Adobe Photoshop Cs5 - Drag & Drop

අද අපි Photoshop Cs5 භාවිතා කරමින් වින්ඩොවකින් වින්ඩොවකට රූපයක් ඇදගෙන යන අකාරය විමසා බලමු. මෙය Drag& Drop වශයෙන් හැඳින්වීමට පුළුවන.

මේ සඳහා මෙතෙක් අපි භාවිතා කල Photoshop Cs4 වෙනුවට අද භාවිතයට ගෙන ඇත්තේ Photoshop Cs5  වෙළුම වන අතර මෙම අභ්‍යාසයේදී මෙ දෙක අතර කිසිම වෙනස්කමක් පෙන්නුම් කරන්නේ නැත. මීට පෙර ලිපි වලදී කතා කල අංග වලද වෙනස්කම් පෙන්නුම් නොකරන හෙයින් මෙම ලිපි මාලාව Photoshop Cs5 වෙළුම භාවිතා කර ඉදිරියට කර ගෙන යාමට බලාපොරොත්තු වෙමි.

එහෙනම් අද අභ්‍යාසය වෙත අවදානය යොමු කරමු.



1.       ඉහත රූපයේ පිටු දෙකක් තියෙනවා. එකක් saman1 (1) කියලා හිස් පිටුවක්. දෙවැන්න NETWORK COVER (2) කියන gif fomat එකේ රූපය.
2.       මට උවමනායි saman1 කියන පිටුවට දෙවැන්නෙන් පිටපතක් ගන්න.
3.       මේක කරන්න තියෙන ලෙසිම ක්‍රමේ තමයි අද මම කියලා දෙන්න යන්නේ.
4.       මුලින්ම Move Tool එක Tool box එකෙන් තෝරාගන්න. (ඒක මම ඊතලයකින් පෙන්නල තියෙනවා)
5.       පසුව දෙවනියට තියෙන රූපයේ (NETWORK COVER) එකට ගිහිල්ලා Click කරගෙන පළමු පිටුව වෙත ඇවිත් Click කරගෙන ඉන්න එක අතඅරින්න. මේක නියම විදියට කියනවා නම් Drag කරගෙන ඇවිත් Drop කරන්න.
6.       එවිට රූපයේ පිටපතක් පළමු පිටුවට ලැබේවි. පහත රූපය බලන්න.


1.       දැන් එම පිටුවේ රූපය අපිට අවශ්‍ය විදියට ලොකු කුඩා කරගන්න අවශ්‍ය Transform controls රූපය වටේට තියෙනවා. ඒවායින් අල්ලලා ලොකු කුඩා කරන්න මෙන්නම කරකවන්නත් පළුවන්.
2.       මේ වැඩේ කරලා ඉවර වු වහාම මේ වෙනස්කම් apply කරන්න මතක තියා ගන්න. ඒක කරන්නේ Property Bar එකේ තියෙන හරි සකලකුණට ක්ලික් කරීමෙන්.  
3.       සමහර වෙලාවට මේ Transform controls නොපෙන්වන අවස්ථාත් තියෙනවා. එවිට එය ලබා ගැනීමට අපි දැන සිටිය යුතුයි. ඒ සඳහා මුලින්ම Move Tool එකට ක්ලික් කරලා Property Bar එකේ තියෙන Show Transform controls යන්නට පෙර තියෙන check Box එකට ක්ලික් කරන්න.

මේ ක්‍රියාකාරකම දෙතුන් වරක් අත්හදා බලන්න. ගැටළුවක් වෙතොත් Comment එකක් දාන්න. 


මීට පෙර ලියු post කියවීමට පහත සැබැඳියන් භාවිතා කරන්න.

  1. Adobe Photoshop භාවිතය ආරම්භ කරමු.
  2. මෙවලම් හඳුනාගනිමු. (1 කොටස)
  3. මෙවලම් හඳුනාගනිමු. (2 කොටස)
  4. Adobe Photoshop Cs4  - Create a new image
  5. Adobe Photoshop Cs4  - Open Command

6 comments:

අතුල ආරියසේන said...

ඔබගේ ලිපි ඉතා ප්‍රයෝජනවත් බව නොකියාම බැහැ.මම මෙ දවස් වල ඉලස්ෙට්‍රටර් ලිපි හෙව්වා එකක්වත් හම්බවුනේ නැහැ. ඉලස්ෙට්‍රටර් ලිපි තියෙන තැන් කිහිපයක් පෙන්නල දුන්නොත් ගොඩාක් ස්තූතියි.

Anonymous said...

kisiwak nodanna kenekuta uwath pahadiliwa igena gatha haki lesa siyalu karunu adaogu kota liwima pilibada sthuthi wantha wemi

saman's blog said...

බොහෝම ස්තුතියි ඔබ දෙන්නාටම.

amila said...

මහත්මයානණි, ඔබ විසින් පඩම්මාලාවක් ඔබගේ එකතුල පවත්වාගෙනයනු ලැබීම අද මා දුටු අතර එයට ඔබට සුභපතනවා. එසේම මෘදුකාංගයද ලබාදිය හැකිනම් එය මහඟු උපකාරයකි..

amila said...

මහත්මයානණි, ඔබ විසින් Adobe photoshop පඩම්මාලාවක් ඔබගේ blog එකතුල පවත්වාගෙනයනු ලැබීම අද මා දුටු අතර එයට ඔබට සුභපතනවා. එසේම cs4මෘදුකාංගයද ලබාදිය හැකිනම් එය මහඟු උපකාරයකි..

saman's blog said...

මෙන්න මේ සනෝජ් තරංගගේ බ්ලොග් ලින්ක් එකෙන් බාගන්න පුළුවන්.

http://smsanojtharanga.blogspot.com/2012/01/adobe-photoshop-cs5-extented-mediafire.html

තව පොටබල් එකක් යුටොරන්ට් වලින් බාගන්නත් පුළුවන්. බලන්න උත්සාහ කරලා. ගැටළුවක් උනොත් කියන්න.