Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts

උසස් පෙළට තාක්ෂණවේදය විෂය ධාරාව තෝරාගන්නේ මෙහෙමයි.....

උසස් පෙළට තාක්ෂණවේදය විෂය ධාරාව තෝරාගන්නට පෙර

ආවට ගියාට විෂයයන් තෝරා ගන්නේ නැතිව තමන්ගේ එැකියාව හා ශක්තිය අනුව විෂයයන් තෝරා ගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය මූලික තොන්දේසි පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට පහත යොමුවෙන් යොමු වන්න.......

http://www.moe.gov.lk/sinhala/index.php?option=com_content&view=article&id=1369&Itemid=1142

උසස් පෙළට පරිගණක ජාල - සමන් බන්ඩාර හේරත්

උසස් පෙළට පරිගණක ජාල - සමන් බන්ඩාර හේරත්

පොත ගැන

තොරතුරු සන්නිවේදනය කිරීමේ විවිධක්‍රමවේද අතර පරිගණක ජාල සුවිශේෂ ස්ථානයක් හිමිකර ගනී. පරිගණක ජාලයක් නිර්මාණය කර ගැනීමේ දී ඔබ දැනගත යුතු මුලික කරුණු පිළිබඳවත්, ඒ සඳහා අවශ්‍ය කරණ උපාංග පිළිබඳවත් සාකච්ඡා කරන අතර දෙවනුව ජාල සකස් කිරීමේ දී ඔබ දැන සිටි යුතුම නියමාවලීන් (protocols) පිලිබඳව හඳුන්වා දෙයි. අනතුරුව ජාලයක් තුල දත්ත සන්නිවේදනය සිදු වන ආකාරයන් පිළිබඳව මෙන්ම එමඟින් ලබා ගත හැකි විවිධ ප්‍රයෝජන පිළිබඳවත් ජාලයකට එල්ල විය හැකි තර්ජන හා අනතුරු පිළිබඳවත් මෙම පෙත මඟින් සාකච්ඡා කෙරේ. එසේම ජාල නිර්මාණයේ භාවිත කරන නිමාවලි ලිපිනයන් පිළිබඳව මෙන්ම උප ජාල ආවරණ ගොඩනැගීම පිළිබඳවත් පැහැදිලි කෙරේ.

ශාන්ත කේ හේරත් විසින් නිම කල පිටකවරය

කතුවරයා ගැන

මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරයෙකු ලෙස කටයුතු කරමින් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේනතුවේ, අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ තොරතුරු හා සන්නිවේදන විෂය ඉගෙනුම් උපකරණ සැකසීමේ සහ ගුරුවරුන් පුහුණු කිරීමේ සම්පත් දායකයකු වශයෙන් ලැබුනු විෂය අත්දැකීම් පෙරදැරිව මෙම පොත ලිවීම සඳහා යොමු විය.

විශේෂයෙන් මෙම විෂය අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමත් සමඟ සිංහලෙන් ලියවුණු පොත් හිඟ වූ වකවානුවක මෙම පොත සිංහල භාෂාවෙන් ලීවීමට යොමු වූයේ එම හිඩැස යම් මට්ටමකින් හෝ පිරවීම අරමුණු කර ගිනිමිනි.

ඉතාමත් වේගයෙන් වෙනස් වන විෂයය කරුණු සහිත විෂයක් සඳහා සිංහල භාෂාවෙන් ලියවුණු මෙම පොත ලිවීමේ දී සෘජුවම මෙන්ම වක්‍රාකාරයෙන් උදව්උපකාර කල බොහෝ පිරිස් ඇති අතර ඒ සියලු දෙනාටම මෙම පොත ගෞරවයෙන් පිළිගැන්වීමට මෙය අවස්ථාවක් කර ගනිමි. සිංහල භාෂාවෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරන සිසුන් සඳහා මෙන් ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය උගන්වන ගුරුවරුන් සඳහාත් මෙම අත්පොත මහඟු පිටිවහලක් වනු ඇති බව මාගේ විශ්වාසයයි.

එ වගේම ක්‍රමලේඛන ලිවීම, නව පද්ධතීන් නිර්මාණය සහ දත්ත සමුදායන් සකස් කිරීම වැනි මාතෘකා පදනම් කරගනිමින් ලියවුණු අනිකුත් පොත්ද ඉදිරිකාලයේ දී මුදනය කර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. ඒ සියල්ලක් හරහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරණ සහ ඒ පිළිබඳව උනන්දු වන සියලු දෙනාගේ දැනුම වර්ධනය කර ගැනීමට රුකුලක් වේවායි ප්‍රාර්ථනා කරමි.

මිලදී ගැනීම

දිවයින පුරා ඇති සරසවි පොත්හල් වෙතින් මිලදී ගත හැකියි. ඉදිරියේ දී මෙම ජාලය තවත් ව්‍යාප්තව ඔබේ සමීපතම පොත් සාප්පුව මඟින් මිලදී ගත හැකි වනු ඇති.

තැපෑලෙන් ගෙන්වා ගැනීමට


මේ සඳහා පහත පෝරමය පුරවන්න. සතියක් තුල දී ඔබට පොත ලබා ගත හැකි වනු ඇති.








තාක්ෂණික පෙරලියක්............

Google Street View 

අතීතයේ සිට අපි සිතියම් කියෙව්වෙමු. සිතියම් බැලුවෙමු. එය ක්‍රමයෙන් Google Map ඔස්සේ පරිගණක ආධාරයෙන් වඩාත් අපූරු ලෙස දැකීමටත් බැලීමටත් යොමු විය.



එහි වඩාත් ආකාර්ෂණීය අවස්තාවක් බවට පත් වූයේ චන්ද්‍රිකා තාක්ෂනය භාවිතයෙන් අහසේ සිට බැලීමට ලැබුණු අවස්ථාවයි. එය Google Earth වශයෙන් හඳුන්වයි.



















සජීවීව අපට අවශ්‍ය ස්ථානයක් දක්වා යොමු වීමට මෙම සිතියම් තුළින් අවස්ථාව ලබා දෙයි. පහත දැක්වෙනුයේ එවැනි සමීප ඡායාරූපයක්.....



















මෙම සිතියම ත්‍රිමාණව දැක ගැනීමට ලැබීමත් මෙහි අැති තවත් සුවිශේෂ අත්දැකීමක්.......


















මෙම අත්දැකීම තවත් දියුණු කරමින් එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා ගමන් ගන්නා මාර්ග සිතියම ලබා දීමේ පහසුකම පෙන්නා දිය හැකියි. මේ එවැනි අවස්ථාවක්......



















සිටින ස්ථානය හා යායුතු ස්ථානය ලබා දීමත් සමඟ ඊට අදාල මන් මාර්ගය පෙන්වන අතර දෙපයින් යාමට, සයිකලයෙන් යාම, පුද්ගලික වාහනයෙන් යාම, හෝ පසයෙන් යාම ආදී විශයෙන් විවිධාකාරයේන් අදාල ස්ථානයට යොමු වීම සඳහා අවශ්‍ය මාර්ගය පෙන්වීම සිදු කරයි.

මෙහි එන මීළග පෙන්ම වනුයේ සිතියේ ම ඇති මාර්ග ඔස්සේ යමින් දෙපස නැරඹීම සඳහා අවස්ථාව ලබා දෙන Google Street View පහසකමයි.


















ලංකාව පුරා ඇති පාරවල් දිගේ ගමන් කිරීමටත් වට පිට නැරඹීමටත් ලබා දෙන මෙම පහසුකම ලංකීය අපට අපූරු අත්දැකීමක් ......................

මෙම පහසුකම Google Street View වශයෙන් හැඳින්වෙන අතර රට තොට බලන්න කදිම අවස්ථාවක්...........

තොරතුරු තාක්ෂණයේ අද සහ හෙට

Doramadalawa – 2016-01-11 
දොරමඩලාව
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ හෙට ගැන කියවෙන මෙම කතබහට මොහොතක් එක්වන්න.


Doramadalawa – 2016-01-11 | Independent Television Network - ITN: Download the Video (Right click on 'Download the video' link and select 'save link as')

පරිගණක විද්‍යා ශබ්ද කෝෂය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ඉගෙනීමේ දී අත්‍යාවශ්‍ය අංගයක් ලෙස පෙන්නා දිය හැකි පරිගණක විද්‍යා හබ්ද කෝෂය සඳහා යොමු වීමට මෙතනට ක්ලික් කරන්න.




2014 උසස් පෙළ විභාගයේ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා z-Score අගයන්

2014 උසස් පෙළ විභාගයේ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා z-Score අගයන්

University Admission - Academic Year 2014/2015 : Cut off District Z-Scores


උසස් පෙළ විභාගයට අනුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා එක් එක් විෂයය සඳහා අදාල දිස්ත්‍රික්ක සඳහා නියමිත වූ z-Score අගයන් පහත දැක්වේ.

මෙය පිටු දෙකකින් සමන්විත වන අතර,





සුහද මාරුව.com ගැන ඔබ දන්නවාද?

සුහද මාරුව.com යනු ලංකාවේ සියලුම රාජ්‍ය අංශයේ සුහද මාරුවීම් සඳහා සැකසූ නවීනතම සහ එකම වෙබ් අඩවියයි. මෙහි විශේෂත්වය වන්නේ මෙය මගින් ලබාදෙන සියලුම සේවාවන් නොමිලයේ ලබාදීමයි. මෙසේ සියලුම සේවාවන් නොමිලයේ ලබාදීමෙන් මෙම වෙබ් අඩවිය අමරණීය වනු ඇතැයි අපගේ විශ්වාසයයි. ඔබ විසින් රාජ්‍ය අංශයේ කුමණ රැකියාවක් දැරුවත් ඔබගේ සුහද මාරුවීමේ ප්‍රශ්ණයේ වගකීම 100% සාර්ථක වීමේ සම්භාවිතාවයක් සහිතව අප විසින් භාරගන්නා බව දන්වා සිටිමු.

      ගුරු සේවය, හෙද සේවය, කළමණාකාර සහ වැඩසටහන් සහකාර සේවය ආදී ලංකාවේ විශාලතම සේවක පිරිසක් සිටින ප්‍රධාන ක්ෂේත්‍ර තුනකුත් විශ්ව විද්‍යාල, හෙද පුහුණු විද්‍යාල වැනි විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් ඇතුලත් වන ක්ෂේත්‍ර දෙකකුත් ආවරණය වන ලෙස මෙම වෙබ් අඩවිය නිර්මාණය වී ඇත. මෙයින් අනාගතයේදී වැඩිම සුහද මාරුවීම් ප්‍රමාණයක් සාර්ථක වනු ඇතැයි අපගේ විශ්වාසයයි. වාණිජ පරමාරථයෙන් සකසා ඇති වෙනත් වෙබ් අඩවි වලින් මෙම වෙබ් අඩවිය ජනප්‍රිය වීමට නොදී කූට ප්‍රයෝග යෙදුවත් ඒවාට ඔබ හසු නොවී මෙයින් සේවය ලබාගන්නා ලෙස අපි සුහදව ඇරයුම් කරමු. තවත් අයෙකුට බැලීමට මෙය share කිරීමෙන් අපගේ ජාතික මෙහෙවරට දායක වන ලෙස ඉල්ලා සිටිමු.
මේ සඳහා යොමු වීමට පහත දැක්වෙන දිගුව භාවිත කරන්න.
http://www.suhadamaruwa.com/

මීමුරේ........... ගැන අන්තර්ජාලයේ ඇදි සිත්තම්........

එපිට පැත්ත ලක්ගල මීමුරේයා
මෙපිට පැත්ත කලුපානා කලේයා
දෙසිය දෙකක් උස ඇති ගෝමරේයා
හොඳයි බරකාස ලක මීමුරේයා
මීමුරේට දකුණුනු දෙසින් කයිකාවල සැදුණා
නෙත් පිනවන ලකේගලද උතුරු දෙසින් සැදුණා
යස ඔබිනා සීතා ගඟ නැගෙනහිරින් සැදුනා
මෙසියල්ලට බටහිරයෙන් ඇබේගලද සැදුණා



















විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කිරීම මාර්ගගත ආකාරයට

මෙවර විශ්ව විද්‍යාල සඳහා අයුඳුම් කිරීම මාර්ගගත ආකාරයට සැලසුම් කර ඇති අතර අයදුම්කරුවන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහා ඉල්ලුම් කල යුතු වෙනවා.


මේ සඳහා,
  • විද්‍යුත් තැපැල් ලිපිනයභාවිත කර ලියාපදිංචි වීමටත්,
  • පුද්ගලික තොරතුරු
  • පාසල පිළිබඳ තොරතුරු
  • පාඨමාලාව පිළිබඳ තොරතුරු ඇතුලත් කිරීමටත්
  • ජාතික හැඳුනුම් පතෙහි  මෘදු කොපියක් ඊට එක් කිරීමටත් සිදු වෙනවා.
තොරතුරු ඇතුලත් කිරීමෙන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබා ගනිමින් විදුහල්පති අනුමැතිය සමගින් ලියාපදිංචි තැපෑලෙන් කොමිෂන් සභාවට යැවීම මෙහි අවසාන පියවර වෙනවා. 

එහිදී ඇතුලත් වීම සඳහා අවශ්‍ය අනිකුත් ඇමුණුම් ද ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසේ. 

ජාතික හැඳුනුම් පතක් නොමැති අවස්ථා වලදී පමණක් තැපැල් මාර්ගිකව අයදුම් කිරීමට අවස්ථාව සලසා දී ඇත.

පහත යොමුව භාවිතයෙන් එම අඩවිය වෙත යොමු විය හැක.



මේ පිළිබඳ වැඩි විස්තර 1919 ට අමතා රාජ්‍ය තොරතුරු කේනද්‍රය හරහා ලබා ගත හැක.

විෂයක් විධියට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැදෑරීමේ වටිනාකම ඉහළට

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයය අපගේ අනාගතය තීරණය කරන ප්‍රමුඛ සාධකය බවට පත් වන්නට ගත වන කාලය වැඩි ඇතක නොවේ. මෑත අතීතය විමසිල්ලෙන් බලන්නෙකුට මේ බව මනාව පැහැදිලි කර ගත හැකියි.



විෂයක් විදියට මේ විෂය ඉගෙනීමට වගේම අනිකුත් විෂයන් ඉගැන්වීමටත් මෙම විෂයේ අවශ්‍යතාවය ඉහළ යනු ඇත්තේ භාහිර සමාජය තුළ මෙහි බාවිතය ඉතාමත් වේගයෙන් ප්‍රචලිත වන බැවිනි.

විද්‍යාපීඨ සඳහා තොරතුරු තාක්ෂන විෂය ක්ෂේත්‍රයට බදවා ගැනීමේදී තොරතුරු තාක්ෂන විෂය සඳහා සුවිශේෂීතාවයක් ඇති කිරීම පාසල් පද්ධතිය තුළ තොරතුරු හා තාක්ෂනය විෂය සඳහා පවත්නා වටිනාකම තව තවත් ඉහළ යාමට හේතු වනවාට නොඅනුමානය.

මේ පිළිබඳ වැඩි තොරතුරු පහත යොමුවෙන්......

සිංහල මාධ්‍ය සඳහා (පිටුව 646, 4.25 යටතේ)

ඔෆීස් 2016 අත්හදා බලන්න.

ඔෆීස් 2016 කාර්යාල පැකේජය අත්හදා බැලීම සඳහා පහත යොමු වෙන් ගොස් මෘදුකාංගය භාගත කර ගන්න. එහි Product key එකද ලබා දී ඇති අතර එය භාවිතා කර මෘදුකාංගය නොමිලයේ අත්හදා බැලීම කල හැකියි.

https://products.office.com/en-us/office-2016-preview#howToGet




උසස් පෙළ සිසුන් සඳහා පයිතන් පරිගණක භාෂාව වැඩමුළුව 2014

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරණ සිසුන් ඉලක්ක කර ගනිමින් නොමිලයේ පැවැත්වෙන මෙම වැඩමුළුව ඔක්තෝම්බර් මස 08 වන නිවාඩු දින පෙ.ව. 08.00 සිට සිට සවස 4.00 දක්වා පැවැත් වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම වැඩමුළුව පැවැත්වෙන ස්ථානය වන්නේ මහනුවර කටුගස්තොට යි.

සහභාගී වන්නන් සඳහා සිංහලෙන් මුද්‍රිත නිබන්ධනයක් ලබා දීමට ද කටයුතු සූදානම් කර ඇත.

මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට පහත පෝරමය පුරවා එවන්න.

FaceBook - දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත්? - ෂමිල පෙරේරා (ada)

'දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග' යනුවෙන් අපේ සමාජයේ කියමනක් පවතිනවා. මේ කියමන අද වඩාත්ම යෝග්‍ය මාතෘකාවකට ගැළපීමට අප සිතුවා. ඒ වර්තමානයේ බෙහෙවින් කතා කරන සමාජ ජාල වෙබ් අඩවි වෙතයි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය හා අනුබද්ධිත, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (සර්ට්) ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා මේ කාර්යයේ සුදුසුම පුද්ගලයෙකු බව පවසමින්, අපේ කතාබහ අරඹන්නේ අතරමං නොවී, දැනගෙන යන්නයි.



ෆේස්බුක් ගිණුමක් සැකසීමේදී වැඩි අවධානයක් යොමුකළ යුතු කරුණු මොනවාද?

ෆේස්බුක් ගිණුමක් තම අනන්‍යතාවත් සමග සකසාගත යුතුයි. තමන් නිවැරදි අනන්‍යතාව අතුළත් කරමින් ෆේස්බුක් ගිණුමක් සැකසීමේදී, තම නම, උපන්දිනය, පාසල හෝ රැකියා ස්ථානය ආදී තොරතුරු එම අඩවිය තුළ හමුවන කවර පිරිසකට විවෘත කරන්නේද යන තීරණය තමා විසින්ම ගත යුතුයි. උදාහරණයක් ලෙස ෆේස්බුක්හි සිටින සියල්ලන්ටම මේ තොරතුරු විවෘත කරනවාද, එසේ නොමැති නම් තමාගේ මිතුරු පිරිසට පමණක් බැලීමට හැකි ලෙස සකසනවාද, (සාමාන්‍යයෙන් ෆේස්බුක් ගිණුමක් විවෘත කළ සැණින් එහි අපට මිතුරන් හමු නොවන අතර, එහිදී අප මිතුරන්ට ඇරයුමක් (Request) කළ යුතු අතර, එසේ නොමැති නම් මිතුරන් විසින් තමාට ඇරයුමක් එවීමෙන් මිතුරන් ඇති වෙයි.) යන්න තීරණය කළ යුතුයි.

එමෙන්ම තමන් ඇරයුම් කරන්නේ හොඳින්ම දන්නා මිතුරන්ටද, එසේම තමන්ට ඇරයුම් ලැබෙන්නේ හොඳින්ම දන්නා මිතුරන්ගෙන්ද බව දැන ඔවුන් තම මිතුරු පිරිසටපිළිගැනීම (Accept) සිදුකළ යුතුයි. එනම්, යම් ඇරයුමක් කරන විට හෝ ඇරයුමක් ලැබෙන විට, වෙනයම් මාර්ගයකින් (වෙනත් මිතුරෙකුගෙන් විමසා ආදී වශයෙන්) මේ තමා හොඳින් දන්නා හඳුනන කෙනාගේ ගිණුමමද යන්න දැන ඒ ඇරයුම භාර ගැනීම සිදුකළ යුතුයි.

මේ ආකාරයෙන්, තම මිතුරු පිරිසට පමණක් තමාගේ තොරතුරු හුමවාරු වන ලෙස ෆේස්බුක් ගිණුම සකසා ගැනීමේදී ඔබ විසින් ඇතුළත් කරන ඡායාරූප හා අදහස් හුවමාරුවන්නේ ඒ පිරිස අතර පමණයි. එසේම තම ඥාති හිතමිත්‍රාදීන් අතරේ වුවද, කිහිප දෙනෙකුට පමණක් බැලීමට හැකි ආකාරයේ එම ඡායාරූප හෝ තොරතුරු ඇතුළත් කිරීමටද ෆේස්බුක් ගිණුම තුළ අවස්ථාව පවතිනවා. මේ තුළින් ඔබේ පෞද්ගලික තොරතුරු පිටස්තරයන් අතට යෑම වළක්වා ගත හැකියි.

