ලිනකස් වල Microsoft Office මෘදුකාංගය ස්ථාපනය කර ගන්නා ආකාරය (Wine භාවිතයෙන්)

Written By Saman Bandara Herath on Tuesday, December 31, 2013 | 8:48 PM

Tuesday, December 31, 2013

මේ සඳහා භාවිත කළ හැකි ක්‍රම ගණනාවත් කියෙනවා. ඒ අතරින් ‘වයින්‘ කියන මෘදුකාංගය භාවිතයෙන් මෙය කර ගන්නා ආකාරය තමයි මෙම ලිපියේ දී සාකච්ඡා කරන්න යන්නේ.

ලිනක්ස් වලදී වදන් සැකසුම සඳහා ඕපන් ඔෆීස් නැතිනම් ලිබ්රේ ඔෆිස් මෘදුකාංග භාවිතා කළ හැකි අතර එසේ නොමැතිව අත්‍යාවශ්‍ය අවස්ථාවක් සඳහා මෙම මෘදුකාංගය ස්ථාපනය කර ගැනීමට පුළුවන්.

මේ සඳහා නිදර්ශනය කර ගන්නේ  Office 2007 මෘදුකාංගය සහ උබුන්ටු මෙහෙයුම් පද්ධතියයි. ඒ අනුව මුලින්ම ඔබගේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ වයින් මෘදුකාංගය ස්ථාපනය කර ගෙන සිටින්න. ඒ සඳහා උබුන්ටු වලදී නම් software center එක භාවිතය කිරීමට පුළුවන්.

install-wine-on-ubuntu

මීළඟට Microsoft Office සංයුක්ත තැටියේ ඇති setup.exe ගොනුව උබුන්ටු වල  file manager වෙතින් ගෙස් right click කර  open with විධානය භාවිතා කර Wine වලින් විවෘත කරන්න.

install-office-with-wine

එවිට සාමානයෙන් ස්ථාපනය වීම සඳහා ලැබෙන වින්ඩෝවක් ලැබෙන අතර එමගින් මෘදුකාංගය ස්ථාපන කිරීම ආරම්භ කරන්න.

running-office-installer-on-linux

උබුන්ටු නව සංස්කැණ වලදී කිසිම ගැටළුවක් නොමැතිව මෙම මාදුකාංගය ස්ථාපනය වන අයරු දැක ගැනීමට හැකි වේවි.

microsoft-office-installed-on-linux

මේ ආකාරයට වින්ඩෝස් මත දුවන අනිකුත් බොහෝ මෘදුකාංග ස්ථාපනය කැ ගැනීම ඉතා පහසුවෙන් කර ගැනීමට පුළුවන්.

Linux තුළ දී Microsoft Office භාවිත කරන අයරු

ස්ථාපනයෙන් පසුව log out වී නැවත පැමිණිමෙන් පසුව  desktop’s launcher එකේ තියෙන dash එක් භාවිතයෙන් Microsoft Office මෘදුකාංග වෙත යොමු වීමට අයිකන ලබා ගැනීමට හැකියි.

Dash එකේහි Office ලෙස Type කළ විට පහත රූපයේ පරිදි අයිකන ලැබෙනු ඇති.

wine-office-shortcuts-in-unity-launcher

Office works pretty well on Linux. Wine presents your home folder to Word as your My Documents folder, so it’s easy to save files and load them from your standard Linux file system.

ලිනකස් මතදී ගොනු හැසිරීම වින්ඩෝස් වලදී ලෙසින්ම පෙන්වීම වයින් මෘදුකාංගය විසින් සිදු කරයි. එය ලිනක්ස් මත මෙම මෘදුකාංගය පහසුවෙන් භාවිත කරන්නට උපකාරයක් වෙයි.

office-on-linux-file-dialog[4]

මෙහිදී මතක තබා ගත යුතු විශේෂ කරුණක්ද තියෙනවා. ඒ තමයි වින්ඩෝස් වලදී අපි මෙම මෘදුකාංගයෙන් ලබා ගන්නා සියළුම පහසුකම් සහ වේගය ඒ ආකාරයෙන්ම ලබා ගැනීමට නොහැකි බව.

run-microsoft-word-on-linux

සාමාන්‍ය කටයුතු කර ගැනීමේ දී මෙම ක්‍රමය ඔබට ගැටළු ඇති කරයි නම් ඒ සඳහා ඇති හොඳම විසඳුම වන්නේ ලිනක්ස් මත Virtual Box එකක් භාවිතා කර වින්ඩෝස් ෂ්තාපනය කර ඒ මත මෙම මෘදුකාංගය භාවිත කිරීමයි.

