Microsoft Office Word 2010 පිළිබඳව අපි මුලිකාංග පිළිබඳව අපි මීට පෙරදි සාකච්ඡා කලා මතක ඇති.මේ ඇරඹෙන්නේ එහි දෙවැනි පරිච්ඡේදයයි.
Word 2010 වල ලියන ලද ඡේදයක් තුලට අලුතින් වචනයක් හො වාක්‍යය ඇතුලත් කරන ආකාරය අපි මෙම ලිපියේ දි විමසා බලමු.
මේ සඳහා ආකාර දෙකක් පෙන්නා දිමට පුළුවන්. එනම්,
Insert Text
මුලින්ම අපි ලියන ලද චේදයකට වචන එක් කරන අයුරු බලමු.
පියවර (1): ඡේදය තුල වචන එක් කළ යුතු ස්ථානයේ Click කරන්න. නැතිනම් keyboard එකේ arrow key පාවිච්චි කරලා අදාල ස්ථානයට insertion point එක ගෙනියන්න.
පියවර (2):ඇතුලත් කිරිමට අවශ්‍ය අකුරු type කර ගන්න. එවිට insertion point එකේ දකුණු පැත්තට type කරන අකුරු එකතු වනු දැක ගන්න පුලුවන්.
Replace Text :
මෙහිදි සිදු වන්නේ දැනට type කරලා තියෙන වචනයක් හෝ වාක්‍යයක් වෙනුවට අලුත් දෙයක් type කිරිමයි. මෙහිදි අලුත් දෙයක් එක්වන අතර එය එක් වන්නේ තියෙන දෙයක් වෙනුවටය.
පියවර (1): මුලින්ම status bar එකෙහි Right-click කළ විට ලැබෙන shortcut menu එකෙන්
Overtype යන්න තෝරා ගන්න.
එවිට පහත රූපයේ පෙන්වන ආකාරයට insert mode එක
insert ලෙස පෙන්නාවි.
පියවර (2): දැන් Insert මත ක්ලික් කල විට මෙතෙක දර්ශනය වු Insert වෙනුවට
Overtype ලෙස දර්ශනය වේවි.
පියවර (3): දැක් ක්ලික් කරලා හෝ keyboard එකේ arrows භාවිත කරලා අකුරු ඇතුලත් කළ යුතු ස්ථානය තෝරා ගන්න.
පියවර (4): දැන් type කරගෙන යන්න. තියෙන අකුරමකන ගමන් අලුත් අකුරු ඇතුලත් වන ආකාරය දැක ගන්න පුලුවන් වෙයි.
වැදගත් : Microsoft Word 2010 වලදි
Insert key එක භාවිතයෙන් ඉවත් කර ඇති බැවින් මෙම කාර්ය කර ගැනිමට නම් ඉහත පියවරම අනුගමනය කල යුතු වෙනවා.