එමෙන්ම යම් අයෙකු කිසියම් ලින්ක් (Link) එකක් එවමින්, එය බලන ලෙස ඉල්ලීමක් කරන්නේ නම්, ඔහු හොඳින් දන්නා හඳුනන අයෙකු නම් පමණක් එම ලින්ක් එක විවෘත කිරීම යෝග්‍ය වෙනවා. මෙය පණිවුඩයක් (Message) ලෙස හෝ චැට් (Chat) එකේ පැමිණීමට හැකියි. ඇතැම් අවස්ථාවල මෙවැනි ලින්ක් එකක් ක්‍රියාත්මක කිරීමේදී ෆේස්බුක් ආකාරයෙන්ම භාවිත කරන්නාගේ නම (UserName) සහ මුරපදය (Password) ඇතුළත් කරන ලෙස වින්ඩෝ (Window) එකක් පැමිණීමට පුළුවන්. එය ඔබේ තොරතුරු සොරාගැනීම සඳහා ව්‍යාජ ලෙස සැකසූ වෙබ් පිටුවක් විය හැකියි. ‍ෆේස්බුක් මෙන්ම ඊමේල් පරීක්ෂාවේදී හා අන්තර්ජාලයේ සැරිසරද්දී දකින දකින සෑම ලින්ක් එකක් මතම 'ක්ලික්' නොකරන ලෙස පවසන්නේ මෙවැනි අනතුරු පැවතිය හැකි නිසයි.

ෆේස්බුක් ගිණුමට මුරපදයක් යෙදීමේදීත් මේ ආකාරයේම සැලකිල්ලයක් යොමුකළ යුතුයි නේද?

සැබවින්ම ඔව්, තම ෆේස්බුක් ගිණුමේ ආරක්ෂාව වෙනුවෙන් ශක්තිමත් (Strong) මුරපදයක් (Password) යොදාගැනීමට ඔබ වගබලාගත යුතුයි. මෙහි ශක්තිමත් (Strong) මුරපදයක් යැයි කියන්නේ, 'ඉංග්‍රීසි සිම්පල්' අකුරු, ඉලක්කම් හා 'සිම්බල්' ආදියේ එකතුවකුයි. අවම තරමින් එවැනි අකුරු, ඉලක්කම්, 'සිම්බල්' 8 කවත් එකතුවක් ඔබේ මුරපදයේ පැවතිය යුතුයි.
ෆේස්බුක් ගිණුමේ ආරක්ෂාව සඳහා තම ජංගම දුරකථනය යොදාගත හැකි තවත් අවස්ථා තිබෙනවාද?

ඇත්තෙන්ම ඔව්, එහිදී තමන් ෆේස්බුක් ගිණුමට ඇතුළු වන සෑම අවස්ථාවකදීම තවත් මුරපදයක් (ඉලක්කම් පහක හෝ හයක අංකයක්) ලෙස ‍කෙටි පණිවඩුයක් ජංගම දුරකථනයට ලබාගැනීමට ඉල්ලීමක් කළ හැකියි. ඒ අනුව,තම ෆේස්බුක් මුරපදය මෙන්ම, ජංගම දුරකථනයට පැමිණෙන ඉලක්කම් කිහිපයද ඇතුළත් කළ පසුගිණුමට පිවිසීමට ගිණුම් හිමියාට අවස්ථාව පවතිනවා.

මෙය ක්‍රියාත්මක කිරීමෙන් සැලසෙන වාසිය නම්, යම් පිටස්තරයෙක් ඔබේ ගිණුමට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ස්වයංක්‍රීයවම ඔබේ ජංගම දුරකථනය වෙත කෙටි පණිවඩුයක් ලැබීමයි. එහිදී තම ගිණුමට යමෙකු ඇතුළු වීමට උත්සාහ කළ බව වටහාගත හැකි අතර, එසේ ඇතුළු වීමට උත්සාහ කළ තැනැත්තාටද කෙටි පණිවුඩය හරහා ලැබෙන රහස්‍ය අංකය නොලැබෙන බැවින් එම ගිණුමට ඇතුළු වීමට නොහැකි වෙනවා. මෙවැන්නක් කරදරකාරී ක්‍රියාවක් ලෙස සිතුවත්, ෆේස්බුක් භාවිත කිරීමේදී එය වඩාත් ආරක්ෂිත පියවරක් ලෙස පෙන්වා දිය හැකියි.

ෆේස්බුක් ගිණුමට යම් පිටස්තරයෙකු ඇතුළු වී ඇති බව දන්නේ නම් ඊට ක්‍රියාත්මක වන්නේ කෙසේද?

සිදුවී ඇති දේ අනුව එය තීරණය වෙනවා. උදාහරණයක් ලෙස යමෙකු ඔබේ ගිණුමට ඇතුළු වී විවිධ ඡායාරූප හෝ අදහස් එකතු කර මුරපද වෙනස් නොකර සිටින්නේ නම්, වහාම තම ගිණුමේ ආරක්ෂිත උපාංග (Security Settings) වෙනස් කළ යුතුයි.

මුරපදය, ආරක්ෂිත ප්‍රශ්න, ඊමේල් ගිණුමේ මුරපදය වෙනස් කළේ නම්, තම මුරපදය හොරෙන් ගත් පුද්ගලයාට යළි ඒ ක්‍රියාව කළ නොහැකි වෙනවා. මීට අමතරව, තමන්ට ගිණුමට ඇතුළු විය නොහැකි නම්, පෙර සඳහන් කළ ආකාරයට මුරපදය නැවත ලබාගැනීමට (Password Recover) කරගැනීමට අවස්ථාව පවතිනවා. මීට අමතරව යම් ගැටලුවක් මතු වූයේ නම් තාක්ෂණික වශයෙන් මෙය සිදුකර ගන්නේ කෙසේද යන්න ගැන උපදෙස් ලබාදීමට සර්ට් ආයතනයේ සහාය ලබාගත හැකියි.

