Showing posts with label Libre Office Impress. Show all posts
Showing posts with label Libre Office Impress. Show all posts

ලිබ්රේ ඔෆීස් ඉම්ප්‍රෙස් ( 8 වන කොටස)


Running the slide show (සමර්පණය ප්‍රදර්ශනය කිරීම)
සමර්පණය ප්‍රදර්ශනය කිරීමට
  • Slide Show > Slide Show මත ක්ලික් කරන්න.
  • Presentation toolbar එකෙහි හෝ Slide Sorter toolbar එකෙහි ඇති Slide Show විධානය මත ක්ලික් කරන්න.
  • F5 හෝ F9 යතුරු භාවිතා කරන්න.
Slide transition සඳහා Automatically after විධානය මගින් ස්වයංව දාවනය කිරීමට කාලයක් ලබා දී ඇත්නම් සමර්පණය නිරායාසයෙන්ම ඉදිරියට ගමන් කරයි.
මවුසය භාවිතා කර සමර්පණය ඉදිරියට ගෙන යාමට නම් පහත පියවරයන් අනුගමනය කරන්න.
  • මවුසය ක්ලික් කර අනෙක් slide එකට මාරු වීමට පුළුවන.
  • Arrow keys භාවිතයෙන් slide අතර ඉදිරියට හෝ පසුපසට ගමන් කිරීමට හැකියාව ලැබෙයි.
  • යතුරුපුවරුවේ Spacebar එක භාවිතයෙන් ද ඉදිරියේ ඇති slide එක වෙත යාමට පුළුවන.
  • තිරයේ ඕනෑම ස්ථානයක දකුණ ක්ලික් කිරීමෙන් සමරණය ප්‍රදර්ශනය වීමේ දී භාවිතයට ගත හැකි විවිධ අවස්ථාවන සහිත මෙනුවක් ලබා ගැනීමට පුළුවන. මෙය භාවිතයෙන් පදර්ශකයේ ඉදිරියට, ආපස්සට මෙන්ම තවත් ක්‍රියාකාරකම් ගණනාවක් කර ගැනීමට අවකාශයන් සැලසේ.
  • සමර්පණය ප්‍රදර්ශනය කිරීමෙන් ඉවත් වීම සඳහා ඕනෑම අවස්ථාවක Esc බොත්තම භාවිතා කරන්න.

ලිබ්රේ ඔෆීස් ඉම්ප්‍රෙස් (7 වන කොටස)


Modifying the appearance of slides (slides වල පෙනුම වෙනස් කිරීම)
ප්‍රදර්ශකයේ පසුබිම හා textbox වලට ලබා දී ඇති ගුණ වෙනස් කිරීම සදහා slide master එක වෙනස් කිරීම හෝ අලුතින් slide master එකක් ලබා ගැනීම කර ගත යුතුයි.
Slide master එකක් template එකක් ලෙස භාවිතා වන අතර මෙහි පසුබිමක්, textbox වලට පසුබිමක්, අකුරු සදහා ගුණ වෙනස් කිරීමක්, පසුබිම් රූප අන්තර්ගත කර ඇත.

වැදගත්
LibreOffice තුල දී Master slide, slide master, සහ master වශයෙන් යෙදුම් තුනක් භාවිතා වුවද පොත සඳහා යොදා ගැනෙනුයේ slide master යන්නයි

ඉම්ප්‍රෙස් තුල සකස් කරන ලද masters වල එකතුවක් පවතී. මීට අමතරව අවශ්‍ය නම් අපිටම වුවද අපට අවශ්‍ය ආකාරයට එකක් සකස් කර තබා ගැනීමට පුළුවන. මේ පිළිබඳව ඉදිරියේ දී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නෙමු.

Background එක පමණක් වෙනස් කර ගැනීමට අවශ්‍ය විටදී භාවිතා කළ හැකි කෙටි ක්‍රමයක්ද පවතී. එනම්,
 
Format > Page මත ක්ලික් කල විට ලැබෙන සංවාද කොටුවෙහි ඇති Background tab එක මත ක්ලික් කරන්න.
  1. එවිට ඔබේ කැමැත්තේ ආකාරයට තෝරාගැනීමට solid color, gradient, hatching (මෝස්තර) සහ bitmap වශයෙන් පසුබිම් ගණනාව අතරින් කැමති ඒකක් තෝරා OK කරන්න.
  2. මෙවිට මතුවන සංවාද කොටුව තුළින් මෙම පසුබිම සැම slide එකක් සඳහාම අන්තර්ගත කරන්නදැයි ප්‍රශ්න කරාවි. එහි yes යන්නට ක්ලික් විට ඉම්ප්‍රෙස් විස්න් ඔබ වෙනුවෙන් සියළුම slide වල පසුබිම වෙනස් කරාවි.

ලිබ්රේ Office Impress (6 වන කොටස)


Formatting a presentation (ප්‍රදර්ශකයක් සැකසීම)

අලුත් ප්‍රදර්ශකයක් ලබා ගත් විට ලැබෙනුයේ slide එකක් පමණි. මෙ කොටසේ දී අපි අවධානය යොමු කරනුයේ අලුතින් slide එක් කරමින් එම slide වල තොරතුරු එක් කරමින් දියුණු කර ගන්නා ආකාරයයි.
Inserting slides (අලුතින් slide එකක් එකතු කිරීම.)

මේ සඳහා ආකාර ගණනාවකි. මීට පෙරද අපි එක් ක්‍රමයක් පිළිබදව අවධානය යොමු කළා.
·         Normal View එකේ දී slide pane එකේ slide thumbnail එකක් මත දකුණ ක්ලික් කර new slide විධානය භාවිතා කරමින්.
•        Insert > Slide.
•         දැනට භාවිතා කරන Slide එක මත ක්ලික් කර  New Slide යන්න pop-up menu වෙන් තෝරාගැනීමෙන්.
•        Presentation  මෙවලම් bar එකේ ඇති  Slide icon එක මත ක්ලික් කර.


මෙම කාර්ය අලුත් slide එකක් ලබා නොගෙනද කර ගැනීමට පුළුවන. ඒ Slides pane එකේ ඇති slide එක මත ක්ලික් කර Insert > Duplicate Slide යන්න භාවිතා කරමින්.

Selecting a layout (පිටු සැලැස්මක් තෝරා ගැනීම.)

කාර්ය තලයේ දී (Tasks pane) සැලසුම් (Layout) ගණනාවක් දැක ගැනීමට පුලුවන. මෙවායින් සිදු වන්නේ slide එකක elements කීයක් තියෙනවාද යන්නත් ඒවා තබන ආකාරයත් පිළිබඳවයි. අපේ අවශ්‍යතාවයට අනුව ඒවායින් එකක් තෝරා ගැනීමට පුළුවන.


සැලසුමක් (layout) එකක් තෝරා ගත්තායින් පසුව එහි ඇති Text box එකට ක්ලික් කර අදාල content ඇතුලත් කිරීම සිදු කර ගැනීමට පුළුවන. (මේ සඳහා Blank Slide එක භාවිතයට නොගනී)

වැදගත්
අයිකනයක් මතට cursor එක ගෙන ආ විට කුඩා කොටුවක් මතු වී එම අයිකනයේ නම පෙන්වයි. එය අක්‍රීය වී ඇත්නම් Tools > Options > LibreOffice > General > Help වෙත ගොස් Tips option භාවිතයෙන් එය සක්‍රීය කර ගන්න.

සැලසුමක් (layout) එකක් වෙනස් කිරීමට අවශ්‍ය නම් slide pane එකේ thumbnail  එක මත ක්ලික් කර අදාල Task Pane එකෙන් සැලසුමක් (layout) එකක් තෝරා ගන්න.

බොහෝ සැලසුම් (layout) වල තොරතුරු එක් කිරීම සඳහා ස්ථානයක් හෝ කීපයක් දක්නට ලැබේ. ඒ ඕනෑම ස්ථානයක Text, Movie, Picture, Chart  හෝ Table එකක් යොදා ගැනීමට පුළුවන.

පහත රූපයේ දැක්වෙන ආකාරයට ඒ ඒ දත්ත එකත් කිරීමට අදාග ස්ථානයන් වල ක්ලික් කල යුතු අතර අකුරු ලිවීම සඳහා නම් Textbox  එක මත ක්ලික් කර යතුරු ලියනය කිරීම අරඹන්න.



