VB 6.0 - (8) - Massage Box භාවිතා කරමු.

Massage Box භාවිතා කරමු. 


අද කතා කරන්නේ Massage Box භාවිතා කරන ආකාරයයි. මේ සඳහා අපි මීට පෙර දී භාවිතා කළ අභ්‍යාසයක් වන සංඛ්‍යා දෙකක් එකතු කිරීමේ උදාහරණයම භාවිතා කරමු.

මේ සඳහා මුලින්ම කළ යුත්තේ Form එකක් ලබා ගැනීමයි. එසේ ලබා ගත් Form එකේ මීට පෙර දී අප සාකච්ඡා කල ආකාරයට text box දෙකක් සහ command button එකක් පහත රූපයේ පරිදි ඇඳ ගන්න.





output ලබාගැනීම මෙම අභ්‍යාසයේ දී සිදු කිරීමට බලාපොරොත්තු වනුයේ Massage Box එකක් භාවිතා කරමින් ය.

පහත දැක්වෙනුයේ code වින්ඩෝවේ ලිවිය යුතු අපගේ කාර්යය සඳහා අවශ්‍ය කරන ක්‍රමලේඛනයයි.

Private Sub Form_Load()

     no1 = Val(txtNo1)
     no2 = Val(txtNo2)

     Sum = no1 + no2
     MsgBox (no1 & "  +  " & no2 & "  =  " & Sum)

End Sub

ඉහත ක්‍රමලේඛනය අපි සවිස්තරව විමසා බලමු. ඒ අනුව,

  • no1 =  Val(txtNo1) මෙහි no1 මගින් නිරූපනය කරනුයේ variable එකකි. Val(txtNo1) කොටසින් ඇඟවෙනුයේ textbox එකෙහි ඇති වටිනාකම යන්නයි. එම වටිනාකම no1 නැමති variable එකට  සමාන කිරීමක් මෙහිදි සුද කර තිබේ.
  • ඉහත අකාරයටම no2 එක සඳහාත් දෙවන textbox එකෙහි ඇති අගය සමාන කර තිබේ.
  • Sum = no1 + no2 දී සිදුවනුයේ 1 සහ 2 යන variable වල අගයන්ගේ එකතුව Sum  නැමති variable එකට ලබා ගැනීමයි.
  •  MsgBox (no1 & "  +  " & no2 & "  =  " & Sum) යන්නේහි   MsgBox ලෙස දක්වා ඇත්තේ ප්‍රතිදානය ඉදිරිපත් කල යුතු masage box එකක යන්න ඇඟවීමයි. උදෘත තුල දක්වා ඇති ලකුණු ඒ අකාරයෙන්ම ප්‍රදර්ශනය වන අතර උදෘත හා  variable එක් කිරීමට & සලකුණ යොදාගෙන තිබේ.
හොඳයි. එසේ නම් මෙම අභ්‍යාසය අත්හදා බලන්න. මෙවැනිම තවත් අභ්‍යාසයකින් ආයෙත් හමුවෙමු.මීට පෙර ලිය වූ ලිපි සඳහා සබැඳියන්









No comments: