපිය තුලදී ඔබට
  • නිදර්ශන ආශ්‍රයෙන් දත්ත හා තොරතුරු යනු කුමක්දැයි හදුනා ගැනීමට පුළුවන.
  • නිදර්ශන ඇසුරින් දත්ත තොරතුරක් වන ආකාරය විමසා බැලීමට පුළුවන .

හැදින්වීම 

විවිධාකාරයේ තොරතුරු එදිනෙදා ජීවිතයේදී අපි දැනුවත්ව හෝ නොදුනුවත්ව දත්ත සමුදායන් (databases) තුළ එක් රුස් කර තබා ගන්නවා. නිදසුන් ලෙස ගත්තොත් පාසල් තොරතුරු, දුරකථන තොරතුරු ආදිය පෙන්වා දීමට පුළුවන්.

මෙහිදි දත්ත සමුදායන් (database) තුල කුමක් ගබඩා (stored) කර තියෙනවාද, ඒයින් කුමක් ආපසු ලබා ගන්නවාදැයි (retrieved) දැන සිටීම වැදගත්.

ඔබ information- Data තාක්ෂණ අංශයට සම්බන්ධ අයෙක් නම් කොහොමද දත්ත model කරන ආකාරය හා ගබඩා කරන ආකාරය පිළිබදව හොඳින් දැන සිටීම වැදගත් වෙනවා. එසේ නොමැතිව ඔබ වෙනත් අංශයක වැඩ කරනවා නම් පරිගණකයේ ඇති දත්ත භාවිතා කරමින් වාර්තා සැකසීමේ හෝ තීන්දු තිරණ ගැනමේ කාර්යයේ නිරත විය හැක.

දත්ත හා තොරතුරු අතර ඇත්තේ අන්‍යෝනය සම්බන්දතාවයකි. නමුත් ඒවායේ තේරුම ගත් විට ප්‍රතිවිරුද්ධ අර්ථයක් ගනි.

දත්ත හා තොරතුරු යනු කුමක්දැයි හදුනාගනිමු.
  • දත්ත (Data) : අමු ද්‍රව්‍යයකි. ( Raw material) අපිළිවෙල මෙන්ම කිසිම අර්ථයක් නිරූපනය නොකරයි.
  • තොරතුරු (Information) : කිසියම් අර්ථවත් යමක් නිරූපනය කරන අතර මෙය ගොඩනැගීම සඳහා පාදක වී ඇත්තේ දත්තය. දත්ත පිළවෙලකට සැකසීමෙන් ( සංසන්දනය (comparing) කිරීමෙන්, ගණනය (performing calculations) කිරීමෙන් හෝ එකතු කිරීමෙන් (combining)) තොරතුරු සකසා ගැනීමට හැකි වේ.

දත්ත තොරතුරක් වන ආකාරය විමසා බලමු.
නිදසුන් 01 : -
  • පාසලක තොරතුරු වෙබ් අඩවියක ගබඩා කර ඇති අවස්ථාවක් විමසා බලමු. මෙහි පසුභිමෙහි දී සිදු වන්නේ දත්ත එක් රුස් කර තබා ගෙන විවිධ තොරතුරු ලබා දෙන දත්ත සමුදායකි.

නිදසුන් 02 : -
  • විභාගයක ලකුණු ලයිස්තුවක් වෙත අවධානය යොමු කරමු. එහිදී එක් එක් ළමයාගේ ලකුණු භාවිතයෙන් ලකුණු වල සාමාන්‍ය සොයා ගැනීමට හැකි වේ. එසේම මෙම එක් එක් සිසුවාගේ ලකුණු පදනම් කර ගනිමින් විවිධ ගණනය කිරීම් සිදු කර විවිධාකාරයේ තොරතුරු සකසා ගැනීමට හැකි වේ.

දත්ත සමුදායක් (Database) යනු
  • පරිගණකයක් තුල ගබඩා කර ඇති මධ්‍යගත (centralized) සහ ව්‍යුහාත්මක (structured) දත්ත වල එකතුවක්.
  • මෙමගින් අවශ්‍ය විටක දත්ත ලබා ගැනීමට (retrieving), එකතු කිරීමට (adding), වෙනස් කිරිමට (modifying) හා මකා දැමීමට (deleting) පුළුවන.
  • මෙමගින් ලබා දෙන දත්ත වැදගත් මෙන්ම ප්‍රයෝජනවත් තොරතුරු බවට පත්කර ලීමට හැකියාවක් පවති.
  • මෙම දත්ත සමුදාය කළමණාකරණය කරනු ලබන්නේ Database Administrator (DBA) මඟිනි.

නවීන දත්ත සමුදායන් තුළ ගොනු , රූප, වීඩියෝ, මෙන්ම ශබ්දද දත්ත ලෙස ගබඩා කර තබා ගැනිමට පුළුවන. මෙම දත්ත නැවත ලබා ගැනිමට ( queried or retrieved ) කටයුතු කළ විට ඉතාමත් ප්‍රයොජනවත් තොරතුරු ලබා ගැනීමට හැකියාවක් ලැබෙයි.



SQL (structured query language) ඉගෙන ගනිමු


SQL (structured query language) ඉගෙන ගනිමු

මෙම ලිපි පෙල මගින් Oracle Academy මගින් ලබා දෙන Database Design and Programming with SQL පාඨමාලාවට අනුව SQL භාවිත කරන ආකාරය විමසා බලමු.


මෙම පාඨමාලාව මූලිකව කොටස් දෙකකින් යුක්තයි.
මුල් කොටසේදි ,
  • Entity relationship modeling,
  • database design and development
  • normalization
දෙවන කොටසේ දි,
  • SQL (structured query language)
  • Accessing data with SQL
  • Data definition, manipulation and control languages
  • Transaction control
පිළිබඳවත් අධ්‍යයනය කරමු.

මේ පිළිබඳව උනන්දු වන ඔබට අධ්‍යයනය සඳහා අවශ්‍ය අමතර පහසුකම් සැපයීමටත් බලාපොරොත්තු වන අතර එම විස්තර ඉදිරියේ දි ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

ඔබගේ අදහස් උදහස් වගේම ලිපි පෙළ සැකසිම සඳහා ඔබගේ දායකත්වයත් ඉතාමත් ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා.

එහෙනම් හමු වෙමු ඉක්මනින්ම.


Photoshop CS5 (5) Text



Photosho CS 5 භාවිතා කරමින් අකුරු සඳහා විවිධ ප්‍රයෝග භාවිතයට ගන්නාආකාරය අපි මිට පෙරදී සාකච්ඡා කළා. අද එම සංවාදය තදුරටත් ඉදිරියට රැගෙන යමින් Create Warp Text භාවිතා කරන අන්ඳම විමසා බලමු.

ඒ සඳහා සවිස්තර විස්තරයක් පහත විඩියෝවේ ඇත බැවින් ඒමත ක්ලික් කර විඩියෝව නරඹා ගැටළු ඇත්නම් විමසන්න.


Gimp 2.8 (1) පළමු පියවර

Open, Crop, Type & Save as



අද අපි පළමු පාඩමේදී  Open, Crop Type & Save as විධානයන් භාවිතා කරන අන්ඳම සරළ උදාහරණයක් භාවිතයෙන් අත්හදා බලමු.


  • File > open > කර රූපයක් තෝරා ගන්න.
  • Tool Box එකෙන් crop tool එක තෝරාගෙන රූපයේ අදාල කොටස තෝරා ගන්න.
  • Tool Box එකෙන් Text tool එක තෝරාගෙන කැමති දෙයක් Type කර ගන්න.
  • Type කල වචනය තෝරාගෙන (Select) වර්ණය වෙනස් කර ගන්න.
  • ඒ සමගම Filters > Light & shadow > Drop Shadow > මත ක්ලික් කර සෙවනැල්ලක් යොදන්න
  • File > Save as > භාවිතා කර ගොනුව save කර ගන්න.
වැඩි විස්තර සඳහා වීඩියෝව නරඹන්න.





අවුරුද්දකට පස්සේ....මතක සටහනක් තබමි.

අදට වර්ෂයයි.
ලිපි 110යයි.
පැමිණිම්, පිටු පෙරලිම් 42946 යයි,

ඇවිත් ගියාට ස්තුතියි.