වැදගත්
ප්‍රදර්ශකයක් සැකසීමේදී තොරතුරු ඇතුලත් කිරීමට පෙර සැලසුම් (layout) යොදා ගැනීම වැදගත්. තොරතුරු ඇතුලත් කර සැලසුම් වෙනස් කිරීමේදී විවිධ අපහසුතා ඇති විය හැක.

Modifying the slide elements (සැලසුමක ඇති අංග වෙනස් කිරීම)
slide master එකෙහි සකස් කර ඇති ආකාරයට slide එකෙහි Textbox පෙන්නුම් කරන අතර අපට අවශ්‍ය ඒවා මත ක්ලික් කර අකුරු රුප වගු හෝ වීඩියෝ එක් කිරීමට හැති අතර අනවශ්‍ය නම් ඒවා නොසලකා හැරීහට පුළුවන.

රූපයක් හෝ objects,  slide එකට එකතු කිරීම සඳහා,

a)    රූපයක් එකතු කිරීමේදී
i.      Normal view එකේදී නම් slide එකෙහි Textbox එකෙහි ඇති Picture icon එක මත ක්ලික් කළ විට රූප එක් කිරීම සඳහා වන සංවාද කොටුව විවෘත වනු ඇත.
ii.     අනතුරුව රූප ඇති ගොනුව සොයා බලා අදාල රූපය මත ක්ලික් කර සංවාද කොටුවේ Open විධානය මත ක්ලික් කරන්න.
iii.    Slide එකට රූපය ලබා ගැනීමෙන් පසුව අවශ්‍ය ආකාරයට මෙය ප්‍රමාණ කර ගැනීමට පුළුවන.

b)    මෙනු භාවිතා කර රූපයක් එක් කර ගැනීමට නම්
                          i.    Insert > Picture > From File. රූප එක් කිරීම සඳහා වන සංවාද කොටුව විවෘත වනු ඇත.
                         ii.    ඉන් අකුතුරුව ඉහත ආකාරයටම රූපය අපගේ slide එක මතට ගෙන ආ හැකිය.

අවවාදයයි
රූපයක ප්‍රමාණ වෙනස් කිරීම සඳහා ආකාර  දෙකකි. පළමුවැන්න නම් රූපය මත වරක් ක්ලික් කල විට ලැබෙන controls භාවිතයෙන් ලොකු කුඩා කිරීමට කැරකවීමට අවශ්‍ය ස්ථානයක ස්ථාන ගත කර ගැනීමටත් පුළුවන.

දෙවනි ක්‍රමය වන්නේ රුපය මත right-click කර විට ලැබෙන කෙටි මෙනුවේ ඇති position and size මත ක්ලික් කර ලැබෙන සංවාද කොටුවෙන් අවශ්‍ය වෙනස් කිරීම් සිදු කර ගැනීමයි. එනුව මෙහිදී
·         Position and Size
·         Rotation
·         Slant & corner radius

අකුරු එක් කර ගැනීමට
a)    Click to add text මත ක්ලික් කර අකුරු එක් කිරීම ආරම්භ කළ හැක. Slide එකෙහි සැලැස්ම සඳහා ලබා දී ඇති ආකාරයට අකුරු සඳහා විවිධ styles එක්වෙයි.
b)    outline level හා ඡේදය පිහිටිය යුතු ස්ථානය වෙනස් කිරීමට හෝ සැකසීම සඳහා Text Formatting toolbar එක භාවිතා කළ හැක. එය අපි අකුරු type කිරීම ආරමභ කල විට ප්‍රදර්ශනය වන අතර ඉන් ඉවත් වූ විට සැගවී යයි.

Slide එකෙහි ඇති කිසියම් අංගයක් ඉවත් කිරීමට අවශ්‍ය විටදී
a)    එම අංගය මත ක්ලික් කරන්න. එවිට එය තෝරාගෙන ඇති බව හතර වටේට ඇති කොළපාට controls මගින් බලා ගැනීමට පුළුවන. අනතුරුව Delete key එක එබීමෙන් එම අංගය ඉවත් කර ගැනීමට පුළුවන.

