උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරන ඔබට පයිතන් වැඩමුළුවක් .........

Written By Saman Bandara Herath on Friday, January 24, 2014 | 8:23 AM

Friday, January 24, 2014

නොමිලයේ සිසුන් සඳහා සංවිධානය වන මෙම වැඩ වැඩමුළුවේදී අපි පයිතන් පරිගණක භාෂාව මූලිකව හඳුනාගැනීමටත් එය භාවිත කර ක්‍රමලේඛණයක් සකස් කර ගන්නා ආකාරය ප්‍රායෝගිකව විමසා බැලීමටත් සැලසුම් කර තියෙනවා.

ඉරිදා දින දෙකක් පුරා නොමිලයේ පැවැත්වීමට අදහස් කර ඇති මෙම වැඩසටහන සඳහා සිසුන් ලියාපදිංචි කිරීම දැන් ආරම්භ කර තියෙනවා.

පහත දැක්වෙන්නේ මෙම වැඩමුළුවේ පළමු දිනයේ දී අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නා වු මාතෘකා පෙළ ගැස්මයි.

ලියාපදිංචි වීම සඳහා මෙතනින් යොමු වීමට පුලුවන්.

අදම ලියාපදිංචි වන්න.

Read More | comments (2)

සාමාන්‍ය පෙළින් පසුව පරිගණක ක්ෂේත්‍රයට යොමු විය හැකි මාර්ගයක් පිළිබඳව

Written By Saman Bandara Herath on Thursday, January 23, 2014 | 9:02 PM

Thursday, January 23, 2014


sliit-courses

ස්ලිට් - තොරතුරු තාක්ෂණ හා මෘදුකාංග ඉංජිනේරු උපාධි සඳහා මංපෙත් විවිර කරයි


අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් පෙනී සිටි සිසු දරුදැරියන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ හා මෘදුකාංග ඉංජිනේරු යන ක්ෂේත‍්‍ර වලට අදාළව පිළිගත් විදෙස් විශ්ව විද්‍යාල මගින් පිරිනමනු ලබන උපාධියක් හිමිකර ගැනීමේ මාර්ගය විවර කර ගැනීම සදහා Foundation Certificate in IT පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව SLIIT ආයතනය වෙතින් හිමිකර දී තිබේ.
බි‍්‍රතාන්‍යයේ Curtin විශ්ව විද්‍යාලය සහ ඕස්ටේ‍්‍රලියාවේ Sheffield Hallam විශ්ව විද්‍යාලය සමග එක්ව SLIIT ආයතනය මෙම පදනම් පාඨමාලාව හදුන්වා දී ඇත.

තොරතුරු තාක්ෂණ, ව්‍යාපාර අධ්‍යයන හා ඉංජිනේරු යන ක්ෂේත‍්‍ර වලට අදාළව ලොව පිළිගත් උපාධි පිරිනමනු ලබන ප‍්‍රමුඛතම ආයතනයක් ලෙසින් නම් දරා සිටින SLIIT ආයතනය විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව කි‍්‍රයාත්මක වන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමයේ සාමාජිකත්වය ද දරනු ලබයි.

වසරක SLIIT - Foundation Certificate in IT පාඨමාලාව අවසන් කල පසු Curtin විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ( IT ) සහ මෘදුකාංග ( Software Engineering ) යන ක්ෂේත‍්‍ර වලට අදාලව උපාධිය හැදෑරිය හැකිය.

‘‘ SLIIT ආයතනය ලොව ප‍්‍රමුඛ පෙළ විශ්ව විද්‍යාල සමග සහයෝගිතාවයන්ට එළැඹෙමින් සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන අවස්ථා උදාකර ගැනීම සදහා අංශ රැසක් ඔස්සේ මංපෙත් විවර කර දී තිබේ.
තොරතුරු තාක්ෂණ ( IT ) ක්ෂේත‍්‍රයේ ලොව පිළිගත් විදෙස් උපාධියක් වෙනුවෙන් මාර්ගය විවර කරමින් හදුන්වා දී ඇති පදනම් පාඨමාලාව එහි එක් අවස්ථාවකි.
පාඨමාලාව ආරම්භය පෙබරවාරි මස 17වැනිදා සිදුකිරීමට නියමිතයි.’’ යනුවෙන් SLIIT ආයතනයේ සභාපති මහාචාර්ය එස්. කරුණාරත්න මහතා පැවසීය.

Curtin විශ්ව විද්‍යාලය ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණ ක්ෂේත‍්‍රයට අදාළ ඔස්ටේ‍්‍රලියාවේ අංක එකේ විශ්ව විද්‍යාලය ලෙසින් ප‍්‍රචලිතව පවතින අතර බටහිර ඔස්ටේ‍්‍රලියාවේ කි‍්‍රයාත්මක කීර්තිමත් විශ්ව විද්‍යාලයකි.
පළමු පෙළ සම්පත් දායකත්වයක්, විශිෂ්ට කාර්ය මණ්ඩලයක් හා උසස් තාක්ෂණය සමගින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පුරෝගාමියකු ලෙස ඔස්ටේ‍්‍රලියාව තුළ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද උපාධිධාරීන් හා රැකියා අවස්ථා සලසා දීමට Curtin සමත්ව සිටියි.
SLIIT - Foundation Certificate in IT පාඨමාලාව හැදෑරීම සදහා අවම වශයෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා ගණිතය හා ඉංගි‍්‍රසි යන විෂයන් සදහා සම්මාන සමාර්ථ ( credit - C ) සමගින් විෂයන් 6කින් එකවර සමත්ව සිටීම හෝ සාමාන්‍ය පෙළ (ලන්ඩන්) විභාගය සදහා පෙනී සිටිමින් ගණිතය ආශි‍්‍රත විෂයකට හා ඉංගි‍්‍රසි විෂය වෙනුවෙන් සම්මාන සාමාර්ථ ( credit - C ) සමගින් සමත්ව වීම අවම සුදුසුකම් ලෙස සැලකේ.
එම සිසුන් ඊට අමතරව පාඨමාලාව සදහා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන කඩඉම් විභාගය ද සමත් විය යුතුය.
‘‘සාමාන්‍ය පෙළ විභාගය අවසන් කල සිසුන්ට ඔවුන්ගේ වෘත්තිමය මංපෙත් විවර කර ගැනීම වෙනුවෙන් කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වන Curtin විශ්ව විද්‍යාලය මගින් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමේ අවස්ථාව උදා වී තිබේ.
උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරාලීමට අපොහොසත් වූ සිසුසිසුවියන් වෙනුවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරීමේ වරම් ලබාදීමේ අරමුණින් මෙම පාඨමාලාව හදුන්වාදීමට අප කටයුතු කරනු ලැබුවා.’’ යන්න SLIIT ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා සදහන් කළේය.

‘‘මෙය සැබවින්ම යෞවන වයසේ දීම තොරතුරු තාක්ෂණ ( IT ) හා මෘදුකාංග ඉංජිනේරු (Software Engineering) යන ක්ෂේත‍්‍ර වලට අදාළව වැඩි ව්‍යාප්තියක් හා අත්දැකීමක් සහිත පිරිසක් බවට පත් වීමට ප‍්‍රයෝජනවත් වනු ඇත.’’ යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
අයදුම්පත් භාර ගැනීම ජනවාරි මස 30වැනිදායින් අවසන් වන අතර වැඩිදුර විස්තර 7544802 හා 2301904 යන දුරකථන අංක ඔස්සේ හෝ pdc@sliit.lk යන ඊමේල් ලිපිනය ඔස්සේ ලබා ගත හැකිය.
උපුටා ගැනීම
Read More | comments

පයිතන් භාෂාව පිළිබඳ වැඩමුළුව

Written By Saman Bandara Herath on Monday, January 20, 2014 | 9:19 AM

Monday, January 20, 2014

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය නිර්දේශයට අනුකූලව දින දෙකක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම වැඩසටහන සඳහා,
2014 වර්ෂයේ දී උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂය සඳහා පෙනී සිටින සිසුන්  මෙන්ම, 2015 වර්ෂයේ පෙනී සිටින සිසුන්ටද අදාළ වන ආකාරයෙන් ඉතා සරළව සැලසුම් කර ඇති බැවින් ඔවුනටද සහභාගී විය හැකියි.
ඉරිදා දින දෙකක් පුරා පැවැත් වීමට සැලසුම් කර ඇත.
සම්පූර්ණයෙන්ම දින දෙක නොමිලයේ පැවැත්වෙන අතර කිසිදු අය කිරීමක් නොමැත.
මහනුවර - කටුගස්තොට නගරයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම වැඩසටහන පැවැත්වෙන දිනය සහ ස්ථානය පිළිබඳව ඉදිරියේ දී ඔබට දැනුම් දෙන අතර  සහභාගී වීමට පහත පෝරමය පුරවා ලියාපදිංචි අංකයක් ලබා ගැනීම අනිවාර්ය වෙනවා.
පහත පොරමයේ සඳහන් කරන විද්‍යුත් ලිපිනයට ලියාපදිංචි අංකය පැය 24ක් ඇතුලත ලැබෙනු ඇති.


Read More | comments

තොරතුරු තාක්ෂණ උපාධියක් පිළිබඳව සිතනවාද?

Written By Saman Bandara Herath on Monday, January 13, 2014 | 9:56 PM

Monday, January 13, 2014

වර්ථමානයේ වේගයෙන් දියුණවන එක් ක්ෂේත්‍රයක් ලෙස තොරතුරු තාක්ශණය හදුන්වන්න පුලුවන්.දේශීයව

මෙන්ම විදේශ ගතවද ඉතා ඉහල වැටුප කට හිමිකම් කියන්නට අද තොරතුරු තාක්ශණ උපාධිදාරීන් සමත්ව
සිටිති.

තරගකාරී රැකියා වෙළදපල තුල ඔබත් අපේක්ෂා කරනුයේ ඉහල පිලිගැනීමක් නම් සහ පරිඝණකය සමග කාලය ගත කිරීම ඔබට විනෝදජනක කටයුත්තක් නම් තොරතුරු තාක්ශණ උපාධිය ඔබට බෙහෙවින් ගැලෙපෙන බව මාගේ පෞද්ගලික මතයයි.මෙම ලිපියෙන් මා සිදු කිරීමට අපේක්ෂා කරනුයේ සා/පෙළ හෝ උසස් පෙළ සමත් මෙන්ම උසස් පෙළ පෙනී නොසිටින සිසුන් හට කොළඹ විශ්ව විද්‍යාලයීය පරිඝණක අධ්‍යණාංශය මගින් පිරිනමනු ලබන "BIT" උපාධි ගමන් මග දළ වශයෙන් පැහැදිලි කිරීමයි.

උසස් පෙළ අසමත් එමෙන්ම සා/පෙළ සමත් සිසුන්
----------------------------------------------------

(FIT)නොහොත් (Foundation to IT) යනු කොළඹ විශ්ව විද්‍යාලයය යේ පරිඝණක
අධ්‍යනාංශය මගින්ම මෙහෙයවනු ලබන වැඩසටහනකි.එමගින් උසස් පෙළ අසමත් එමෙන්ම සා/පෙළ සමත්
සිසුන්ට පදනම් පාඨමාලාවක් (FIT)හැදැරීමෙන් අනතුරුව විශ්ව විද්‍යාල
උපාධිය ලබා ගැනීමට සුදුසුකම් සලසා දෙනු ලබයි.

උසස් පෙළ සදහා පෙනී සිටීමට අපේක්ෂා නොකරන සිසුන්
------------------------------------------------------------

සා/පෙළ සමත් එහෙත් උසස් පෙළ සදහා පෙනී සිටීමට අපේක්ෂා නොකරන්නෙක් නම් ඔබටද කොළඹ විශ්ව විද්‍යාලයය යේ පරිඝණක අධ්‍යනාංශය මගින්ම මෙහෙයවනු ලබන මගින් ක්‍රියාත්මක කරනු ලබන තොරතුරු තාක්ශණ පිළිබද පදනම් පාඨමාලාව(FIT) හැදැරීමෙන් පසුව උපාධිය හැදෑරීමට සුදුසුකම් ලබා ගත හැකිය.

මෙම(FIT) පාඨමාලාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් යුක්ත වන අතර පරිඝනක උපාධියක් සදහා අවශ්‍ය මූලික පාඩම් වලින් සමන්විත වූවකි.


එමෙන්ම විශ්ව විද්‍යාලය මගින්ම ලබා දෙනු ලබන ඉගෙනුම් කළමණාකාරී පද්ධතිය
(Online Learning Management System) මගින් මේ විශයන් සදහා පූර්ණ සහය ලබා ගත හැක.






උසස් පෙළ සමත් විශ්ව විද්‍යාල සුදුසුකම් නොලැබූවන්
------------------------------------------------------
විශ්ව විද්‍යාලය සදහා සුදුසුකම් නොලැබීමෙන් ඔබ කිසි විටකත් පසුබට විය යුතු නොවේ.මන්දයත් තවමත්
තොරතුරු තාක්ශණ උපාධි මාවතේ ඉදිරියට යාමට ඔබට ඉඩකඩ විවර ව ඇත.එනම් කොළඹ විශ්ව විද්‍යාලයය
මගින් පවත්වන පිලිබද බාහිර උපාධිය හදාරා දීප්තිමත් අනාගතයක් සදහා තොරතුරු තාක්ශණය තුලින් ගමන්
ආරම්භ කිරීමට ඔබට හැකියාව ඇත.මෙම උපාධිය බොහෝ සෙයින්ම අන්තර් විශව විද්‍යාලයීය උපාධි
පාඨමාලාවට සමාන වන අතර උපාධිය සම්පූර්ණ කිරීමට අවම වශයෙන් අවුරුදු 03ක් ගත වේ.

උපාධි වසරක් කොටස් දෙකකට වෙන් කර ඇත.එනම් මුලු උපාධි පාඨමාලාව කොටස් 06 කින් සමන්විත
වේ.පලමු හා දෙවන කොටස් වලට අදාල ඇගයුම් පද්ධතියේ පැවරුම් හා බහුවරණ ප්‍රශ්ණ පත්‍ර මත සිදුවන අතර
3වන කොටසේ සිට එහ ලිඛිත පරීක්ෂණ සහිතව ඉදිරියට ගමන් කරනු ලබයි.

උපාධි අපේක්ෂකයන් සදහා ඉගෙනුම් කළමණාකාරී පද්ධතියක්ද(LMS) කොළඹ විශ්ව විද්‍යාලයය යේ පරිඝණක අධ්‍යනාංශය මගින් පවත්වා ගෙන යනු ලැබේ.මේ හරහාද සිසුන්ට නොමද සහයක් ලබා ගතහැක .අවැසිනම් පෞද්ගලික ආයතනයක් හරහා තම දේශණ හා පාඩම් සම්පූර්ණකර ගනිමින් සය මසකට වරක් විශ්ව විදය්‍යාලය මගින් පවත්වන විභාග සදහා මුහුණදීම මෙහිදී සිදු කල යුතු වේ.



අනෙකුත් පෞද්ගලික උපාධි පාඨමාලාවන් සමග සසදන කල ඉහල පිලිගැනීමක් සමගම ආර්ථික වශයේ වඩාත් පහසුදායකම උපාධි පාඨමාලාව වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය පරිඝණක අධ්‍යණාංශය මගින් පිලිගන්වනු ලබන
තොරතුරු තාක්ශණය පිලිබද බාහිර උපාධිය (BIT-Bachelor of Information Technology)
හැදින් විය හැකිය.

උපුටා ගැනීම
මට හිතෙන හැටියට බ්ලෝග් අඩවිය
Read More | comments

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය

සේවක සංඛ්‍යාව - 222 (දැනට අන්තර්ග්‍රහණය කර ඇති)

බඳවා ගැනීම

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 1 පන්තියේ III ‍ශ්‍රේණිය, 1 පන්තියේ I ‍ශ්‍රේණිය, 2 පන්තියේ II ‍ශ්‍රේණිය, 3 පන්තියේ III ‍ශ්‍රේණිය සඳහා විවෘත බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.
  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පළකරන ලද දැන්වීම් මඟින් ඉල්ලුම්පත් කැඳවා පත්වීම් බලධරයා වෙනුවෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් හෝ පත්වීම් බලධරයා විසින් තීරණය කරනු ලබන වෙනත් සුදුසු ආයතනයක් මඟින් හෝ පවත්වනු ලබන විවෘත තරඟ විභාගයන්හි ප්‍රතිඵල මත සුදුසුකම් සපුරාලන අය අතුරින් තෝරා ගනු ලැබේ.
  • ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 2 පන්තියේ II ‍ශ්‍රේණියේ පවතින පුරප්පාඩු සංඛ්‍යාවෙන් 60% ක් අභ්‍යන්තර අයදුම්කරුවන්ගෙන්ද, 40% ක් බාහිර අයදුම්කරුවන්ගෙන්ද පුරවනු ලැබේ.

සුදුසුකම්

  • 3 පන්තියේ III ‍ශ්‍රේණිය
    • භාෂාව, ගණිතය හ‍ා ඉංග්‍රීසි භාෂාව ඇතුළු සම්මාන 5 ක් සහිතව අ.පො.ස.(සා.පෙළ.) විභාගයෙන් දෙවරක‍‍‍ට නොවැඩි වාර ගණනකදී විෂයයන් 6 කින් සමත්වීම    සහ
    • අ.පො.ස.(උ.පෙළ.) විභාගයෙන් විෂයයන් 3 කින් සමත්වීම     සහ
    • තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් ආයතනයක පැය 720ක‍ට නොඅඩු පරිගණක පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීම.

