Showing posts with label අධ්‍යාපනික මෘදුකාංග. Show all posts
Showing posts with label අධ්‍යාපනික මෘදුකාංග. Show all posts

පරිගණක ආධාරයෙන් ගණිතය ඉගැන්වීමට අපූරු මෘදුකාංගයක්

පරිගණක ආධාරයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට දායක කර ගත හැකි අපුරු මෘදුකාංගයක් පිළිබඳව අද අපි සාකච්ඡා කරමු.

මේ මෘදුකාංගය තමයි
GeoGebra

මෙම මෘදුකාංගය භාවිත කරමින් ගණිතය පාඩම් කොටස් ගණනාවක් ඉතාමත් ආකාර්ශනීය ආකාරයෙන් සිසුන් පැහැදිලි කළ හැකිවාක් මෙන්ම එම පාඩම් කොටස් සඳහා ක්‍රියාකාරකම් සකස් කිරීම ද සිදු කර ගැනීමට හැකියාව පවතී.

පහත රූප තුළින් ඔබට මෙම මෘදුකාංගය භාවිත කළ හැකි අංශ පිළිබඳව මනා ඉඟියක් ලබා ගත හැකි වේවි.













මෙම මාදුකාංගය ලිනකස් මත මෙන්ම වින්ඩෝස් මතද භාවිතා කළ හැකි අතර නිදහස් මෘදුකාංගයක් ලෙස ඔවුන්ගේ ප්‍රධාන අඩවියෙන් භාගත කර ගැනීමට පුළුවනි.

ඔවුන්ගේ වෙබ් අජවිය වෙත යොමු වීමට පහත යොමුව භාවිත කරන්න,

http://tube.geogebra.org/

මෙම මෘදුකාංගය භාගත කර ගැනීම සඳහා පහත යොමුව භාවිත කරන්න,

http://www.geogebra.org/download

මෙම මෘදුකාංගය භාවිත කිරිම සඳහා නිර්මාණය කර ඇති ආධාරක නැරඹීම සඳහා පහත යොමුව භාවිත කරන්න.

http://tube.geogebra.org/

මේ මෘදුකාංගය භාවිත කරන ආකාරය පිළිබඳව පහත වීඩියෝව නැරඹිම තුළින් වැඩිදුර අවබෝධයක් ලබා ගත හැකියි.

















අධ්‍යාපනික මෘදුකාංග අතර GCompris මෘදුකාංගයට හිමි වන්නේ ඉහළ තැනක්

වයස අවුරුදු 2-10 ත් අතර සිසුන් ඉලක්ක කරමින් නිර්මාණය කර ඇති මෙම මෘදුකාංගය තුළ විශාල ක්‍රියාකාරකම් ප්‍රමාණයක් එක්තැන් කර තියෙනවා.


  • keyboard හා mouse
  • algebra 
  • විද්‍යාව
  • භුගෝලය
  • ක්‍රීඩා
  • කියවීම
  • ආශ්‍රීතව විවිධ ක්‍රියාකාරකම් මේ තුල දැක ගන්නට ලැබෙනවා.

GNU GPL සහතිකය නිසා නොමිලයේ ලබා ගැනීමට බෙදා හරින්නටත් හැකියාව තිබෙන මෙම මෘදුකාංගය වින්ඩෝස් ලිනක්ස් යුනික්ස් මැකින්ටෝෂ් ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සඳහා භාවිතා කළ හැකි වීම සුවිශේෂි කරැණකි. එහෙත් ලිනක්ස් සඳහා ලබා දෙන සියළුම ක්‍රියාකාරකම් (107 ක්‍රියාකාරකම්) වින්ඩෝස් (45 ක්‍රීයාකාරකම්) සහ මැක් සඳහා නොමිලයේ ලබා නොදෙන බවත් මතක තබා ගත යුතු වෙනවා.

තවත් වැදගත් කරුණක් වන්නේ ඉංග්‍රීසියෙන් තියෙන හඬ වෙනුවට අපේ බසින් හඩ යෙදීමට අවශ්‍ය නම් අදාල ආකාරයට හඬ පටිගත කරලා (.ogg) විදයට ඔවුනට යවන්නත් පුළුවන්. එවිට අනාගතයේ දී සිංහල භාෂාවෙන් ද ක්‍රියාකාරකම් දැක ගන්නට පුළුවන් වෙයි.

සියලුම ක්‍රියාකාරකම් සහිතව මෙම මෘදුකාංගය හන්තාන ලිනක්ස් සමඟින් ලබා ගත හැකි අතර එසේ නැත්තම් පහත දිගුවෙන් භාගත කර ගන්නත් පුළුවන්.

http://gcompris.net/-Download-

ඊට අමතරව සවිස්තරව එක් එක් ක්‍රියාකාරකම පිලිබඳ විස්තර දැක ගන්න අවශ්‍ය නම් පහත දිගුව මතින් ඒ වෙත යොමු වන්න.

http://gcompris.net/-On-one-page-

පහත වීඩියෝවෙන් මේ පිළිබඳ තවත් තොරතුරු ඔබට දැක ගන්නට පුළුවන්. 





ප්‍රාථමික ළමුන්ට අපුරු ක්‍රියාකාරකම් එකතුවක්..... Childsplay

මෙම මෘදුකාංගය ප්‍රාථමික ළමුන් සඳහා ක්‍රියාකාරකම් වලින් පිරි අධ්‍යාපනික මෘදුකාංගයකි. ලිනක්ස් මත වගේම වින්ඩෝස් මතත් ක්‍රියාකාරන මෙම මෘදුකාංගය නිවසේදී මෙන්ම ප්‍රාථමික පංති කාමර තුළද භාවිත කළ හැකි නිදහස් මෘදුකාංගයකි.