කෙසේ වෙතත්, යම් ගිණුමක් කිසිම විදියකින් නැවත ලබාගැනීමට (Password Recover) හැකියාවක් නොමැති වීමත්, එය වෙනත් අයෙකු පාවිච්චි කරන බවත් දන්නේ නම්, එම ගිණුමේ තම පෞද්ගලික තොරතුරු අඩංගු වන නිසා අදාළ ගිණුම සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත කරවන ලෙස (Deactivate) ඉල්ලීමක් (Request) ෆේස්බුක් වෙත යැවීමට පුළුවන්.

ෆේස්බුක් පරිහරණයේදී කාන්තාවන් විශේෂයෙන් සැලකිළිමත් විය යුතු කාරණා තිබේද?

ෆේස්බුක් යනු අපට ඡායාරූප හා ඒවාට අදහස් පළ කිරීමේ හැකියාව ඇති සමාජ ජාල අඩවියක් නිසා, අප මීට ඡායාරූප ඇතුළත් කිරීමේදී අදාළ උපාංග සැකසුම් (Settings) නිවැරදිව සිදු නොකළහොත්, වැරදි පුද්ගලයන් අතට ඔබේ පෞද්ගලික ඡායාරූප හෝ අදහස් ගලා යා හැකියි. උදාහරණයක් ලෙස ෆේස්බුක් හි සියල්ලටම බැලීමට හැකි ලෙස ඡායාරූපයක් ඊට ඇතුළත් කළහොත් ඕනෑම අයෙකුට එය බැලීමට, ඩවුන්ලෝඩ් කරගැනීමට මෙන්ම එය සංස්කරණය කර වෙනස්කම්වලට භාජනය කිරීමටද හැකියාව පවතිනවා.

වර්තමානයේදී ස්මාර්ට් ජංගම දුරකථන පවතින නිසා යන ඕනෑම තැනක ඡායාරූප ගනිමින් ඒවා ෆේස්බුක් ඇතුළත් කරන ආකාරයක් දැකිය හැකියි. එමෙන්ම, එසේ ලබාගන්නා ඡායාරූප කිසිදු විමසීමකින් තොරව ෆෙස්බුක් හි හමුවන නාඳුනන අය අතරද හුවමාරු කරන්නේ, ඔහු තමා කැමතිම සිංදු අහන්නෙක්, ලස්සන නමක් ඇත්තෙක් හෝ එවැනි පටු තීරණයක් තුළයි. උදාහරණයක් ලෙස අප පාරේ ඇවිද යනවිට හමුවන සෑම අයෙකුම සමග අපේ පෞද්ගලික තොරතුරු කතා නොකරන ආකාරයෙන්, ෆේස්බුක් තුළද තමා දන්නා හඳුනන අය සමග පමණක් ඇසුර තබාගැනීම නුවණට හුරුයි.

ෆේස්බුක් කියන්නෙ අප සීමා කළ යුතු නරක දෙයක්ද?

සැබවින්ම ෆේස්බුක් යනු නරක දෙයක් නොවෙයි. එය පාවිච්චි කරන ආකාරය මත සියල්ල තීරණය වෙනවා. තමුන් තමුන්ට අවංක වෙමින් තම ෆේස්බුක් ගිණුම නිවැරදිව පාවිච්චි කරනවා නම්, තම ඥාති හිතමිත්‍රාදීන් සමග පමණක් සම්බන්ධතාව පවත්වාගෙන යනවා නම්, අනවශ්‍ය ගැටලුවක් ඇති නොවී ලෝකයේ කොහේ සිටියත් ඔවුන් සමග තොරතුරු හුවමාරු කරගැනීමට බාධාවක් ඇති වන්නේ නැහැ.

ඡායාරූප AFP ඇසුරෙනි
ෂමිල පෙරේරා
ada

පාසල් විෂයමාලාවේ පවතින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරනු ලබන සිසුන් සඳහා ජාතික වෘත්තීය නිපුණතා (NVQ) මට්ටම ගැලපීම

අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය හා එක් ව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරන ලද පාසල් සිසුන් සඳහා ඔවුන්ගේ සුදුසුකම් හා වෘත්තීය නිපුණතාව මත අදාළ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 2 හෝ 3 මට්ටම් ප්‍රදානය කිරිමට අඳාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ගරු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමන්ගේ හා ගරු යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, ගරු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා, අධ්‍යාපන, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ගරු අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මැතිතුමා, අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහතා, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.ආර්.දේශප්‍රිය මහතා, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා ඇතුලු අමාත්‍යාංශ දෙකෙහි නිලධාරින්ගේ සහ ඊට අනුබද්ධ අයතනයන්හි ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් 2012-12-18 දින යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

මේ අනුව තොරතුරු තාක්ෂණ විෂයය හදාරන ලද පාසල් සිසුන් සඳහා පහත පරිදි ජාතික වෘත්තීය නිපුණතා (NVQ) මට්ටම් ප්‍රදානය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබේ.