  • 2 පන්තියේ II ‍ශ්‍රේණිය
    • පරිගණක විද්‍යාව/ තෙ‍ාරතුරු තාක්ෂණ විද්‍යාව විෂයයක් සහිතව උපාධියක් ලබා තිබීම සහ පරිගණක කේෂ්ත්‍රයේ අවුරුදු 03 ක වෘත්තීය පළපුරුද්දක් ලබා තිබීම   හෝ
    • පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කෙ‍ාමිෂන් සභාව පිළිගත් පරිගණක විද්‍යාව හෝ තොරතුරු තාක්ෂණ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා තිබීම සහ පරිගණක කේෂ්ත්‍රයේ අවුරුදු 02 ක වෘත්තීය පළපුරුද්දක් ලබා තිබීම හෝ
    • ‍අවම වශයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ ජාතික වෘත්තීය යෝග්‍යතා (NVQ) 7 වෙනි මට්ටම හෝ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කෙ‍ාමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඒ හා සමාන වෙනත් සුදුසුකමක් සහ තෙ‍ාරතුරු තාක්ෂණ කේෂ්ත්‍රයේ අවුරුදු 03 ක වෘත්තීය පළපුරුද්දක් ලබා තිබීම.
  • 1 පන්තියේ III ‍ශ්‍රේණිය
    • පරිගණක විද්‍යාව/ තෙ‍ාරතුරු තාක්ෂණ විද්‍යාව / පරිගණක ඉංජිනේරු විද්‍යාව හෝ පරිගණක තාක්ෂණයට අදාල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කෙ‍ාමිෂන් සභාව විසින් පිළිගනු ලබන උපාධියක් ලබා තිබීම   හෝ
    • පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් (මෙහිදී සම්පූර්ණ උපාධියෙන් අවම වශයෙන් 1/3 කොටසක් මෙම විෂය කේෂ්ත්‍රය පිළිබඳව විය යුතුය) සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කෙ‍ාමිෂන් සභාව පිළිගත් පරිගණක විද්‍යාව හෝ තොරතුරු තාක්ෂණ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා තිබීම සහ පරිගණක කේෂ්ත්‍රයේ අවුරුදු 03 ක වෘත්තීය පළපුරුද්දක් ලබා තිබීම  හෝ
    • තොරතුරු තාක්ෂණය පිළිබඳ ජාතික වෘත්තීය යෝග්‍යතා (NVQ) 7 වෙනි මට්ටම හෝ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කෙ‍ාමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඒ හා සමාන වෙනත් සුදුසුකමක් සහ තෙ‍ාරතුරු තාක්ෂණ කේෂ්ත්‍රයේ අවුරුදු 05 ක වෘත්තීය පළපුරුද්දක් ලබා තිබීම.
  • 1 පන්තියේ I ‍ශ්‍රේණිය
    • පරිගණක විද්‍යාව / තොරතුරු තාක්ෂණ විද්‍යාව හෝ පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා තිබීම සහ පරිගණක විද්‍යාව / තොරතුරු තාක්ෂණ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා තිබීම සහ විධායක මට්ටමේ තනතුරක වසර 12 ක පළපුරුද්දක් ලබා තිබීම.

සේවා ව්‍යවස්ථාව හා අදාල චක්‍රලේඛ

සේවා ව්‍යවස්ථාව - අංක 1631/20 – 2009 දෙසැම්බර් 09  [217 kb]

අදාල චක්‍රලේඛ


    Read More | comments

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අමාරු යැයි හිතන්න එපා (සිළුමිණ පුවත්පතේ පළ වූ ලිපියක්)

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අමාරු යැයි හිතන්න එපා 


    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය අ.පො.ස. (සා.පෙළ) විෂය නිර්දේශයට ඇතුළත් වූයේ 2006 වර්ෂයේදී. ඒ නිසා මේ විෂය සා.පෙළ ශිෂ්‍යයන්ට තරමක් අලුත්. මෙහි පළමු විභාගය පැවැත්වූයේ 2007 වසරේදී. අලුත් විෂයක් නිසා බොහෝ ශිෂ්‍යයන් බිය වෙනවා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැදෑරීමට. මන්ද A සාමාර්ථයක් ගැනීමට අපොහොසත් වෙයි කියා. බොහෝ දෙනෙක් පරිගණකය තමන්ට හොඳින් භාවිත කරන්නට හැකි යැයි සිතා මේ විෂය තෝරා ගන්නවා. එහෙම හැකියාවක් තිබූ පමණින් මේ විෂයයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම අපහසුයි. අනිත් විෂයයන් හා සන්සන්දනයේ දී මේ විෂයට A සාමාර්ථයක් ගැනීමේ සම්භාවිතාව තරමක් අඩුයි. කෙසේ වෙතත් අපි හරියාකාරව ගුරු අත්පොත් හා පෙළපොත් අධ්‍යයනය කරමින් ‍මා මේ කියන ආකාරයට විභාගයට සූදානම් වුවහොත් ඔබට පහසුවෙන් A සාමාර්ථයක් ලබාගත හැකියි.

    අනාගතයට සාර්ථකව මුහුණ දීම සඳහාත් රැකියා වෙළෙඳපොළ සඳහා අවශ්‍ය නව දැනුම ලබාගැනීම සඳහාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයක් ලෙස හැදෑරීම පාසල් දරු දැරියන්ට ඉතා වැදගත්ය.
    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ප්‍රශ්න පත්‍ර 2කින් සමන්විත වේ. 1 වන පත්‍රය සඳහා බහුවරණ ප්‍රශ්න 40ක් ඇති අතර ප්‍රශ්නයකට ලකුණු 1 බැගින් මුළු ලකුණු 40කි. මේ සඳහා කාලය පැය 1ක් ලැබේ. පළමු පත්‍රය සඳහා මුළු විෂය නිර්දේශයේ සෑම ඒකකයක්ම ආවරණය වන පරිදි සැකසේ.
    II ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 7කින් සමන්විත වන අතර එයින් පළමු ප්‍රශ්නයට අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයිය යුතු අතර තවත් ප්‍රශ්න 4ක් තෝරා ගැනීමට ඔබට සිදුවෙයි. ඒ අනුව II පත්‍රයට ප්‍රශ්න 7න් 5කට පැය 2ක කාලයක් තුළදී පිළිතුරු සැපයිය යුතුය. මෙහි අනිවාර්ය‍ය පළමු ප්‍රශ්නය කෙටි ප්‍රශ්න 10කින් සමන්විත වේ. ඒ සඳහා 1 වන කොටසට ලකුණු 2 බැගින් ලකුණු 20ක් හිමිවේ.

    අනෙකුත් ප්‍රශ්න 4 සඳහා එක් ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් ලකුණු 40ක් හිමිවේ. මේ අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රශ්න පත්‍රයේ පළමු පත්‍රය සඳහා ලකුණු 40කුත් II පත්‍රය සඳහා ලකුණු 60කුත් ලැබෙන අතර මේ දෙකේ එකතුවෙන් අවසන් ලකුණු ගණනය කෙරේ.

    II පත්‍රයේ පිළිතුරු පත් ඇගැයීමේ දී පොදුවේ දැකිය හැකි කරුණක් වන්නේ දරුවන් පිළිතුර දැනගෙන සිටිය ද නිවැරැදිව පිළිතුරු ලිවීමට නොදැනීම නිසා බොහෝවිට ලකුණු ගිලිහී යන බවයි.
    II පත්‍රයේ පළමු ප්‍රශ්නයට පිළිතුරු ලිවීමට පෙර ඔබ මුළු විෂය නිර්දේශයේ ම අඩංගු කරුණු පිළිබඳ අවබෝධයක් ලබා තිබිය යුතුය. මෙහි කෙටි ප්‍රශ්න 10ට දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ කෙටි හා නිශ්චිත පිළිතුරු පමණි. දීර්ඝ පිළිතුරු සැපයීමෙන් ලකුණු ගිලිහී යනවා පමණක් නොව කාලය ද නිරපරාදේ විනාශ වී යයි. පළමු ප්‍රශ්නයේ සරල ප්‍රශ්න ඇතුළත් වුවත් බොහෝ දරුවන් මේ ප්‍රශ්නයට ද ප්‍රමාණවත් ලකුණු ලබා නොගනී. එසේ වන්නේ නොසැලකිලිමත් බව හා නිශ්චිතව පිළිතුර ලිවීම නිසා ය. එක් කෙටි ප්‍රශ්නයක (a) , (b) යනුවෙන් ප්‍රශ්න‍ කොටස් 2ක් ඇත්නම් පිළිතුරු ලිවී‍ෙ‍ම් දී (a), (b) ලෙස පිළිතුර ද වෙන් වෙන්ව ලිවීමට මතක තබාගත යුතුය.

    බොහෝ ශිෂ්‍යයන්ගේ ගැටලුවක් වන්නේ ප්‍රශ්නය පිළිතුරු ලිවීමට පෙර හොඳින් කියවා නොබැලීමයි.
    උදා: Bits 7 කින් නිරූපණය කළ හැකි Symbols ගණන කීයද? ගණනය කිරීම් පෙන්වන්න.
    මෙහිදී ඇතැම් දරුවන් 128 යනුවෙන් පමණක් පිළිතුරු ලියයි. ප්‍රශ්නයට අනුව ගණනය කරන ආකාරය 27 (2 හි 7 වන බලය) සහ Symbols ගණන 128 ලෙස පිළිතුරට ඇතුළත් විය යුතුය.

    ඉමල්කා දිසානායක
    දේවි බාලිකා විද්‍යාලයේ තොරතුරු හා
    සන්නිවේදන තාක්ෂණ විෂය බාර ආචාරිණී
    graphic and animation software ඇතුළත් ඒකකය දරුවන් වැඩි අවධානයක් යොමු නොකරන කොටසකි. පසුගිය වසරවල ප්‍රශ්න පත්‍ර පිළිබඳ අවධානය යොමු කළ විට පළමු ප්‍රශ්න 10න් එකක් එම කොටසින් දී ඇත. මේ නිසා අමාරු ඒකක යැයි අත නොහැර සෑම ඒකකයක් පිළිබඳවම අවධානයක් යොමුකර පාඩම් කරන්නට ‍මතක තබා ගන්න.

    විෂය නිර්දේශයේ සියලු ඒකක හොඳින් අධ්‍යයනය කළ දරුවකුට II පත්‍රයේ පළමු ප්‍රශ්නය සඳහා ලකුණු ලබාගැනීම ඉතා පහසු වෙයි.

    ප්‍රශ්න පත්‍රයේ අනිකුත් ප්‍රශ්න සැලකිමේ දී Spreadsheets සහ Algorithms යන පාඩම්වලින් සෑම වසරකම ප්‍රශ්න 2ක් ඇතුළත් වී ඇත.