හන්තාන ලිනක්ස් සමග මෙම මෘදුකාංගයත් ඔබට ලබා ගැනීමට පුළුවන්.
හන්තාක ලිනක්ස් වලදී Activities > Application > Education > Child play > ඔස්සේ මෙම මෘදුකාංගය විවෘත කර ගැීමට පුළුවන්.

කුඩා ළමුන් සඳහා ගණිත කර්ම, ඉංග්‍රීසි අකුරු හෝඩිය, spelling, විවිධ සම්බන්ධතාවන් ආදී වූ සංකල්ප මෙහි ඇති ක්‍රියාකාරකම් ඔස්සේ ළමුන්ට ප්‍රේෂණය කිරීමට අවස්ථාව ලැබේ.

පරිගණකයට ළමයා හුරු කිරීමට මෙන්ම පරිගණක ආශ්‍රිත ඉගැන්වීම් සඳහා කදිම මෘදුකාංගයක් ලෙස මෙම මෘදුකාංගය හඳුන්වා දීමට පුළුවන්. 

පහතින් දැක්වෙන්නේ එහි ප්‍රධාන වින්ඩෝවයි. 

http://childsplay.sourceforge.net/images/screenshots/CP_menu_big.gif

එහි ඇති අයිකන වලින් නිරූපනය වන්නේ විවිධ ක්‍රියාකාරකම් ය. පහත දැක්වෙන්නේ එම ක්‍රියාකාකර සඳහා කෙටි මඟ පෙන්වීමකි.

ගැලපෙන රූපය තෝරන්න
CP_memory.gif

ගැලපෙන Simple අකුරු තෝරන්න.
http://childsplay.sourceforge.net/images/screenshots/CP_memorylower.gif

ගැලපෙන Capital අකුරු තෝරන්න.
http://childsplay.sourceforge.net/images/screenshots/CP_memoryupper.gif

 ගැලපෙන ඉලක්කම තෝරන්න.
http://childsplay.sourceforge.net/images/screenshots/CP_memorynumbers.gif

 ගැලපෙන ශබ්දය තෝරන්න
http://childsplay.sourceforge.net/images/screenshots/CP_soundmemory.gif

හඩගා නඟා කියවන ඉලක්කම නිවැරදිව තෝරන්න.
http://childsplay.sourceforge.net/images/screenshots/CP-find-char-sound.gif

නිවැරදිව ඉලක්කම Type කරමු
http://childsplay.sourceforge.net/images/screenshots/CP_fallingletters.gif

ප්‍රහෙලිකා
http://childsplay.sourceforge.net/images/screenshots/CP_puzzle.gif

ශබ්දය හඳුනාගනිමු
http://childsplay.sourceforge.net/images/screenshots/CP_findsound.gif

ආදී වූ ක්‍රීඩා සමූහයකින් යුත් මෙම මෘදුකාංගය

වින්ඩෝස් භාවිත කරන්නන් සදහා පහත ලින්කුවෙන් ලබා ගැනීමට පුළුවන්
http://sourceforge.net/projects/schoolsplay/files/childsplay_sp-win32/

ලිනක්ස් භාවිත කරන්නන් සදහා පහත ලින්කුවෙන් ලබා ගැනීමට පුළුවන්
http://sourceforge.net/projects/schoolsplay/files/childsplay_sp/

ප්‍රාථමික ළමයින් සඳහා Tuxmath මෘදුකාංගය

 Tuxmath

ඉතාමත් කුඩා අවධියේ සිටින ළමුන් සඳහා ලබා දිය හැකි අධ්‍යාපනික මෘදුකාංගයකි. 2 වන ශ්‍රේණියේ ළමයෙකුගේ සිට ඉහළට විවිධ වයස් කාණ්ඩ වල ළමුන් සදහා විවිධ ගණිත ක්‍රියාකාරකම් පියවරෙන් පියවරට මෙහි ඇතුලත් කර තිබෙනවා.

මෙම ක්‍රියාකාරකම් ක්‍රීඩාවක් ආකාරයට සකස් කර තිබෙන නිසා ළමුන් නොදැනුවත්වම ගණිතයේ මූලික සංකල්ප වලට හුරු වීම සිදු වෙනවා. ළමුන් ඉතාමත් සන්තෝසයෙන් මෙම ක්‍රියාකාරකම් වල නිරත වීමත් දකින්නට ලැබෙන තවත් විශේෂයක්.

මෙම මෘදුකාංගය නිදහස් මෘදුකාංගයක් වන අතර වින්ඩෝස් ලිනක්ස් ආදී ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සදහා භාවිත කරන්නත් පුළුවන්.

හන්තාන ලිනක්ස් සම
හන්තාන ලිනක්ස් සමඟ නොමිලයේම බෙදා හරින මෙම මෘදුකාංගය හන්තාන ස්ථාපනය කර ගැනීමේන් ලබා ගැනීමට පුළුවන්.

activities > applications > Education > tuxmath > ඔස්සේ මෙම මෘදුකාංගය වෙත යොමු වීමට පුළුවන්.

තවත් විස්තර සඳහා ඔවුන්ගේ වෙබ් අඩවිය වෙත යොමු වන්න.
http://tux4kids.alioth.debian.org/index.php

පහත දැක්වෙන්නේ එම මෘදුකාංගයේ screen shot කිහිපයක්.





පහත වීඩියෝව නැරඹිමෙන් මෙම මෘදුකාංග පිළිබඳ වැඩිදර අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි.