SOP & POS / Karnaugh Map

SOP & POS


Karnaugh Map


Karnaugh Maps POS Minimization Part 1


Karnaugh Maps POS Minimization Part 2


Karnaugh Maps SOP Minim Part 3


Karnaugh Maps SOP Minim Part 4

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන ඔබට වැදගත් වෙයි...

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂේ දී හමුවන මාතෘකා කීපයක් සම්බන්ධව අන්තර්ජාලේ දී හමුවුනු වීඩිෝ කීපයක්. බලන්න ඔබටත් වැදගත් ේවිද කියලා.

History of Internet (අන්තර්ජාලයේ ඉතිහාසය)



How does internet works (අනතර්ජාලයේ ක්‍රියාකාරීත්වය)



How does DNS Server Works (DNS සර්වර් එකක ක්‍රියාකාරීත්වය)



OSI Model



TCP/IP

1. ජූම්ලා ස්ථාපනයෙන් පසු (After installing Joomla 3)

දැන් අපි ජූම්ලා ස්ථාපනය කරගෙන ඉන්නේ. Site බොත්ම මත ක්ලික් කල විට පහත රූපයේ පරිදි අපගේ අඩවිය පහත රූපයේ පරිදි දැක ගන්නට ලැබේවි.


3. Xampp server එක බාවිත කරලා joomla 3 ස්ථාපනය කර ගමු.

Xampp server එක බාවිත කරලා joomla 3 ස්ථාපනය කර ගන්නා අකාරය මෙම ලිපියේ දී අපි විමසා බලමු.
මුලින්ම,

Python 3.3 Worksop (බුත්තල) Tutorial

ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කළ උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය උගන්වන ගුරුවරුන් සඳහා වූ පයිතන් භාෂාව පිළිබඳ තෙදින වැඩමුළුව ජුලි මස 17, 18 හා 19 දින වලදී බුත්තල තොරතුරු තාක්ෂණ සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

මේ එහි මතක සටහන් කීපයක්.






මෙම වැඩ මුළුවේදී සාකාච්ඡාවට බඳුන් කළ නිබන්ධනය පහත දැක්වේ.

Libre Office calc භාවිත කර Landscape ආකාරයට පැතුරුම් පතක් මුද්‍රනය කරගමු

ලිබ්රේ ඔෆිස් භාවිතා කරද්දී Calc කියලා කියන්නේ පැතුරුම්පත් මෘදුකාංගය. මෙම මෘදුකාංගය භාවිත කරලා හදගන්න පැතුරුම් පතක් landscape ආකාරයට පිටුවලට මුද්‍රනය කරන ආකාරය තමයි අද අපි විමසා බලන්න යන්නේ.


  • පහත රූපයෙන් පෙනෙන්නේ කැල්ක් මෘදුකාංගයේ ප්‍රධාන මුහුණතයි.
  • එම පැතුරුම්පත මත මම වගුවක් සකස් කර ගත් අතර එය පිටුවේ හරස් අතට ගැලපෙන ආකාරයට නිර්මාණය කර ගත්තා. පහත රූපයේ දැක්වෙන්නේ එම වගුවයි.
  • දැන් මුද්‍රනය කර ගැනීම සඳහා පිටුවේ දිශාව වෙනස් කිරීමට පහත රූපයේ පෙන්වන ආකාරයට Fomat මෙනුව දිගහැර එහි page විධානය මත ක්ලක් කරන්න.
  • එවිට පහත රූපයේ පෙනවන ආකාරයේ වින්ඩෝවක් ලැබෙන අතර වම් පැත්තේ ඊතලයෙන් පෙනවන ස්ථානයේ ඇති landscape බොත්තම මත ක්ලික් කල විට දකුණු පැත්තේ ඊතලයෙන් පෙන්වන preview එක පිටුව  landscape ආකාරයට වෙනස් වන අයුරු පෙන්නාවි. දැන් OK කර බොත්තම ඔබන්න.
  • මෙම වෙනස්වීම තහවුරු කර ගැනීම සඳහා File මෙනුවේ තියෙන Page Preview විධානය මත ක්ලක් කරන්න. එය කරන ආකාරය පහත රූපයේ පෙන්වා තිබේ.
  • මුද්‍රනයට යන පිටුව දැන් ඔබට දැක ගන්නට ලැබේවි. එය හරස් අතට landscape ආකාරයට වෙනස් වී තිබෙන අයුරුත් දැක ගන්නට පුළුවන්.