    Spreadsheets පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු ලිවීමේදී අදාළ cell එකෙහි ඇතුළත් කරන formula / function එක පමණක් පිළිතුර සඳහා ලිවීමට මතක තබාගත යුතුයි.
    උදා: D6 Cell එක තුළ ලිවිය යුතු Function එක = Sum (D1 : D5) නම්, D6 = Sum (D1 : D5) ලෙස පිළිතුර ලිවීම ඇතැම් දරුවන් කරන වරදකි. එසේ ලිවීමෙන් සම්පූර්ණ ලකුණු අහිමි වී යයි.
    එසේම formula / function ලිවීමේදී ‘=’ ලකුණ යෙදීමට මතක තබා ගන්න. cell references ලිවීමේ දී Absolute references (උදා: B $ 6) ලියන අවස්ථා සහ ආකාර දැන සිටිය යුතුය.
    Algorithm පිළිබඳ ප්‍රශ්නය දරුවන්ගේ තර්කානුකූලව සිතීමේ හැකියාව මැන බලන ප්‍රශ්නයකි. මෙය බො‍හෝ දරුවන් අමාරු ප්‍රශ්නයක් සේ සලකා කලින්ම අතහැරීමට තීරණය කළ ද මෙය පහසුවෙන් ලකුණු ලබාගත හැකි ප්‍රශ්නයකි.

    Flowcharts / Pseudo Codes වල භාවිතා වන Variable names සඳහන් කිරීමේදී Capital lettersSimple letters වල අක්ෂර වින්‍යාසය නිවැරැදිව ලිවීමට මතක තබාගන්න.
    උදා: House = house.
    එසේම Flow charts අඳින විට නිවැරැදි සංකේත භාවිත කළ යුතුයි.
    මෙවැනි ප්‍රශ්නවලට බිය නොවී දී ඇති සිද්ධිය හොඳින් තේරුම්ගෙන පිළිතුරු ලිවීමෙන් පහසුවෙන් ලකුණු ලබාගත හැකිය.

    අවසාන ඒකකය වන ‘තොරතුරු තාක්ෂණය සමාජයේ භාවිතය’ ද සෑම වසරකම ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වන ඒකකයකි. මෙම ප්‍රශ්නය සාමාන්‍ය දැනීමෙන් පිළිතුරු සැපයිය හැකි පහසු ප්‍රශ්නයක් සේ පෙනුණ ද ප්‍රශ්නයට විශේෂිත පිළිතුරු බලාපොරොත්තු වන බව දරුවන් මතක තබාගත යුතුය. මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ දී හොඳින් කියවා අවබෝධ කරගෙන, තමා ලියන පිළිතුර ප්‍රශ්නයට අදාළ දැයි තහවුරු කරගෙන පිළිතුර ලිවිය යුතුයි. එසේම විශේෂිත පද (උදා : firewall) පැහැදිලි කිරීම් වලදී එය නිවැරැදිව අවශ්‍ය Key Words යොදා නිර්වචනය කළ යුතු අතර මේවාට බොහෝ විට කොටස් ලකුණු හිමි නොවේ.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය පරිගණක ආශ්‍රිත ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත විෂයක් වුවද සියයට සියයක් ලකුණු ලැබෙන්නේ ලිඛිත පරීක්ෂණයකින් බැවින් අදාළ න්‍යායාත්මක දැනුම තිබීම අත්‍යවශ්‍ය වේ.

    මෙම විෂයේ ප්‍රායෝගික කොටසේ විවිධ මෘදුකාංග භාවිතය පිළිබඳ අන්තර්ගතවේ. මෙහිදී විවිධ කාර්යයන් කිරීමට වි‍ෙශ්ෂිත වූ මෘදුකාංග වර්ගය කුමක්ද යන්න දැනගත යුතු අතර ඒවායේ වෙළෙඳ නාමයන් වැදගත් නොවේ. පිළිතුරු ලිවීමේ දී දරුවන් වෙළෙඳ නාමයන් සඳහන් නොකළ යුතුය.
    උදා:- documents සැකසීම සඳහා word processing softwaredatabase නිර්මාණය කිරීමට database management Systems යන මෘදුකාංග භාවිතා කරන බව දරුවන් දැනගත යුතුයි. විශේෂිත මෘදුකාංගයක් ආධාරයෙන් යම් කාර්යයක් කිරීමේ පියවර මතක තබා ගැනීම දරුවන්ගෙන් බලාපොරොත්තු නොවේ.

    විභාගයට දින කිහිපයක් ඇති බැවින් පසුගිය ප්‍රශ්න පත්‍රවලට නැවත පිළිතුරු ලිවීමෙන් විෂය කෙරෙහි ඔබ තුළ හොඳ විශ්වාසයක් ගොඩනඟාගත හැකිය.

    ඔබට මඟහැරී ඇති පාඩම් ඇත්නම් ඒවා පාඩම් කිරීමට දැනටමත් ඇති කාලය ප්‍රමාණවත්ය. මේ කාලය අපතේ නොහරින්න. සම්පූර්ණ කාලයම විභාගය සඳහා සූදානම් වන්න.

    පසුගිය වසර පහ තුළ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීමෙන් ප්‍රශ්න සකස් කරන රටාව ගැන ඔබට හොඳ අවබෝධයක් ලබාගත හැකිය.

    නැවතත් මතක් කළ යුතු කරුණක් වන්නේ විශේෂයෙන්ම සියලුම ප්‍රශ්න හා උපදෙස් හොඳින් කියවා අවබෝධ කරගෙන ඒ අනුව පිළිතුරු ලිවීමයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරන සිසු දරුවන්ට ඒ සඳහා විශිෂ්ට සාමාර්ථ ලබා ගැනීමටත් මේ කියූ උපදෙස් හොඳින් පිළිපදින්න.
    Read More | comments

    ඔබ මේ ගැන දැනුවත්ද? ‘බුද්ධිය දේපළ පිළිබඳ දීප ව්‍යාප්ත රචනා තරඟය‘

    Written By Saman Bandara Herath on Friday, January 10, 2014 | 7:44 AM

    Friday, January 10, 2014

    බුද්ධිය දේපළ පිළිබඳ දීප ව්‍යාප්ත රචනා තරඟය 2014 දැයට කිරුළ සංවර්ධන වැඩසටහන් යටතේ සංචිධානය කර ඇති අතර පාසල් සිසුන්ට මෙම වැඩසටහන සඳහා සමභාගී වීමට පුළවන්.

    පහත දැක්වෙනුයේ ඒ පිළිබඳ සිංහල විස්තරය  වන අතර වැඩි විස්තර සඳහා පහත යොමුවෙන් sch;lk වෙත යොමු වන්න.

    http://www.sch.lk/index.php?lang=en&for=default&page_id=55

    Read More | comments

    IP Address (5) පංති (clases)

    Written By Saman Bandara Herath on Saturday, January 4, 2014 | 6:52 AM

    Saturday, January 4, 2014

    IP  ලිපිනයන් පිලිබඳව සාකච්ඡා කරන මෙම ලිපි මාලාවේ පස්වන මෙම ලිපියේ දී අපි IP Address පංති (clases) පිළබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

    Read More | comments

    දෘඩ තැටිය (Hard Disk) සොයාගැනීම සහ එහි ක්‍රියාවලිය (මෙම ලිපිය ‘පරිගණක ලිපි‘ බ්ලොග් අඩවියේ පළවූ ලිපියකි)

    Written By Saman Bandara Herath on Thursday, January 2, 2014 | 9:30 PM

    Thursday, January 2, 2014

    මිනිසාගේ කැපවීම සහ උත්සාහය නිසාවෙන් ලෝකයට නව තාක්ෂණය එකතු වන්නේ වඩාත් සීග්‍රයෙනි. එහෙත් ඔබ අප කවුරුත් හදුනන දෘඩ තැටියෙහි (Hard Disk) තොරතුරු ඔබ අදටත් නොදැන සීටම පුළුවන. එහෙත් මෙය භාවිතය ඔබේ ජීවිතයේ කෙතරම්ද? සිතා බලන්න. දිනකට ඔබ කොතරම් අවස්ථා සංඛ්‍යාවත් දෘඩ තිටියෙහි තොරතුරු, ගබඩා කරනවාද, මකා දමනවාද...මෙහි භාවිතය ලෝකයේ කොතරම්ද? පරිගණකයත් තුල තිබෙන මූලික මෙවලමක් වන දෘඩ තැටිය ඔබට කොතරම් වැදගත් උවත්..මේතාක් කාලයත් ඔබ නොදැන සීටිමට ඇති. මෙය සොයාගත්තෙ කවුරුන්ද, අතීතරයේ විස්තර සහ මෙහි සිදු වන ක්‍රියාවලිය. මේ නිසාවෙන් බ්ලොග් එකට යන යාළුවො වෙනුවෙන් මේ විදියෙ පොස්ට් එකක් ලියන්න හිතුනා...හ්ම් හැමෝටම වැදගත් වේවි කියලා විශ්වාස කරනවා... 
    උපුටා ගැනීමකි.....................
    මෙම ලිපිය ‘පරිගණක ලිපි‘  බ්ලොග් අබවියේ පළවූ ලිපියකි. මෙහි සියලු ගෞරවය එම කතුවරයා වෙත යොමු විය යුතුයි.  ඔබට ඔම අඩවිය වෙත මෙම යොමුව  ඔස්සේ යොමු විය හැක. 
    http://pariganakalipi.blogspot.com/

    වර්ථමානයේ නැතුව බැරි මෙවලමක් වන දෘඩ තැටිය ලෝකයට දායාද කරනු ලැබුයේ විද්වතුන් දෙදෙනෙක් විසිනි. ප්‍රංශයේ ඇල්බට් ෆර්ට් සහ ජර්මනියේ පීටර් ග්රුවර්න්බර්ග් දෙදෙනා දෙදෙනා විසිනි. මේ නිසාවෙන් 2007 වසරේදී භෞතික විද්‍යා සදහා වන නොබෙල් ත්‍යාගය හිමි කර ගැනීමටද මොවුන් දෙදෙනා සමත් විය. මෙම විද්‍යාඥයින් දෙදෙනා විසින් තනි තනිව සොයාගනු ලැබුයේ ඉතා කුඩා කාන්දම් වෙනසක් (අවම චුම්බක විචලනයක්) මගින් වඩා වැඩි විදුලි ධාරා වෙනසක් (සැබවින්ම විද්‍යුත් සන්නායකතාවේ විශාල විචලනයක්) ඇති කල හැකි සිදුවීමක් (භෞතික ආචරණයක්) තිබෙන බවය. මෙය හදුන්වනු ලැබුනේ ජී.එම්.ආර් (GMR - Giant Magneto Resistance) හෙවත් යෝධ චුම්බක ප්‍රතිරෝධතාවය ලෙසයි. 