අ.පො.ස.(සා/පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය සමත් සියලු ම සිසුන් සඳහා NVQ 2 මට්ටම ලබා දෙන අතර මෙම සිසුන් ඇගයීමකට ලක් කර ඉන් විශේෂ දක්ෂතා පෙන්වන සිසුන් සඳහා NVQ 3 මට්ටම ලබාදීම.

අ.පො.ස.(උ/පෙළ) සාමාන්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය සමත් සියලුම සිසුන් සඳහා NVQ 2 මට්ටම ලබා දෙන අතර මෙම සිසුන් ඇගයීමකට ලක් කර ඉන් විශේෂ දක්ෂතා පෙන්වන සිසුන් සඳහා NVQ 3 මට්ටම ලබාදීම.

අ.පො.ස. (උ/පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය සමත් සියලුම සිසුන්ට NVQ 3 මට්ටම ලබාදෙන අතර මෙම සිසුන් ඇගයීමට ලක්කර එයින් විශේෂ දක්ෂතා පෙන්වන සිසුන් සඳහා NVQ 4 මට්ටම ලබාදීම.

ආරම්භයේ දී NVQ පාඨමාලා ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික්කයකට එක බැගින් පාසල් හෝ කලාප හෝ පළාත් හෝ පරිගණක විද්‍යාගාර යොදා ගැනීමට නියමිතය.

පාසල් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන – NVQ 2 මට්ටම සඳහා පාඨමාලා ක්‍රියාත්මක කිරිම

කලාප තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන – NVQ 3 මට්ටම සඳහා පාඨමාලා ක්‍රියාත්මක කිරිම

පළාත් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන – NVQ 4 මට්ටම සඳහා පාඨමාලා ක්‍රියාත්මක කිරිම

උපුටා ගැනීම
Jagath Nilantha facebook පිටුවේ කර තිබූ සටහනක්

GIT විභාගයේ ප්‍රතිඵල බලමු


GIT විභාගයේ ප්‍රතිඵල ඔන්ලයින් බලාගන්න පහත දිගුවෙන් යොමු වන්න.
http://www.results.exams.gov.lk/viewresultsforexam.htm

උසස් පෙළ ICT හදාරන සිසුන් සඳහා පයිතන් වැඩමුළුව



උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරණ සිසුන් වෙනුවෙන් පැවැත්වෙන මෙම වැඩසටහන

පෙබරවාරී මස 27 වන බ්‍රහස්පතින්දා (මහා හිවරාත්‍රී නිවාඩු දින)

 පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා

කටුගස්තොට ‘සිටිසන්‘ අධ්‍යාපන ආයතනයේ දී (ශාන්ත අන්තෝනි බාලිකාව අසළ) පැවැත් වේ.

තවමත් ඔබ ලියාපදිංචි වී නැත්තම් පෙබරවාරී මස 20 වන දිනට පෙර ලියාපදිංචි වන්න.
ලියපදිංචි වීමට ඉහත රූපය මත ක්ලික් කරන්න.

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය හදාරන ඔබට පයිතන් වැඩමුළුවක් .........

නොමිලයේ සිසුන් සඳහා සංවිධානය වන මෙම වැඩ වැඩමුළුවේදී අපි පයිතන් පරිගණක භාෂාව මූලිකව හඳුනාගැනීමටත් එය භාවිත කර ක්‍රමලේඛණයක් සකස් කර ගන්නා ආකාරය ප්‍රායෝගිකව විමසා බැලීමටත් සැලසුම් කර තියෙනවා.

ඉරිදා දින දෙකක් පුරා නොමිලයේ පැවැත්වීමට අදහස් කර ඇති මෙම වැඩසටහන සඳහා සිසුන් ලියාපදිංචි කිරීම දැන් ආරම්භ කර තියෙනවා.

පහත දැක්වෙන්නේ මෙම වැඩමුළුවේ පළමු දිනයේ දී අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නා වු මාතෘකා පෙළ ගැස්මයි.

ලියාපදිංචි වීම සඳහා මෙතනින් යොමු වීමට පුලුවන්.

අදම ලියාපදිංචි වන්න.

සාමාන්‍ය පෙළින් පසුව පරිගණක ක්ෂේත්‍රයට යොමු විය හැකි මාර්ගයක් පිළිබඳව


sliit-courses

ස්ලිට් - තොරතුරු තාක්ෂණ හා මෘදුකාංග ඉංජිනේරු උපාධි සඳහා මංපෙත් විවිර කරයි


අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් පෙනී සිටි සිසු දරුදැරියන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ හා මෘදුකාංග ඉංජිනේරු යන ක්ෂේත‍්‍ර වලට අදාළව පිළිගත් විදෙස් විශ්ව විද්‍යාල මගින් පිරිනමනු ලබන උපාධියක් හිමිකර ගැනීමේ මාර්ගය විවර කර ගැනීම සදහා Foundation Certificate in IT පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව SLIIT ආයතනය වෙතින් හිමිකර දී තිබේ.
බි‍්‍රතාන්‍යයේ Curtin විශ්ව විද්‍යාලය සහ ඕස්ටේ‍්‍රලියාවේ Sheffield Hallam විශ්ව විද්‍යාලය සමග එක්ව SLIIT ආයතනය මෙම පදනම් පාඨමාලාව හදුන්වා දී ඇත.

තොරතුරු තාක්ෂණ, ව්‍යාපාර අධ්‍යයන හා ඉංජිනේරු යන ක්ෂේත‍්‍ර වලට අදාළව ලොව පිළිගත් උපාධි පිරිනමනු ලබන ප‍්‍රමුඛතම ආයතනයක් ලෙසින් නම් දරා සිටින SLIIT ආයතනය විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව කි‍්‍රයාත්මක වන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමයේ සාමාජිකත්වය ද දරනු ලබයි.

වසරක SLIIT - Foundation Certificate in IT පාඨමාලාව අවසන් කල පසු Curtin විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ( IT ) සහ මෘදුකාංග ( Software Engineering ) යන ක්ෂේත‍්‍ර වලට අදාලව උපාධිය හැදෑරිය හැකිය.

‘‘ SLIIT ආයතනය ලොව ප‍්‍රමුඛ පෙළ විශ්ව විද්‍යාල සමග සහයෝගිතාවයන්ට එළැඹෙමින් සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන අවස්ථා උදාකර ගැනීම සදහා අංශ රැසක් ඔස්සේ මංපෙත් විවර කර දී තිබේ.
තොරතුරු තාක්ෂණ ( IT ) ක්ෂේත‍්‍රයේ ලොව පිළිගත් විදෙස් උපාධියක් වෙනුවෙන් මාර්ගය විවර කරමින් හදුන්වා දී ඇති පදනම් පාඨමාලාව එහි එක් අවස්ථාවකි.
පාඨමාලාව ආරම්භය පෙබරවාරි මස 17වැනිදා සිදුකිරීමට නියමිතයි.’’ යනුවෙන් SLIIT ආයතනයේ සභාපති මහාචාර්ය එස්. කරුණාරත්න මහතා පැවසීය.

Curtin විශ්ව විද්‍යාලය ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණ ක්ෂේත‍්‍රයට අදාළ ඔස්ටේ‍්‍රලියාවේ අංක එකේ විශ්ව විද්‍යාලය ලෙසින් ප‍්‍රචලිතව පවතින අතර බටහිර ඔස්ටේ‍්‍රලියාවේ කි‍්‍රයාත්මක කීර්තිමත් විශ්ව විද්‍යාලයකි.
පළමු පෙළ සම්පත් දායකත්වයක්, විශිෂ්ට කාර්ය මණ්ඩලයක් හා උසස් තාක්ෂණය සමගින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පුරෝගාමියකු ලෙස ඔස්ටේ‍්‍රලියාව තුළ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද උපාධිධාරීන් හා රැකියා අවස්ථා සලසා දීමට Curtin සමත්ව සිටියි.
SLIIT - Foundation Certificate in IT පාඨමාලාව හැදෑරීම සදහා අවම වශයෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා ගණිතය හා ඉංගි‍්‍රසි යන විෂයන් සදහා සම්මාන සමාර්ථ ( credit - C ) සමගින් විෂයන් 6කින් එකවර සමත්ව සිටීම හෝ සාමාන්‍ය පෙළ (ලන්ඩන්) විභාගය සදහා පෙනී සිටිමින් ගණිතය ආශි‍්‍රත විෂයකට හා ඉංගි‍්‍රසි විෂය වෙනුවෙන් සම්මාන සාමාර්ථ ( credit - C ) සමගින් සමත්ව වීම අවම සුදුසුකම් ලෙස සැලකේ.
එම සිසුන් ඊට අමතරව පාඨමාලාව සදහා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන කඩඉම් විභාගය ද සමත් විය යුතුය.
‘‘සාමාන්‍ය පෙළ විභාගය අවසන් කල සිසුන්ට ඔවුන්ගේ වෘත්තිමය මංපෙත් විවර කර ගැනීම වෙනුවෙන් කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වන Curtin විශ්ව විද්‍යාලය මගින් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමේ අවස්ථාව උදා වී තිබේ.
උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරාලීමට අපොහොසත් වූ සිසුසිසුවියන් වෙනුවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරීමේ වරම් ලබාදීමේ අරමුණින් මෙම පාඨමාලාව හදුන්වාදීමට අප කටයුතු කරනු ලැබුවා.’’ යන්න SLIIT ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා සදහන් කළේය.

‘‘මෙය සැබවින්ම යෞවන වයසේ දීම තොරතුරු තාක්ෂණ ( IT ) හා මෘදුකාංග ඉංජිනේරු (Software Engineering) යන ක්ෂේත‍්‍ර වලට අදාළව වැඩි ව්‍යාප්තියක් හා අත්දැකීමක් සහිත පිරිසක් බවට පත් වීමට ප‍්‍රයෝජනවත් වනු ඇත.’’ යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
අයදුම්පත් භාර ගැනීම ජනවාරි මස 30වැනිදායින් අවසන් වන අතර වැඩිදුර විස්තර 7544802 හා 2301904 යන දුරකථන අංක ඔස්සේ හෝ pdc@sliit.lk යන ඊමේල් ලිපිනය ඔස්සේ ලබා ගත හැකිය.
උපුටා ගැනීම