අන්තර්ජාලය භාවිතයදී සිංහල ශබ්දකෝෂයක් සහයට ගනිමු. (දෙවන ලිපිය)

මීට පෙර ලිපියේ දී අපි ඉඟිය නැමති ශබ්දකෝෂය පිළිබඳවත් මධුර අන්තර්ජාල ශබ්දකෝෂය පිළිබඳවත් කතා කලා.

මේ ලිපිය දැකපු ඩි.එම්. චන්දන මහතා පෙන්නා දුන්නේ මෙවැනිම තවත් වෙබ් අඩවි මෙන්ම ඇඩ් ඕන්ස් ගණනවාක්ම තිබෙන බවයි. ඒ අතර,

LKTips
lktips කියන ඇඩ්ඕන් එක ෆයර් ෆොක්ස් වලදී මෙන්ම ගූගල් ක්‍රෝම් වලටත් භාවිතා කරන්න පුළුවන්.
මේ පිළිබඳව වැඩි විස්තර පහත ලිපිනයෙන් ලබා ගන්න පුළුවන්.
http://lionlk.com/lktips
 පහත වීඩියෝවෙන්ද මේ පිළිබඳව විස්තර දැක ගන්න පුළුවන්.




සුබස

ඒ වගේම නන්දසිරි වන්නිනායක මහතා පෙන්නා දුන්නේ  සුබස - අකුරු විනිස පිරික්සුවත් ඉතාමත් ප්‍රොයෝජනවත් බවයි. 

මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු දැන ගැනීමට නන්දසිරි වන්නිනායක මහතාගේ අඩවියට යොමු වන්න. 

සුබස භාවිත කරන්න මෙම ලිපිනයෙන් යන්න.

http://subasa.ambitiouslemon.com/spellerweb.py
 

ඒ වගේම විශේෂ ක්‍රියාකාරකම් සමූහයක් සහිත තවත් ශබ්දකෝෂයකි,

Lion Dictionary



මේ පිළිබඳ වැඩි විස්තර සහ ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා පහත ලිපිනයෙන් යොමු වන්න.
http://www.schoollk.blogspot.com/2013/08/liondic.html

විදුදය

විදුදය කියලා කියන්නේ අපගේ පරිගණකයේ ස්ථාපනය කර ගැනීමට හැකි ශබ්දකෝෂයක්. එය ස්ථාපනය කැ ගැනීමෙන් පසුව පරිගණකයේ අප සිලෙක්ට් කරනා ඕනෑම වචනයක තේරුම ලබා ගැනීමට අවකාශ ලබා දෙනු ලබනවා.

මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට පහත ලිපිනයට යොමු වන්න.
http://blog.ravimal.com/2009/03/12.html

මේය ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා පහත ලිපිනයෙන් යොමු වන්න.
http://www.fileden.com/files/2009/2/26/2338957/Vidudaya%20popup%20Dictionary%20v1.3%20Unicode.rar

ද්විමය සංඛ්‍යා භාවිතයෙන් මූලික ගණනය කිරීම් කර ගනිමු. (Binary Calculations)

ද්විමය සංඛ්‍යා අඩු කිරීම (Binary subtract)



ද්විමය සංඛ්‍යා එකතු කිරීම (Binary addition)



ද්විමය සංඛ්‍යා වැඩි කිරීම (Binary multiplication)



ද්විමය සංඛ්‍යා බෙදීම කිරීම (Binary devide)

අන්තර්ජාලය භාවිතයදී සිංහල ශබ්දකෝෂයක් සහයට ගනිමු.

අන්තර්ජාලය භාවිතයේ දී ඉංග්‍රීසි දැනුම තීරණාත්මක සාධකයක්. දැනුම තොරතුරු සෙවීමේදී වැඩි වශයෙන් අපට හමු වන්නේ ඉංග්‍රිසියෙන් ලියන ලද තොරතුරු. මේවා තේරුම් බේරුම් කර ගන්න යාමේ දී ශබ්ද කෝෂයක් අත්‍යාවශ්‍ය වෙනවා.

මේ සදහා Madura Online හුගාක් වටිනවා.

ඒත් එක්කම Fire Fox Browser එකට දාගන්න පුළුවන් add-On එකක් තියෙනවා ඉඟිය කියලා. මේක දා ගත්තම අපි නොදන්නා නැතිනම් සිංහල තේරැම දැනගන්න ඕනි වචනය උඩට මවුස් පොයින්ටර් එක අරගෙන ගිහින් තත්ත්පර කීපයක් ඉන්න විට එහි සිංහල අර්ථය ලේබල් එකකින් පෙන්වනවා.

නිරන්තරයෙන් වෙනත් අඩවියකට යනවාට වඩා මෙම ක්‍රමය හරිම ප්‍රයෝජනවත්. ඒ වගේම ලේසියි.

මේ පිළිබඳ වැඩි විස්තර සහ ස්තාපනය කර ගන්නා ආකාරය බලා ගැනීමට මෙතනින් යොමු වන්න.

http://subasa.lk/ingiya-download.php

ඉඟිය ස්ථාපනය කර ගන්නා ආකාරය පහත වීඩියෝවෙන්ද බලා ගන්න පුළුවන්.




ඔබත් පරිගණකයට ශබ්දය මගින් විධාන ලබා දී තිබේද? (Speech recognition in Windows 7)

වින්ඩෝස් වලදී පරිගණකයට විවිධ ක්‍රියාකාරකම් කිරීම සඳහා විධාන ලබා දෙනු ලබන්නේ මවුසය මඟින් ක්ලික් කිරීමෙන් හෝ යතුරු පුවරුව ආධාර කර ගනිමින්ය.

මීට අමතරව හඩ භාවිතා කරමින්ද පරිගණකය මෙහෙය වීම සඳහා පහසුකම් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතීන් තුලදී පෙරනිමියෙන්ම ලබා දී තිබෙනවා. එය හඳුන්වන්නේ Speech recognition ලෙසයි.

වින්ඩෝස් වලදී control panel එක තුල  Speech recognition සකස් කර ගැනීමට අවශ්‍ය සියලුම පියවර පැහැදිලිව සටහන් කර තියෙනවා. පහත වීඩියෝවෙන් දැක් වෙන්නේ මෙය කර ගන්නා ආකාරයයි.



නිවැරදි ආකාරයෙන් අවශ්‍ය හොඳ උපකරණ භාවිතා කිරීමෙන් අපට පහත වීඩියෝවේ දක්වා තිබෙන අන්ඳමට අප කියන දේ ගොනුවකදී ලියා ගැනීමට වුවද පුළුවන් කම ලැබෙනවා.

උත්සාහ කර බලන්න.

පරිගණකයට අකුරු නිර්මාණය කරමු

පරිගණකයේදී භාවිත කිරීම සඳහා විවිධාකාරයේ ෆොන්ට්ස් තිබෙන අතර මේවා නිර්මාණය කර ගැනීමට තිබෙන මෘදුකාංග අතරින් නිදහසු මෘදුකාංගයක් පිළිබදව කතා කරන්නයි අද ලෑස්ති වෙන්නේ.

මෙම මෘදුකාංගයේ නම තමයි Font Forge කියලා කියන්නේ‍.


මෙම මෘදුකාංගය ලිනක්ස් වලදී මෙන්ම වින්ඩෝස් වලදී ද භාවිත කිරීමට හැකියාවක් ඇති අතර ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීමක්ද ඔවුන් සිදු කරනු ලබනවා.

http://fontforge.org/ ලිපිනයෙන් ගොස් භාගත කර ගන්න මෙන්නම මෙම මෘදුකංගය පිළිබඳ තොරතුරු සොයා බැලීමට පුළුවන්.

ඒ වගේම මෙම ලිපිනයෙන් ගියාම http://fontforge.org/editexample.html මෙම මාදුකාංගය භාවිතා කරන ආකාරය පිළිබඳව සැකසුනු පාඩම් මාලාවක් බලා ගැනීමට පුළුවන්.

පහත වීඩියෝවෙන්ද ඔබට මේ පිළිබඳ කිසියම් අදහසක් ලබා ගැනීමට පුළුවන්.




Google map නවතම සංස්කරණය භාවිත කලාද

Google map අපට ලබා දෙන්නේ අපුරු අත්දැකීමක්. ඔබත් මෙම අත්දැකීම විඳ ඇතිබවට සැක නැ. මෙහි නවතම සංස්කරණය පෙර දීට වඩා අපූර්වත්වයක් එයට එක් කර ඇති අතරම ලාංකික අපටත් එයින් ලබා ගත හැකි ප්‍රයෝජන විශාලයි.

ලංකාව තුල මාර්ග පිළිබඳවත්, ස්ථාන දෙකක් අතර දුර පිළිබඳවත්, එම ස්ථාන දෙක අතර ඇති විකල්ප මාර්ග මෙන්ම ඒවායේ ගමන් කිරීමේ දී ගත වන කාලය පිළිබඳව පවා දළ අදහසක් මෙමගින් ලබා ගැනීමේ හැකියාව පවතී.



මෙම තොරතුරු වඩාත් විස්තරාත්මකව ලබා ගත හැකි ආකාරයටත් දියුණු කර ඇති මෙහි විශේෂත්වය පහත වීඩියෝව නැරඹිමෙන් කදිමට වටහා ගැනීමට හැකි වනු ඇති.

නිරන්තරයෙන් අන්තර්ජාලය භාවිතයේ දී Reader එකක් යොදා ගත යුත්තේ ඇයි.

නිරන්තරයෙන් වෙනස් වන අන්තර්ජාලයේ අඩවි සිය ගණනක් තියෙනවා. එවායේ වෙනස් වීම් මොනවදා කියලා බලන්න අපි සැරින් සැරේ එම වෙබ් අඩවි වලට යන්න සිද්ධ වෙනවා.  මේක ටිකක් කරදර වැඩක්.

ඒ වෙනුවට අපිට පුළුවන් ක්‍රමවේදයක් හදාගන්න එම අඩවි වල තියෙන ලිපි එකම තැනක ඉදලා බලා ගන්න පුළුවන් වෙන විදියට. මෙමගින් අඩවි ගණනාවක තියෙන ලිපි වීඩියෝ ආදිය එකම තැනකට ගොනු කර ගන්න පුළුවන් වෙනවා.

මේ විදියට සකස් කර ගන්නා පිටුවක් භාවිතයෙන් ඉතාමත් පහසුවෙන් අලුත් ලිපි, නොකියවු ලිපි, කියවීමට තිබෙන ලිපි, වැදගත් ලිපි ආදී වශයෙන් විවිධ අඩවි වල ලිපි අපගේ එකතුව තුල පිළිවෙලට සකස් කර ගන්න හැකියාව ලැබෙනවා.

මේ සඳහා භාවිත වූ ජනප්‍රිය සේවාවක් වූයේ Google Reader. නමුත් මෙය නවතා දැමීම නිසා මෙම පහසුකම ලබා ගැනීම සඳහා වෙනත් සේවාවන් වෙත යැමට සිදු වුනා. ඒවා අතරින් ඉතාම ජනප්‍රිය සේවයක් තමයි cloud.feedly කියලා කියන්නේ.

පහත ලින්ක් එකෙන් එම අඩවියට ගිහින් ඔබේ Account එකක් හදාගන්න ඕනි. අනතුරුව එම අඩවිය භාවිත කරන අයුරු පහත වීඩියෝවේ දක් වෙනවා. ගැටළුවක් වුනොත් අහන්න.

http://cloud.feedly.com/#welcome



වැඩිදුරටත් මේ පිළිබඳ විස්තර දැන ගැනීමට geek.lk වල තියෙන මෙම සංවාදය බලන්න.

http://www.geek.lk/discussion/92#

මෙතනත් තියෙනවා ඒ වගේම විස්තරයක් එකත් බලන්න.

waka ගේ blog ගල්…!!