    මෙම දෘඩ තැටියක තොරතුරු ගබඩා කරන්නෙ කාන්දම්වල සිදු කරන වෙනස්කම් හෙවත් චුම්භක ක්ෂේත්‍ර වෙනස්කමක් මගිනි. මේ වෙනස්කම් දත්ත කියවන/ලියන හිස මගින් හදුනා ගෙන ඊට අනුරූප විදුලි ධාරාවක් නිපදවයිඑය ඩිජිටල් මාදිලියට පෙරලා ගැනීමෙන් දෘඩ තැටියේ ඇති දත්ත පරිගණකය විසින් හදුනාගනී.

    මේ නිසා දෘඩ තැටියෙහි ඇති තොරතුරු කියවීමට පුළුවන්කම ලැබීමේ පළමු කොන්දේසිය වන්නේනේ එහි ඇති චුම්බක වෙනස තොරතුරු කියවන හිසට හදුනාගත හැකි තරම් විශාල විය යුතු බවයි. වැඩි තොරතුරු ප්‍රමාණයක් රඳවා ගැනීමේ හැකියාව තබා ගෙන දෘඩ තැටියක් කුඩා කිරීමට බැරි, එවිට චෘඩ තැටියේ ඇති චුම්බක කොයසේ බලසම්පන්නකම අඩුවීමය. දැන් සංවේදී හිසට එය කියවීමට බැරිය.

    වර්ෂ 2007 දී නොබෙල් ත්‍යාගය දිනූ ඇල්බට් ෆර්ට්ගේ සහ පීටර් ග්රුවන්බර්ග්ගේ සොයා ගැනීමේ වැදගත්කම මතුවෙන්නේ මෙතැන දීය. එනම් ජී.එම්.ආර් සිංසිද්ධිය වටින්නේ මෙතැනදීය. ඒ ඉතා පොඩි චුම්බක වෙනසක් නිසාත් හොදට හදුනා ගන්නට පුළුවන් තරම් විශාල විදුලි වෙනස්කමක් ඇති වන විදිහ ජී.එම්.ආර් සංසිද්ධියෙන් විස්තර වන නිසාය.



    මේ ජී.එම්.ආර් තාක්ෂණය යොදා ගෙන වැඩි තොරතුරු ප්‍රමාණයක් රැදවිය හැකි, ප්‍රමාණයෙන් කුඩා දෘඩ තැටි 1997 දි වෙළදපොලට ආවේය. එදා පටන් එය අද දක්වාම භාවිතයේ තිබේ. මේ භාවිතයේ වැදගත්කම ගැන නොබෙල් තෑග්ග පිරිනමන ස්වීඩනයේ රාජකීය විද්‍යා ඇකඩමියේ සාමාජිකයෙකු වන බෝර්ජ් ජොහැන්සන් කියන්නේ මෙසේය. ""මේ සොයා ගැනීම නොකරන්නට MP3 මාදිලියේ ගීත හෝ අයිපොඩ් එකක්වත් අද නැහැ. ඒ වගේම මයික්‍රොඩ්‍රයිව්ස් කියා දෙයක් ඇත්තේම නැති වෙන්නට තිබුණා.

    අයිපොඩ්වල තිබෙන ප්‍රමාණයෙන් පොඩි හාඩ් ඩ්‍රයිව් එකක ගීත සිය ගණනක් රැදවිය හැක්කේ මෙවැනි සෙන්ස්රයක් එහි තිබෙන නිසාය. එය නොවී සාමාන්‍ය සෙන්ස්රයක් තිබුණොත් අයිපොඩ් එකක රැදවිය හැක්කේ වැඩිම වුණොත් එක ගීතයන් පමණි.

    මේ විදිහට ටිකින් ටික ගොඩ නැගුණු දෘඩ තැටියෙහි තාක්ෂණය නිසාවෙන් ලොව තත්ත ගබඩා කර ගබාගැනීමේ ප්‍රධාන මාධ්‍යක් ලෙස මෙය භාවිතයට පත්ව තිබෙනවා. ඔබට පරිගණකයත් තිබෙනවානම් ඔබ ඇත්තෙන්ම දෘඩ තැටියක් දැක තිබෙනවා. නොදැකපු කෙනෙක් නැති තරම්. මෙම දෘඩ තැටිය අපි විවිද වෙනස්කම් සිදු කරමින් භාවිතයට ගන්නවා ඔබේ සිහියට නගා ගන්න, පාර්ටිශන් කිරීම, තොරතුරු ඇතුලත් කිරීම, මකා දැමීම, ෆෝමැට් කිරීම වැනි ගොඩක් දේවල් පහතින් සාකච්චා කර බලමු.

    දෘඩ තැටියක් ගතහොත් එය පරිගණකය තුල ක්‍රියාත්මක වීමේදී එහි තොරතුරු ගබඩා වන්නේ කෙසේද වන්න මූලික මාතෘකා කීපයක් යටතේ විස්තර කල හැක. මේ යටතේ අපි මුලින්ම බලමු........



    හාඩ් ඩිස්ක් එකක් තොරතුරු ගබඩා කරන හැටි 


    හාඩ් ඩිස්කයක මූලිකම කොටස එදි දත්ත ගබඩා කොට තිබෙන තැටියකි. ඩ්‍රයිව් ප්ලැටර්ස් (Drive Platters) කියා හදුන්වන මේ තැටිය මතුපිට කොබෝල්ට් හා ප්ලැටිනම් කණිකා තිබේ. මෙවැනි කණිකා 50-110 අතර ගණනක සිහිටුමෙන් තොරතුරු බිටුවක් (1bit) ගබඩා කෙරේ.. මේ කණිකා නියමිත දිශාවක් ඔස්සේ පිහිටන කාන්දම් පද්ධතියක් බවට පස් වූ විට හෙවත් චුම්බකිත වූ (Magnetized) විට මේවා බිටු "1" හෝ "0" නිරූපණය කරන තැනට හෙවත් ඩිජිටල් මාදිලියට හැරේ. මේ ප්ලැටර්ස් මතින් සමීපව ගමන් කරන කියවීමේ/ලිවීමේ හිස (Read/Write Head) මඟින් ප්ලැටර්ස් මතුපිට චුම්භක රටාව කියවයි. එසේම විධානයක් දුන් විට ඒ හිසෙන්ම මේ චුම්භක රටාව වෙනස් කරයි. හෙවත් අලුත් තොරතුරු ලියයි. ඩ්‍රයිව් එකක්  තුළ ප්ලැටර්ස් එකක් හෝ කීපයක් තිබිය හැකිය. පරිගණකය ක්‍රියාත්මක කළ විට ඩ්‍රයිව්  එකෙහි ඇති ප්ලැටර්ස් ඩ්‍රයිව් එකෙහිම ඇති මොටරයක් මඟින් තප්පරයට රවුම් 60-120ත් අතර වේගයකින් කරකැවේ. එවිට එහා මෙහා යන හිස මඟින් එහි ඇති "තොරතුරු" උකහා ගනී. මෙසේ ප්ලැටරය මත තොරතුරු ගබඩා කොට තිබෙන්නේ ඛණ්ඩක හෙවත් සෙක්ටර්ස් (Sectors) හා මංපෙත් හෙවත් ට්‍රැක්ස් (Tracks) කියා හඳුන්වන පොටස්වලය. දැන් තිබෙන හාඩ් ඩ්‍රයිව් එක තනා තිබෙන්නේ මේ උපාංග සමඟ ඒවා හසුරුවන විද්‍යුත් පරිපතයද දැඩි ලෝහමය ආවරණයන් තුළ අසුරා තැබීමෙනි. ඒ දූවිලි, තෙතමනය යනාදියෙන් ප්ලැටර්ස් බේරා ගන්නටය. තොරතුරු හොදින් කියවා ගැනීම සදහා මේ පැලැටර්ස් මුහුණ බලන කණ්නාඩියක් සේ පෙනෙන තරමට සුයුම්ව උප දමා තිබේ. 

    හාඩ් ඩිස්ක් එකක් පාර්ටිෂන් කිරීමේ දී සිදුවන ක්‍රියාවලිය


    හාඩ් ඩිස්ක් එකක් භාවිතයට පෙර පාටිෂන් කළ යුතු අතර මෙවිට ඒ එක් පාටිෂන් එක වෙනමම ඩිස්ක් එකක් ලෙස භාවිත කළ හැකි වේ.