Read More | comments (3)

ශ්‍රීතයක් භාවිතයෙන් excel වලදී case එක වෙනස් කර ගන්න දන්නවද?

excel  වලදී අපට ලැබෙන නම් ලයිස්තුවක කේස් එක වෙනස් කර ගන්න වුවමනා යැයි සිතමු. මේ වැඩේ වර්ඩ් වලදී වගේ කර ගන්න අයිකනයක් ලබා දීලා නැ excel  වලදී.


ඒ නිසා එම කාර්ය කර ගැනීමට ශ්‍රිතයක් භාවිත කරන්න වෙනවා. එය මූලික ආකාර 3කින් පෙන්නා දෙන්න පුළුවන්.

එනම්,
  • = Upper(cell address) – upper case
  • = Lower(cell address) – lower case
  • = Proper(cell address) – sentence case (පළමු අකුර පමණක් කැපිටල් කිරීමට)
මෙය නිදර්ශනයකින් විමසා බලමු.
A column එකේ නම් පෙළක් ඇතැයි සිතන්න. පහත රූපයේ ආකාරයට,



















මෙම නම් පෙළ B column  එකේදී කැපිටල් වලින් ලියන්න අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ B1 සෙල් එකෙහි මෙ ආකාරයට ශ්‍රිතයක් ගොඩනැගීමයි.
 = Upper(A1)




















දැන් Enter කර බලන්න.  A1 සෙල් එකේ පැවති saman කියන වචනය B1 සෙල් එකේ කැපිටල් වලින් ප්‍රදර්ශනය කරයි.



















මෙය  B column එකේ පහත ඇති සියලුම සෙල් වලට ලබා දීම සඳහා B1 සෙල් එක මත ක්ලික් කල විට ලැබෙන කොටුවේ දකුණු පහල කෙළවර ඇති Fill handle එක ඇදගෙන යාමෙන් ලබා ගැනීමට හැකි වේ.
 


මේ විදියට අනික් ශ්‍රිත දෙක භාවිතයෙන්  lower case වලට මෙන්ම sentence case වලට හරවා ගැනීමට අවස්ථාව ලැබේ.
Read More | comments (2)

පරිගණකයක් එකළස් කරන ආකාරය - කාලිංග ඇතුලත්මුදලි

Written By Saman Bandara Herath on Saturday, December 28, 2013 | 8:06 PM

Saturday, December 28, 2013

පරිගණකයක් එකලස් කරන ආකාරය පිලිබඳව කාලිංග ඇතුලත්මුදලි විසින් නිර්මාණය කර ඇති වීඩියෝව ඔබටත් ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.

Read More | comments

සටහන් පොත අලුත් වෙන්න යනවා..........

Written By Saman Bandara Herath on Friday, December 20, 2013 | 7:04 AM

Friday, December 20, 2013

වසර 3 කට පසු අලුත් පියවරක් තබන්නට උත්සාහ ගනිමින් සිටින ‘සටහන් පොත‘ පිළිබඳව ඉඟියක් පහත යොමුව ඔස්සේ ඔබට දැක ගැනීමට ලැබේවි.

https://googledrive.com/host/0B6CPXl5fRr2IcFBSUW5zVkR1b28/#

මේ පිළිබඳව ඔබගේ අදහස් උදහස් දක්වන්නේ නම් ස්තුතිවන්ත වෙමි.
Read More | comments

ලිනක්ස් භාවිත කරන්නට තෝරාගැනීමට තියෙන වැඩතලයන් (Desktop)

Written By Saman Bandara Herath on Thursday, December 19, 2013 | 11:11 PM

Thursday, December 19, 2013

අප භාවිත කරන මෙහෙයුම් පද්ධතියත් සමග ලැබෙන වැඩතලය (Desktop) තමයි අපි සාමාන්‍යයෙන් අපි භාවිත කරන්නේ. වින්ඩෝස් වලදී මෙම මුහුණත වෙනස් වූයේ වෙළුම් සමඟ බව ඔබ දන්නවා. 

නමුත් ලිනක්ස් වලදී එක වැඩතලයක් නොව වැඩතල ගණනාවක් කැමති ආකාරයෙන් තෝරා ගැනීමට අවස්ථාව තියෙනවා. 

කැමති ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කර ගැනීමෙන් පසුව ඔබට අවශ්‍ය විදිට වැඩතලයක් ස්ථාපන කර ගැනීමට අවස්ථාව තියෙනවා.  

ubuntu-derivatives
පහත දැක්වෙන්නේ ඒ විදියට ලිනක්ස් වලදී ස්ථාපනය කර ගැනීමට පුළුවන් වැඩතලයන් කීපයක් පිළිබඳ විස්තර. 

Unity

උබුන්ටු වලදී බහුලවම භාවිත වන වැඩතලයයි.

GNOME

Fedora හා Debian වලදී මෙම වැඩතලය බහුලව භාවිතයට ගනී.

KDE

වින්ඩෝස් වලට බෙහෙවින් සමාන  වැඩතලයකි.

Xfce

සරළ වැඩතලයකි.

Cinnamon

GNOME 3 ආදර්ශ කොටගෙන නිර්මාණය කල වැඩතලයකි. 

MATE

LXDE

Read More | comments

IP Address (3) ඔබගේ Windows 7 පරිගණකයේ IP ලිපිනය බලා ගැනීම

පෙර ලිපියේ දී අපි වින්ඩෝස් එක්ස්පි වලදී IP ලිපිනය බලා ගන්නා ආකාරය පැහැදිලි කලා. මෙම ලිපියේ දී අපි බලමු Windows 7 වලදී කොහොමද IP ලිපිනය බලා ගෙන්නේ කියලා.



Read More | comments

IP Address (2) ඔබගේ Windows xp පරිගණකයේ IP ලිපිනය බලා ගැනීම

Written By Saman Bandara Herath on Wednesday, December 18, 2013 | 9:29 PM

Wednesday, December 18, 2013

මීට පෙර ලිපියේ දී අපි IP ලිපිනයක් යනු කුමක්දැයි හඳුනාගත් අතර මෙම ලිපියේ දී  Windows xp මෙහෙයුම් පද්ධතිය තියෙන පරිගණකයේ IP ලිපිනය බලා ගන්නා ආකරය පිළිබඳව විමසා බැලමු.



Read More | comments (2)

IP ලිපිනයන් යනු කුමක්දැයි හඳුනාගනිමු

මෙම ලිපියේ දී උසස් පෙළ තොරතුරු තාක්ෂණය හදාරණ ළමුන් සඳහා නියමිත පරිගණක ජාල කරණය පාඩම සඳහා වැදගත් වන මෙම මාතෘකාවක් වන IP ලිපිනයන් පිළිබඳව සාකච්ඡා කෙරේ.



Read More | comments

TCP/IP පැහැදිලි කෙරෙන වීඩියෝ දෙකක්

Written By Saman Bandara Herath on Sunday, December 15, 2013 | 4:29 AM

Sunday, December 15, 2013

උසස් පෙළ තොරතුරු තාක්ෂණය හදාරණ සිසුන්ගේ සාමාන්‍ය දැනීමට වැදගත් වේවි.

පළමු කොටස


දෙවන කොටස
Read More | comments

සංඛ්‍යා පාද අතර සංඛ්‍යා පරිවර්තන කරන ආකාරය විමසා බලමු.

Written By Saman Bandara Herath on Saturday, December 14, 2013 | 7:02 AM

Saturday, December 14, 2013

මෙම සංඛ්‍යා පද්ධති 4 ට පරිවර්තන 12 ක් තියෙනවා. ඒවායින් 8ක් පිළිබඳව අපි මෙහිදී සාකච්ඡා කරනවා. ඒවානම්,
  1. දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට,
  2. දශමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට,
  3. දශමය සංඛ්‍යා ෂඩ් දශමය සංඛ්‍යා බවට,
  4. ද්විමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට,
  5. අෂ්ටමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට,
  6. ෂඩ් දශමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට,
  7. ද්විමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට,
  8. ද්විමය සංඛ්‍යා ෂඩ්දශමය සංඛ්‍යා බවට, පරිවර්තනය කරන ආකාරය විමසා බලනවා.
ඒ අනුව,


  • දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකරය,
  • දශමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය,

  • දශමය සංඛ්‍යා ෂඩ් දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය,
  • ද්විමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය,
  • අෂ්ටමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය,

  • ෂඩ් දශමය සංඛ්‍යා දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය,

  • ද්විමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය,
  • ද්විමය සංඛ්‍යා ෂඩ්දශමය සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය
Read More | comments

http සහ https යනු මොනවාදැයි සොයා බලමු

Written By Saman Bandara Herath on Thursday, December 12, 2013 | 7:55 AM

Thursday, December 12, 2013

උපාංග දෙකක් අතර දත්ත සම්ප්‍රේෂණය කරගන්නා ආකාරය (පිළිවෙල) පිළිබඳ ඇතිකරගත් එකඟතාවක්” ප්‍රොටෝකෝලයක් ලෙස හැඳින්විය හැක. ජාලගත උපාංග අතර විවිධ වූ කාර්යන්සේවාවන් නිවැරදිවත් කාර්යක්‍ෂමවත් පවත්වාගෙනයාම ප්‍රොටෝකෝල භාවිත කරයි.

එ අනුව යනු සම්මුතියක් නීතියක් නැතිනම් රීතියක් වශයෙන් පෙන්නා දෙන්න පුළුවන්. අද අපි එවැනි සම්මුතීන් දෙකක් පිළිබදව අවධානය යොමු කරනවා. ඒ තමයි http සහ https



HTTP (Hyper Text Transfer Protocol)


ලෝක ව්‍යාප්ත ජාලය (WWW) පදනම් වී ඇත්තේ මෙම ප්‍රොටෝකෝලය මතය.මෙමගින් ලෝක ව්‍යාප්ත ජාල සේවාවට අදාල දත්ත සම්ප්‍රේෂණයහැසිරවියයුතු ආකාර හා වෙබ් බ්‍රවුසර් මගින් හැඳිනිය යුතු විධාන විස්තර කෙරේ. 

මේ පිළිබඳව සවිස්තර විස්තරයක් පහත වීඩියෝවෙන් දැක ගන්න පුළුවන්.



HTTPS (Hypertext Transfer Protocol over Secure)

දත්ත සම්ප්‍රේෂණය ආරක්ෂාකාරීව සිදු කර ගන්නා ආකාරය පිළිබඳව ඇති කර ගනු ලැබූ සම්මුතිය මෙම නමින් හඳුන්වනු ලබනවා.

මේ පිළිබඳව සවිස්තර විස්තරයක් පහත වීඩියෝවෙන් දැක ගන්න පුළුවන්.


Read More | comments (1)

සංඛ්‍යා පාද (Number System) හඳුනාගනිමු

Written By Saman Bandara Herath on Sunday, December 8, 2013 | 9:55 AM

Sunday, December 8, 2013

ගණිතයේ ඉතිහාසය
ඊ-ත්කසලාව වෙබ් අඩවිය වෙත යොමු වෙමු.
මේ පිළිබඳව තවත් වැඩි විස්තර අවශ්‍ය නම් විකිපීඩියා වෙත යොමු වන්න.

10 ශ්‍රේණිය ගණිතයෙ පොතේ සංඛ්‍යා පාද පාඩම
schoolnet වෙත යොමු වෙමු

10 ශ්‍රේණිය සංඛ්‍යා පාද පාඩම වෙනුවෙන් Learn TV ආයතනය සකස් කළ වීඩියෝ කීපයක්,
පළමු වීඩියෝව වෙත යොමු වෙමු
දෙවන වීඩියෝව වෙත යොමු වෙමු
තෙවන වීඩියෝව වෙත යොමු වෙමු

තොරතුරු තාක්ෂණ විෂයේ දී ඇයි අපි සංඛ්‍යාපාද ඉගෙන ගන්නේ

අප හුරු වී සිටිනුයේ දහයේ පාදයේ සංඛ්‍යා වලින් ගණුදෙනු කිරීමටය. එහිදී 0,1,2,3,4,5,6,7,8,9 යන සංඛ්‍යා මූලික වශයෙන් භාවිතා වේ. මෙම සංඛ්‍යා විවිධ ස්ථාන වලදී භාවිතය මඟින් සංඛ්‍යා නිරූපණය කිරීම සිදු වේ.

නමුත් පරිගණකය තුළ භාවිතා වන්නේ ද්වීමය සංඛ්‍යා පාදයයි. (Binary) මෙහිදී 0, 1 යන සංඛ්‍යා දෙක පමණක් භාවිතා වීම සිදුවේ. පරිගණකය මූලික වශයෙන් Digital Equipment එකකි. එබැවින්, එය සමඟ ද්වීමය සංඛ්‍යා පද්ධතිය සමපාත කිරීම පහසුය. සාපේක්‍ෂව ඉහල වෝල්ටීයතාවක් ද්වීමය 1 අගය නිරූපණය කිරීමට ද, ඊට සාපේක්‍ෂව අඩු වෝල්ටීයතාවක් ද්විමය 0 අගය නිරූපණය කිරීමට භාවිතා වෙ. සැබවින්ම පරිගණකයේ සියලූ කටයුතු සිදුවන්නේ මෙම විභව වෙනස්කම මූලික කරගනිමිනි.

පරිගණය කුළ පමණක් නොව පරිගණක අතර දත්ත හුවමාරුව සිදුවීමේදී ද මෙම විභව වෙනස ග‍්‍රහණය කර ගැනීමෙන් ඒ තුලින් සිදුවන දත්ත හුවමාරුව විශ්ලේශනය කර ලබා ගැනීමක් සිදුවේ. ද්විමය සංඛ්‍යාවල අංක 2 ක් වැනි අඩු අගයක් භාවිතා වීම පරිගණකයේ කටයුතු තවදුරටත් වේගවත් කරගැනීමට ඉවහල් වී තිබේ.

සාමාන්‍ය පෙළදී හා උසස් පෙළ දී අපි,

 සංඛ්‍යා පද්ධති 4 ක් ගැන ඉගෙන ගන්න තියෙනවා. එනම්,
  • Decimal Number System (දශමය/දහයේ පාදයේ සංඛ්‍යා පද්ධතිය)
  • Binary Number System (ද්විමය/දෙකේ පාදයේ සංඛ්‍යා පද්ධතිය)
  • Octal Number System (අෂ්ටමය/අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය)
  • Hexa-Decimal Number System (දහසයේ පාදයේ සංඛ්‍යා පද්ධතිය)

Decimal Number System


අපි එදිනෙදා පාවිච්චි කරන්නෙ මේ දශමය, එහෙමත් නැත්නම් දහයේ පාදයේ සංඛ්‍යා පද්ධතිය. 
  • දශමය සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා පාදය වෙන්නෙ 10. සාමාන්‍යයෙන් සංඛ්‍යාවක පාදය ඒ සංඛ්‍යාව යටින් ලියන්න ඕනා. ඒත් භාවිතයේ පහසුවට දශමය සංඛ්‍යා පද්ධතියෙදි ඒක යටින් ලියන්නෙ නෑ. 
  • දශමය සංඛ්‍යා පද්ධතියට ඉලක්කම් 10 ක් තියෙනවා. (0,1,2,3,4,5,6,7,8,9) 
  • සංඛ්‍යා පද්ධතියේ තනි ඉලක්කමකින් කියන්න පුළුවන් උපරිම අගය 9. 
  • සංඛ්‍යාවක් ප්‍රකාශ කරන්නෙ දහයේ බල වලින්.

Binary Number System


පරිගණක හැමදේම කරන්නෙ මේ ද්විමය සංඛ්‍යා පද්ධතිය ආධාරයෙන්. පරිගණක දන්නෙ මේ ද්විමය සංඛ්‍යා පද්ධතිය විතරයි.
  • ද්විමය සංඛ්‍යා පද්ධතියේ පාදය වෙන්නෙ 2. ඒක අනිවාර්යයෙන් ද්විමය සංඛ්‍යාවක් ලියද්දි යටින් ලියන්න ඕන. 
  • ද්විමය සංඛ්‍යා පද්ධතියට තියෙන්නෙ ඉලක්කම් 2 යි. (0,1) 
  • සංඛ්‍යා පද්ධතියේ තනි ඉලක්කමකින් කියන්න පුළුවන් උපරිම අගය 1
  • සංඛ්‍යාවක් ප්‍රකාශ කරන්නෙ දෙකේ බල වලින්. 

Octal Number System 


මේ අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය.
  • මේ සංඛ්‍යා පද්ධතියේ පාදය 8. ඒක අනිවාර්යයෙන් අෂ්ටමය සංඛ්‍යාවක් ලියද්දි යටින් ලියන්න ඕන. උඩ දාල තියෙන උදාහරණය බලන්න.
  • දශමය සංඛ්‍යා පද්ධතියට ඉලක්කම් 8 ක් තියෙනවා. (0,1,2,3,4,5,6,7)
  • සංඛ්‍යා පද්ධතියේ තනි ඉලක්කමකින් කියන්න පුළුවන් උපරිම අගය 7. 
  • සංඛ්‍යාවක් ප්‍රකාශ කරන්නෙ අටේ බල වලින්.  

Hexa-Decimal Number System


මේ සංඛ්‍යා පද්ධතිය කලින් කියපු 3 ටම වඩා වෙනස්. පරිගණක ග්‍රැෆික් නිර්මාණ තාක්ෂණයෙදි වර්ණ හඳුන්වන්න මේ සංඛ්‍යා පද්ධතිය පාවිච්චි කරනවා. මේ දහසයේ පාදයේ සංඛ්‍යා පද්ධතියෙදි ඉලක්කම් 10ට වඩා තියෙන නිසා අගයන් ලියද්දි ඉංග්‍රීසි අකුරුත් පාවිච්චි කරනවා.
  • මේ සංඛ්‍යා පද්ධතියේ පාදය 16. ඒක අනිවාර්යයෙන් දහසයේ පාදයේ සංඛ්‍යාවක් ලියද්දි යටින් ලියන්න ඕන. 
  • දහසයේ පාදයේ සංඛ්‍යා පද්ධතියට ඉලක්කම් 15 ක් තියෙනවා. (0,1,2,3,4,5,6,7,8,9,A,B,C,D,E,F)ඉංග්‍රීසි අකුරු වලින් කියවෙන ඉලක්කම් පහළ තියෙන අගයන් වලට සමාන වෙනවා.
  • A = 10 
  • B = 11 
  • C = 12 
  • D = 13 
  • E = 14 
  • F = 15
  • සංඛ්‍යා පද්ධතියේ තනි ඉලක්කමකින් කියන්න පුළුවන් උපරිම අගය F (15).
  • සංඛ්‍යාවක් ප්‍රකාශ කරන්නෙ දහසයේ බල වලින්. 
කලින් කියපු විදිහට පරිගණකය තේරුම් ගන්නෙ ද්විමය සංඛ්‍යා පද්ධතිය විතරයි. විශාල සංඛ්‍යා ද්විමය ආකාරයෙන් කියද්දි ඒක ගොඩක් දිග එකක් වෙනවා. (457 = 1001011112) ඉතින් හඳුනා ගැනීමේ පහසුවට ඒ දිග අඩු කරලා දක්වන්න අනෙක් සංඛ්‍යා පද්ධති පරිගණක ලෝකයේ පාවිච්චි වෙනවා.



අන්තර්ජාලය ඇසුරින් සකස් කරල ලද ලිපියකි. 



Read More | comments

උබුන්ටු වලදී මුද්‍රකයක් ස්ථාපනය කර ගන්නා ආකාරය විමසා බලමු.

Written By Saman Bandara Herath on Thursday, December 5, 2013 | 9:02 PM

Thursday, December 5, 2013

මෙම වීඩියෝවෙන් උබුන්ටු වලදී මෘදුකායක් ස්ථාපනය කර ගන්නා ආකාරය පෙනුන්ම් කරනවා. ඔබටත් ඒ පිළිබඳව ගැටළුවක් තිබ්බානම් මෙකෙන් විසඳුමක් ලැබෙයි.



පහත වීඩියොවෙන් පරිගණකයකට මුද්‍රකයක් ස්ථාපනය කරන ආකාරය මෙන්ම පරිගණක ජාලයකදී ස්ථාපනය කර ගන්නා ආකාරය පිළිබඳවත් අවබෝධ කර ගැනීමට පුළුවන්.

Read More | comments

පරිගණක ජාලකරණය පිළිබඳව තවදුරටත් දැනුවත් වෙමු.

උසස් පෙළ තෙරතුරු තාක්ෂණය හදාරණ ඔබට පරිගණක ජාලකරණය පිළබඳ දැනුම වැඩි කර ගැනීමට අපූරු වීඩියෝවක්. මෙහිදී ඔබට පරිගණක ජාල පිළිබඳවත් ඒවා සාදා ගන්නා ආකාරය පිළිබඳවත් අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්.

Read More | comments

නේටවර්කින් පිළිබඳ උනන්දුවන් අයට වයර්ලස් නෙට්වර්ක් ගැන වීඩියෝවක්

මෙම වීඩියෝවෙන් වයර්ලස් නෙට්වර්ක් එකක් පිළිබද තොරතුරු බොහෝමයක් පිළිබඳව සාකච්ඡා වෙනවා. උසස් පෙළ තොතරතුරු තාක්ෂණය හදාරණ ඔබට මෙය වැදගත් වේවි.

Read More | comments

නෙට්වර්ක් කේබල් එකක් සාදා ගනිමු

Written By Saman Bandara Herath on Monday, December 2, 2013 | 8:37 AM

Monday, December 2, 2013

පරිගණක ජාලකරණය පිළිබඳව ඉගෙනීමේ දී ප්‍රයෝජනවත් වන තොරතුරු කීපක් තමයි මෙම ලිපියෙන් අරගෙන එන්නේ. නෙට් වර්ක් එකක් කර ගැනීමේ දී අත්‍යාවශ්‍ය වන කරැණු ගණනාවක් මෙමගින් නිරූපණය වෙනවා.



Read More | comments

උසස් පෙළ තොරතුරු හා සන්නිවෙදන තාක්ෂණය සඳහා වන විවෘත පද්ධති අතුරු සබැඳුම (OSI Model) හඳුනාගනිමු

Written By Saman Bandara Herath on Sunday, December 1, 2013 | 12:40 AM

Sunday, December 1, 2013

උසස් පෙළ තොරතුරු හා සන්නිවෙදන තාක්ෂණය විෂයයේ පරිගණක ජාලකරණය පාඩමේ එන විවෘත පද්ධති අතුරු සබැඳුම (OSI Model) පිළිබඳව මෙම ලිපියේ දී සාකච්ඡා කෙරේ.
Read More | comments
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

මිතුරු කැල

Total Pageviews

About Me

My Photo
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය ඉගැන්වීමේ යෙදී සිටින ගුරුවරයෙක්

About.me

Google+ Followers

මාව අමතන්න

Name

Email *

Message *