Adobe Photoshop Cs5 - Marquee


මීට පෙර පාඩමේදී අපි රූපයක් වින්ඩොවෙන් වින්ඩෝවකට ගෙන යන ආකාරය සාකච්ඡා කළා. අද අපි එහි තවත් ඉදිරි පියවරක් තමයි සාක්ච්ඡා කරන්න යන්නේ.

එදා අපි අරගෙන ගියේ සම්පූර්ණම රූපයක්. නමුත් අද අපි අරගෙන යන්නේ රූපයෙන් අපට අවශ්‍ය කොටසක් විතරයි. පෙර පාඩම මතක් කර ගන්න අවශ්‍ය නම් පහලින් තියෙන සබැඳියන් භාවිතා කරන්න.




මීට පෙර ලියු post කියවීමට පහත සැබැඳියන් භාවිතා කරන්න.

  1. Adobe Photoshop භාවිතය ආරම්භ කරමු.
  2. මෙවලම් හඳුනාගනිමු. (1 කොටස)
  3. මෙවලම් හඳුනාගනිමු. (2 කොටස)
  4. Adobe Photoshop Cs4  - Create a new image
  5. Adobe Photoshop Cs4  - Open Command
  6. Adobe Photoshop Cs5  - Drag & Drop
ඒ අනුව මුලින්ම හිස් පිටුවක් හා රූපයක් Photoshop තුළ විවෘත කර ගන්න. (මෙය කර ගන්නා ආකාරය පෙර පාඩම් වලදී සාකච්ඡා කර ඇත)
  • 1 අංකයෙන් දැක්වෙන හිස් පිටුවට රූපයෙන් කොටසක් ගෙන ඒම තමයි අද අපි කරන්න යන ක්‍රියාකාරකම.
  • ඒ සඳහා මුලින්ම Tool Box එකෙන් Marquee Tool  එක තොරාගන්න. රූපයේ අංක 2 දැක්වෙනුයේ එම මෙවලමයි.
  • මෙම මෙවලමෙහි අවස්ථාවන් කිහිපයකි. එනම් අපිට රූපයෙන් තෝරා ගැනීමට අවශ්‍ය වන කොටස චතුරස්‍රාකාරව, වෘතාකාරව නැතිනම් පේළියක් ලෙසද, තීරුවක් ලෙසද යන්න තෝරා ගැනීම සඳහා පහසුකම් සලසයි. මෙම පහසුකම් ලබා ගැනීමට එම මෙවලම මත මොහොතක් ක්ලික් කරගෙන සිටින විට අනෙක් options ටික ප්‍රදර්ශනය වෙයි.
  • එයින් මෙම අභ්‍යාසයෙදී අපි භාවිතයට ගනුලබන්නේ චතුරසාකාර නැතිනම් rectangular නැමති පහසුකමයි. 
  • ඒ අනුව Rectangular Marquee Tool (1 රූපය) තෝරා ගෙන ඡායාරූපයේ අපට තොරාගැනීමට අවශ්‍ය කොටස අංක 3 නින් පෙන්වන ආකාරයට select කර ගන්න. 
  • දැන් නවතත් පෙර පාඩමේදී සාකච්ඡා කළ පරිදි Move Tool එක Tool Box එකෙන් ලබාගන්න.
  • දැන් අපි රූපයේ තොරාගෙන ඇති කොටස තුලට ගොස් ක්ලික් කරගෙන Drag කරගෙන අපගේ නව පිටුවට පැමිණ Drop කරන්න.
  • එවිට පස්වන අංකයෙන් පෙන්වන පරිදි තෝරාගත් ඡායාරූප කොටස පමණක් නව පිටුවට පැමිණ ඇති ආකාරය දැක ගැනීමට ලැබෙයි.
  • මෙම කොටස වෘතාකාරව ලබා ගැනීමට අවශ්‍ය නම් අපි Elliptical Marquee Tool එක තොරාගෙන Select කර ගැනීම කර ගත යුතුයි.
  • පහත රූපයෙන් දැක්වෙනුයේ Elliptical Marquee Tool එක භාවිතා කර ඉහත ආකාරයටම ලබා ගත් තවත් රූප කොටසකි.
  • මෙම ක්‍රමය භාවිතා කරමින් විවිධ නිර්මාණ කර ගන්නා ආකාරය මීළග පාඩමින් සලකා බලමු.
  • ගැටළු ඇත්නම් Comment එකක් දාන්න.


No comments: