Dual Boot ක්‍රමයට මෙහෙයුම් පද්ධති දෙකක් ස්ථාපනය කරන ආකාරය සිංහලෙන්

සාමාන්‍යයෙන් අපි වැඩි දෙනෙක් හුරු වෙලා ඉන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලට. ඒත් මේ කාලයේ දී ලිනක්ස් පිළිබඳවත් අවධානය වැඩි වශයෙන් යොමු වෙලා තියෙනවා.

ඒ නිසා ලිනක්ස් මෙහෙයුම් පද්ධති හා ඒවා සමඟ ලබා දෙන මෘදුකාංග පිළිබඳවත් අවධානය යොමු කිරීම වටිනවා.

ඒකවරම ලිනක්ස් වලට යොමු වීමට මැලිකමක් දක්වන අයට වින්ඩෝස් සමඟම ලිනක්ස් අත්දැකීම් විඳගන්නත් පුළුවන් ආකාර තුනක් තියෙනවා.
  1. Vertual Box එකක් භාවිත කිරීම. 
  2. Dual Boot ක්‍රමයට මෙහෙයුම් පද්ධති දෙකක් භාවිත කරලා. 
  3. Online ක්‍රමයට.
මේ ක්‍රම පිළිබඳව හොයා බලද්දී අන්තර්ජාලයේ Dual Boot ක්‍රමයට මෙහෙයුම් පද්ධති දෙකක් ස්ථාපනය කරන ආකාරය සිංහලෙන් පැහැදිලි කරන වීඩියෝවක් හමුවුනා.

පහත ඉදිරිපත් කර තියෙන්නේ එම වීඩියෝව. බලන්න ඔබටත් වැදගත් වෙයිද කියලා. අනික් ක්‍රම දෙක පිළිබඳවත් අපි ඉදිරියේ දී හොයා බලමු.



Photoshop CS5 භාවිතයෙන් රූපයක් මත අකුරු සකස් කිරීම

මෙම ලිපියේ දී අපි Photoshop CS5 මෘදුකාංගය තුලට රූපයත් ගෙන එම රූපය මත සිත් ඇඳගන්නා ආකාරයට අකුරු පෙළක් නිර්මාණය කර ගන්නා ආකාරය සාකච්ඡා කරනවා.





ඒ සඳහා පහත වීඩියෝව බලන්න.


අපි හඬපට සංස්කරණය (Audio Edit) කරමු.

මේ ලිපියේ දී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Audio Editing එකක් ගැනයි. එකේ නම Audacity.



මෙම මෘදුකංගය windows වල වගේම Linux වලත් භාවිත කරන්න පුළුවන්.

හන්තාන ලිනක්ස් වැනි මෙහෙයුම් පද්ධති සමඟ පෙරනිමියෙන්ම මෙම මෘදුකාංගය ලබා දෙන බවද මතක් කරන්න ඕනි.

අපගේ එදිනෙදා ජීවිතයේ විවිධ අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට මෙන්ම වෘත්තීය මට්ටමේ ක්‍රියාකාරකම් සඳහා වුවද භාවිතා කළ හැකි මට්ටමේ මෘදුකාංගයකි.

  • මෙම මෘදුකාංගයට Ogg Vorbis, MP3, WAV හෝ AIFF වැනි Audio ආදානය කිරීමට හැකි අතරම ශබ්ද සහිත වීඩියෝවක් ආදානය කළහොත් එහි ශබ්දය වෙන් කර ගැනීමට වුවද හැකි වීම අපට ලැබෙන විශේෂ පහසුකමක් ලෙස පෙන්නා දෙන්න පුළුවන්.
  • මෙම මෘදුකාංගය ශබ්ද පටිගත කිරීමටත් විශේෂ පහසුකම් සපයලා දෙනවා. එනම් Microphone එකකින් හෝ Line in විදියට වෙනත් උපකරණයක් භාවිතයෙන් ලබා දෙන ශබ්ද පටිගත කර ගැනීමට හැකියාව තියෙනවා.
එපමණක් නෙවේ. මෙහි පවත්නා සුවිශේෂිතා අතර මුලික එකක් නම් Vocal Remover පහසුකමයි. මෙමගින් ගීතයක ඇති හඩ ඉවත් කිරීමට හැකියාව ලැබෙනවා. 
එසේම Noise Remover භාවිතයෙන් අපි පටිගත කල හඩපටයක පවත්නා අනවශ්‍ය ශබ්ද ඉවත් කර අපගේ හඬ අවශ්‍ය ආකාරයට සකස් කිරීමට ඉතාමත් පහසුවෙන් පුළුවන්.
  • හඬපට Convert කරන්න, Mix කරන්න සහ හඬපටයේ වෙලය වෙනස් කරමින් සංසකරණය කිරීමට මෙම මෘදුකාංගය තුළ පහසුකම් සපයා දෙනවා.
  

ඔබත් අත්හදා බලන්න. අපි ඉදිරියේ දී මෙම මෘදුකාංගය භාවිතා කරන ආකාරය විස්තරාත්මකව කතා කරමු.

පහත ලින්ක් එකෙන් මෙම මෘදුකාංගය භාගත කර ගැනීමට පුළුවන්.

මෙම වීඩියෝව නරඹන්න. ඔබට තවත් මෙම මෘදුකාංගය පිළිබඳ වැඩි දුර තොරතුරු දැන ගන්නට පුළුවන් වෙයි.

2. Base වලදී table එකක් සකස් කර ගන්නා ආකාර

අද අපි කතා කරන්න යන්ේන් Base මෘදුකාංගය භාවිතේයන් දත්ත සමුදායක් සකස් කිරීමේමේ දී මුලින්ම අනුගමනය කළ යුතු මුල් පියවර ගැනයි.


වීඩියෝ සැකසීමට අපුරු නිදහස් මෘදුකාංගයක්

අපගේ එදිනෙදා වීඩියෝ සංස්කරණයන් සඳහා භාවිත කළ හැකි මෘදුකාංග අතරින් එකකි KDenlive.

මෙහි තියෙන අනික් විශේෂත්වය වන්නේ එය නිදහස් මාදුකාංගයක් වීමයි. එසේම මෙය භාවිත කළ හැක්කේ ලිනක්ස් සමඟ පමණක් වීමද විශෙෂයකි.



2013 ජනවාරී මාසයේ මෙහි අලුත්ම සංස්කරණය එළි දක්වා තිබේ. හන්තාන ලිනක්ස් 17 සමඟත් මෙම මෘදුකාංගේ නවතම සංස්කරණය ඔබට ලබා ගැනීමට පුළුවන්.

එහෙම නැත්තම් මෙම දිගුවෙන් ගොස් මෙම මාදුකාංගය භාගතකර ගන්න.
http://linux.softpedia.com/progDownload/Kdenlive-Download-2544.html


මෙම මාදුකාංගයේ ඇති මා දුටු විශේෂතා,
  • ඔනෑම වර්ගයක වීඩියෝවක් (QuickTime, AVI, WMV, MPEG, සහ Flash Video)මෙම මෘදුකාංගය භාවිතා කර සංස්කරණ කිරීමට ඇති හැකියාව.
  • සංසකරණය කර ගත් වීඩියෝව අපට අවශ්‍ය Format ගණනාවකින් ( PAL, NTSC, HDV, AVCHD, DV )ලබා ගැනීමට ඇති හැකියාව.
  • Transition සඳහා Effects බොහොමයක් තිබීම.
  • Video Effects බොහොමයක් තිබීම.
  • Audio Effects බොහොමයක් තිබීම. 
  • විවිධ Plug-ins  බොහොමයක් තිබීම. 
  • අන්තර්ජාලයෙන් සහ ෆොරම වලින් විශාල වශයෙන් සහය ලබා ගැනීමට ඇති හැකියාව පෙන්නා දීමට පුළුවන්.
මෙම මෘදුකාංගය පිළිබඳ බොහෝ තොරතුරු පහත අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමට පුළුවන්.
http://www.kdenlive.org

මීට අමතරව වීඩියෝ සංස්කරණය සඳහා භාවිතා කළ හැකි නිදහස් මෘදුකාංග බොහෝමයකි. එනම්,

1. Libre Office Base හඳුනාගනිමු

මෙම ලිපි පෙළ තුලින් දත්ත සමුදායන් නිර්මාණය කිරීම සඳහා නිදහන් මෘදුකාංගයක් වන Libre Office Base භාවිත කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වන්නේ.

ඒ අනුව අද පළ වන්නේ එහි පළමු ලිපියයි.







1. Excel 2013 හඳුනාගනිමු

මෙම ලිපි පෙළේදී අපි Excel 2013 භාවිත කරන ආකාරය කතා කරන්නයි ලැස්ති වෙන්නේ. Excel 2013 ඉලක්ක කලාට 2007 සහ 2010 සඳහාත් මෙම ලිපි පෙළ භාවිත කරන්න පුළුවන්.
එහෙනම් අපි ආරම්භ කරමු.




9. Access වලදී භාවිතා වන Data Types

අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ Access වලදී භාවිත වන Data Types ගැනයි.
මෙම Data Types ප්‍රධාන වශයෙන් කාණ්ඩ 3කට වෙන් කරන්න පුළුවන්.



අන්තර්ජාල Hard Disk ගැන

අද අපි කතා කරන්නේ ගබඩා කිරීම ගැනයි. නිකම්ම ගබඩා කිරීමක් නෙවේ පරිගණකයේ ගබඩා කිරීම ගැනයි.

සාමාන්‍යයෙන් අපි පරිගණකයේ දී නම් ගබඩා කරන්නේ Hard disk එකේ.  මේක පාටිෂන් කරගෙන අපි එම කාර්යය කර ගන්නවා.

තවත් අවස්ථාවන් වලදී අපි පරිගණකයේ ගබඩා කරනවා වෙනුවට හෝ අමතරව බාහිර ගබඩා වල අපගේ දත්ත ගබඩා කර තියාගන්නවා. CD, DVD, Flash Drive, External Hard disk, මේ සඳහා නිදර්ශන විදියට පෙන්නා දෙන්න පුළුවන්.

නමුත් අද අපේ මාතෘකාව මීට වඩා තරමක් වෙනස් ගබඩාවක් ගැනයි. ඒ තමයි අන්තර්ජාලයෙන් අපි ලබා ගන්නා ඉඩක් නැත්තම් ගබඩාවක් ගැනයි.

මෙහි තියෙන වාසි තමයි
  1. පරිගණකයට හානි වුවහොත් හො Format කරන්න වුනොත් අපගේ දත්ත මැකී යාමක් සිදු වන්නේ නැ.
  2. දත්ත ගෙනයාමට හෝ හුවමාරු කිරීමට පහසු වීම.
  3. නොමිලයේම ලබා ගැනීමට හැකි වීම.
  4. භාවිතයේ තියෙන පහසුව
  5. දත්තවල ආරක්ෂාව ආදී කරුණුයි.
අන්තර්ජාලයේ මෙම පහසුකම් ලබාදෙන ආයතන ගණනාවක් තියෙනවා. එයින් එකක් තමයි Google ආයතනය. ඔවුන් ලබා දෙන මෙම පහසුකම හඳුන්වන්නේ Google Drive කියලා.
 
 මේ සඳහා අවශ්‍ය මුලික පහසුකම වන්නේ Gmail Account එකක්.
Gmail Account එකක් තියෙනවා නම් පහත යොමුවෙන් ගොස් ඔබගේ අන්තර්ජාල Storage එක වෙත යොමු වෙන්න.
මේ මත ක්ලික් කරන්න.

මෙම අන්තර්ජාල ඉඩ භාවිත කරලා අපිට තවත් බොහෝ පහසුකම් ලබා ගැනීමට හැකියාව තියෙනවා. අපි එම පහසුකම් මොනවාද කියලත් ඉදිරියේ දී කතා කරමු.

දැනට පහත වීඩියෝව බලන්න. තව දුරටත් මෙම Google Drive විදියට හඳුන්වන අන්තර්ජාල Hard Disk එක පිළිබඳව තවදුරටත් අවබෝධයක් ලබා ගන්න පුළුවන්.



මෙම පහසුකම සලසන තවත් ආයතනයක් තමයි මයික්‍රොසොෆ්ට් කියන්නෙත්. ඔවුන් ලබා දෙන පහසුකමේ නම තමයි Sky Drive.



මමගිනුත් අපිට අන්තර්ජාලයෙන් ගබඩා කරන්න ඉඩක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා ඔවුන්ගේ Liv email ගිණුමක් තියෙන්න ඕනි.

ඒහෙනම් මුලින්ම LiveMail / HotMail / Outlook ගිණුමක් සකස් කර ගන්න.
ඉන් පසුව SkyDrive වෙත යොමු වන්නට හැකි වේවි.

මෙම පහසුකම් දෙකම නොමිලයේ ලබා ගන්න පුළුවන් වීම විශේෂයක්.

අත්හදා බලන්න. මෙහි ඇති අනිකුත් ක්‍රියාකාරකම් පිලිබඳව අපි ඉදිරියේ දී සාකච්ඡා කරමු.
වැඩි විස්තර ඔබට පහත වීඩියොවෙන් බලා ගන්නත් පුළුවන් වෙයි.



මේම උදාහරණ වලට අමතරව තවත් මෙවැනි පහසුකම් ලබා දෙන ස්ථාන තියෙනවා. එවැනි ස්ථාන ගැන දන්නවානම් අන් අයට දැන ගැනීමටත් එක්ක Comment ලෙස ඉදිරපත් කරන්න.

අපගේ මුරපද මතක තියාගන්න උපක්‍රමයක් යොදමු.

අන්තර්ජාල භාවිතය ප්‍රචලිත වෙන්න වෙන්න අපිට මතක තියාගන්න සිදුධ වෙලා තියෙන මුරපද සංඛ්‍යාවත් වැඩි වෙලා තියෙනවා.

Mail, Facebook, Twitter  වැනි උදාහරණ වලදී වගේම අපි නිතර භාවිතයට ගන්නා වෙබ් අඩවි සඳහා යොමු වීමට මුරපද භාවිතා කර ගිණුමක් සාදා ගන්න අවශ්‍යයයි.

මෙහි ඇති සංකීර්ණ බව නිසාම කරදරකාරී බවක් දැනෙනවා නම් එම මුරපද මතක තියාගන්න කාර්යයත් තවත් මෘදුකාංගයකට නැතිනම් අඩවියකට බාර දෙන්න අපිට පුළුවන්.

ඒ තමයි Lastpass කියලා කියන්නේ.



මෙම මෘදුකාංගය අපට අවශ්‍ය නම් Download කරගෙන අපගේ පරිගණකයේ ස්ථාපනය කර ගන්න පුළුවන්.
එසේ ස්ථාපනය කර ගත් පසු අපේ username එක සහ Password එක මෙම මෘදුකාංගය මතක තියාගන්නවා.
නැවත අපි එම ගිණුමට ඇතුල් වීමට උත්සාහ ගත් වහාම Automatically අපගේ ගිණුමේ තොරතුරු ලබා දෙනවා.

එහෙම නැතිව අපි Lastpass අඩවියේ ගිණුමක් හදාගෙන එම ගිණුම තුළ අපගේ username එක සහ Password ගබඩා කර තබා ගන්නත් පුළුවන්. අපට අවශ්‍ය වෙලාවට ගිණුමට ගිහින්  username එක සහ Password එක ලබාගෙන එන්න පුළුවන්. ඒ සඳහා අපි මතක තබා ගත යුත්තේ Lastpass ගිණුමේ මුරපදය පමණයි.

මීට අමතරව අපගේ අවශ්‍යතාවය අනුව මෙයින් ලබා දෙන පහසුකම් වෙනස් කර ගැනීමට ද පුළුවන්.

ඒ වගේම මෙම මෘදුකාංගය ලිනකස් වින්ඩෝස් සහ මැක් යන ඕනෑම  මෙහෙයුම් පද්ධතියක් සඳහාත් භාවිත කරන්න පුළුවන්.

මෙන්න මේ ලින්ක් එකෙන් මෙම මෘදුකාංග නොමිලයේම ලබා ගන්න පුළුවන්.
https://lastpass.com/index.php?fromwebsite=1


අපගේ අවශ්‍යතාවය අනුව මෙම මෘදුකාංගයේම වැඩි පහසුකම් සහිතව මිලදී ගැනීමට වුවද පුළුවන්. ඒ සඳහාද ඉහත යොමුවම භාවිත කරන්න. එහි Get LastPass Premium යොමුවෙන් ඒ සඳහා යොමු වන්න.

Download LastPass  භාවිත කරලා මෙම මෘදුකාංගය භාගත කරගන්නත් පුළුවන්.

මෙම පහසුකම Online භාවිත කරන්න ඉහත රූපයේ දකුණු ඉහළ කෙලවර තියෙන Log in යොමුව භාවිත කරලා ලිණුමක් සකස් කර ගන්න.

එහි පහත රූපයේ පෙනවන පරිදි අපගේ මුරපද ගබඩා කර තබා ගන්න පුළුවන්.



මේ පිළිබඳව තවදුරටත් විස්තර පහත වීඩියෝවෙන් ඔබට ලබා ගන්න පුළුවන් වෙයි. ගැටළුවක් ඇති වුනොත් කමෙන්ට් එකක් දාන්න. මම උදව් කරන්නම්.


8. Access වලදී Report එකක් සකස් කර ගැනීම

අපි මේ වන විට Access භාවිත කරලා Database එකක් සකස් කරගෙන ඒ තුළ
1.    Table එකක්
2.    Query එකක්
3.    Form එකක්
සකස් කර ගන්නා ආකාරය සාකච්ඡා කලා. දැන් අපගේ කාර්යයේ මූලික කොටස් ටික සම්පුර්ණයි. මීළගට අපිට කරන්න තියෙන්නේ මෙම දත්ත සමුදායේ තොරතුරු මුද්‍රිත පිටපතක් ලෙස ලබා ගැනීම සඳහා සූදානම් කර ගැනීමයි.

7. Access වල Form එකක් හදමු

Access වලදී Form එකක් හදාගන්නා ආකාරය තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ.
Form එකෙන් ප්‍රධෘන කාර්යයන් දෙකක් සිදු කර ගැනීමට පුළුවන්.
1.    Form එක භාවිතා කරලා දත්ත සමුදායට දත්ත ආදානය කරන්න පුළුවන්.
2.    ඒ විතරක් නෙමෙයි. දැනට දත්ත සමුදායේ තියෙන දත්ත බලා ගැනීමටත් පුළුවන්. මෙය දත්ත ප්‍රතිදානය කර ගන්නවා කියලා කියන්න පුළුවන්.



6. Access වල query එකක් සකස් කර ගැනීම

මේ ලිපියේ දී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ Queries සකස් කර ගන්නා අන්ඳමයි. පෙර ලිපියේ දී අපි වගුවක් සකස් කර ගත්තා. එය පදනම් කරගෙන සරළ ආකාරයකට මෙය සකස් කරන අයුරු අපි විමසා බලමු.




5. Access වල වගුවක් සකස් කර save ගැනීම

මේ ලිපියේ දී අපි බලන්න යන්නේ Design view එකේ දී කොහොමද වගුවක් නිර්මාණය කර ගන්නේ කියලා.
මෙන්න මේ තීරුව වෙත අවධානය යොමු කරන්න.




4. Access වල වගුවක් සකස් කර ගැනීම

මෙම ලිපියේ දී අපි Microsoft Access 2013 වල වගුවක් සකස් කර ගන්නේ කොහොමද කියලා බලමු.



ඒ සඳහා පෙර ලිපියේ දී අපි කතා කළ පරිදි දත්තසමුදායක් නිර්මාණය කර ගන්න. එවිට පහත රූපයේ දැක්වෙන වින්ඩෝව ලැබේවි. එයින් Design view තෝරා ගන්න. 

මෙතනදී Design view එක තෝරා ගැනීමට මූලිකම හේතුව තමයි එහි දී අපිට අවශ්‍ය විදියට වගුව නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමයි.



3. Microsoft Access භාවිත කර දත්ත සමුදායක් ගොඩනගමු

මීට පෙර ලිපි වලදී අපි දත්ත සමුදාය පිළිබඳව අවශ්‍ය කරන මූලික හඳුනාගැනීම් පිළිබඳව කතා කලා. අද අපි කතා කරන්න යන්නේ  Microsoft Access 2013 භාවිත කරලා කොහොමද විද්‍යුත් දත්ත සමුදායක් සකස් කරන්නේ කියලා කතා කරන්න.


2 දත්ත සමුදායක් සෑදීමේ දී දැනගත යුතු මූලික කරුණු කීපයක්

අද අපි කතා කරන්නේ දත්ත සමුදාය භාවිතයට යොමු වීමේ දී වැදගත් වන තවත් කරැණු කීපයක් පිළිබඳවයි. එනම්,

හස්තීය ක්‍රමයට දත්ත සමුදායන් නිර්මාණයේ දී දුෂ්කරතා රාශියකට මුහුණු පෑමට සිදු වනවා. එ අතර,