ලිබ්රේ Office Impress (5 වන කොටස)

Creating a new presentation අලුත් ප්‍රදර්ශකයක් නිර්මාණය කරමු.
ප්‍රදර්ශකයක් සෑදීමට අවශ්‍ය මූලික සැකැස්මක් මේ සඳහා යොමු වීමට මත්තෙන් ඔබ සතුව තිබිය යුතු ය. මුලින්ම ඉම්ප්‍රෙස් වෙත යොමු වූ විට පහත රූපයේ ආකාරයට ප්‍රදර්ශක Wizard එක දැකගනීමට ලැබෙයි.

වැඩිදුරට
ඔබට මෙම  Wizard එක අනවශ්‍ය නම් Do not show this wizard again යන්නට ඉදිරියෙන් ඇති කුඩා කොටුවට ක්ලික් කරන්න. යම් හෙයකින් එය නැවත ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් Tools > Options > LibreOffice Impress > General > Wizard හි ඇති Start with wizard මත ක්ලික් කරන්න.
Preview තෝරාගෙන තිබීමෙන් ප්‍රදර්ශකයට අවශ්‍ය templates, slide designs සහ slide transitions ද මෙ සමගම ප්‍රදර්ශකයට එක් කර ගැනීමට පුළුවන.

1)    Type යටතේ option 3කි.
•          Empty presentation - හිස් අලුත් ප්‍රදර්ශකයක් ආරම්භ කරයි.
•          From template - මගින් සිදු වනුයේ සකස් කර ඇති template එකක් භාවිතා කර ප්‍රදර්ශකය නිර්මාණය ආරම්භ කිරීට යොමු වීමයි. මෙහිදී අපට අවශ්‍ය template එකක් තෝරා ගැනීමට අවකාශ සලසා දෙයි.
•          Open existing presentation - මෙහිදී මීට පෙර දී සකස් කළ ප්‍රදර්ශකයක් විවෘත කරගෙන ඉදිරියට වෙනස් කම් සිදු කර ගැනීම ට පහසුකම් සැලසීම මේ යටතේ දී සිදු වෙයි.

මේවායින් ඔබට අවශ්‍ය එකක් තෝරා ගත හැකියි.

අනතුරුව Next මත ක්ලික් කරන්න. එවිට ඔබ තෝරා ඇත්තේ Empty presentation යන්න නම් Figure 12 දැක්වෙන ආකාරයේ දෙවන පියවරක් ලැබේවි. 
දෙවන පියවරේ Select a slide design යටතෙන් කැමති Presentation Background එකක් තෝරා ගත යුතුයි. ඔබ තෝරාගන්නා Background එක Preview වින්ඩෝව තුලින් දැක ගැනීමට පුළුවන.

මීළග පියවර වන්නේ Select an output medium යටතෙන් අපගේ ප්‍රදර්ශකයට ගැලපෙන page format එකක් තෝරා ගැනීමයි.

වැඩිදුරට
ඔබට අවශ්‍ය slide එකක ප්‍රමාණය Format > Page වෙත ගොස් සකසා ගැනීමට පුළුවන.

ඉහත වෙනස් කම් දෙක සිදු කර ගැනීමෙන් අනතුරුව Next මත් ක්ලික් කර Wizard එකෙහි තෙවන පියවර වෙත යොමු වන්න.
එයින් Effect drop-down menu එක බාවිතා කර කැමති slide transition එකක් තෝරා ගන්න.
ඒ සඳහා කැමති වේගයක් Speed drop-down menu එක භාවිතා කර ලබා ගන්න.

Select Presentation Type යටතේ ඇති Default භාවිතයෙන් ප්‍රදර්ශකය ප්‍රදර්ශනය කිරීමේ දී මවුසය භාවිතයෙන් සිදු කර ගැනීමට අවස්ථාව සලසා දෙයි. Automatic භාවිතා කරන ලැබුවහොත් slide එකක් රැදී තිබිය යුතු කාලය Duration of page යටතේ ලබා දිය යුතු වෙනවා.

මීළගට Create මත ක්ලික් කර ප්‍රදර්ශකය සකසා ගන්න.


වැදගත්
නිරන්තරයෙන් ම save කර ගත යුතු වන අතර ස්වක්‍රීයව මේ කාර්යය සිදු කර Tools > Options > Load/Save > General යටතේ ඇති Save Auto Recovery information every භාවිතා කරන්න.