    හාඩ් ඩිස්ක් එකක් පාටිෂන් කළ විට ඒ එක් එක් පාර්ටිෂන් එකේ ආරම්භක සෙක්ටරයත් අවසාන සෙක්ටරයත් පිළිබද තොරතුරු පාටිෂන් ටේබල් නම් ස්ථානයේ සටහන් වෙයි. මේ නිසා යම් පාර්ටිෂන් ටේබල් එක කියවා බලා එහි ඇති තොරතුරු අනුව විස්ක් හෙඩ් එක නියම ස්ථානය වෙත ගෙන යනු ලබයි. 

    මීට අමතරව පාටිෂන් ටේබල් එක මත ඇති මාස්ටර් බූට් ප්‍රෝග්‍රෑම් එක මගින් පරිගණකය බූට් වන අවස්ථාවේ ඊට අදාළ පාටිෂන් එක වෙත ඩිස්ක් හෙඩ් එක යොමු කරවීමත් කරයි. 

    ෆෝමැට් කිරීමේදී සිදුවන ක්‍රියාවලිය



    ඕනෑම පාටිෂන් එකක් ෆෝමැට් කිරීමේ දී එම පාටිෂන් එක මූලික කොටස් හතරකට බෙදේ. එනම්, බූට් සෙක්ටර්ස් (Boot Sector), ඩේටා ස්පේස් (Data Space), ෆයිල් අලෝකේෂන් ටේබල් හෙවත් ෆැට් (FAT - File Allocation Table), ඩිරෙක්ටරි ඒරියා (Directory Area) වශයෙනි...

    • බූට් සෙක්ටර්

    බූට් සෙක්ටරය තුල වැදගත් තොරතුරු කොටස් දෙකක් තිබේ. ඒවා නම්, බූට් ස්ට්‍රැප් ප්‍රෝග්රෑම් (Boot Strap Program), බූට් පැරා මීටර් (Boot Parametre).

    බූට් ස්ට්‍රැප් ප්‍රොග්‍රෑම් එක තිබෙන්නේ ඔපරේටින් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කර ඇති පාටිෂන් එකක් තුළ පමණි. මෙමගින් ඔපරේටින් සිස්ටම් ලෝඩ් කරවීමේ මූලික ක්‍රියාවලිය අරඹයි. බූට් වයිරස් එකකින් මෙම කොටස ආසාදනය වූ විට ඔපරේටින් සිස්ටම් එක කෝඩ් වනවාත් සමගම වයිරසය ද ක්‍රියාත්මක වේ. 

    බූට් පැරාමීටර් කොටස්, අදාළ පාටිෂන් එකේ පිහිමීට පිළිබද සවිස්තර වාර්ථාවක් ඇත. Byte Per Second Perclustor, No of Copies Of FAT, No of Sector for Fat යනා දී වශයෙනි. පාටිෂන් එක තුළ විවිද ස්ථාන හදුනා ගැනීම සදහා බූට් පැරාමීටර් (Boor Parameter) භාවිතා වේ.

    • ඩේටා ස්පේස් 

    පාටිෂන් එකේ මුළු ඉඩ ප්‍රමාණයෙන් 99.7% පමණ වූ බහුතර බඩ ප්‍රමාණය ඩේටා ස්පේස් නම් කොටසට අයත් වේ. ෆයිල් සේව් කිරීමේදී ඒවායේ ඇති තොරතුරු සටහන් වන්නේ මෙම තොටසෙහිය. 

    පිළිවෙලකට දත්ත සටහන් කොට තැබීම සදහා ඩේටා ස්පේස් එක ක්ලස්ට (Cluster) වලට බෙදා එක් එක් ක්ලස්ට සදහා විශේෂ ඇඩ්‍රස් (Address) එක බැගින් සපයා ඇත. මෙම ඇඩ්‍රස් එක මඟින් ඕනෑම ක්ලස්ටරයක් වෙත නිවැරදි ඩිස්ක් හෙඩ් එක ගොන යාම සහතික කරයි.

    • ෆයිල් ඇලෝකේෂන් ටේබල් හෙවත් ෆැට් 

    ඩේටා ස්පේස් හි ඇති සෑම ක්ලස්ට එකක්ම ඇඩ්‍රස් එකක් ඊට අදාළ ස්ටේටස් එක හෙවත් තත්වයත් මෙම කොටස තුළ සදහන් වේ. ෆැට් එක කියවීම මඟින් ඩේටා ස්පේස් හි ඇති ඕනෑම ක්ලස්ට එකක්, ෆයිල් සේව් කිරීමට භාවිත කොට තිබේද, නැතිනම් අලුත් ෆයිල් එකක් සේව් කිරීමට භාවිත කළ හැකි ද, එසේත් නැත්නම් ප්‍රයෝජනයට ගත නොහැකි බෑඩ් ස්ලස්ටර් (Bad Clustor) සේ පවතී ද, යන්න බලා ගත හැක.

    • ඩිරෙක්ටරි ඒරියා 

    පාටිෂන් එක මත සේවා කර ඇති ෆයිල්වල Name, Size, Attributes යනාදී තොරතුරා හා ඩේටා ස්පේස් හි භාවිත කර ඇති පළමු ක්සස්ටරයේ ඇඩ්‍රස් එක යන මේවා ඩිරෙක්ටරි ඒරියා එකේ සටහන් වී තිබේ. (Directory Name) ද මීට අතුලත් වේ.

    ෆයිල් එකක් සේව් කීරීමේ ක්‍රියාවලිය 




    යම් කිසි ෆයිල් එකක් සේව් කරන ලෙස පරිගණකයට දැන් වූ විට, ඩිරෙක්ටරි ඒරියා එකේ File Name, Size, Attributes ආදී තොරතුරු ඇතුළත් කරයි. දත්ත ලිවීමට සුදුසු ක්ලස්ටස් එකක් හෙවත් ස්ටේටස් එක 0000 ලෙස ඇති ක්ලස්ටර් එකක් ෆැට් එක මත සොයා බලයි. උදාහරණයක් ලෙස මෙසේ හමු වූ ක්ලස්ටරයේ ඇඩ්‍රස් එක 0003 යැයි සිතමු. ඩිරෙක්ටරි ඒරියා එකේ File Name එකට ඉදිරියෙන් පළමු ක්ලස්ටරය ලෙස 0003 ඇතුළත් කරයි. ඉස්පසු ඩේටා ස්පේස් හි 0003 නම් ක්ලස්ටරය තුළ දත්ත ලිවීම ඇරඹේ. එම ක්ලස්ටර් එක 0000 තත්වයේ ඇති ක්ලස්ටර් එකක් ගැන සොයා බලයි. මෙවිට ලැබෙන ක්ලස්ටර් ඇඩ්‍රස් එක 0005 වූයේ යැයි සිතමු. ෆැට් එක මත 0003 නම් ක්ලස්ටර් ඇඩ්‍රස් එකේ ස්ටේටස් එක 0005 ලෙස සදහන් කරයි. (Next Clustor). ඉන්පසු ඩේටා ස්පේස් හි 0005 වන ක්ලස්ටරයේ දත්ත ලියා අවසන් වි ඇත්නම් ෆැට් එකේ 0005 දරණ ක්ලස්ටර් ඇඩ්‍රස් එකේ ස්ටේටස් එක ffff ලෙස ලියා තබයි. 

    දැන් මෙම ෆයිල් එක කියවීමේ දී ඩිරෙක්ටරි ඒරියා එකෙන් File Name එක සොයාගෙන, පළමු ක්ලස්ටර් ඇඩ්‍රස් එක සොයා ගනී. අනතුරුව ෆැට් එක කියවීමේන් අවසානය දක්වා වූ ඉතිරි කලස්ටර් සොයා ගක හැකි නිසා ඩේටා ස්පේස් වෙතින් අවශ්‍ය ක්ලස්ටර්ස් සියල්ල කියවා ගෙන අදාල ෆයිල් වන ලොඩ් කළ හැකි වේ.

    ෆයිල් එකක් මකා දැමීම 


    ෆයිල් එකක් ස්තීර ලෙස පරිගණකයෙන් ඉවත් කිරීමේ දී සිදුවන්නේ ඩිරෙක්ටරි ඒරියා එකෙන් අදාළ ෆයිල් එකේ තොරතුරු ඇතුලළත් Record එක මකා දැම්මත්, ෆැට් එක තුළ ඊට අදාළ ක්ලස්ටර් ඇඩුස්වල ස්ටේටස් එක 0000 ලෙස ලිවීමත් ය. 

    කෙසේ වෙතත් ඩිරෙක්ටරි ඒරියා හා ෆැට් ආදියෙහි පිටපතක් හෙවත් කොපි කීපයක් සෑම විටම තබා තිබෙන බැවින් "Third Party Tool" එක් භාවිත කොට පැරණි ෆැට් එකක් කිය වීම මඟින් ඩිලීට් කරන ලද ෆයිල්ස් නැවත ලබා ගත හැකිය.

    ක්වික් ෆෝමැට් කිරීම 


    මෙහිදී සිදුවනුයේ ඩිරෙක්ටරි ඒරියා එක මත ඇති ෆයිල් හා ෆෝල්ඩර් ආදියේ නම් සියල්ලම මකා දැම්මත්, ෆැට් එක මත ඇති සියලුම ක්ලස්ටර් ඇඩ්‍රස්වල ස්ටේටස් එක 0000 කිරීමත්ය. (සරලව කියතොත් පාටිෂන් එක මත පිහිටි ෆයිල්ස් හා ෆෝල්ඩර්ස් සියල්ලම ඩිලීට් කිරීමයි)

    ෆුල් ෆෝමැට් කිරීම 


    මෙහි දී පාටිෂන් එකේ ඇති බූට් සෙක්ටර්,ඩේටා ස්පේස්, ෆැට් හා ඩිරෙක්ටර් ඒරියා යන මේවා අලුතින් පිහිටුවා, ඒවා අතර ඇති සම්බන්ධකම් අළුතින්ම ගොඩ නඟයි. ඩේටා ස්පේස් කොටස නැවත සකස් කොට ඇඩ්‍රස් කිරීමත් ෆැට් එක අලුතින් නිර්මාණය කිරීමත් සිදු වේ.

    බෑඩ් සෙක්ටර්ස් ලකුණු කිරීම 


    බෑඩ් සෙක්ටර් හෝ බෑඩ් ක්ලස්ටර් ලෙස හැදින්වෙන්නේ නිසිපරිදි ධත්ත ලියා තැබිය නොහැකි එනම් දෝෂ සහිත වූ කලස්ටරයන්ය. ස්කෑන් ඩිස්ක් වැනි ටූල් එකකදී සිදුවන්නේ ඩේඩා ස්පේස් කොටස් ඇති සෑම ක්ලස්ටර් එකකම සංකීර්ණ ඩේටා පේලියක් ලියා ඒවා ඒවා නැවත කිවා බැලීමයි. ලියන ලද ඩේටා හා කියවූ විට ලැබුණු ඩේටා වෙනස් වූයේ නම් එම ක්ලස්ටර් එක බෑට් කලස්ටරයක් ලෙස හඳුනා ගැනෙන අතර ෆැට් එක මත අදාළ ක්ලස්ටර් ඇඩ්‍රස් එකේ ස්ටේටස් එක FFF7 ලෙස සලකුණු කරයි. මෙවිට ෆයිල් සේව් කරන අවස්තාවලදී මෙම බෑඩ් ක්ලස්ටර්ස් පාවිච්චි කිරීමෙන් වලක්වා ගත හැක. 

    බෑඩ් සෙක්ටර් ඉවත් කිර දෙන සමහර "Third Party Tools" වලින් සිදු කෙරෙනුයේ ෆැට් එක මත ඇති FFF7 නම් බෑඩ් මාක් එක ඉවත් කර 0000 ලෙස සකස් කිරීමයි. මෙවිට බෑඩ් සෙක්ටර් මාර්ක් (Bad Sector Mark) එක ෆැට් එකෙන් ඉවත් වුවත් අදාළ ක්ලස්ටර් එකෙහි ලියන ලද දත්ත නිසා පරිදි සේව් වන්නේ නැති බැවින්, හාඩ් ඩිස්ක් එක භාවිත කරන්නා කරදරයකට පත් විය හැක.

    ෆයිල් හිඩ්න් කිරීම 


    ෆයිල් හා ෆෝල්ඩර්ස්වල Attributes ලෙස සළකුනු ලබන Hidden, Read Only යන කරුණු ලියා තබන්නේ ඩිරෙක්ටරි ඒරියා එක තුළයි. යම් ෆයිල් එකක් හිඩින් ඛල විට ඒ බව ඩිරෙක්ටරි ඒරියා එකේ අදාළ File Name එකට ඉදිරියෙන් සඳහන් කොට තබන අතර File List එක පෙන්වන අවස්ථාවලදී සැඟවූ ෆයිලිස් කියවීම අතහැර යයි. මීට අමතරව ෆැට් හා ඩේටා ස්පේස්වල ඒ ආකාරයටම  දත්ත පවතී.


    Read More | comments

    වර්ඩ් ගොනුවක් සමඟ මුද්‍රන අකුරු එබ්බීම (Embedding Fonts)

    සාමානයයෙන් අපේ අත්දැකීම තමා සංහලෙන් සකස් කරන ලද ගොනුවක් වෙනත් පරිගණකයක විවෘත කිරීමේදී එම ගොනුව සැකසීම සඳහා බාවිත කළ Font එක එම පරිගණකයේ නොතිබුනහොත් ඉංග්‍රීසි අකුරු වලින් විකෘති වූ ගොනුවක් ප්‍රදර්ශනය වීමයි.

    මෙම ගැටළුවෙන් මදීම සඳහා නිතරම සිදු කරනුයේ අපි ගොනුව සැකසීමට භාවිත කළ Font වෙනම බහාලුමක දමා යොමු කිරීම.

    මේ සඳහා පහසු විසඳුමක් තියෙනවා කරගන්න. එමඟින් පහසුවෙන් පරිගණකයේ Font  තිබුනා හෝ නැතා ගොනුව කියවීමට හැකියාව ලබා දෙනවා.

    එය කර ගන්නා ආකාරය මීළගට විමසා බලමු.

    මුද්‍රන අකුරු එබ්බීම (Embedding Fonts)


    Just because you use awesome fonts that nobody else has doesn’t mean you should stop using them, instead you can easily embed the fonts in your documents, so go ahead and click on the Files and select Options from the Menu.

    මේ සඳහා මුලින්ම File Tab එකට ක්ලික් කරන්න.
    එහි Options විධානය තෝරා ගන්න.


    එවිට ඔබට Word Options වින්ඩෝව ලැබෙන අතර එහි Save විධානය තෝරාගන්න.

    එහි අවසානයට ඇති embed fonts in the file විධානය සක්‍රීය කර ගැනීමට එය ඉදිරියෙන් ඇති chek Box එක ක්ලික් කර තෝරාගන්න.

    දැන් ඔබගේ ගොනුව වෙනත් පරිගණකයකදී එම පරිගණකයේ ඔබලේ ගොනුව සනස් කළ අකුරු තිබුනා හෝ නොමැති වුවාහෝ කිසිම ගැටළුවක් නොමැතිව ප්‍රදර්ශනය වනු ඇති.
    Read More | comments

    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ශූර තරඟයේ ජය සංකේත ප්‍රදානෝත්සවය‍

    පරිගණකයෙන් පරතෙරට යන මගක් ග්‍රේරු කියයි
    2014 ජනවාරි මස 02 15:35:45 | .

    මුලික පරිගණක අධ්‍යාපනයෙන් එහා ගිය ජාත්‍යන්තර මට්ටමේ දැනුම් ආර්ථිකයක් ගොඩනැගිය හැකි පරිගණක හා තොරතුරු තාක්‍ෂණ විෂයය මාලාවක් ඉතා ඉක්මනින් හඳුන්වා දිය යුතු යැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.
    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ශූර තරඟයේ ජය සංකේත ප්‍රදානෝත්සවය‍ට  සහභාගී වෙමින් ග්‍රේරු මහතා මේ බව කීය.
    අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු සන්නිවේදන ශාඛාව, ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ කර්මාන්ත කරුවන්ගේ එකමුතුව හා ශ්‍රී ලංකා පරිගණක සමාජය පස්වන වරටත් මෙය සංවිධානය කළේය. කොළඹ විශ්ව විද්‍යාලයීය නව කලාගාරයේදී පාසල් සිසුන් 210 ක් සඳහා මෙහිදී ජය සංකේත ද මෙහිදී  ප්‍රදානය කෙරිණි.
    අදහස් දැක්වූ මොහාන් ලාල් ග්‍රේරු මහතා,
    ‘වර්තමාන ඉන්දියාවේ බැංගලෝරය වැනි ප්‍රදේශයක පවා පරිගණක හා තොරතුරු තාක්‍ෂණය ප්‍රයෝජනයට ගෙන මුලු ලෝකයම දිනා  ගන්න සමත් වෙලා තිබෙනවා. ඒ හරහා ඩොලර් මිලියන ගණන් විදේශ විනිමය ප්‍රමාණයක් ඉන්දියාවට උපයා ගැනීමට ප්‍රදේශයේ පරිගණක සමාගම් වලට හැකි වෙලා තිබෙනවා. ඒ අතින් බලන කොට අප රටේ තොරතුරු තාක්‍ෂණ දියුණුව තව බොහෝ දුර යා යුතුයි.
    ශ්‍රී ලංකාවේ පරිගණක සාක්‍ෂරතාවය 2005 වන විට සියයට තිස් පහක් වුනත් ප්‍රමාණයක් වුනත් අද වන විට එය 75% දක්වා සමීපයට පැමිණ තිබෙනවා.
    සියලු උපාධිධාරී ගුරුවරුන් නගරයේ පාසල් වලට එන්න උත්සාහා කරනවා. එයින් මේ ඈත ගම්මාන වල අහිංසක දරුවන් අසරණ වෙලා. නිදහස් අධ්‍යාපනයට ගරු කිරීමක් වශයෙන් අඩුම වශයෙන් වසර පහක් වත් ඈත ගම්මාන වලටත් ගිහින් ඒ දරුවන්ටත් තොරතුරු තාක්‍ෂණය පරිගණක, දැනුම බෙදා දෙන්න ධෛර්යමත්ව ඉදිරිපත් වන්නැයි මා උපාධිධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.
     උපුටා ගැනීම - 

    Read More | comments

    Word වල Ruler එකෙහි මිනුම් ඒකකය වෙනසු කරමු.

    00_lead_image_ruler

    මුපින්ම File tab එකට ක්ලික් කරන්න.


    එහි මෙනුවේ ඇති Options විධානය මත ක්ලික් කරන්න.


    Word Options සංවාද කොටුවේ ඇති Advanced කොටුව මත ක්ලික් කරන්න.


    පහතට Scroll කර Display කාණ්ඩය තෝරාගන්න.
    එහි Show measurements in units of යටතේ ඇති drop-down ලයිස්තුවෙන් අවශ්‍ය මිණුම් ඒකකය තෝරාගන්න.


    දැන් නැවත ගොස් බලන්න. මිණුම් ඒකකය වෙනස් වී ඇති බව දැක ගැනීමට ලැබේවි.


    යම් හෙයකින් ruler ප්‍රදර්ශනය නොවන්නේ නම් View tab එකකට ක්ලික් කර Ruler check box එක ක්ලක් කර තෝරාගන්න. එවිට ඔබ වෙනස් කළ මිණුම් ඒකකයත් සමඟ රූල ප්‍රදර්ශනය වනු ඇති.

    Read More | comments

    වින්ඩෝස් වලදී භාවිත වන පද්ධති මෙවලම් (system utilities) කීපයක්

    Written By Saman Bandara Herath on Wednesday, January 1, 2014 | 5:08 AM

    Wednesday, January 1, 2014


    විධානයන් භාවිත කිරීමේ දී ඒවායේ නම් සහ එයින් කෙරෙන කාර්ය දැනගෙන සිටීම ප්‍රයෝජනවත් වෙනවා. එවිට අපට එම මෙවලම් සොයාලෙන අපගේ කාර්ය ඉටු කර ගැනීමට අවස්ථාව උදාකර ගැනීමට පුළුවන්.

    මෙම ලිපියේ දී වින්ඩෝස් වල භාවිත වන පද්ධති මෙවලම් කීපයක් සහ ඒවායින් සිදුවන කාර්ය පිලිබඳව සොයා බැලීමක් කරන්නයි බලාපොරොත්තු වන්නේ.


    Windows Memory Diagnostic

    පරිගණක මතකයේ පවත්නා දෝෂයන් හඳුනාගැනීම සඳහා මෙම මෙවලම් භාවිතයට ගැනේ.

    මෙය ක්‍රියාත්මක කිරීම සඳහා,

    Start button -> Control Panel -> 
    එහි සෙවුම් කොටුවෙහි Memory ලෙස ටයිප් කරන්න.
    මෙවිට ලැබෙන Diagnose your computer's memory problems මත ක්ලික් කරන්න. එවිට පහතරූපයේ පරිදි ලැබෙන සංවාද කොටුව බාවිතයෙන් ඔබගේ කටයුත්ත ඉදිරියට කරගෙන යාමට හැකි වේ.



    Resource Monitor

    මෙමගින් ඔබගේ පරිගණකයේ සම්පත් වල බාවිතාව පිළිබඳ විස්තරයක් ලබා ගැනීමට හැකි වේ.
    ඒ අනුව,
    • කුමන කාර්යයක් සඳහා ඔබගේ ඔබගේ දෘඩ තැටිය භාවිත වන්නේ ද යන්න දැක බලා ගැනීමට
    • ඒ ඒ කාර්ය සඳහා යොමු වී ඇති අන්තර්ජාල ලිපිනය බලා ගැනීමට ආදී වශයෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් දැක ගැනීමට අවස්ථාව ලබා දේ. 
    මෙය ලබා ගැනීම සඳහා,
    Start මෙනුවේ Resource Monitor ලෙස සෙවීමෙන් පහත රූපයේ දැක්වෙන ආකරයේ වින්ඩෝවක් ලබා ගැනීමට හැකි වේ.


    Performance Monitor

    මෙමඟින් මෙහෙයුම් පද්ධතිය හා යෙදවුම් මෘදුකාංග වල ක්‍රියාකාරීත්වය පිළිබඳව වාර්තාව ලබා ගැනීමට හැකියාව ලබා දෙනවා.

    මෙය ලබා ගැනීම සඳහා,
    Start මෙනුවේ Performance Monitor ලෙස සෙවීමෙන් පහත රූපයේ දැක්වෙන ආකරයේ වින්ඩෝවක් ලබා ගැනීමට හැකි වේ.


    Computer Management and Administrative Tools

    පරිගණකයේ විවිධ කටයුතු කර ගැනීමට තියෙන මෙවලම් බොහෝමයක් Administrative Tools යටතේ දැක ගන්න පුළුවන්.

    එයට යොමු වීමට,
    Start මෙනුවේ Administrative Tools ලෙස සෙවීමෙන් එම වින්ඩෝව ලබා ගැනීමට හැකි වේ.

    එමඟින් පරිගණකයේ පහත දැක්වෙන විවිධ අංශ මෙහෙයවීම සඳහා අවශ්‍ය මෙවලම් එකතුවක් ලබා ගැනීමට අවස්ථාව උදා වේ.

    • Component Services. 
    • Computer Management. 
    • Data Sources (ODBC). 
    • Event Viewer. 
    • iSCSI Initiator. 
    • Local Security Policy.
    • Performance Monitor.
    • Print Management. 
    • Services. 
    • System Configuration. 
    • Task Scheduler.
    • Windows Firewall with Advanced Security. 
    • Windows Memory Diagnostic. 

    Start මෙනුවේ Computer Management ලෙස සෙවීමෙන් මෙම තොරතුරු අතරින් බොහෝමයක් ඇති එක් වින්ඩෝවක් පහත රූපයේ දැක්වෙන ආකාරයට ලබා ගැනීමට අවස්ථාව ලැබේ.



    Windows Firewall with Advanced Security

    firewall එක සඳහා වාවාධ වෙනස් කම් සිදු කර ගැනීම සඳහා මෙම මෙවලම් භාවියට ගනී.

    මෙය ඍජුයම ලබැ ගැනීමට නම්,
    Start මෙනුවේ Windows Firewall ලෙස සෙවීමෙන් එම වින්ඩෝව ලබා ගැනීමට හැකි වේ.


    Advanced User Accounts Tool

    සාමාන්‍යෙයන් අප User Accounts සකස් කිරීමට භාවිත කරනවාට වඩා සංකීර්ණ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ අවස්ථාව සලසා දී තිබේ. ඒ සඳහා යොමු වීමට මෙම මෙවලම භාවිතා කළ යුතුයි.

    මෙය ලබා ගැනීම සඳහා,
    WinKey+R කළ විට ලැබෙන Run සංවාද කොටුවේ netplwiz හෝ control userpasswords2 යනුවෙන් ටයිප් කර  Enter කරන්න.


    Disk Cleanup

    මෙමගින් ඔබගේ පරිගණකයේ ඇති temporary files, memory dumps,old system restore points සහ Windows upgrades වලදී අතහැර දැමූ ගොනු මකා දැමීම සිදු කරනු ලබනවා.

    මෙය ලබා ගැනීමට,
    Start මෙනුවේ isk Cleanup ලෙස සෙවීමෙන් එම වින්ඩෝව ලබා ගැනීමට හැකි වේ.


    Registry Editor

    පරිගණකය ක්‍රියාකරණ ආකාරය පිලිබඳව තොරතුරු සහිතය.

    මෙය ලබා ගැනීමට,
    Start මෙනුවේ regedit  ලෙස සෙවීමෙන් එම වින්ඩෝව ලබා ගැනීමට හැකි වේ.


    MSConfig

    මෙම මෙවලම මඟින් පරිගණකයේ ආරම්භක වැඩසටහන් පාලනය කිරීම සිදු වන අතරම boot loader එක වෙනස් කිරීම පිළිබඳ තොරතුරු ඇතුලත් වනවා.

    මෙය ලබා ගැනීමට,
    Start මෙනුවේ msconfig  ලෙස සෙවීමෙන් එම වින්ඩෝව ලබා ගැනීමට හැකි වේ.


    System Information

    පරිගණකය පිළිබඳව පූර්ණ විස්තරයක් ලබා ගැනීමට මෙම මෙවලම මඟින් හැකියාව ලැබේ.

    මෙය ලබා ගැනීමට,
    Start මෙනුවේ System Information  ලෙස සෙවීමෙන් එම වින්ඩෝව ලබා ගැනීමට හැකි වේ.


    මෙහිදී මෙම මෙවලම් පිළිබඳව ඉතා සැකවින් හඳුන්වා ඇති අතර මෙම එක් එක් මෙවලමින් සිදු කරන කාර්යයන් පිළිබඳව දැනුවත් වීම වැදගත් වන බව මතන තබා ගන්න.
    Read More | comments

    Microsoft Word භාවිතා කර Screenshots ගනිමු.

    Microsoft Word භාවිත කරලා Screenshots ලබා ගන්න එක හරිම පහසු කටයුත්තක්. ඒ සඳහා මුලින්ම,

    Insert tab --> Screenshot button -->

    එවිට ඔබට මෙ වන විට විවෘතව ඇති සියළුම වින්ඩොවෙන් කුඩා අයිකනයක් අධාරයෙන් පෙන්නුම කරන අතර එයින් ඔබට අවශ්‍ය වික්ඩෝව තෝරා ගන්න.



    එවිට ඔබගේ සම්පූර්ණ වින්ඩෝවේ රූපයක් පිටුව මතට එක් වේ.



    මුළු වින්ඩෝවේම රූපයක් කොව කොටසක් ලබා ගැනීමට අවශ්‍ය විටදී Screen Clipping විධානය මත කලික් කරන්න.



    එහිදී ඔබ තෝරන වින්ඩෝවේ අවශ්‍ය කොටස පෙන්නුම් කීරීමට අවස්ථාවක් ලැබෙන අතර එය තේරූ වහම එය ඔබගේ පිටුවට එක් වීම සිදු වේ.



    Read More | comments (1)
    Related Posts Plugin for WordPress, Blogger...
    Related Posts Plugin for WordPress, Blogger...

    මිතුරු කැල

    Total Pageviews

    About Me

    My Photo
    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය ඉගැන්වීමේ යෙදී සිටින ගුරුවරයෙක්

    About.me

    Google+ Followers

    මාව අමතන්න

    Name

    Email *

    Message *