2. ජූම්ලා වලින් වෙබ් අඩවියක් හදන්න Data Base එක සකස් කර ගනිමු.

ජූම්ලා වලින් වෙබ් අඩවියක් හදන්න මුල්න්ම කළ යුතු කාර්ය වන්නේ Data Base එකක් සකස් කර ගැනීමයි. අපි මීට පෙර ලිපියේ දී කතා කල විදියට Server එකක් ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර ගෙන ඇති කියලා හිතනවා.


එහෙනම් මුලින් මෙම local Server එක Start කර ගනිමු. ඒ සඳහා,
Start -> all programs -> xampp -> control panel ->
Start services - 
       Apache - Start
       Mysql - Start

දැන් Browser එක භාවිත කරලා server එක වෙත යොමු වෙන්න ඕනි.

ඒ සඳහා Browser ඒකේ address bar  ඒකේ localhost කියලා ටයිප් කරලා Enter කරන්න.
එවිට xampp Server එකේ මුල් පිටුව දිස් වේවි.




01. ජූම්ලා 3.1 භාවිත කර වෙබ් අඩවියක් සකස් කරමු

ජූම්ලා භාවිත කරලා වෙබ් අඩවියක් හදාගන්න ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි,
  1. Online host එකක් භාවිත කරන එක.
  2. localhost එකක් භාවිත කිරීම.
Online host එකක් භාවිත කර ජුම්ලා අඩවියක් නිර්මාණය කිරීමට හොඳ අන්තර්ජාල සම්බන්ඳතාවයක් වගේම host කරන්න ස්ථානයක් මිලදී ගන්න වෙනවා. පාසලකට නම් schoolnet එක භාවිත කර තම පාසලට ලැබෙන domain එක භාවිත කරන්න පුළුවන්.

නමුත් මෙම ලිපි පෙළෙදී අපි කතා කරන්න යන්නේ localhost එකක් භාවිත කරලා කොහොමද ජූම්ලා වලින් වෙබ් අඩවියක් සකස් කරන්නේ කියලා.

 localhostභාවිත කරලා කියන්නේ තමන්ගේ පරිගණකයේම අජවිය සකස් කර ගන්නා ආකාරයක්. පසුව අපිට අවශ්‍ය නම් එම අඩවිය Online host එකක් භාවිත කරලා publish කරන්න අනත් පුළුවන්.


Local Server එකක් භාවිතය

වින්ඩෝස් වලදී

මේ වැඩේ කරන්න පටන් ගන්න වෙන්නේ server එකක් අපගේ පරිගණකයට ස්ථාපනය කර ගැනීමෙන්. වින්ඩෝස් වලදී නම් අපිට xampp හෝ wamp සර්වර් ස්ථාපනය කර ගන්න පුළුවන්.

xampp ඩවුන්ලෝඩ් කර ගන්න නම්,
http://www.apachefriends.org/en/xampp-windows.html#641
වෙත ගිහිල්ලා installer කියන ලින්ක් එකට ක්ලික් කරන්න.

wamp
http://www.wampserver.com/en/
වෙත ගිහිල්ලා ඔබගේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන ලින්ක් එක භාවිත කරන්න.

ලිනක්ස් වලදී

හන්තාන ලිනකස් වලදී නම් සර්වර් එක පෙරනිමියෙන්ම ලැබෙනවා. ඒ නිසා නැවත ස්ථාපනය කිරීමට අවශ්‍ය වෙන්නේ නැ.

ස්ථාපනය කර ගත්තායින් පසුව මෙම සර්වර් start කිරීමට අවශ්‍ය වෙනවා.

වින්ඩෝස් වලදී
  • xampp - all programs -> xampp -> xampp control Panel ->
Apache - Start -> කර ගන්න
Mysql - Start -> කර ගන්න
  • wamp - all programs -> wamp server -> (task Bar එකේ දකුණු පැත්තේ wamp server සලකුණ කොලපාටින් දිස් වන්නේ දැයි බලන්න. එසේ දිස් වනවා නම් සර්වර් එක ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇති බවයි ඇග වෙන්නේ )
ලිනක්ස් වලදී
  • ටර්මිනල් එකේ
service httpd start
chkconfig httpd on
වශයෙන් type කරන්න.

දැන් අපි server එක වෙත යොමු වෙමු.

සර්වර් එක වෙත යොමු වීම සිදු වන්නේ browser එකක් භාවිතයෙනි. ඒ සඳහා browser එකේ Address Bar එකේ localhost ලෙස ටයිප් කරන්න. එවිට ඔබට server එකේ මුල් පිටුව දැක ගැනීමට හැකි වනු ඇත.

xampp ස්ථාපනය කරන අයරු පහත වීඩියොවෙන් බලන්න.



wamp server ස්ථාපනය කර ගන්නා අයුරු


තමන්ගෙම කියලා ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් සකස් කර ගනිමු.

තමන්ගෙම කියලා ලිනක්ස් වලින් මෙහෙයුම් පද්ධතියක් සකස් කර ගන්න තියෙනවා නම් කොහොමද? අපට අවශ්‍ය මෘදුකාංග පමණක් ඒ තුළට ඇතුලත් කරලා අපි ලබා දෙන නමකින් මේ මෙහෙයුම් පද්ධතිය සකස් කර ගන්න පුළුවන්.



මේක කර ගන්න විශේෂ දැනුමක් අවශ්‍ය වුනේ නැතත් ලිනක්ස් මෘදුකාංග පිළිබඳව යම් දැනුමක් තිබීම අවශ්‍ය වෙනවා. මොකද අපිට අවශ්‍ය මෘදුකාංග තෝරා ගැනීමට සිද්ධ වෙන නිසා.

මේ සඳහා මුලින්ම කළ යුතු වෙන්නේ පහත ලින්ක් එකේ ලියාපදිංචි වෙන එකයි.

http://susestudio.com/

පහත වීඩියෝවෙන් පැහැදිලිව බලාගන්න පුළුවන් ඊලගට කරන්න ඕනි දේවල් මොනවද කියලා. උත්සාහ කරන්න. ගැටළුවක් තිබුනොත් කමෙන්ට් එකක් දාන්න.



පහත ලින්ක් එකෙන් ගිහිල්ලා උදව්වක් ගන්නත් පුළුවන්.
http://www.unixmen.com/build-your-own-linux-system-with-suse-studio/

විල්ගමුව CRC එකේ පැවති ජූම්ලා වැඩසටහනේ මතක සටහන් කීපයක්

ජුලි මස 8 සහ 9 දෙදින විල්ගමුව CRC හි පැවති එම කලාපයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන් වෙනුවෙන් පැවති ජූම්ලා වැඩසටහනේ මතක සටහන් කීපයක්.








සාමාන්‍ය පෙළ උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන විෂය ප්‍රශ්න පත්‍ර සහ වෙනත් ආධාරක

සාමාන්‍ය පෙළ උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන විෂය හදාරන ඔබට අවශ්‍ය පසුගිය ප්‍රශ්න පත්‍ර ඇතුලු ආධාරක බාගත කර ගැනීමට අවැසි අයටයි මේ අවස්ථාව.

එහිදී ඔබට,
  • චක්‍ර ලේඛන
  • උසස්  පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ආදාර්ශ ප්‍රශ්න පත්‍ර සහ පසුගිය ප්‍රශ්න පත්‍ර
  • සාමාන්‍ය  පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ආදාර්ශ ප්‍රශ්න පත්‍ර සහ පසුගිය ප්‍රශ්න පත්‍ර
  • උත්තර 
  • උසස් පෙළ සඳහා සිංහලෙන් ලියවුණු අමතර කියවීම් ද්‍රව්‍ය
 බාගත කර ගැනීමට අවස්ථාව සැලසේ.

මෙතනින් යොමු වන්න.